මේ මට ඊයෙ වෙච්ච දෙයක්..
පෙරේදා මට උදේ ඉදන් 9 වෙනකන් පන්ති. බොහොම මහන්සියෙන් ගෙදර ඇවිත් 12 ට විතර නිදාගන්න ගියේ ඊයෙ දවසෙ තිබ්බ Primary English Day 2011 එකට අපිට Duty දීලා තිබ්බ නිසා.. උදේ පාන්දර කලබලෙන් වගේ ගෙදරින් එලියට බැහැලා Purse එක බෑග් එකේ දාගෙන ආවෙ පොතකුත් ගන්න තියන නිසා. මම පොතත් අරගෙන උඩට යනකොට Prefects ලා වගයක් පුටු අදිනවා පල්ලෙහා හෝල් එකට.. ඒක දැකපු මම මගේ පන්තියත් එතන තියන නිසා බෑග් එක පන්තියේම තියලා ගියා ඒ වැඩ වලට උදවු වෙන්න.. පුටු ඇදිදා.. පිත්තල පහන බ්‍රාසෝ කලා.. මල් වැල් හැදුවා.. ඒත් එක්කම Group Song එකේ Practice වලට ගියා.. පන්තියට ආවම දැනගන්න ලැබුනා ආයෙ ට්‍රිප් එක කැන්සල් කියලා.. හිත රිදිච්ච පාර එහෙම්මම Auditorium එකට ගියා.. ළමයි silence කරලා ඒ වැඩ ටික කරා.
ඔක්කොමත් කරලා හවස class යන්න card එක ගන්න බලනකොට Purse එක නෑ. මම හොදටම කලබල උනා. කරන්න කිසි දෙයක් නෑ. ට්‍රිප් එක යන්න කියලා ගෙනාව සල්ලි ඔක්කොම තිබුනෙ ඒකෙ. පන්ති වල කාඩ්ස්, මගේ ID එක, Debit Card එක, ඒ සේරම ඒකෙ.. මම ගිහින් වයිස් ප්‍රින්සිපල් සර් ට කිවුවා. මගෙන් සර් විස්තර අහලා ඇහුවා "පුතා දැන් යන පන්තියේ දි කාඩ් එක නැතුව ප්‍රශ්ණයක් උනොතින්.. මේක තියාගන්න.." කියලා ආයාසයෙන්ම රු 500 ක් දුන්නා. මට කරන්න දෙයක් නෑ. මම පන්තියට ගියපු ගමන් සර් ගෙ කතාව ඇත්ත කියලා මට තේරුනා. මාව නෝන්ඩි කරන්න ආව ටික්කා ව මට්ටු කරන්න මට පුලුවන් උනේ සර් මට කියපු දේවල් වලින්.
මම ඉස්කෝලේ ඉදන් තිග්මා එකට පුරුදු විදිහටම පයින් ගියා. ඒත් නුපුරුදු විදිහට තිග්මා එකේ ඉදන් හපුගල තිබ්බ ඊලග පන්තියට ත් පයින් ගියා.. ගොඩක් දුරයි. ඉස්කෝලෙ ඇදුම පිටින්මයි මම ඒ වෙනකොටත්. 5 හේ ඉදන් විනාඩි 35 ක් විතර යකකොට මම අනිත් පන්තියට ආවා. ඒ පන්තියත් ඉවර වෙලා ගෙදර ගියා. සිද්ධ වෙච්ච හැමදේම කිවුවා. අම්මා මට කියපු දෙයින් මගේ ඇස් දෙකත් තෙත් උනා..
මම ජීවිතේට විදලා නැති අමුතුම දුකක් ඇති උනා. මට මං ගැන කලකිරුනා.. මම කොච්චරනම් කාලකන්නියෙක් ද? මට මගේ පන්තිය ගැනත් පුදුම විදිහට දුකයි. ඇයි එහෙම දෙයක් උනේ. මම කවමදාවත් හිතුවෙ නෑ ඒ වගේ දෙයක් වෙයි කියලා.
මේ ආගන්තුකයා ට්‍රිප් එක යන්න නෙමෙයි හිටියේ.. අම්මලා දෙන්නෙක් වගේ ඉන්න අපේ පන්තියෙ මිස් නුයි අපේ chemistry මිස් නුයි මට බල කරපු නිසා යි මම යන්න තීරණය කරේ. අන්තිමට හැම දෙයක් ම ඉවරයි.
මම මහ කාලකන්නියෙක්.. දෙමවුපියන්ට එච්චර දුකක් දුන්න මමයි ආගන්තුකයා.
ගනන් ගන්නෙපා මල්ලි.තා ටිකක් හොයල බලන්න පර්ස් එක ගෑන.ඔයාට පුලුවන්නෙ ඉගෙන ගෙන හොද job එකක් කරල අම්මට ඒ වගේම සල්ලි හොයල දෙන්න.පස්සෙ trip යන්න බෑරිය.
ReplyDeleteඒ දුක ලොකු සතුටක් කරන්න පුලුවන් අයියා එක දෙයකින්....ඒ දේ උත්සාහ කරල බලන්න...
ReplyDeleteහිම හංසි - ඒක එහෙම තමයි අක්කෙ.. මට තියන දුක තමයි ඇයි අපේම මිනිස්සු මෙහෙම කරන්නෙ කියලා..
ReplyDeleteසදූ - මොකද්ද නංගි ඒ...???
ඕව ඔහොම තමා බං.අපේ සිංහල එවුන්ගෙ හැටියක්මයි ඕක.
ReplyDeleteහැමෝම එක වගේ නෑ... පන වගේ ඉන්න අයත් ඉන්නෝ...
ReplyDeleteඔය දේවල් හිතේ තියන් හොදට ඉගන ගන්න, එතකොට අම්මලාට සලකන්න පුලුවන්නෙ.
ReplyDeleteනදී අක්කේ ඒ කතාව ඇත්ත.. දැන් කරන්න තියෙන්නේ ඒ දේ තමයි..
ReplyDeleteවුන දේ ගැන හිත හිත දුක්වෙලා වැඩක් වෙන්නේ නෑ....ඉස්කෝලයක තියා පන්සලක පල්ලියක වුනත් අපේ වටිනා කියන දේ අපි ගාවම තියාගන්න ඕන.. මේ ඔක්කෝම අපිට අත්දැකීම්... ඉස්කෝලේ Trip එක කවද්ද යන්න ඉන්නේ... :)
ReplyDeleteUS : මොනවා කරන්නද.. ගිය දේ ගියා.. ට්‍රිප් එක ලබන සතියෙ යනවා කියලා කිවුවා...
ReplyDeleteDont worry brother..Thats the life.U can achieve ur sucess through hardships ..think like that and try to achieve ur sucess.
ReplyDeleteHansi : බොහොම ස්තුතියි.. නැති වෙච්ච දේ නැති උනා.. දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ... ඉස්සරහට මොනවා වෙයි ද....
ReplyDeleteආගන්තුකයා පුළුවන්නම් ඔයාගේ Email එක දෙන්න ..
ReplyDeleteUS : මගේ FB අකවුන්ට් එක කන්ටෑක්ට් කරන්න.. මතක ඇතුව මැසේජ් එකක් එවන්න...
ReplyDeletehttp://www.facebook.com/jnsx3nds