ඇත්තෙන්ම කියනවා නම් පුංචි කාලෙ මම හිතං හිටියෙ අපිට පේන්නෙ නැති භූතයො කැමරාවෙ සටහන් වෙනවා කියලා. මේ ළගක් වෙනකන්, ඡායාරූපකරණය ගැන මගේ උනන්දුවක් ඇති වෙන්න කලින්. ඒත් මේ භූතයො ගැන ඉන්ද්‍රනාථ සර් පළ කරපු ලිපියක් කියෙවුවාට පස්සෙ මේ වෙන්නෙ මොකද්ද කියලා මට පොඩ්ඩක් තේරුම් ගියා. පස්සෙ ඉතින් ඔළුවෙ කැක්කුමක් ඇති උනාම තියනවා කියලා මතක් වෙන මගේ මොලෙන් කල්පනා කරලා ඇත්තටම මේ මොකද්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න බැලුවා. ඔය ලිපි කියව කියව ඉන්න ගමන් තමයි මම ඔලොක්කුවට ශෙයා කරලා තිබ්බ මේ පින්තූරෙ දැකලා යාළුවෙක් ප්‍රශ්නයක් නැගුවෙ.
"mchn oy bola bola pena 4to 1k umba share karane, a mchn dewatha eli newei, wenasa programe eke awa a amanushya balawega wla 4tos kiyala. mage cam 1tath owa ahu wela thynawa, bt mama langadi dngththe a mnwada kiyala, joke newei bn."
මං ඉතිං පොඩ්ඩක් ඉවසලා කරලා බලලා කියන්න ගත්තා.
මම :
සාමාන්‍ය පොයින්ට් ඇන් ශූට් කැමරාවක් සකස් කරලා තියෙන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක්ට පාවිච්චි කරන්න ලේසි වෙන විදිහට. ඒ වගේම ඒකෙ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය විදිහට සකස් කරලා තියෙන්නෙ. ඡායාරූපකරණයේදි අපි වැදගත් වෙන දේවල් ගොඩක් තියනවා. මේ "ඔටෝ" තත්වයෙන් ඡායාරූපයක් ගන්නකොට අපි බලාපොරොත්තු වෙන්නෙ ඒ අවස්ථාවෙ තියන ආලෝක තත්වය මදිනම් අමතර 'ෆ්ලෑශර්' එකත් ආධාර කරගෙන ආලෝකට සෙන්සර් එකට සංවේදනය කරගැනීම. ඔය කියන දේවතා එලි, භූතාත්ම පේන්නෙ දවල් නෙමෙයි නෙ, ඒ පේන්නෙ රෑ.
මම හරි ද?
ඔවු ද නැද්ද කියපං..
ඔහු :
mama arna thynwa dawaleth, cravata bn kynne,
oy bola ahuwela thynwa dawaltath.
මම :
ගිණි මද්දහනෙ?
ඔහු :
ge ethule, hebei hndata awwa pyala thyddi
මම :
ඔය කියන ආලෝක ලප පේන්නෙ එක්කො රෑට. නැත්තං ගෙයක් ඇතුලෙ. නැත්නම් ඒ වගේ ආවරණය වෙච්ච ගොඩනැගිල්ලක් ඇතුලෙ. මේ සංසිද්ධියට දේවල් කීපයක් බලපානවා
1. පවතින ආලෝක තත්වය
2. කැමරාවෙ ඔටෝ මෝඩ් එකේ ක්‍රියාකාරීත්වය
3. කැමරාවෙ ෆ්ලෑශරය
ප්‍රශ්නය 2 : උඹ ඔය ගත්ත පොටෝ වල ආලෝක ලප තියන ඒවා ගනිද්දි ෆ්ලෑශරේ වැදුනා ද?
අඩේ නැගිටහං..
ඔහු :
aaa bn me me, ow flash on krala,
මම :
හරි.. උනේ නැත්නම් තමා පුදුමෙ..
කැමරාවක ස්වයංක්‍රීය ෆ්ලෑශරය ක්‍රියාත්මක වෙන්නෙ කැමරාවෙ සෙන්සරේට ලැබෙන ආලෝකය අඩු වෙනවා කියලා කැමරාව අදුරගනිද්දි. ඒ වගේම ඔය කියන භූතාත්ම පේන්නෙ එක්කො කාඹරේක (වටවෙච්ච). නැත්නම් රාත්‍රී කාලයේ. ඒ තත්ව දෙකේදි කැමරාවට ලැබෙන ආලෝක තත්වය අඩුයි.
