Sunday, August 26, 2012

මග බලා සිටිමි.. නුඹ එනතුරා..

..සිත් සයුර කැළඹා ගිය දුර ඈත සිට..
..යලි එනතුරා ඉදින්නෙම්..
..මගබලා..
..ලං කරගන්නට..
..හදවත තුලටම..
..යන්න නොදී..
..යලි කවරදාවත්..
..බලාහිදිමි..
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඔබ එනතුරා


Saturday, August 25, 2012

කියම් කෙසේ අප හැරයම්දෝ කියලා..

ආදරණීය පාසල් දිවිය, ඉදින් අවසරයි ඔබ ඇකයෙන් සදහටම නික්මෙන්නට තව දින 4 කුත් හෝරා කිහිපයකින්. සන්සුන්ව තිබූ සිතිවිලි සයුර කැලඹී ඇත. නිසසල සිතුවිලි රුදුරු රළ බවට පත්ව හදවතේ බිත්ති කඩාබිද එලියට ඇදෙන්නට තනයි‍. සියල්ලට වගකිවයුත්තා නුඹ ය. නුඹ අපට මෙතරම් සෙනෙහසක් දැක්වූයේ ඇයි? මෙතරම් ආදරයෙන් අප බලාකියාගත්තේ ඇයි? ඔබට මෙතරම් සමීප කරගත්තේ ඇයි? ඇයි...?

1 වසරේ තිබුනු ටයර් පේලිය.. එකක් උඩ නැගී අනෙකට පනිද්දී දැනුනු ඒ සතුට.. ටීචර්ලා එක්ක උදේට එලියට ඇවිදින් ගාථා මුමුනද්දී ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක්ට හොරෙන් ඇගිල්ලෙන් ඇන දැනුනු ප්‍රීතිය.. ආයෙ කොයින් ද?

2 වසරේ සීරුවට වැලි අතුරා තැනූ ඒ මේස මත ඇන්ද අකුරු ඉලක්කම්.. ඉන්ටවල් බෙල් එක ඇසුනු ගමන් පෙලක් දුවගෙන යන සීසෝව.. චිරි චිරි ඔන්චිල්ලාව‍.. ආයෙත් කොයින් ද?

3 වසරේ උදේ රැස්වීම.. පොරකාගෙන දුවගෙන යන පුංචි ටැප් එක.. අල්ලන සෙල්ලම් කරන්න කදිම තැනක් උන බාගෙට හදපු කණ්නංගර ශාලාව.. ආයෙත් කොහෙන්ද?

4 වසරේ බිල්ඩිම, උදේම ගහගත්ත ප්‍රිෆෙක්ට් බැජ් එක, වැස්ස වෙලාවට තාලෙට වතුර ගලාගෙන යන කාණුව.. ඔළුව ලේ විලක් කරපු මලකඩකාපු කොණ්ඩිපට්ටම.. ආයෙත් කොහෙන්ද?

5 වසර උඩ තට්ටුව, උදේම ඇවිත් බලපු සිරීපාදෙ.. හවස නැවතිලා ශිෂ්‍යත්වෙට කරපු පාඩම්, පළවෙනිම සාහිත්‍ය සමිතිය.. ආයෙ කොයින් ද?

6 වසර මෙලෝ දෙයක් නොතේරුන ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය, කන්දත් එක්ක තිබ්බ ටොයිලට් එක, ලෙදර් බෝල හංගපු පුංචි සිදුරු.. එන්න තිබ්බ හොර පාර.. ආයෙත් කොයින් ද?

7 වසරෙ තනිවුන පන්තිය.. එහාපන්තියෙ අයියලා.. උදේම කොරිඩෝවෙ ගහපු ෆුට්බෝල් මැච් එක.. දෙන්න කලිං සිංහල පොතේ වැඩ කරන් ඇවිත් මිස් ගෙන් චෙස් අදින්න කරපු ඇවටිලි..ආයෙ කොයින් ද?

8 වසරෙ පී.ටී. පීරියඩ් එක.. සාහිත්‍ය සමිතිය.. කවි.. සින්දු.. කතන්දර රගපාපුවා.. පන්ති කට් කරන් ගිහින් මියුසික් රූම් එකේ කියපු සින්දු, අල්ලපු අඩවු.. ආයෙ ‍කොයින් ද?

9 වසරෙ තිබ්බ පොකුණ.. උදේම ඇවිත් මාළු දිහා බලන් උන් හැටි.. තාලෙට තිබ්බ පඩිපේලි උඩින් දුවපු අපූරුව.. උදේ අතුගෑම ලෝකෙ ලොකුම කාරිය උනු කාලෙ.. ආයෙ කොයින් ද?

