කමෙන්ට්ස් කියලා අපි සරළව හදුන්වන්නේ "අදහස් දැක්වීමක්". නැත්නම් "හොද නරක විචාරයක්", "විස්තර කිරීමක්" විදිහටත් මේ දේ හදුන්වන්න පුළුවන්. ඔය කමෙන්ට්ස් කියන සංකල්පෙ අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ හිත් වල හොදහැටි පැලපදියම් උනේ ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියත් එක්ක. ඒකෙ "ස්ටේටස් කමෙන්ට්ස්", "ෆොටෝ කමෙන්ට්ස්", "වීඩියෝ කමෙන්ට්ස්" ,"ලිංක් කමෙන්ට්ස්" වගේ නානාවිධ කමෙන්ට්ස් වර්ග ඇතුලත් උනා. ඊට පස්සෙ මේ බ්ලොගර් එකේ තියන කමෙන්ට්ස්. මේ ගැන දන්නෙ නම් ටික දෙනයි.
කොහොමින් කොහොම හරි කමෙන්ට්ස් කියන දේ ගැන මම දකින්නෙ මෙහෙම. අපි ඉස්සෙස්සෙල්ලාම ෆේස්බුක් ආවාම දකින දකින හැම එකටම කමෙන්ට් ගහන්න ගත්තා. පස්සෙ පස්සෙ මේ කමෙන්ට් ගැහිල්ල අඩු උනා යාළුවො වැඩි වෙද්දි. පස්සෙ පස්සෙ අපි බලාපොරොත්තු උනා අපේ ස්ටේටස් කමෙන්ට් වලින් පුරවගන්න. අපේ ෆොටෝ කමෙන්ට්ස් වලින් පුරවගන්න. මෙන්න මේ විදිහට අපේ හිත් වෙනස් වෙන්න ගත්තා. ඒත් එක්කම තව කෙනෙක්ට තමන්ට වඩා කමෙන්ට්ස් ලැබීම මදිකමක් විදිහටත් සමහරු දැක්කා. තමන්ට කමෙන්ට්ස් ගොඩක් ගන්න තමන්ට පුළුවන් තරම් නිර්මාණශීලී දේවල් එකතු කරන්න සමහරු වෙහෙස ගත්තා.
ඒත් එක්කම ෆොටෝ ටැග් කරන ඔප්ශන් එක දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ කමෙන්ට්ස් ගන්නමයි. සාමාන්‍යයෙන් අපි ෆොටෝ එකක් ටැග් කරනවා කියන්නෙ ඒකෙ ඉන්න අදාල පුද්ගලයන්ව තෝරලා ඒ ෆොටෝ එකට බද්ධ කිරීම. ඒත් දැන් දැන් සමහර ෆොටෝ වල කිසි අදාලත්වයක් නැති යාළුවන්ත් ටැග් කරන්න අමතක කරලා නෑ. හොද වෙලාවට 50 යි ටැග් කරන්න පුළුවන්. නැත්නම් ඊටත් වඩා ටැග් කරනවා. අවුරුද්දට සුභ පතන්න, නත්තලට සුභ පතන්න වගේ දේවල් වලටත් දැන් ෆොටෝ ටැග් වෙනවා. ඒත් ඔය ටැග් කිරීමෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඒ ටැග් කරපු පුද්ගලයාගෙන් "කමෙන්ට්" එකක් ලබාගැනීම. ඇත්තටම වෙලාවකට ටැග් කිරීම කියන එකත් වදයක්. කෙනෙක් කමෙන්ට් කරන කරන ගානට නොටිෆිකේශන්ස් වලින් පිරෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නෙ ඉතිං පෝස්ට් එක "අන්ෆලෝ" කරන එක.
කොහොමින් කොහොම හරි "ප්‍රසිද්ධ චරිත" කියලා දැන් හදුන්වන්නෙ දාන දාන හැම එකකටම කමෙන්ට් 50 ක් 60 ක් වැටෙන අයට. ප්‍රසිද්ධිය මනින මිම්මක් විදිහට දැන් කමෙන්ට්ස් ක්‍රියා කරනවා කිවුවොත් හැමෝම එකග වෙයි. ඒත් එක්කම ගැහැණු පාර්ශවය දාන දාන හැම එකකටම අනිවාර්යයෙන්ම පිරිමි පාර්ශවයට වඩා කමෙන්ට්ස් වැටෙනවා. කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මා කිවුවොත් ඉතිං කොල්ලන්ට තව දෙයක් නෑ. සමහරු අහනවා "කෙල්ලෙක් කෙහෙල් ලෙල්ලක් දාලා ගියත් ඇයි බං ඔච්චර කොමෙන්ට්" කියලා. ඒත් ඉතිං ඒ අයම තමයි ගෑණු අයගෙ කෙහෙල් ලෙලි කමෙන්ට්ස් වලින් පුරවන්නෙ. ඒත් එක්කම කියන්න ඕන කමෙන්ට් "හිගාකන" මිනිස්සුත් අනන්තවත් දැන් ඉන්නවා.
