මේ බ්ලොග් ලියන වැඩේට අත ගැහුවෙ නිකං. කරකියාගන්න දෙයක් නැති උනාම. ඒත් දැන්... අනේ මන්දා... ඇයි මම මේක නවත්තනවා කිවුවාම මෙච්චර අය මට ඉන්න කිවුවේ. මම දන්නෙ නෑ ඇයි කියලා. මේ මාස එකහාමාරට පුදුම සහෝදරත්වයක් ඇති වෙලා.
beleka , චාටර් කොල්ලා , මලියා, කඩේ හාමිනේ, චතුමිතු, Kasun, ..ChAnDiKa.., sajith, දුකා, Sandu , ප්‍රාර්ථනා , ගලායන ජීවිතය, මේ හැමෝටම ගොඩක් ස්තුතියි කරුණු විමසුවා ට, කරුණු කිවුවාට.. එක එක්කෙනාට වෙන වෙනම කියන්න ගොඩක් වෙලා යයි. මොකද හැමෝම කියපු ඒවා ට උත්තර බදින්න සහ ස්තුති කරන්න මම දැනට ලියපු ලිපි ගාන වගේ දහගුණේකින්වත් බැරි වෙන නිසා. ආයෙ ආගන්තුකයා එන්නම්. පුලුවන් පුලුවන් විදිහට හිතට දැනෙන දේ කියන්නම්. ඒත් විශේෂයෙන් කියන්න ඕන, දුකා අයියේ ගොඩක් පිං. කඩේ හාමිනේ නංගි දැං දන්නවා නේ ආගන්තුකයා කවුද කියලා. බෙලෙකා මලයො ස්තුතියි. ප්‍රාර්ථනා අක්කා හරි නංගි හරි ස්තුතියි. සදූ නංගියේ කියන්න බැරි දෙයක් නෑ මගේ නංගිට. අනේ අනිත් අය තරහා වෙන්න එපා. හැමෝටම ස්තුතියි. ආගන්තුකයා ආයෙ ඉන්නවා. මේ අය විතරක් නෙමෙයි ෆේස් බුක් එකේ හැමෝම ත් මතක් කරනවා. ගොඩක් ස්තුතියි.
මම මේ කඩිමුඩියෙ ආවෙ. වාර විභාගෙ කිට්ටුයි. මොනවා හරි බලාගන්න ඕන. ඒකයි ටිකක් ලියන්න උනේ. මට සමාවෙන්න. ඉඩක් ලැබුන ගමන් ලියන්නම්. වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න. මට ඒක ගොඩක් වටිනවා.
අයියෙ දිගටම ලියපං.අපි උඹ එක්ක ඉන්නව
ReplyDeleteබෙලෙකාට ගොඩක් ස්තුතියි. වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න. ලොකු උදවුවක්..
ReplyDeleteස්තූතියි අයියේ මාවත් මතක් කලාට.ප්‍රශ්නයක් ආවම වැටෙන්න එපා නැගිටින්න තමන්ගෙ ශක්තියෙන්.ඔයා තනි වෙලයි කියලා හිතුවට තනි වෙලා නැහැ අයියේ අපි නොහිතන අය අපිත් එක්ක ප්‍රශ්න වලදි ඉන්නවා.
ReplyDeleteමමයි නංගියේ ස්තුතියි කියන්න ඕන.. මට ඒ බව හොදට තේරුනා.. බොහොම ස්තුතියි හැමෝම..
ReplyDelete