මේ ලිපිය ලියන්න හිතුවෙ අද කාලෙ මිනිස්සු බොහොමයක් "බෞද්ධකම" කියලා කියන දේට අලුත් අලුත් අර්ථකතන දෙන්න පටන් අරන් තියන නිසාමයි. ඒ දේ වෙන්නෙ කටින් නෙවෙයි, ක්‍රියාවෙන්. ඇත්තම කිවුවොත් මේ දේවල් මෙහෙම වෙලා කියලා කියන්නත් දුකයි. ඒත් නොකිය ඉන්න හිතෙන්නෙත් නෑ මේ 2601 වෙනි බුද්ධ ජයන්තිය ලබන්න තියන වෙලාවෙ. ඇත්තෙන්ම මම අවධානය යොමුකරන්න බලන්නෙ තරුණ පරපුර ගැන විතරක් නෙවෙයි. මුළුමහත් ජනසමාජෙම ගැන. ඇත්තෙන්ම කියනවා නම් "බුද්ධ ධර්මය" නැතුව "බුද්ධ දර්ශනය" අනුගමනය කරන මිනිස්සු හීන වේගෙන යන කාලෙකදියි මේ ගැන ලියන්නෙ.
හෙට වෙසක්. වෙසක් කියලා මොනවාද අපි කරලා තියෙනනෙ? කූඩු හදලා... බල්බ් වැල් දාලා.. සරසලා.. සමහරු කූඩු නැතුව බකට් ගෙනල්ලා.. ඉටිපන්දම් ගෙනල්ලා.. සමහරු පුංචි පහේ තොරන් හදලා.. සමහරු කරන්න දෙයක් නැති කමට වෙසක් ලබද්දිම පබ්ලිශ් කරලා කට්ටියව ටැග් කරන්න "සුභ වෙසගක් වේවා" කියලා පින්තූර හදලා. ඇත්තටම වෙසක් කියන්නෙ මේකද? ටිකක් හිතලා බලමු. කවුද මේ වෙසක් කියන එක වෙන විදිහකට දැක්කෙ? අපි බැබලෙන්න කරන මේ දේවල් නැතුව අසරණ මනුස්සයෙක් බබලවන්න අපි එක දෙයක් වත් හිතුවා ද? අපි බලමු. වෙසක් කියන්නෙ මොකද්ද? බුදුහාමුදුරුවන්ගෙ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම.. ඇත්තටම මේ දෙයින් කියවෙන්නෙ මොකද්ද කියලා කවුද හිතුවෙ?
"අඩෝ දන්සලක් වදින්න යමං.. ගිහින් ෆුල් ෆන් එකක් ගමු"
මේකද වෙසක් කියන්නෙ? ඇත්තෙන්ම වෙසක් කියලා හදුන්වන්න බුළුවන් "අනිත්‍යතාවය" කියන සංකල්පයට තියන හොදම උදාහරණය විදිහට. මේ ලෝකයට පහල වෙලා, මේ ලෝකයේ තියන හැම දෙයක්ම අවබෝධ කරගෙන බුදු බව ලබාපු බුදුන් වහන්සේත් මේ වගේ දවසකම තමයි පිරිනිවන්පෑවෙ. කොච්චර උතුම් පුද්ගලයෙක් උනත් අන්තිමේදි ඉතුරු වෙන්නෙ අන්ත්‍යතාවයම තමයි. අපි හැමෝම මැරෙනවා. ඒ දෙයයි ඇත්ත. සමාජයේ අපිට දකින්න ලැබෙන ප්‍රායෝගික "ඇත්ත" මොකද්ද කියලා බලමු පොඩ්ඩක්.
"වෙසක් දවසට යන්න ඕන වෙසක් බලන්න. නිකන් නෙමෙයි හොද කැමරාවක් එක්ක. හැම එකකම පින්තූර ගන්න ඕන. නිකන් නෙමෙයි තමන් වෙසක් කූඩු ඉස්සරහා ඉදගෙන එහෙම. යාළුවො සෙට් එක එකට එකතු වෙලා කරට අතදාගෙන එහෙම. ගෙදර කන්න තියෙද්දි යන්න ඕන දන්සැලකට. ගිහින් පෝලිම පැනලා දන්සල් බත් කාලා ෆන් එකක් ගන්න ඕන. ඒ ඔක්කොම පින්තූර අරගෙන එදා රෑට ඇවිත් ෆේස්බුක් දාන්න ඕන. ඒ ඇල්බම් එක නේම් කරන්න ඕන "I am proud of being a Buddhist" කියලා. ඒක තමයි තරුණ කම කියන්නෙ."
