අපි හැමෝම දන්න දෙයක් තියනවා. අපි හැමෝම ඒ දේ කියනවා. අද මනුස්සකම බල්ලාට ගිහිල්ලා. කට්ටියට මතක් කරන්න ඕන කොළඹ. ඇහුව ගමන් කියයි "පිස්සුද මනුස්සකමක් ගැන කතාකරන්න එහේ" කියලා. ආගන්තුකයා ත් හිතාන උන්නෙ එහෙම තමයි. මේ බල්ලාට ගියපු මනුස්සකම අදටත් තියනවා දෙයියනේ. මේ අදටත්. අදටත් මේ සමාජෙ තියනවා ඒ මනුස්සකම.
*ආ හෙට උපන්දිනේ නේද? අපිට ඕන පාටියක්. කොහෙද.. මේ ලෝබයා දෙයි පාටි..
*ආගන්තුකයෝ, දන්නවා ද? පාටියක් දෙන්න පුළුවන්. ඒත් අපි පාටි දැම්මයි කියමුකෝ. අපි වගේම මිනිස්සු ඒවි. ඇවිත් කාලා බීලා සින්දු කියලා නටලා හිත සතුටු කරගන්න ඒ අය දන්න විදිහට සතුටු කරන් යාවි. ඒත් දන්නවාද ආගන්තුකයෝ අපි ඒ මෝඩ සතුටක් ලබන වෙලාවේ මිනිස්සු කීදාහක් නම් එක බත් කටක් කන්න නැතුව හාමතේ වතුර උගුරක් බීලා නිදාගන්න යනවා ද කියලා. කීදාහක් මැරිලා යනවා ද කියලා. අම්මලා කී දෙනෙක් අඩා වැටෙනවා ද කියලා දන්නවාද දරුවා ට බත් කටක් කවාගන්න සල්ලි නැතුව. මම පාටි දෙන්නෙ නෑ ආගන්තුකයෝ, මම දෙනවා දානයක්. අසරණ වයසක අම්මලා තාත්තලා ට. :)
*ආගන්තුකයා ට කියන්න ඉතුරු උනේ මොකද්ද? ඒ වෙලේ ආගන්තුකයා ගේ කම්බුලෙන් කදුලු බින්දුවක් කඩන් වැටුනා ආගන්තුකයා දන්නෙත් නැතුවම.
ඒ කදුලු බින්දුව බිම වැටුනත් එක්කම ආගන්තුකයා ට තව දෙයක් තේරුනා. තාම මේ ලෝකෙ මනුස්සකම් තියනවා. මනුස්සකම් තියන රත්තරන් මිනිස්සු ඉන්නවා. ඒත් ආගන්තුකයා ට ප්‍රශ්නයක්. මෙච්චර මනුස්සකම් තියන මිනිස්සු ඉන්න පුලුවන් ද?
No comments:
Post a Comment
මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....