කට්ටිය බලනවා ඇති ආගන්තුකයා ට පිස්සු හැදිලා ද මේ පොඩි කාලෙ මාතෘකා තෝරගන්නෙ කියලා. ඒත් ඉතිං මේක ලියන්න ඕන කියලා හිතුනා. අපේ මිස්.. ඒ කියන්නෙ 2012 A/L කරන්න ඉන්න පිස්සු කොලු රොත්තකට උගන්නන අපේ මිස්..
මිස් අපේ ඉස්කෝලෙට එන්න කලියෙං වැඩ කරලා තියෙන්නෙ අපේ කන්ද උඩ තියෙන ඉස්කෝලෙ ලු නෙ.. මොනා උනත් මිස් අපේ ඉස්කෝලෙට ආව එක නම් අපේ (කාට කෙසේවෙතත් මගේ) වාසනාවක්. එහෙනම් ඉතිං ඔච්චර අගේ කරන් නැතුව ආගන්තුකයා කියන්නම් මිස් ගැන මෙහෙම ලියන්න හිතුනෙ ඇයි කියලා.
ආගන්තුකයා ට ට්‍රිප් එක යන එක එපා ම වෙලා තිබුනේ. ඒත් අපේ මිස් කියපු නිසා යි යන්න හිතුවේ. ඒත් සල්ලි ටික ලට්ට ලොට්ට පිටින් නැති උනා නෙ. (දන්නෙ නැත්නම්, http://jnsx3nd.blogspot.com/2011/06/blog-post_24.html බලන්නකො) ඒක ඉවරයි. ඔන්න දැන් කට්ටිය ආයෙම ට්‍රිප් එක යනවා ලු. ආගන්තුකයා ට එන්න හිතක් නෑ. ඔක්කොම එපා වෙලා. හෙට ලු යන්නෙ. අද ආගන්තුකයා ඉස්කෝලෙ යන්න නැගිටලා බතුත් කන ගමන් ඔලුවෙ කැක්කුමක් ගත්තා. පුදුම විදිහට. ඊයෙ 9 වෙනකං පන්ති ගිහින් හිටපු නිසා වෙන්න ඇති. කොහොම හරි ආගන්තුකයා නිදාගෙන හාන්සි වෙලා ඉන්නකොට නාදුනන නොම්බරේකිං කෝල් එකක් එනවා. කෝල් එක ගන්න හිතකුත් නෑ. ඒත් ගත්තා. උස්සපු ගමන්,
*ආගන්තුකයෝ ඇයි ඉස්කෝලෙ ආවෙ නැත්තෙ.. සුපුරුදු හඩක්.. ඒ අපේ මිස්...
*අනේ මිස් එන්න ලෑස්ති වෙලා හිටියෙ. ඔලුව රිදෙන්න ගත්තා.. ඊයෙ ත් රෑ වෙනකං පන්ති නෙ මිස්..
*ආ කමක් නෑ.. මේ ළමයි ආගන්තුකයා ගෙ නමත් දාගෙන ඉන්නෙ ට්‍රිප් එක යන්න.. එනවා නෙ..
*අනේ බෑ මිස්.. මට එපා වෙලා තියෙන්නෙ මිස්..
*එහෙම කියන්න එපා දරුවො.. ඔක්කොටම කලිං පැනඩෝල් එකක් බීලා ඉන්න කො.. හැමෝම කියන එකේ යමු. සල්ලි නම් මම උනත් දෙන්නම්.
-ආගන්තුකයා ට කියාගන්න දෙයක් නෑ. මිස් ගෙදරටම කෝල් කරලා එන්න කියනවා. මොනවා කියන්නද-
*අනේ මන්දා මිස්..
*ඔය හිතේ තියන ප්‍රශ්න ඔක්කොම ඇරිලා යයි. ට්‍රිප් එක යමු.
හරි මිස් මම එන්නම්. මිස් සල්ලි දාන්න ඕන නෑ මම දෙන්නම්. ආගන්තුකයා කිවුවා නෙමෙයි කියවුනා.
මිස් කෙරේ තියෙන ගෞරවය හැමදාමත් වැඩි වෙනවා. මිස් ඇත්තටම ආගන්තුකයාට අම්මා කෙනෙක් වගේ. මේ වගේ මිස් කෙනෙක් ලබන්න ආගන්තුකයා වාසනාවන්තයි. ඇත්තටම. හැම ගුරුවරයෙක් ම මෙහෙම උනා නම්....
ගොඩක් ගුරුවරු හොඳයි බං. ළමයින්ට ආදරෙයි. ඒත් ඔය වගේ අය නම් අඩුයි තමයි. එහෙම ගුරුවරයෙක් ලැබෙන්න පිං කරල තියෙන්නෙ ඕන.
ReplyDeleteඒක ඇත්ත.. මම වාසනාවන්තයි..