කොච්චර නම් මුක්ධ ද? කොච්චර නම් පිළිකුල් සහගත ද? වෙසක් දවසට වෙසක් කූඩු හදලා තියනවා දකිද්දි, තොරන් ඉදි වෙලා තියනවා දකිද්දි, දන්සල් දෙනවා දකිද්දි ද බෞද්ධයන් කියන එකේ ආඩම්බරකමක් දැනෙන්නෙ? "ෆුල් ෆන්" එකක් ගන්න තියන නිසා ද වෙසක් දවස අර්ථවත් වෙන්නෙ? නැත්නම් වෙසක් එකක් තියනවා ද කියලාවත් මතකයක් තියනවාද? දන්සල් වදිද්දි, තොරන් බලද්දි කල්පනා වෙනවා ද වෙසක් කියන එකේ අර්ථය මොකද්ද කියලා? ඒ තරුණයන්.
"අනේ තිලෝගුරු අමාමෑණී සම්බුදුරජාණන් වහන්‍සේ ඉපදුන, බුදු උන, පිරිනිවුන දවස. ළමයිනේ වරෙල්ලා මාත් එක්ක සිල් ගන්න. උදේ පාන්දරම යන්න ඕන. නැත්තං කණුවක් හරි මුල්ලක් හරි අල්ලගන්න වෙන්නෙ නෑ. උදෙන්ම ගිහින් ඉන්න ඕන. දවසම ඉන්නත් එපායැ."
මේ වයසක, සිල් ඇත්තො කියලා හිතන් ඉන්න අය. මේ අය උදෙන්ම ගිහින් මුල්ලක් අල්ලගෙන නිදාගන්න එක තමයි සිල් ගන්නවා කියලා අදහස් කරන්නෙ.
"අප මහා සම්මාසම්බුදුරජාණන් වහන්සේ..."
"සාදු සාදු සාසාසාදු..."
මොන විකාරයක් ද ඇත්තටම? නිදාගෙන ඉන්න තැනින් ඇහැරිලා සාදු සාදු කියලා බෙරිහන් දෙන්නෙ "බුදුහාමුදුරුවො" කියන වචනෙ ඇහෙද්දි. ආයෙමත් හොදට නිදි. ඇත්තටම වැඩක් තියනවා ද මේ දෙයින්. සිල් ගන්නවා කියලා කියන්නෙ එක දවසකට හරි ගිහි ගෙයින් නික්මයාමක්. නිස්කලන්ක පරිසරේක බනක් භාවනාවක් කරගෙන, ධර්ම සාකච්ඡාවක අර්ථවත්ව යෙදිලා, නොදන්න ධර්ම කරුණු, තමන්ට ගිහි ජීවිතේ ගැන තියන ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරන්නෙ කීයෙන් කීදෙනාද? "මුලාව, ඇලීම, ගැටීම" කියන මේ දේවල් වලින් මිදෙන්න හිතන්නෙ කීයෙන් කීදෙනාද? මේ ලෞකික සැප ගැන නොහිත මොහොතක් ඉන්න අපිට පුළුවන් ද? අපි අපෙන්ම අහලු බලමු.
"ඇත්ත" ගැන කතාකරමු. වෙසක් පොසොන් එද්දී ඉස්සෙල්ලාම දන්සැල් දෙන්නෙ එක්කො හොද ලොකු "මස්කඩකාරයෙක්" නැත්නම් ලෝකෙ නැති වැඩ ඔක්කොම කරලා සල්ලි පොදි ගහ ගත්ත "කළුකඩකාරයෙක්" ඔවුන්ගේ "පවු සමාකරගන්න". ඒත් ඔවුන්ට අමතක වෙච්ච දෙයක් තියනවා. ඔවුන් කරන කර්මය අනුවයි විපාක තීරණය වෙන්නෙ. අහෝසි කම්මයක් නොවුන හැම දෙයක්ම කවදා හරි අපිට පඩිසන් දෙනවා. තමන් සල්ලි හම්බුකරන්න කරපු "පවු" වල විපාක ඔවුන්ට ලැබෙනවා. ඒත් එක්කම ඔවුන් දෙන දන්සැල දෙන්නෙ ඇත්තටම අනිත් මිනිස්සු වෙනුවෙන් නම් ඔවුන්ට ඊට අදාල විපාක ත්, ඒ නැත්නම් ඔවුන් ඒ දේ කරන්නෙ "පවු සමාකරගන්න" නම් ඊට අදාල විපාකත් නොවරදවාම ලැබෙනවා. ඒ කෙසේ වෙතත් දන්සැල වැදලා එන කෙනෙක්,
"ඕකා ලෝකෙ නැති දහදුරා වැඩ ඔක්කොම කරලා සල්ලි පොදි ගහගෙන ඉන්නෙ. මිනිස්සුන්ගෙ සල්ලී හූරගෙන කාලා දැන් සුදනා වෙන්න හදනවා. ඕකුන්ට දන්සැල් එකක් නෙමෙයි දාහක් දෙන්න සල්ලි තියනවා."
