Saturday, July 30, 2011

හිමිකම

අවසානය කොතැන ද?
නොදනිමි.
ඇරමුම කොතැන ද?
  නොදනිමි.
සියල්ල සිදුවී හමාර ද?
නොදනිමි.
දන්නේ කුමක් ද?
දනිමි.
කුමක්ද?
ආදරය.
කා හට ද?
නොදුටු ඈ හට.
නොදුටුවේ මන් ද?
හිමි නොවන නිසා.
පෙම් කළේ මන් ද?
හිමි වේ යැයි සිතා.
සිදුවූයේ කුමක් ද?
හිමි දෙයක්.
හිමි කුමක් ද?
අහිමි වීම.

2 comments:

  1. යන දේට යන්න ඉඩ දෙන්න එය අළුත් වෙනසකට ඉඩ සකසාවි

    ReplyDelete
  2. ඒ යන්න හදන්නේ ජීවිතය නම්, ඉඩ දීලා බලං ඉන්නද

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....