ඒ එකක් අනික තමයි, අවට පරිසරයේ ජලවාශ්ප ඝනත්වය වැඩියි රාත්‍රී කාලයේ සහ සංවෘත කාඹරේක..
ඔහු :
ethakota bn 4to eke 1 thenaka wthrain neh bn oy bola capture wenne, a kynne ekko 4to eke meda ekko edge 1ka..
මම :
මුළු කාඹරයක්ම ජල වාශ්ප වලින් හෝ දූවිලි අංශු වලින් සංතෘප්ත වෙලා නෑ. පරිසරය රාත්‍රී කාලයේදිත් එහෙමයි. ෆොටෝ එකක ඕනම තැනක ආලෝක ලප වදින්න පුළුවන් ෆ්ලෑශරේ ක්‍රියාකාරීත්වය නිසා. ආලෝකය පරාවර්තනය වෙන්නෙ එකවරම. ඒක ආලෝක ලපයක් විදිහට සටහන් වෙනවා. කාඹරේක තියන ජල වාශ්ප ශනත්වය සහ දූවිලි අංශු ගණන වැඩි වෙනකොට ඒ ආලෝක ලප ගණනත් වැඩි වෙනවා. ඔය කියන තැනකම DSLR කැමරාවකින් ගනින් කො ෆ්ලෑශර් එකක් වෙනම අරන්. ඔය එක ලපයක්වත් නෑ
ඔහු :
ethakota mchn wenasa eke pnnuwa, oy buthyo allala bothal ethualata dala gaththa 4tos, a bothal ethule minis rupayata samana blur wechcha chaayawan penawa, mama dekka bn,ape -------- inne, uge chinese 4n eke cam eken u 4to 1k argna oy mkkda thowilayak natala iwarara wela bothalekata dala arn gypu 1k, mama a 4to 1 dekka bn blur wechcha chaayawak thynwa bn.
මම:
ඒක තවත් කතන්දරයක්
ඒකත් අහන්නෝනෙයි
මට කීයක් හරි දියං..
ඔහු :
mama gaththa 4tos tkk umbata email krnnam passe, ethkota umba kynne oy amanushya aathma ne kylada? budu hamuduruwo deshana krpu..
මම :
බුදුහාමුදුරුවො කියපු දේවල් වලට උඩින් යන්න අපිට බෑ. අපේ පියවි ඇහැට නොපෙනෙන දෙයක් ෆෝන් එකක කැමරාවක කොහොමටවත් සටහන් වෙන්න බෑ. ඔය කියපු චයිනීස් පෝන් එකේ මෙවුවා එකක් තිබ්බා ද? ෆ්ලෑශර් එකක්??
ඔහු :
awai khda bn flashers, umba kynne me loke kohewth camera 1kata oy buutha aathma capture wela ne kylada?
මම :
නෑ.. ෆ්ලෑශර් එකක් තිබිලා භූතාත්මයක් අහු උනා නම් තමා කේස් එක. දැන් ඉතින් ආයෙ අහගනින් කො.
"understanding light is understanding photography" කියලා කැනන් කොම්පැනියෙනුත් කියනවා නෙ.
අපේ ඇහැට රූප පේන්නෙ කොහොමද?
පිටස්තර ආලෝක ප්‍රභවයකින් අපිට පේන රාමුවට වැදෙන ආලෝකයෙන් කොටසක් පරාවර්තනය වෙලා.
ෆොටෝ එකක් වදින්නෙ කොහොමද?
සරළයි. පිටස්තර ආලෝක ප්‍රභවයකින් අපිට පේන රාමුවට වැදෙන ආලෝකයෙන් කොටසක් පරාවර්තනය වෙලා කැමරා කාචයෙන් සෙන්සරේට.
ආලෝක තත්වය අඩු උනාම අපි මොකද කරන්නෙ?
(මම නං කණ්නාඩි දෙක පහත් කරලා ඇස් දෙක හොදට ඇරලා බලනවා)
කැමරාවත් එහෙම්මයි
කැමරාවෙ aperture එක ලොකු වෙනවා ආලෝකය අඩු වෙද්දි..