10 වසරෙ උඩුමහල.. තාරපාර දිගේ යන ගෑණු ළමයි බලන්නම හදාපු කොරිඩෝව.. විටින් විට ඇවිත් කෑගහලා යන ප්‍රිෆෙක්ට් අයියලා.. ඉවරවෙනකන් බලන් හිටපු හිස්ට්‍රි පීරියඩ් එක.. ආයෙ කොයින් ද?

11 වසරෙ අයිනෙ පන්තිය.. අතුගාන්න තිබ්බ ලොකු ප්‍රමාණෙ.. යටින් තිබ්බ අයිටී රූම් එක.. අයිටී පීරියඩ් එකේ ඉබේම වගේ ගැලවුන සපත්තු.. ගහගත්ත වතුර, කොළගුලි.. උස්සන් දුවපු පොලු.. කියපු කියුම්.. නටපු නාඩගං..

12 13 වසරෙ හිටි ප්‍රධාන ශාලාව, ලෙක්චර් රූම් එක.. ආදරණීය L ශාලාව.. ප්‍රැක්ටිකල් ලැබ් එක.. හෙල්ලුවාම තාලෙට පැද්දෙන ස්ලිංකිය, නාස් මට්ටමේ ඉදලා අත්තැරියාම නාහෙ ගෑවි නොගෑවී ගිය සරළ අවලම්භය, ග්‍රීස් ගාලා වතුර නවත්තපු සර්ල් එක.. කම්මැලියි කියලා පැත්තකට දාපු ජෙගර් එක.. පීරියඩ් එකේ පැය ගාණක් ෆෝකස් නොවුන, ප්‍රදර්ශනේ තප්පර 10 න් ෆෝකස් උන චල අනිවීක්ෂෙ.. නිකං ඉදිද්දි පිඹ පිඹ හිටි එක් කෙළවරක් සංවෘත නලය.. සරසුල් සෙට් එක.. කුණු ගද ගහපු එස්ටරේ.. වාතයේ තිබ්බ ඔක්සිජන් පරිමාව.. උරන්න ගිහින් කටට ගිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවනේ.. ‍ආයෙ කොයින් ද? උදේ පාන්දරින් කට්ටිය රැස් උන ප්‍රිෆෙක්ට්ස් රූම් එක ආයෙ කොයින්ද?


අපිට උගන්නපු රත්තරං මිස් ලා සර් ලා ආයෙ කොයින් ද?

අපේ යාළුවොත් එක්ක ගෙවපු ඒ සුන්දර අතීතේ ආයෙ කොයින් ද?

කෑගහගත්තුවා.. බැනගත්තුවා.. රණ්ඩු කරගත්තුවා.. ගහගත්තුවා.. ආයෙ කොයින් ද?

අපි දැන් පිට මිනිස්සු..

අපිට ඉතුරු ඒ සුන්දර අතීතෙ විතරයි..

මිස් ගෙ අතින් ලැබුන ඇඩ්මිශන් එක

හැමෝම මලු සූදානම් කරනවා.. යන්න.. ආයෙ මේ විදිහට නොඑන්නම..


කියම් කෙසේ අප හැරයම්දෝ කියලා.. මා ආදර පාසල් දිවිය මගේ.. 


ප.ලි. : පාසල්කාලයේ සිද්ධ උන සුන්දර - අසුන්දර අත්දැකීම් ටික ගැන ඉදිරියට ලියනවා‍.

Friday, August 24, 2012

උසස් පෙළ නිමාව සහ Facebook පෙරලිය

මෙච්චර කාලයක් තිස්සේ විභාග අක්‍රමිකතා ගැනයි Z Score ගැනයි ලියලා ඇති වෙලා ය. Z Score ගැන කියවලා මාතලන් මාමාගේ (හොද වැඩිද මන්දා) ෆියුස් ද ගිහින් ය. ඒ නිසා අමුතු සෛලියකට අලුත් එකක් ගැන ලියන්නට හිතුවා ය. ඔන්න එහෙනම් කතාව ආරම්භ කරන්නට අවසර ය. ඕලෙවල් වලිම්ම කතාව ආරම්භ කරනවා ය‍.