Deleteඔහොම කියනකොට මට මතක් වෙන්නෙ අපේ පිකිශ් සර් ව...අද මගෙ කලිසමේ ෆෝල්ට් එක කැපුව :))) හොද මගට ගන්නනේ :)))
ReplyDeleteඅපේ නම් සර් ලා නෙමෙයි ප්‍රිෆෙක්ට්ස් ලා ම ෆෝල්ට් අල්ලලා නිසි දඩුවම් දෙනවා. මමත් ප්‍රිෆෙක්ට් කෙනෙක්. ඒත් ඉස්සෙල්ලා කියලා බලනවා. ගොඩක් අය කිවුවාම වැරදි හදාගන්නවා.
Deleteහෑමෝම ඔහොම නෑ,සමහරු ඉන්නවා කොච්චර හොද දේ කලත් කපලා දානවා.
ReplyDeleteඅපේ මිස් නම් එහෙම නෑ..
Deleteමටත් මතක් උනේ සා.පෙ ට උගන්නපු අපේ මිස් ලා.ඇත්තටම අපේ අම්මලා වගේ ළං උනේ.දැන් අපි උසස් පෙල කරන්න ආවත් මිස්ලාට කතා කරන්න යනවා.අපි කතා කරන්නත් කලින් ගොඩාක් වෙලාවට මිස්ලා තමා අපිට කතා කරන්නෙ.අපේ පෞද්ගලික දේවල් වගේම මිස්ලගේ ජීවිත ගැනත් අපි ගොඩාක් දන්නවා.ඇත්තටම එකම පවුලක අම්මයි දරුවොයි වගේ
ReplyDeleteඇත්තමයි. කොච්චර ලොකු දෙයක් ද ඒක. අපිට යහමග පෙන්නන ගුරුවරු අමතක කරන්න නරකයි.
Deleteසහෝ උඹ එළ කතාවක් ලියල තියෙනව බං.අපේ ඉස්කෝලෙ උංගෙ ඔන්න ඔය හැඟීම තමා ඉස්කෝලෙ කොල්ලො හැමෝම එකම අම්මගෙ දරුවො වගේ ඉන්න මූලික හේතුව.මම මෙහෙමත් කියන්නම්.
ReplyDeleteඅපේ ඉස්කෝලෙ තරම් එක පවුලක් වගේ වැඩ කරන වෙන ඉස්කෝලයක් මම ලංකාවෙ දැකල නැ කියල.ඒ මම රිච්මන්ඩ් අම්මගේ පුතෙක් නිසා විතරක් නෙවේ අපි ඔක්කොම පවුලක් නිසා.
මිස්ගෙ නම කියපංකො.
ඔවු මලයා.. ඒ කතාව 100% ඇත්ත.. අපේ මහේෂා මිස්..
Deleteනියමයි.... මගේ ජීවිතෙත් ඔය වගේ මිස් ලා එක්කනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. ඉස්කෝලෙන් අස් වුනත් අද වෙනකම් ඒ මිස්ලා අපි එක්ක ඒ පරන ලෙංගතුකමෙන් එහෙමම ඉන්නවා. අම්මා කෙනෙක්ට සමාන කරන්න පුළුවන් ඒගොල්ලන්ව... :) අන්තීමේදි කොහොම හරි ට්‍රිප් එක යනවා කියපු එකනම් සතුටුදායක ආරංචියක්...සුභ ගමන්.
ReplyDeleteමම ට්‍රිප් එක යන්නෙ නෑ කියපු දවසෙ ඉදන් මං ගැන හොයලා බැලුවා ට ස්තුතියි..
Deleteඔහොම ගුරුවරු හරි අඩුයි අහන්තුකයෝ.ආගන්තුකයා හරි වාසනාවන්තයි ඔය වගේ හොද ම්ස් කෙනෙක් ලබන්න.:)
ReplyDeleteසත්තකින්ම. හොද මිස් ලා සර් ලා වගේම හොද යාලුවො, හොද අනුගාමිකයො ලබන්නත් මම වාසනාවන්තයි...
Delete2012 ඒ ලෙවල්... හයියෝ.... මට නිකන් මම නාකියි කියල හිතෙනවා... කාලේ යන වේගේ
ReplyDeleteඒක ඇත්ත.. කොච්චර දේවල් කොහොම උනත් මේ කාලෙ නවතින්නෙ නැති හැටි..!!!
Deleteමහේෂික මිස් නේද...? මිස් මට නම් උගන්නල නෑ.. එත් පොඩි පොඩි පාර්ට්ස් නම් අහගෙන තියෙනවා. අනිත් ගුරුවරු ගැන නම් මම දන්නේ නෑ.. එත් අපේ රිච්මන්ඩ් එකට හොඳම හොඳ උසස්පෙළ ගුරු මව් පියවරු ටිකකුයි හොඳ ගොදනගිල්ලකුයි (L block and theater room ) ලැබ ටිකකුයි හරිම හොඳ පුස්තකාලාධිපති මිස් කෙනෙකුයි ලැබිල තියෙනවා.. කවුරු හරි ඇහුවොත් ඇයි රිච්මොන්ඩ් එකේ උසස් පෙළ රිසල්ට්ස් මෙච්චර හොඳ කියල දෙන්න තියෙන්නේ එකම උත්තරයයි.. ඒ Very good teachers good class rooms and labs good library and libraian and good friend.. :)
ReplyDeleteමහේෂා මිස්... :) අයියාගෙ කවාත ඇත්තම ඇත්ත..!!!
Delete