ඔහු :
ado a kynne umba pili gannema ne buutha athma
මම :
හිටපිය අහගෙන >:(
කැමරාවෙ පින්තූරයක් වදිද්දි සුදුසු ආලෝකටක් සෙන්සරේ සටහන් වෙන්න ඕන. ඒකට තියන එක ක්‍රමයක් තමයි ආලෝකය එන සිදුර ලොකු වෙන එක. අනිත් එක තමයි කැමරාවෙ ද්වාර වේගය අඩු කරගන්න එක. කැමරාවක ද්වාර වේගය අඩු වෙන එකෙන් අදහස් වෙන්නෙ ගොඩක් වෙලා ආලෝකය එන්න සැලැස්සීම. ඒත් එක්කම වෙන තව වැඩක් තමයි කැමරාවෙ කාචයට ඉස්සරහා තියන ඒවායෙ හැම ක්‍රියාකාරකමක්ම සෙන්සරේ සටහන් වෙනවා. ඔය කාලය ඇතුලත අපේ අතක් අරන් ගියොත් අපිට පේන්නෙ නිකං භූතයෙක්ගෙ වගේ. අමුතු සුදු පාට අතක් අමුතු විදිහට, බුදු අම්මෝ භූතයෙක්.. නෑ, ඒ ආලෝක තත්වය වැඩි කරගන්න ගිහින් වෙන පලඉලවුවක්..
දැන් මම උඹේ අනිත් ප්‍රශ්නෙට උත්තර දෙන්නම්,
මම විශ්වාස කරනවාද භූතයො.. අනිවාර්යයෙන්ම ඔවු. අපේ දෘශ්‍ය පරාසය ඉතාමත් කෙටියි. ඒ පරාසය තුල තියන දේවල් විතරයි අපිට පේන්නෙ. මේ විශ්වය ඊට ගොඩක් ලොකුයි. හැබැයි මං විශ්වාස කරන්නෑ කැමරාවක භූතයො සටහන් වෙන එකක් ගැන. අපේ මිනිස් ඇසේ ක්ෂේත්‍ර පරාසය (dynamic range) එක අඩුයි. ඒ වගේම කැමරාවක dynamic range එක ඊටත් අඩුයි. මේ කියන ක්ෂේත්‍ර පරාසය වැඩි කරගන්න තමයි පින්තූර කිහිපයක් අරන් HDR ඡායාරූප හදුන්වා දීලා තියෙන්නෙ. (High Dynamic Range Photography)
එතනදි අපිට සාමාන්‍ය ඇහැට අහුවෙන්නැති පරාසයක් දැකගන්න පුළුවන්. ඉදින් පොටෝ පෙන්නන්න. භූත පොටෝ නෙමේ. මේ පින්තූරය තනි එකක් විදිහට ගත්තා නම් කවදාවත් මේ තියන ආලෝකය, මේ ලස්සන දැකගන්න වෙන්නෙ නෑ. මේක පින්තූර 3ක් හරි කීපයක් හරි එක එක පරාස වල කීයක් හරි අරගෙන, ඔක්කොම බද්ධ කරලා තනි එකක් විදිහට හදපු පින්තූරයක්. ළගදි දවස් වල ලංකාවේ ආන්දෝලනයක් ඇති උනා දානෙ ගෙදරක ළමයෙක්ගෙ භූතාත්මයක් සැරිසැරුවා කියලා. ඒත් එතනදි වෙලා තියෙන්නෙ ළමයෙක් ගමන් කරලා. අඩු ආලෝක තත්වෙ නිසා ඒ ළමයාගෙ කකුලක් දිගට සටහන් වෙලා ද්වාර වේගය ස්වයංක්‍රීයව අඩු වෙච්ච නිසා. මේක මොකක් හරි පත්තරයක් හරි වැඩසටහනක් හරි දැක්ක ගමන් කියන්නෙ "ඔන්න භූතයෙක්" කියලා. මිනිස්සුත් උඩ දාගෙන බලනවා නෙ. මරු නිවුස් එක, අන්න භුතයො..
ඔහු :
wnna plwn, ---- missge album 1 umba dekkadaaaaaaaaaa?