ඕ ලෙවල් කියා එකක් තිබුනේ ය. ඒ කාලේ අපි වැඩ කොරේ නැත්තේම නැත. බාත්රූම් එකට ගියේ හිස්ට්‍රි පොත අරගෙන ය. ඒ කතා වලින් වැඩක් නැත. ඒ කාලේ අපි ඔක්කොම ෆේස්බුක් ආවෝ ය. ඉස්ටේටස් දැම්මෝ ය. වැඩක් කරෝ ය. පාස් ද වූවෝ ය. ඕ ලෙවල් කාලේ ඉවර උනේ ය. රිසල්ට් ද ආවේ ය. කොල්ලන් කෙල්ලන් ෆේස් බුක් එකේ පිස්සු නැටුවෝ ය. ඒත් ටික කාලයකට ය. ඒ ලෙවල් කියා එකක් කඩන්පහත් විය.

Thursday, August 23, 2012

නොතේරෙන Z Score අවුල තේරෙන සිංහලෙන්

කට්ටියක් කෑ ගහනවා "පරණ අයට අසාධාරණේ.. Z Score නිසා හෙන අසාධාරණේ.. අලුත් එවුන්ට වාසී.. මේක ඔට්ටු නෑ.." කිය කිය. ඒක අස්සෙ විපක්ෂෙ කට්ටියක් කියනවා "අපිට බලේ දීපල්ලා අපි Z Score අවලංගු කරනවා" කියලා. තව කෙනෙක් කියනවාට අහගෙන ඉදලා ආණ්ඩුවේ පැත්තෙ නම්, "Z Score අවුලක් නෑ" හරි විපස්සෙ නම්, "Z Score අවුල්, ආණ්ඩුව ගෙදර යන්න ඕන" හරි කියන තර්කෙට එන්නැතුව ටිකක් මේ ගැන දැනගත්තොත් හොදයි කියලා හිතුන නිසයි මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ.

Z Score කියන්නෙ සාමාන්‍ය ළකුණු මට්ටමක් මගින් පමණක් ළමයෙක්ගෙ දැනුම මනින්නෙ නැතුව, එක් එක් විශයන්ට දක්වන නිපුනතාවය අනුව ළමයෙක් ලියපු දේට "සංඛ්‍යාත්මක" වටිනාකමක් දෙන ඉතාම දියුණු ක්‍රමයක්. පොඩි උදාහරණයක් ගමු. ළමයි දෙන්නෙක් ගණිතය ප්‍රශ්න පත්තරේට සහ විද්‍යාව ප්‍රශ්න පත්තරේට ගන්න ළකුණු බලමු.

1 ළමයා : ගණිතය 85 විද්‍යාව 75
2 ළමයා : ගණිතය 75 විද්‍යාව 85

මේ පේපර් වල ගණිතය පේපරේ ගොඩක් අමාරුයි කියමු. විද්‍යාව පේපරේ ලේසියි කියමු. මේ ලේසි, අමාරු කතාව අපි තීරණය කරන්නෙ කොහොමද? ළමයි කියන එකෙන් නම් නෙමෙයි. විභාගෙ ලියන ළමයි ගණනෙන් බහුතරයකට තියෙන්නෙ අඩු ළකුණු නම් ඒ පේපරේ අමාරුයි. එතකොට ඒ පේපරේ ලියන ළමයි ඔක්කොම ඒ විශයට ගත්ත ළකුණු ගාන එකතු කරලා ළමයින් ගානෙන් බෙදුවාම එන අගය (මධ්‍යන්‍ය) ගොඩක් අඩුයි. අපි හිතමු ගණිතය විශයෙ මධ්‍යන්‍ය 45 යි සහ විද්‍යාව විශයෙ මධ්‍යන්‍ය 65 යි කියලා. එතකොට තේරෙනවා නේද 1 ළමයා වඩා දක්ෂයි කියලා. ඔක්කොම ළමයින්ට අමාරු උන පේපරේට එයාට 85ක් තියනවා. අනිත් කෙනාට 75යි. ඒත් ළකුණු එකතු කරොතින් මේ ළමයි දෙන්නාටම තියෙන්නෙ එකම බුද්ධි මට්ටම වෙනවා. මෙන්න මෙතනදියි Z Score කියන සංකල්පය වැදගත් වෙන්නෙ.

සරළවම කිවුවොත් Z Score එක ගණනය කරන්නෙ සමීකරණයකින්. ඒකට වැදගත් වෙන සරළ සංඛ්‍යානයේ එන සිද්ධාන්ත ටිකක් කියලා දෙන්නයි මේ යන්නෙ.

1. මධ්‍යන්‍යය

කලිනුත් කිවුව නිසා උදාහරණයක් දෙන්නම්. ළමයි 10 දෙනෙක් විභාගෙ ලියනවා නම් ඒ 10 දෙනාගෙ මධ්‍යන්‍ය කියන්නෙ එක් එක් ළමයා විශයකට ගත්ත ළකුණු ළමයින් ගානෙන් බෙදුවාම එන අගය.