"අනේ බං අරකට කමෙන්ට් එකක් ගහපංකො"
කියන අය ඕන තරම් දැකලා ඇති. සමහර වෙලාවට කාලෙකිං ඔන්ලයින් ගියාම ජීවිතේට කතා කරලා නැති අය එකපාරට හොදට "හායි" කියලා එහෙම ඊට පස්සෙ ලිංක් එකක් එවනවා "අනේ මේකට කමෙන්ට් එකක් දාන්න ප්ලීස්" කියාගෙන. ඒ වෙලාවට තමා මරුවා සිහිවෙන්නෙ. ඇත්තමට මුන්ට ඕන කමෙන්ට්ස් විතරද කියලාත් හිතෙනවා අනන්තවත්. ඉසස්ර කට ඇරං කමෙන්ට් එනකං බලං හිටියත් ඒක මහ විහිලු වැඩක් කියලා මට දැං තේරිලා තියෙන්නෙ. තමන්ව අගය කරන්න අකමැති කෙනෙක්ගෙන් බලෙන් කමෙන්ට් ගන්න ටැග් කරන්න, අරවා මේවා කරන්නෙ මොකටද? ඒ නිසා දැං දාන එකක් දාලා නිකං ඉන්නවා ඕන නං කමෙන්ට් කරපං නැත්තං නිකං හිටපං කියලා.
අපි දැං එමු බ්ලොග් එක පැත්තට. බ්ලොග් එකේ කමෙන්ට් එකක් වදින්නෙ සාමාන්‍යයෙන් ටිකක් කල් බ්ලොග් ලියලා පරිනත අයට. ගොඩක් අය බ්ලොග් එක ලස්සනට තියාගන්න උනන්දු වෙනවා. ඇත්තෙන්ම එතකොට ඒ ලස්සනටම කමෙන්ට් එකක් ගහන්න හිතෙනවා. බ්ලොග් පෝස්ට් "සින්ඩි වල" එතකොට "ෆේස්බුක් එකේ" පබ්ලිශ් කරන්නෙ ඉතිං කමෙන්ට් එකක් ගන්නම තමයි. මේ බ්ලොග් කෙරුවාවෙ නම් ගෑණු, පිරිමි කියලා භේදයක් නෑ. කමෙන්ට් වදින්න නම් ඒකට මං දැක්ක විදිහට පහත කරුණු වැදගත් වෙනවා.
* බ්ලොග් පෝස්ට් එකේ ගුණාත්මකභාවය
* සිත්ඇදගන්නාසුළු බව
* බ්ලොග් අවකාශයේ පරිනත බව සහ ඇති ප්‍රසිද්ධිය
* බ්ලොගයේ ෆලෝවර්ස් ලා ගණන
* තමන් අනිත් අයගේ බ්ලොග් වල කමෙන්ට් තබන ප්‍රමාණය
* බ්ලොග් පෝස්ටුව පබ්ලිශ් කරන ස්ථානගණන සහ එයට එන ප්‍රමාණය
* ඇනොනිමස් කමෙන්ට් ආදිය සක්‍රීය කර තිබීම.
* වර්ඩ් වෙරිෆිකේශන් දමා තිබීම.
ඇත්තටම බ්ලොග් පෝස්ට් එකකට කමෙන්ට් එකක් වැටෙනවා කියන්නෙ ටිකක් වටින දෙයක් (මටනම්. මොකද වැඩිය වැටේන්නෙ නෑ නෙ). ඒකට හේතුව තමයි තමන්ගෙ අත්දැකීමක්, නැත්නම් තමන් අනුන් එක්ක බෙදාගන්න කැමති දෙයක් අනුන් කොච්චර හොද විදිහට දකිනවාද කියන එක දැකගන්න තියන ආසාව. ඇත්තටම මම ගහන පෝස්ට් එකකට උපරිම 10 දෙනෙක් කමෙන්ට් කරයි. ඒත් ඒ කමෙන්ට් 10 මට නම් වටිනවා ෆේස්බුක් එකේ වදින කමෙන්ට් 100 කට වඩා. ඒ මොකද කියනවා නම් තමන් දීර්ඝ වශයෙන් විස්තර කරන අදහසකටයි තමන්ට කමෙන්ට් එකක් වදින්නෙ. ඒ නිසා ඒ ලැබෙන අදහස වටිනවා ඇත්ටම. කොහොම හරි "පරිනත" කියලා හදුන්වන බ්ලොග් ලියන කියන අය යන්නෙ සාමාන්‍යයෙන් ඒ හා සමාන බ්ලොග් වලටම තමයි. ඒත් එක්කම නවකයොන්ටත් හොද ප්‍රතිචාර එනවා ඒ අයගෙ පෝස්ට් වල ගුණාත්මකබව එක්ක. (නවකයොත් නොවෙන පරිනතත් නොවෙන අයට තමා හුලං. හෙහ්..)
ඇත්තටම කියනවා නම් විභාගෙ වැඩ අස්සෙ බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් එකක් ගහන්න වෙලාව හරි අඩුයි පෝස්ට් එකක් කියවලා. ඒත් පුලු පුලුවන් වෙලාවට කියවන පෝස්ට් දෙකතුනක් කියවලා ඒ ගැන ඇත්තටම දැනෙන දේ ගහන්න අමතක කරන්නෙ නෑ වචන කීයක් ගියත්. කොහොමින් කොහොම හරි කමෙන්ට් ගැන මට දැනෙන්නෙ මේ විදිහට. හරි ද වැරදිද කියලා නම් අදහසක් නෑ.
ප. ලි : මොනවා උනත් මේක විකාර පෝස්ට් එකක් වෙන්නත් පුළුවන්. කියවද්දි කම්මැලි හිතිලා යන්නත් පුළුවන්. ඒ මොනවා උනත් මේක කමෙන්ට්ස් ගැන කියපු නිසා කමෙන්ට් මං කිවුව ගානට වැඩි වෙන්නත් බැරිකමක් නෑ. ඒ කොහොම වෙතත් මං කිවුවෙ කාලයක් තිස්සෙ ටිකක් හිතපු දෙයක්.