මම :
නෑ.. කාගෙ ඇල්බම් එකක් උනත් මට වැඩක් නෑ නෙ බං. ---- මිස් උගන්නන්නෙ ----- මිසක් ඡායාරූපකරණය නෙමෙයි නෙ. අපේ ඇහේ මෙගාපික්සල් 578 (ඒ වගේ ගානක් මයෙ හිතේ) යි. මෙගාපික්සල් 10 ක 12 ක කැමරාවකින් ගත්ත පින්තූරයක් ඇයි අපි විස්වාස කරන්නෙ?
ඔහු :
akne
ama ynawa mchn hetath lesson 1k dnna..
මම :
හෙහ්.. හරි බං.. ක්ලාස් එකට ගානක් අරං වරෙං
:පී
බායි
චැට් එක සමාප්තයි. අසා සිටි ඔබට ස්තුතියි. වැරදි නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. ඉන්ද්‍රනාථ තේනුවර ගුරුතුමා ගෙ ලිපි කියවලා තමා ටිකක් මේ ගැන තේරුම්ගත්තෙ. මගේ මොකක් හරි දෙයක් වැරදි නම් ඒකට සර් ලා ව අල්ලගන්නෙපා. (එහෙම මිනිස්සුත් ඉන්නවානෙ).
ආ.. එල එල.නියම ලිපයක්.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteදූවිලි අංශු වලට ජල වාශ්ප වලට ෆ්ලෑෂර් එක වැදුනම ඔහොම වෙන අවස්ථාත් තියෙනවා.
ReplyDeleteඒක තමා මං යාළුවාට කිවුවෙ.. :)
Deleteහොඳ ලිපියක් . මගේ සිත තුලත් මේ ගැන කුතුහලයක් තිබුන . බොහොම ස්තූතියි දැනුවත් කලාට .
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තට ආවාට :)
Deleteහි හි.. ඉතිං යාලුවා ආවද කීයක් හරි අරන්....
ReplyDeleteභුතයෝ බෝතල් වල දාන කතා නම් හෙන බොරු කියලා මට හිතෙන්නේ... ඔය ෆොටෝ වල උනත් තියෙන දේවල් වල ඇත්තක් නෑ කියලා හිතුවත් කවුරුහරි කිව්වොත් මේක එහෙම එකක්ය කියලා මම බොෙහාම හොඳට ඔලුව පාත් කරලා එසේමයි කියලා පිළිගන්නවා... හි හි.... පිස්සොත් එක්ක කතා ඕනේ නෑ....
තාම නෑ නෙ :(
Deleteඒ කතාව නං ඇත්ත.. කතා කරන්නත් තැන් තියනවා..
එල එල එල ඈ!!
ReplyDeleteඉස්තූතියි ඈ..!!!
Deleteනියමයි නියමයි :)
ReplyDeleteතැන්කූ තැන්කූ...
Deleteමමත් ෆොටෝ ගනිද්දි ඔය කියන භූතාත්ම හම්බ වෙලා තියනවා. ඒ ගැන විස්තරාත්මකව පැහැදිලි කරාට ස්තූතියි!
ReplyDeleteමම දන්න විදිහට විස්තර කරේ මගේ යාළුවාට.. එහෙම්මම මේකෙත් දැම්මා..
Deleteනියමයි !
ReplyDeleteස්තුතියි!
Deleteනියමයි.. :)
ReplyDeleteජය වේවා!!
සිනා බෝ වේවා!!!
ස්තුතියි..
Deleteවැඩි වැඩියෙන් ලැබේවා..
ඔබ මේ සිද්දීය විස්තර කරල තියෙන විදිහ හරිම අපූරුයි..
ReplyDeleteමම බයේ උන්නෙ මගේ අතින් වැරැද්දක්වත් කියඋනාද කියලා.. බොහොම ස්තුතියි සර්..
Deleteඔන්න කට්ටිය බලාගන්න මෙතුමාගෙං තමයි මම මේ දේවල් දැනගත්තෙ..
සිරා ඈ....
ReplyDeleteතෑන්කූ ඈ....
Deleteහානේ..
ReplyDeleteමූ දන්න එව්වා... :P
හැම එකකිංම වගේ පොඩ්ඩ පොඩ්ඩ දන්නවා.. අන්තිමට දන්න ඇති දෙයකුත් නෑ නොදන්න දේකුත් නෑ.. හෙහ් හෙහ්..