1 ළමයා ගත්ත ළකුණු : 5
2 ළමයා ගත්ත ළකුණු : 7
3 ළමයා ගත්ත ළකුණු : 6
මධ්‍යන්‍ය  = මුළු ළකුණු / ළමයි ගණන = 5+7+6/3 = 6

2. විචලතාවය

මේක නම් සංබ්‍යානයේ එන කේන්ද්‍ර ප්‍රවනතා මිනුමක්. සරලවම කිවුවොත් මේකෙන් කියවෙන්නෙ මධ්‍යන්‍යයේ ඉදලා එක් එක් ළකුණට තියන විචලනය. ඒ කියන්නෙ මධ්‍යන්‍යට සාපේක්ෂව අපිට අවශ්‍ය කෙනාට අදාල ළකුණට තියන විචලනය. 


මේ තියෙන්නෙ ඊට අදුල සූත්‍රය. ඒකෙ තේරුම් ඒ හැටි ඕන නෑ කියමුකො.

3. සම්මත අපගමනය

මේ කියන්නෙ විචලතාවයේ වර්ගමූලය. 9 යෙ වර්ගමූලෙ 3යි නෙ. 256 වර්ගමූලෙ 16 යි නෙ. ඒ වගේ. විචලතාවට එන අගයේ වර්ගමූලය තමයි සම්මත අපගමනය කියන්නෙ. 

හරි. දැන් බලමු මොකද්ද Z Score එක කියන්නෙ කියලා. ඔය උඩ තියන ඒවාගෙ එකතුවෙන් හැදිච්ච සමීකරණයක්. ඔන්න බලාගන්නකො. 

හරි දැන් අපි බලමු මොකද්ද මේ අලුත් නිර්දේශයෙය් පැරණි නිර්දේශයෙයි උනා කියන අවුල. 

අලුත් නිර්දේශෙ ලියන්න ඉදිරිපත් වෙන්නෙ ගොඩක් අවුරුදු ගාණක් තිස්සෙ ඉගෙනගෙන ඒගොල්ලොන්ගෙ ජීවිතේ පළවෙනි විභාගෙට මුහුණදෙන ළමයි. හොදට වැඩ පුළුවන් අය වගේම වැඩ බැරිම අයත්, සාමාන්‍ය ලෙස වැඩ පුළුවන් අයත් කියන හැම විදියෙම අය මේ ගොඩේ ඉන්නවා. පැරණි නිර්දේශයේ ළමයි එක අවුරුද්දක් විභාගෙ ලියලා, ඇනිලා, තව පාරක් හොදට පුළුවන් තරම් පාඩම් කරලා එන පිරිසක්. බැරිම පිරිස හැලිලා. හොදම පිරිස කලින් පාර කැම්පස් ගිහින්. දැන් මේ ගොඩේ ඉන්නෙ වැඩ සාමාන්‍ය ලෙස පුළුවන් අය සහ හොදට පාඩම් වැඩ කරලා සෑහෙන්න උඩ මට්ටමකට ආපු පිරිසක්.


පළවෙනි සැරේ කරන ළමයින් ඔක්කොම ගන්න ළකුණු ඒ ළමයින් ගණනෙන් බෙදුවාම එන්නෙ අඩු අගයක් (අලුත් නිර්දේශයේ මධ්‍යන්‍යය අඩුයි). ඒ මොකද කියනවා නම් වැඩ බැරි ලොකු කොටසක් මේ ගොඩේ ඉන්න නිසා. ඒත් පැරණි නිර්දේශයේ ළමයින්ගේ මේ අගය ගොඩක් වැඩියි. මොකද පළවෙනි පාර වැඩ බැරි උන පිරිස ඉවත් වෙලා, යන්න බැරි උන අය තව වැඩ කරලා ඇවිත්. (පැරණි නිර්දේශයේ මධ්‍යන්‍ය වැඩියි). 

නව සහ පැරණි කියන නිර්දේශ දෙකේම සම්මත අපගමන අගයක් ආසන්න ලෙස සමානයි. ඒ ඒක වර්ගමූල අගයක් නිසා.

දැන් අපි බලමු මොකද්ද උන අවුල කියලා. 



