මේ දින වල පොටෝ ගැසීමට දැඩි ආසාවක් ඇතිවී තිබෙන බැවින් මම ම මෙය වුනේ කෙසේද, කොහොමද කියා සොයා බලන්නක කැමැතියි. ඉතින් පුංචි කාලෙ ඉදලා අද වෙනකං කොහොමද මේ දේ උනේ, කවුරු නිසා ද උනන්දු උනේ, කොහෙන් කෙළවර වෙයි ද කියලා මේක ලියන් යද්දි මටම තේරෙයි. කොහොමත් මේවගේ එකක් ලියද්දි (බ්ලොග් පෝස්ට් එකක්) මට ඔය ඔක්කෝම බඩවැල වගේ මතක් වෙනවා. ඒ නිසා සෝයි.

පස්සෙ ඉතින් කාලෙ ඔහේ ගෙවුනා, පින්තූර ගැනිල්ල ගැන මෙලෝ අදහසක් තිබ්බෙ නෑ. කැමරා සංගමේ අයියලා, මලයලා කැමරා උස්සන් දුවද්දි ඉතිං මට හිතුනෙ 'අම්මපා මුංට පයිත්තියංද?' කියලා. ඔය එක එක අවස්ථා වලදි එක එක අය ඩිජිටල් බට්ටො (point and shoot camera) වලින් පින්තූර ගනිද්දි මම display එක දිහා බලං හිටියෙ ආසාවට වගේ. මේ මෑතක් වෙනකං (මම 13 වසරෙ 2වනි වාරෙ ඉවර වෙනකං වගේ)
මේ අවුරුද්දෙ (2012) වෙසක් පෝය දවසෙ තමයි හොද වැඩක් උනේ. එදා මං දැක්කා අපේ බනි අයියා (අනුශ්ක ලක්මාල්) පුන්සදේ පින්තූරයක් අරන් පළ කරලා තියනවා. පස්සෙ මටත් ආස හිතුනා එයින් එකක් ගන්න. අර කැමරාවත් අරන් එලියට ගිහින් ගත්තා, හද නිකං මොකද්ද වගේ වෙලා. මං ඉතිං ආසාව අත්තැරලා බලාපොරොත්තු කඩ කරන් 'බනි අයියාගෙ කැමරාව හොද එකක් වෙන්න ඇති' කියලා හිත හදාගෙන, ඒත් කමක් නෑ අහලා බලනවා කියලා ලිස්ට් එක ඔන්ලයින් දාලා බනිඅයියාගෙන් ඇහුවා. පස්සෙ කියාපි, 'යකෝ උඹේ ගාව තියන එකෙන් ඔයිට හොදට ගන්න පුළුවං Tripod එකේ තියලා ගනිං කියලා. අවුරුදු ගානක් කබඩ් එක උඩ තිබ්බ Tripod එක මට වැදගත් උනේ අවුරුදු ගානකට පස්සෙ. දුවලා ගිහින් ඒක අරන් ඇවිත් තියලා ගහපු පළවෙනි එක හිතට ඇල්ලුවෙ නෑ, ඒත් තරමක් හොදයි වගේ. පස්සෙ තටමලා තටමලා Program Mode එකට අරන් (Manual Mode එකක් ඒකෙ නෑ) බනි අයියා කියපු විදිහට ISO අඩු වැඩි කරලා ගහලා බලද්දි මරු පින්තූරයක් (ලෝකෙ තියන හොදම පින්තූරෙ නෙමෙයි, තරමක් හොද පින්තූරයක්) ගහගන්න පුළුවන් උනා. මට ඒ වෙලාවෙ ඇති වෙච්ච සතුට වචන කරන්න මට තේරෙන්නෑ.
![]() |
මේක තමයි ඒක |
පස්සෙ මම ඉස්සෙල්ලාම කරේ ඒක ෆේස්බුක් දාපු එක. ඒකට පළවෙනි කමෙන්ට් එක ගැහුවෙත් බනි අයියා "ඔය තියෙන්නෙ" කියලා. පස්සෙ මම නිකමට වගේ Photo Talk Group එකට ඒක දැම්මා. ලයික් කමෙන්ට් වැඩිය නැති උනත් කවුරුත් ඒකෙ වැරැද්දක් නම් කිවුවෙ නෑ. මට එදා ඒ ආසාව ඇති උනා. පස්සෙ අර කැමරාව අතපත ගාලා බලද්දි ඒකෙ Macro Mode කියලා එකක් තිබ්බා. ඒගැන ඒ තරම් අවබෝධයක් තිබ්බෙ නෑ. දවස් දෙකකට විතර පස්සෙ මම දැක්කා ගෲප් එකේම Macro පින්තූරයක් පළ කරලා තියනවා. ඒක හරි ලස්සන අපූරු සමීප පින්තූරයක්. පස්සෙ තමා මට තේරුනේ සාමාන්‍ය point and shoot camera එකකින් සමීප පින්තූර ඒ තරම් හොදට ගන්න බෑ කියලා. ඉතින් කියන්න දෙයක් නෑ නෙ මං ඊලගට කරන දේ.. අර මැක්‍රො මෝඩ් එක ඇක්ටිවු කරන් පින්තූර ගන්න මම බැලුවා. මට ඒකෙන් ගන්න පුළුවන් උනා සමනල්ලු, නිදිකුම්බා මල්, බත්කූරො, සර්කිට් කෑලි වගේ ඒවා.