කිවුවාම ලැබෙන්නෙ හොද ආශිර්වාදයක් කියලා මම නම් පිලිගන්නෙ නෑ.
තවත් දෙයක්. ගොඩක් අයට අපි "බෞද්ධයො" කියලා මතක් වෙන්නෙ පෝය දවස එද්දි. ගොඩක් තරුණයො එහෙම අනිවාරියයෙන්ම පෝයට හොද ලොකු පන්සලකට යනවා යාළුවො එක්ක. වෙන මොකකටවත් නෙමෙයි. පින් දහම් කරගන්න ආපු "රූපසුන්දරියොන්ගෙ රූසපුව" දැකලා ඉන්ද්‍රියන් පිනවගන්න. ඒ කිසි කෙනෙක් බන කියද්දි පන්සලට වෙලා ඉන්නෙ නෑ. පෝය දවසෙ ඉස්සෙල්ලාම පන්සලට ගිහින් "ඇස" පිනවගෙන පස්සෙ ටවුමට ගිහින් "ඇස, කණ, දිව, නාසය" පිනවගන්න අමතක කරන්නෙ නම් නෑ බොහෝ දෙනෙක්.
අපි බෞද්ධයො වෙන්න ඕන පෝය දවසට විතරක් නෙමෙයි. අපි හැමදාමත් බෞද්ධයො. අනිත් මිනිහෙක්ගෙ දුකකදි හිත උණු නොවෙනවා නම්, වැඩිහිටියෙක් කියන දේකට අවනත නොවෙනවා නම්, අපේ ඉන්ද්‍රියන් පිනවගන්න විතරක් ලොල් වෙලා නම්, අඩු තරමෙ පන්සිල් වල එක සිල් පදයක්වත් ආරක්ෂා කරගන්න බැරි නම්, ඒ ඔක්කොම එහෙම වෙද්දි ලෝකෙට පේන්න සිල්වතෙක් වෙලා හවසට බුදුන් වදිනවා නම් ඒ කෙනා බෞද්ධයෙක් ද?
අපි මේ මනුස්ස ජීවිතේ ලබාගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන් පින් රැස් කරගෙන. ඒ පිනට අර්යක් දෙන්න උත්සාහා කරන්නෙ නැත්නම් අපි අපිටම කරන්නෙ ලොකු වංචාවක්. අපි රවට්ටන්නෙ ලෝකය නෙවෙයි, අපිවමයි.
ඒත් එක්කම කියන්න ඕන නියම බෞද්ධයො විදිහට ජීවත් වෙන රත්තරං මින්ස්සු මේ සමාජයේ ඉන්නවා. මඩේ ඉපදිලා, ඒ මඩේම හැදිලා වැඩිලා, ඒ මඩෙන් උඩට ඇවිත් මුළු ලෝකෙම සුවදවත් කරන ඒ මිනිස්සුන්ට ආගන්තුකයාගෙ උත්තමාචාරය..!!!
සියළු දෙනාගේම සිතේ පහන් සිතුවිලි ජනිත වන වෙසගක් වේවා..!!!
ප.ලි. : මේක කියවන බෞද්ධයන් නොවන අනිත් අයට ත් මේ දේ වැදගත් වෙයි කියලා හිතෙනවා සමහර විට. මොකද "බෞද්ධකම" කියන දේ ගොඩක් පිවිතුරුයි. ඇත්ත "බෞද්ධයො" ඔවුන්ගේ බෞද්ධකම ක්‍රියාවෙන් ඔප්පු කරයි..
දැන් තියෙන්නේ "වෙසක් උත්සවයක්"
ReplyDelete"උත්සව" කියන්නේ සමරන එකක් මිසක් පින් දහම් කරන එකක් නෙමෙයි නේ
වෙනස් වෙන ලෝකෙට අනුගත වෙන්නෙ නැතිව ඒක අනුකරණය කරන්න ගිහින් "වෙසක්" කියන බෞද්ධයන්ට තියන වටිනම දිනය "උත්සවයක්" කරගත්ත එකට අපි කවුරුත් වගකියන්න ඕන..
Deleteබුදුහාමුදුරුවන්ගෙ ඉපදීම සමරමු.. බුදුවීම සමරමු.. පිරිනිවන..???