මේ බලන්න,
1 කණ්ඩායමේ මධ්‍යන්‍ය අඩුයි. 2 කණ්ඩායමේ මධ්‍යන්‍ය වැඩියි. අපි හිතමු 1 කණ්ඩායමේ මධ්‍යන්‍ය 45 යි 2 කණ්ඩායමේ මධ්‍යන්‍ය 55 යි කියලා. සම්මත අපගමන ආසන්න ලෙස සමානයි, ඒවා 10 යි කියලා. එක් සිසුවෙක් ළකුණු 65ක් ගන්නවා කියලා හිතමු. (උදාහරණ ලෙස)

නව නිර්දේශෙ නම් ඔහුට ලැබෙන්නෙ,

Z = (65-45)/10 = 2.000

පැරණි නිර්දේශෙ නම් ඔහුට ලැබෙන්නෙ,

Z = (65-55)/10 = 1.000

දැන් තේරෙනවාද මොකද්ද මෙතන අවුල කියලා. ඉසෙඩ් අගය අමුතුම ලෙස වෙනස් වෙලා මේ කොටස් දෙකක් විදිහට ගණනයකිරීම නිසා. සාමාන්‍යයෙන් උසස් පෙළ ගණිතය කරන කෙනෙක්ට නම් ඉන්ජිනේරුපීඨයට ඇතුල් වෙන්න අවම  Z අගය 1.950 ක් විතර. තොරතුරු තාක්ෂණ පීඨයට ඇතුල් වෙන්න නම් 1.750 ක් විතර. ෆිසිකල් සයන්ස් කරන්න නම් ඒ අගය 1.250 ක් විතර. දැන් බලන්න ඉස්සෙල්ලා ඉන්ජිනේරු පීඨයට යන්න තරම් සුදුසුකම් තිබ්බ කෙනෙක්ට දැන් "වැලේ වැල් නැති වෙලා". අසාධාරණයි කිය කිය කෑ ගහ ගහ නහින්නෙ මෙන්න මේක නිසා. කෙනෙක් අහන්න පුළුවන් ඇයි එකම සූත්‍රෙ ගණනය කරන්න බැරි කියලා. ඒක කරන්නත් බෑ විශයනිර්දේශ දෙකට දීලා තියෙන්නෙ පේපර්ස් 2ක් නිසා. දැන් ඉතින් මොකද්ද කරන්නෙ? ඒක තමයි අපිටත් තියන ප්‍රශ්නෙ. විශය නිර්දේශයක් වෙනස් කරද්දි මේ පොල් බූරුවො දැනගන්න ඕන ඒ අවුරුදු වල ප්‍රශ්න පත්තර එකම මට්ටමකට හදන්න. නැත්තං වෙන්නෙ මේ වගේ වැරදි. දැන් කාටද මේකට වගකියන්න වෙලා තියෙන්නෙ? අර ඇමති පුටු රත් කර කර ඉන්න මොළයක් නැති ඒත් අහන ඕන ප්‍රශ්නෙකට උත්තර තියන එවුන්ට ද? නෑ අවුරුදු ගානක් නැහිලා නැහිලා පාඩං කරලා උසස් පෙළ ලියලත් නිවනක් නැති අහිංසක ළමයින්ට. 

තාම අපේ පේපර්ස් බලනපාටකුත් නෑ. විශ්ව විද්‍යාල වලට ගියත් උගන්නන්න ගුරුවරු නෑ. දැං හමුදාව දාලා පේපර් බලනවාය කියන්නෙ. අනේ මුංගෙ ආශ්චර්ය. ඔය වෙලාවට තමා හිතෙන්නෙ රට යන්න. අනෙ අම්මපා සල්ලි තිබ්බා නං යනවා රට. මුංගෙ මේ ගෝත ආශ්චර්ය බලනවාට වඩා ඒක සැපයි. 

ප.ලි. : මේකෙ සූත්‍ර ටික ටයිප් කරගන් උදවුකරපු ඉසුරු අයියාට ගොඩක් ස්තුතියි.

Tuesday, August 21, 2012

උසස් පෙළ විභාග අක්‍රමිකතා සහ ශිෂ්‍ය ප්‍රජාව

ඕන් මාත් 2012 උසස් පෙළ විභාගෙ ලිවුවැයි කියමුකො. කලින් පෝස්ට් එකේ විශේෂ සදහනක් කරා නෙ මේ ගැන ලියනවාය කියලා. මොනාද වෙලා තිබ්බෙ කින්දමන්ද කියලා කියන්න දැන් තමා වෙලාව. හොදයි අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ බොහෝ දුක සේ ඉගෙනගන්න දේවල් පැය තුනෙන් හතරෙන් කොළ වල ලියලා ඒකෙ එන ප්‍රතිඵලේ අනුව මුළු ජීවිතේම ‍තීරණය කරන විභාගෙ තමයි උසස් පෙළ. ආන් ඒ උසස් පෙළ විභාගෙ ලැබෙන කාලෙ කන අක්‍රමිකතා ගැන ඉස්සෙල්ලාම කියන්නම් 2012 දි වෙච්ච..

