Friday, October 4, 2013

ගැහැණිය | ‍කෙටි කතාව

මොකෙක්ද මන්දා මේ උදේ පාන්දර කෝල් කරන්නෙ.. නිවාඩු දවසක නිදාගන්නවත් නෑ.. රෙද්ද.. 

"හලෝ..."  ""

"මචං මේ, මම චරා... වරෙං අද සෙට් එකත් එක්ක නාන්න යන්න... බස් හෝල්ට් එකට වරෙං පුලුවං ඉක්මන්ට.. "

"අම්මටසිරි... හරි බං මං එනෝ..."

නිදාගන්න කවදා නම් බැරි ද, ඒ වගේද සෙට් එකත් එක්ක නාන්න යන්න තියනවා නං. මාත් ඉතිං පුලුවං තරං ඉක්මනට ලෑස්ති වෙලා දුවගෙන බස් හෝල්ට් එකට ගියා. සෙට් එක ඉන්නවා කිවුවට කතා කරපු එකා විතරයි යද්දි. 

"මොන මගුලක්ද මන්දා බං.. මේ කාළකණ්නි එකෙක්කත් නෑ නෙ කියන වෙලාවකට එන්නෙ.."

ඒ චරා. ටික වෙලාවකිං අනිත් එවුං දෙන්නත් ආවා කම්මැලි ඇර ඇර. කමක් නෑ කියලා නැග්ගා බස් එකකට. හැමදාම වගේ පස්සෙ සීට් එක තමා පොට් එක. සෙට් එකටම එකට යන්න පුලුවං, ඒ තරං රසක් නෑ. වාසනාව කියන්නෙ බස් එකට නැග්ගා පට්ට කෙල්ලෙක්. මේ වගේ සෙට් එකක් එක්ක යද්දි මොන හිරි ඔතප් ද? නැග්ග වෙලේ ඉදන් කෙල්ලව බයිට් එකට ගත්තෙ අපි සෙට් එක. 

ටික වෙලාවක් යද්දි ඉස්සරහා සීට් එකේ ගෑණු මනුස්සයෙක් තව කෙනෙක්ට ටිකක් සැරෙන් කතාකරනවා ඇහෙන්න ගත්තා. මාත් ඉතිං කන දාගෙන අහන් උන්නා.

"මොනාද මහත්තයො මේ කරන ජරා වැඩ. ගෑණු මනුස්සයෙක්ට බස් එකක නිදහසේ යන්න බැරි ද?"