Deleteදෙයක් ඉගෙනගත්තා.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට!
ඒක කොච්චරනම් දෙයක්ද..
Deleteමම ඔය කැමරාවල සීන් නම් විස්වාස කරන්නේ නෑ
ReplyDeleteමිනිස් ඇසට දකින්න පුළුවන්, මාත් එහෙම දෙයක් දැකපු අයගෙන් කෙනෙක් තමයි
හෑ.. පුබුදු මොකාවද දැක්කෙ??
Deleteවිස්තරේ නියමයි මලයා.. වැදගත් වෙන කරුණු ටිකක්..
ReplyDeleteබොහොම ස්තුතියි අයියෙ..
Deleteසුට්ටන් සුට්ටන් තෙරිය මා...
ReplyDeleteමල්සරා කිවුව එකත් ඒ වගේම තමා..
Deleteඇත්ත කතාව බන්.... මමත් පිලිගන්නවා ඕක.
ReplyDeleteඅන්න ඒකනෙ කියන්නෙ..!!!
Deleteමෙහ් කෙස් එක මගෙත් යලුවෙක් මට කිවුවා. එවගෙම මන් ගිය ක්ලාස් එකෙ සින්හල උගන්වපු සුනක දෙනුවත් කිවුවා. (සුනකයෙක් උනත් දෙනුවක් නබු දිලා තමයි කතාරේ).... කොහොමෞනත් මන් එහෙමැයා ගැන කිවුවෙ මෙකයි. දෙයක් උගන්වන කෙනෙක් එ ගැන ඇත්තටම දැන ගෙන උගන් වන්න ඔන.
ReplyDeleteමගෙ යලුවගෙ අච්චි නැති වෙලා මන් එහෙ ගියා. රෑ 10ට විතර මරනෙ ගෙනාවහම එයා ගෙ ෆොන් එකමට දුන්න ෆොටො ගන්න කියලා. පස්සෙ මහ රැ එන කට්ටියට සන්ග්රහ කරලා ඉවර උනහම මෙය ෆොන් එකෙ පොටො බලලා කිවුවා අච්චි ආත්මෙත් මෙකෙ වැදිලා කියලා එකනිකම් අමුතු දිග එලියක්. පවුලෙ කට්ටියතොක බල බල අඩනවා. මන් ඔව් විස්වස කරන්නෙ නැ වැඩිය. එවෙලාවෙ මගෙ යලුවා කිවුවා සින්හල මිස්ගෙ කතාවත්. කට්ටිය අර ෆොටො එක බලද්දි මන් මගෙ ෆොන් එකෙන් මුලු ගෙ වටෙම ෆොටො ගත්තා.. යකෙක් වත් මොකෙක් වත්නැ.
අද මන් මෙ ඔයගෙ පොස්ට් එක බලද්දි තමයි මට ඇත්තම තෙරුනෙ. මන් හිතන්නෙ මගෙ ෆොන් එකට එහෙම එලියක් ආවෙ නැත්තෙ මගෙ ෆොන් එකෙ Exmor RS (CMOS Image Sensor) තියන හින්දා වෙන්න ඇති.
මගෙ යලුවා යුස් කරන්නෙ Samsung Galaxy Duos 2 (මෙකෙ එහෙම Sensor එකක් නැ) එකක්. මන් ගාව තින්නෙ Sony Xperia L... අපි දෙන්නගෙම ෆොන් වලින් මගෙ එකෙ Exmor RS Sensor තියන හින්දා වෙන්න ඇති එලිය අවෙ නැත්තෙ..
කොහොමත් මන් හිතන්නෙ මොහොක හරි එලියක් වෙන්න ඇති . හරියට ඉරට කැම් එක ඇල්ලුවහම අර අමුතු රවුම් වගයක් පෙන්නෙ එවගෙ
මාත් දැන් තමයි Exmor RS Sensor කියන එක දැන ගත්තෙ. මෙ පොස්ටෙක බලපු කට්ටිය මෙ ලින්ක් එකෙන් ගිහින් මෙකත් කියවන්න වැදගත් වෙයි.
http://www.sony.net/SonyInfo/News/Press/201208/12-107E/