:)
ඇත්ත කතාව බෞද්ධයෙක් වෙන්න ඕනේ හදවතින් ඒ කියන්නේ සිරිත්විරිත් ,හැසිරීම වගේ දේවලින් මිසක් මතුපිටින් නෙවෙයි . වටිනා ලිපියක්. ජය :)
ReplyDeleteබොහොම ස්තුතියි.. ආදර්ශයෙන් පසක් කරමු..!!!
Deleteබොහොම වැදගත් කතාවක්, මෙවැනි ලිපි අද සමාජයට ඉතාම වැදගත්, ඒ වාගේම
ReplyDeleteසැමරීමක් ලෙස අර්ථදැක්වීම තුල මොලේ නැති මෝඩයින් එය පිළිගන්නා ආකාරයද ලිපියට අටුවා ටීකා සපයන අයගෙන් මොනවට ඔප්පු වී පේනවා,..
සියළු සත්ත්වයෝ නිඳුක් වෙත්වා!
එක එක කෙනා ඒ දේ දකින ආකාරය.. අපි අපේ විදිහට ලෝකය දකිමු..!!!
Deleteබොහොම ස්තුතියි..!!!
ඇත්තම ඇත්ත.....
ReplyDeleteඒකනෙ ලිවුවෙ!!
Deleteලොකු ලොකු දේවල් වලට වඩා හිතේ භක්තියෙන් මලක් පූජා කලත් ඒක වටිනවා..
ReplyDeleteඒ දේ ඇත්ත දිනේශ් අයියේ..!!!
Deleteකරන දේ ප්‍රමාණය නෙමෙයි, කරන දේ ප්‍රයෝජනවත් ප්‍රමාණයයි වැදගත්..!!!
(ඔතන භක්තිය නෙමේ එන්න නම් ඕන.)
බෞද්ධ කියන වචනයේ තේරුම අවබෝධයට පත් වුණු කියන එකනේ.අද ගොඩක් දෙනෙක් උප්පැන්න සහතිකේ තියන නිසා තමන් බෞද්ධ කියලා පිළිගන්නවා මිස බෞද්ධ දර්ශනය ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.චතුරාර්ය සත්‍යය වගේ ගැඹුරු ධර්මයක් මම හිතන්නෑ වෙන කිසිම ආගමක ඇති කියලා.
ReplyDeleteමම අනිත් ආගම් පහත් කරනවා නෙමෙයි. ඒත් මගෙත් අදහස ඒකයි..
Deleteහොද ලිපියක්.
ReplyDeleteමාත් වෙසක් කලාපයක් විදිහට බ්ලොග් පෝස්ටු දානවා සතියක්ම.
පිං..!
ආමිසයට වඩා ප්‍රතිපත්ති පුජාව හොදයි කියනවානේ. කූඩු නැතිවට කමක් නැහැ. පහනක් පත්තු කලත් ඇති. ඒ පහන නැති වුනත් කමක් නැහැ ප්‍රතිපත්ති වශයෙන් මොනව හරි ජීවිතයට එකතු කර ගන්නව නම්..
ජය !
ආහ්.. කෝ කෝ පෝස්ට් හත??
Deleteවෙසක් දැකලා නෑ අවුරුදු 11කින්!! එ
ReplyDeleteතකොට ඔය හැඟීම් තරමක් වෙනස්.
ඇත්තම වෙසක් කූඩුවක් උනත් දකින්නත් ආසයි.
henryblogwalker the Dude
ඒ දේ නම් ඇත්ත.. :)
Deleteහැබැයි අපේ වෙසක් දකිනවාට වඩා නම් නිකං ඉන්න එක හොදයි කියපා හිතෙයි සමහර දේවල් දැක්කාම!
අැත්ත.. බෞද්ධයෙක් වුනාම බුද්ධියෙන් හරි වැරදි දකින්න ඔනෙ...
ReplyDeleteඒ දේට එකගයි!
Deleteසමාජෙත් දැන් මොඩ් වෙලා. බොහෝ පිරිසක් කරන්නේ වැල යන අතට මැස්ස ගහන එක තමා...
ReplyDeleteදැන් දැන් සිරීපාදෙ යන්නෙත් ෆන් එකටනේ...
හෙහ්.. සිරීපාදෙ ට්‍රිප් එකක් යනවාය කියලානෙ ගොඩක් අය දැං කියන්නෙ!
Deleteබොහොම වටිනා ලිපියක්... ජීවිතයට යමක් එක් කර ගන්න පුලුවන්...
ReplyDeleteබොහොම ස්තුතියි කාව්‍යා අක්කෙ.. :)
Delete