ඉස්සෙල්ලාම තිබ්බෙ සංයුක්ත ගණිතය 1 ප්‍රශ්න පත්තරේ. ඉස්සෙල්ලාම හදන්න ගත්තෙ නැද්ද ලොවෙත් නැති අනුකලනෙ ගාන. ඒකෙ තිබ්බෙ 8/3 කියලා පෙන්නන්න උත්තරයක්. ඒත් එහෙම එකක් එන පාටක් නං නෑ. කොහොම හරි +/- එහෙ මෙහෙ කරලා උත්තරේ ගත්තා කියමුකො. ඉතින් පේපරේම මූසලයි පළවෙනි එකම වැරදී කියලා හිතුනාම. පස්සෙ විභාග දෙපාර්තමේන්තුවෙන් කියපි ඒක වැරදිය උත්තරේ 4/3 යි කියලා. මේක මුළු පේපරෙන්ම 30/1000 න් ලැබෙන ප්‍රශ්නයක් ලු. ඒ නිසා ඒක එච්චර ගැටළුවක් නැල්ලු. ඒත් මේ කතාව කියපු එකාට තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑ මේ ප්‍රශ්නෙ අල්ලගෙන නැහුන ළමයින්ට කොච්චර අසහනයක් ඇති උනාද කියලා ගාන වැරදියි කියන දෙගිඩියාවෙන්. කී දෙනෙක් වැරැද්ද මොකද්ද කියලා හොයන්න කාලෙ කොච්චර නාස්තිකරගත්තාද කියලා. තේරෙන්නෙ නැතුවත් ඇති ඉතින්, ජීවිතේට මැත්ස් පේපරයක් දැකලාවත් නැති එවුන් නෙ සිංහනාද කරන්නෙ. 


පස්සෙ තිබ්බ ‍සංයුක්ත ගණිතෙ දෙවනි පේපරෙත් "මාන" වරද්දලා. සංශෝධනයක් ඇවිත් තිබ්බා "g" අකුරක් වර්ගමූලෙ අස්සෙන් ශේප් එකේ ඉර යටින් ඇතුල් කරන්න කියලා. ඒක නැත්තං කාලය කියන්නෙ මාන නොමැති  මූලික භෞතික රාශියක් වෙනවා. ෆිසික්ස් පේපරෙත් තැන් තුන හතරක සංශෝධන තිබ්බා. කෙමිස්ට්‍රි පේපරේ සල්ෆියුරික් වල කොපර් දිය කරන්න හදලා තිබ්බා. අනේ මන්දන්නෑ මුංගෙ ආශ්චර්ය.


ඔය පේපර් වල තිබ්බ වැරදි නෙ. සයන්ස්‍ නොකරපු අයට නොතේරෙන්නත් ඇති. සොරි ඈ. මෙන්න ශාලා වල උන වැඩ. මේකෙ සමහර ඒවා ආරංචි උන ඒවා. අනිත් ඒවා අපේ ශාලාවෙ උන ඒවා.

ඔන්න ගෙදර ආවා පළවෙනි පේපරේ ලියලා. පස්සෙන්දා පත්තරේ තියනවා එක විභාග ශාලාවක ශාලාධිපති කෙනෙක් සෙන්ට් එකක් ගහන් ඇවිත් ළමයින්ට ඔළුවෙ කැක්කුම හැදුනා කියලා. අනේ වාසනාවන් අපේ නම් එහෙම උනේ නෑ.


ඔන්න පහුවෙනිදා ගියා ඇප්ලයිඩ් පේපරේ ලියන්න. පේපර් බෙදන්න හිටි මිස් උදේපාන්දරම හොදවයෙන් හිනාවක් දැම්මා. අපේ සර් කෙනෙක් යන්න කලින් කිවුවා "පුතේ ඔය විභාග ශාලාවෙ මිස් ලා ව කේන්තිගස්සගන්න නම් එපා" කියලා. මාත් ඉතිං දත් තිස් දෙකම පෙන්නලා හිනා උනේ නැතැයි. පස්සෙ මළ ජූලියයි. පේපරේ ගානක් ලිය ලිය ඉද්දි මිස් ඇවිත් අහපි,



"පුතේ පේපරේ ලේසිද?"

"එහෙම අමාරුම කියලා නෑ මිස්"

ඕන් තව ටිකට පස්සෙ ඇවිත් අහපි,


"පුතා ශිෂ්‍යත්වෙ පාස් ද?"

"ඔවු මිස්"

තවත් ටිකකින් ඇවිත් අහපි

"පුතේ ඕ ලෙවල් රිසල්ට් කොහොමද?"

