පොඩි කාලෙ ඉදන් මම යාළුවො එක්ක කතා කරද්දි ඒ අය කියනවා අපේ අක්කා මෙහෙමයි. අයියා මෙහෙමයි. මගේ මල්ලි කනෙං අදිනෝ. මල වදේ. එක එක ඒවා. ඒ නිසා මම හිතුවෙ සහෝදරයෙක් ඉන්න එක කරදරයක් කියලා. ඒත් දැන් නම් කවුරුත්ම නැති අඩුව හුගක් දැනෙනවා. සතුටු වෙලාවක තනියෙම හිනාවෙනවාට වඩා කවුරු හරි කෙනෙක් ලගිං ඉන්නවා නම් කොච්චර හොද ද කියලා අනන්තවත් හිතෙනවා. ඒ වගේම දුකේදි අඩන්න කවුරුත් හිටියා නම්. අඩුම තරමෙ නංගි බබෙක්වත්.
ඒත් මොනවා කරන්නද? මම අසරණයි. කවුරුත් නෑ මට. ඒත් මම ගොඩක් ආස සින්දුවක් රනිදු කියන "මාගේ නංගි" කියන සින්දුව. මේකෙන් කියවෙන්නෙ නංගිලා ගැන විතරක් උනත් මට සහෝදරයෙක් සහෝදරියක් උනු හැම කෙනෙක්ටම ගොඩක් පිං. මේක ලබන ආත්මෙදිවත් මට ලැබෙයි කියලා හිතෙන මගේ නංගියාට.. මේ සින්දුව කියන්නෙ මම හොදේ.. දැන්ම කිවුවා.. ඇහුවාට පස්සෙ බනින්නෙපා..
පුන්‍ය කාලය නිසා ක්ෂිතිජ රේඛාව ලියන එක පොඩ්ඩක් පරක්කු කරන්න වෙනවා. හොද වැඩ කරන්න හොද නැල්ලු නේ. නංගි කෙනෙක් මට නැති නිසා කමක් නෑ මේක පෝස්ට් කලාට..
අය්යල නැති නංගිලා මාර ආදරෙයි අය්යලට..
ReplyDeleteනංගිල නැති අය්යලත් මාර ආදරෙයි නංගිලට..
මටත් ඒක අදාළයි. ඒත් මං කල්පනා කළේ ඇත්තටම අය්ය කෙනෙක් හිටිය නම් එහෙම හිතේවිද කියල.
ළග ඉදිද්දි අගේ නැති උනත් දුරට ගියාම අගේ දැනෙයි..
Deleteමට නම් ඉන්නව මල වදකාර්‍ර නංගියෙක්...කාඑකෙට කලින් දුකා අයියා නංගි ගැන දාපු පෝස්ට් එකක නම මතක් වුණා......
ReplyDelete"කරදරකාර නංගී හෙවත් දෙවියන් දුන් තෑග්ග..."
ඔය වදකාරි දුන්න වදේ තමයි කවදා හරි සොදුරු සිහිවටනයක් වෙන්නෙ..
Deleteමම දුකා අයියාගෙ පෝස්ට් එක දැක්කෙ මේක දාලා ටිකකින් කෙනෙක් එවුව ලිංක් එකකිං..
හොඳකට හෝ නරකකට මටත් කරදරකාර නංගියෙක් ඉන්නවා.. අනේ මන්දා!
ReplyDeleteඅයියා එහෙනං වාසනාවන්තයි..
Deleteඅයියලා අක්කලා මල්ලිලා හිටියට මටත් නංගී කෙනෙක් නෑනේ.. ඒත් ඒ අඩුව පිරුණා බ්ලොග් නිසා.. එක කුස නොවුනත් සහෝදර කමින් බැදෙන අය ඉන්නවා..
ReplyDeleteඅයියාට ඔක්කොම ඉන්නෝ.. නංගි කෙනෙක් විතරයි අඩු.. මට කවුරුත් නෑ.. :(
Deleteහ්ම්ම් මේ කතාව මටත් හුගාක්ම සමීපයි'. අනේ මටත් නංගි කෙනෙක් හිටිය නම්...............
ReplyDeleteඅයියාටත් නංගියෙක් ලැබෙයි..
Deleteමේ කෂ්ටියම තාම පොඩිවුන් නිසා මේ පැත්ත පේන්නැතුව ඇති. ඔහොම ආදරෙන් එක උම්බලකඩ කෑල්ල, අඹ ගෙඩිය, කඩල ගොට්ට බෙදාඅගෙන හිටපු අය්යලා, නංගිලා, අක්කලා, මල්ලිලා වැඩිහිටියො වෙලා විවාහ හෙම උනාට පස්සෙ එකිනෙකාගෙන් ඈත්වෙන හැටි හිතනකොටත් දුකයි.
ReplyDeletehenryblogwalker the Dude
හැමදේම දුකක් තමයි.. ඒත් ඒ මිනිස්සු විවාහා වෙලා යන්නෙ තමන්ව දාලා වෙන ලෝකෙකට නෙවෙයි නේ.. තමන්ගේ තිබ්බ සහෝදර සෙනෙහස කවදාවත් නැතිවෙන්නෙ නෑ කවුරු කොහොම කොහේ ගියත්.. තමන්ට කියලා අය ඉන්න එක ඇත්තටම තමන්ට ලොකු ශක්තියක්..
Deleteවෙන්වීම දුකක් බව හැබෑව.. ඒත් වෙන්වීම ලෝක ස්වභාවය... ඒක වෙනස් වෙන්න නම් අපි බුදුවෙන්න ඕන නේද.. (මාර්‍ගඵලයක් ලබන්න ඕන)
මචන් මේ ලෝකේ ඔය දෙය වුන එකම කෙනා උබ නෙමේ... මටත් ඔහොම හිතුන වාර අනන්තයි... මොනව කරනන්නද?
ReplyDeleteඔවු.. මෙහෙම දුක කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. :(
Deleteමටත් කවුරුවත්ම නෑනෙ,තනිකම නොදැනෙනවා නෙවෙයි ඒත් මගේ පුන්චිගෙ ළමයි දෙන්නම අපේ ගෙදර හැදුන නිසා මට තරහ ගියාම දිග නියපොතු වලින් හූරන අක්ක කෙනෙකුයි පොඩි මකුළුවො හූනො එහෙම ඇඟට දාන අය්ය කෙනෙකුයි ඉන්නවා.දැන් නම් ඒ දෙන්නම නෑ ආයිම මම තනියම.
ReplyDeleteම්ම්ම්ම්ම්... සහෝදර සහෝදරියො නැති මට මගේම අක්කා කෙනෙක් වගේ..
Deleteමට කියලා වෙන කවුද ඉතිජ ඉන්නෙ..
ඔයාත ඕම කියන්න නංගි බබෙක් නෑ.....
ReplyDeleteමත ඕම අහගන්න අයිය බබෙක් නෑ.....මොනා කලන්නඩ අනී..:‘(
ම්ම්.. ඒකත් ඒමද..
Delete