"ඒ-- මිස්"


මට දැන් නම් නප්පියට නැගලා. මොන මගුලක්ද මන්දා. පේපරේ ලියන වෙලාවෙ ඒක ලියන්න හිත හදාගන්න විදිහක් නෑ විනාඩි 5න් 5 ට ඇවිත් එක එක මගුල් අහනෝ. ඇයි හත්තිලවුවේ මිස් එක්ක කතා කරන්න අපිට වෙනම වෙලාවක් දීලා නෑ නෙ. පස්සෙ ආයෙ ඇවිල්ලා අහපි,

"පුතේ පේපරේ වැරදි තියනවා නම් කියන්න. අර ගාන පොඩ්ඩක් බලන්න. ඒක වැරදිද කියලා"


මොන රෙද්දක්ද? අපි ගානක් හද එද ඉන්දිද්දි වෙන ගණන් හරිද වැරදිද කියලා බලන්න වෙලාවක් තියෙද? තඩි ගණන් 5ක් හදලා පොඩි ගණන් 10 ක් හදන්න තියෙන්නෙ පැය 3යි. ඒ පැය 3න් පැය බාගයක් විතර වෙන් කරගෙන මිස් ගෙ ප්‍රශ්න ඇහුවාම හරියනවාද? අන්තිමට මං කිවුවා,

"අනේ නෑ මිස්, මං ඒ ගාන හැදුවෙ නෑ" කියලා.

මේ මිනිස්සුන්ව තරහා කරගෙනත් බෑ. ඒත් ඒ මිනිස්සු කන්නෙ අපේ වෙලාව. 

තව ඔය වගේ ප්‍රශ්නයක් තමයි සමහර ටීචර්ලා ඇග වැහෙන්න අදින්න නොදන්න එක. (අපේ නං එහෙම උනේ නෑ). එහෙම ඇදන් ආවාම ළමයි විභාගෙ නෙමෙයි ලියන්නෙ.. 


ඇත්තට ඉතිං මේවා ලිවුවා කියලා වැඩක් ඇත්තෙත් නෑ. කවුරු දකින්නද කවුරු අහන්නද? කවුරු දැක්කාත් ඇහුවාත් මේවා සුළු සුළු වැරදි. ඔහොම වැරදි වෙන්න පුළුවන් නෙ.. ඒත් ඒ ඇත්තලාට තේරෙන්නෙ නෑ මේ වගේ ඒ අයට පේන "සුළු" වැරැද්දෙන් ළමයෙක්ගෙ ජීවිතයක් අවුරුද්දකින් පස්සට යන්න පුළුවන්. ඒ වගේම ජීවිතයක් විනාස වෙන්නත් පුළුවන්‍. හැබැයි එහෙම උනත් ලක්ෂ ගාණක් විභාගෙ ලියපු නිසා ඒකත් "සුළු" වැරැද්දක් වෙන්න බොහෝදුරට ඉඩ තියනවා. කවදා හරි මේවාට සුදුස්සො පත් කරලා රට හැදෙයි කියලා බලාපොරොත්තුවක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. එච්චර තමයි ඉතුරු..

Friday, August 17, 2012

ආගන්තුකලා උසස් පෙළ ලියා යලි එයි


ඔන්න ඉස්සෙල්ලාම කියන්නෙ එක්කෙනෙක්වත් අහනවා නෙමෙයි ලේසිද අරකද මේකද කියලා.. පටංගත්තෙම පියෝ පේපරෙන්, ඒකෙත් අනුකලනෙ ගාණක් වැරදියට ප්‍රින්ට් කරලා. ජිල්මාට් එකක් දාලා උත්තරේ ගත්තෙ හෙන ගේමක් දීලා. ගෙදර එද්දි නිවුස් වලට කියපි උත්තරේ වැරදියි කියලා. තුක් නොද්දකිං වෙලාව.. හරි ඒකට කමක් නෑ. මේ අක්‍රමිකතා ගැන වෙනමම පෝස්ට් එකක් නිවිහැනහිල්ලෙ ලියනවා. දැන් කියන්නං මං ලියපු ලිවිල්ල‍‍..

පියෝ ගැන කතා කරලා වැඩක් නෑ. ඒක අනාගත්තා. ඇප්ලයිඩ් නං ලිවුවා. ෆිසික්ස් පළවෙනි එකේ 36යි හරි (වෙනදා හම්බානක හරියනෝ ශික්..) සකන්ඩ් එකේ ගානක් එහෙම්පිටින්ම වැරදියි. ඉලෙක්ට්‍රොන්ක්ස් ප්‍රශ්නෙ තමා ලේසිම.. කෙමිස්ට්‍රි ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ෆේල් ද මන්දා. ඒ තරමට කෙළ උනා. කොහොම හරි මේ පාර නං යන්න වෙන්නෙ නෑ කැම්පස් ලොවෙත්.. ලබනපාර වත් බලමුකො ජනියෝ කියලා හිත හදං ඉන්නෙ.. වෙන කරන්න දේකුත් නෑ නෙ.

දාන්න කියලා පින්තූරෙකුත් නෑ. තාම ඒ ලෙවල් ඉවර නෑ. හෙට ඉංග්‍රීසි. ඒත් ඉතිං mE cAn eNgligh නෙ, ඒ නිසා අවුලක් නෑ. ජෙනරල් එකේ කොටු කපන්න පෙරුම් පුර පුර ඉන්නෙ. අපේ රිසල්ට් එන්න පහුවෙන කතන්දරේකුත් තියනවා. ඒ කොහොම වෙතත් ආවාම කාටවත් කියන්නෙ නෑ. හරි.. සකන්ඩ් ශයි එකට සූජානං වෙන්නෝන. අනේ න්දා මේ මොනවා කියනවාද කියලා. 

මේක කාලෙකට කලිං ගහලා එඩිට් කරපු පින්තූරයක් හොදේ

ආආ.. පොඩි සමාජ සත්කාරයක් කරන්න හිතං ඉන්නෙ. මේ පාර ඒ ලෙවල් මැත්ස් පේපරේ මොකක් හරි ගාණක් එහෙම අහගන්න ඕන නං ගානෙ අංකෙ එක්ක කමෙන්ට් එකක් දාලා යන්නකො. මං උත්තරේ ටයිප් කරලා මේකෙ දාන්නං. 

තව පොඩ්ඩෙං අමතක වෙනවා. අර මම කාලෙකට කලිං කරානෙ ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක. "සිංහල බ්ලොග්කරණය". අන්න ඒකට ළකුණු හම්බුනා. 20 න් 20 යි. අපේ ගෲප් ප්‍රොජෙක්ට් එකටත් 20 න් 20 යි. මට ප්‍රොජෙක්ට් එක කරන්න උදවුකරපු හැමෝටම ගොඩක් පිං..

ම්ම්.. තව එකක්.. මං මේ ගෑණු ළමයෙකුත් හොයනවා. පුළුවන් නං හොයලා දෙන්ඩකො.. පල්ලෙහා පින්තූර ටිකක් ඇති ඈ.. බලන්න උසස් පෙළ...

මේ මැත්ම් පොත් ටිකකුයි ෆිසික්ස් පොත් ටිකකුයි

පොත් ටික අයින් කරාට පස්සෙ මේසෙ
මේක අර ගෑල්ලමයාට දෙන්න හිතං ඉන්න එක

උසස් පෙළ විභාග අක්‍රමිකතා සහ විභාග මධ්‍යස්ථාන වල සිදුවන අක්‍රමිකතා ගැන පෝස්ට් එකක් ළගදීම...

ආගන්තුකයාව මතකයි නෙ? අමතකද ?
:( :( :(   

Friday, August 3, 2012

මම මටම වෙන පොරොන්දුවක්

මේ අවුරුද්දෙ මම උසස් පෙළ ලියන්නෙ. තව දවස් 2 යි. ඉන්ජිනියරින් යන්න පුළුවන් මට්ටමේ හැකියාවක් මට අනිවාර්යයෙන්ම තියනවා. ඒත් මම කරපු වැඩ කොටස ගොඩක් මදි. ඒ නිසා මේ පාර මට මේක ගැන ශුවර් නෑ. ඒත් දෙයක් තියනවා කියන්න..

ලබන අවුරුද්ද පුරාම මම ෆේස්බුක් එනවා,
බ්ලොග් එක ලියනවා,
පුළුවන් පුළුවන් විදිහට ෆොටෝ ගන්නවා,
එඩිට් කරනවා,
ඒ හැම දෙයක් එක්කම මම ඉන්ජිනියරින් යන්න පුළුවන් වෙන්න වැඩත් කරනවා.

මේක මම මටම දෙන පොරොන්දුවක්..!!!

---------------------------------------------------------------------------------------------------
ළගදි දැක්ක ගොඩක් සංවේදී පින්තූරයක්

ඒක එඩිට් කරා
රිච්මන්ඩ් අම්මාගෙ තුරුලෙ හිටි අන්තිම දවසෙ අනිතිමටම ගත්ත පින්තූරෙ.
රිච්මන්ඩ් එකේ හදවත L ශාලාව ඉදිරිපිට