Thursday, June 30, 2011

අපේ මිස්


කට්ටිය බලනවා ඇති ආගන්තුකයා ට පිස්සු හැදිලා ද මේ පොඩි කාලෙ මාතෘකා තෝරගන්නෙ කියලා. ඒත් ඉතිං මේක ලියන්න ඕන කියලා හිතුනා. අපේ මිස්.. ඒ කියන්නෙ 2012 A/L කරන්න ඉන්න පිස්සු කොලු රොත්තකට උගන්නන අපේ මිස්.. ‍


මිස් අපේ ඉස්කෝලෙට එන්න කලියෙං වැඩ කරලා තියෙන්නෙ අපේ කන්ද උඩ තියෙන ඉස්කෝලෙ ලු නෙ.. මොනා උනත් මිස් අපේ ඉස්කෝලෙට ආව එක නම් අපේ (කාට කෙසේවෙතත් මගේ) වාසනාවක්. එහෙනම් ඉතිං ඔච්චර අගේ කරන් නැතුව ආගන්තුකයා කියන්නම් මිස් ගැන මෙහෙම ලියන්න හිතුනෙ ඇයි කියලා.

ඔන්න දෙවනි වාරෙ Prize Giving එක. ආගන්තුකයා ට Progress Report එක අරන් යන්න  අමතක උනා කියමුකො. මිස් ඇවිත් අහපි, "ආගන්තුකයෝ, මොකෝ මේ මෙහෙම අමතක වෙලා වැඩ කරන්නෙ. ආයෙ පාරක් මේ A/L පන්ති වල Progress Report එකක් ලැබෙන්නෙ නෑ නේද.." කියලා. ආගන්තුකයා ට කියන්න දෙයක් නෑ. ආගන්තුකයා කිවුවා, "මොනවා කරන්නද මිස්, දැන් ඉතිං කමක් නෑ" කියලා. ආගන්තුකයාට ඒ ගැන ගානක් ගියේ නෑ. ඉස්කෝලෙ අරින්න මිනිත්තු 40 කට විතර කලිං මිස් මට එන්න කිවුවා. මාත් ගියා. "පුතේ මේ Progress Report ටික කණ්ඩම්බි ට දෙන්න Principal ට කියලා අත්සන් කරගන්න.. ආ මේ ආගන්තුකයා ගෙ එකත් ඇති. නමයි එඩ්රස් එකයි ලියලා ඒකත් තියන්න" ආගන්තුකයාට කිසි දෙයක් අවබෝධ උනේ නෑ. පස්සෙ ඔක්කොම තේරුනේ. මිස්ගෙ අතින් සල්ලි දාලා මිස් මට රිපෝට් එකක් අරගෙන, ඒකෙ මේ වාරෙ ළකුණු යි ගිය වාරෙ ළකුණු යි සේරම ලියලා. ඒ වෙලේ ආගන්තුකයා ට ඇතිඋනේ මිස් ගැන ලොකු ගෞරවකයක්. ඒත් එක්කම ආගන්තුකයා ගැන ලොකු ලැජ්ජාවක්. අපි අපි ගැන නොහිතුවාට ගුරුවරු අපි ගැන කොච්චර හිතනවාද කියලා එදයි තේරුනේ.

ආගන්තුකයා ට ට්‍රිප් එක යන එක එපා ම වෙලා තිබුනේ. ඒත් අපේ මිස් කියපු නිසා යි යන්න හිතුවේ. ඒත් සල්ලි ටික ලට්ට ලොට්ට පිටින් නැති උනා නෙ.  (දන්නෙ නැත්නම්http://jnsx3nd.blogspot.com/2011/06/blog-post_24.html බලන්නකො) ඒක ඉවරයි. ඔන්න දැන් කට්ටිය ආයෙම ට්‍රිප් එක යනවා ලු. ආගන්තුකයා ට එන්න හිතක් නෑ. ඔක්කොම එපා වෙලා. හෙට ලු යන්නෙ. අද ආගන්තුකයා ඉස්කෝලෙ යන්න නැගිටලා බතුත් කන ගමන් ඔලුවෙ කැක්කුමක් ගත්තා. පුදුම විදිහට. ඊයෙ 9 වෙනකං පන්ති ගිහින් හිටපු නිසා වෙන්න ඇති. කොහොම හරි ආගන්තුකයා නිදාගෙන හාන්සි වෙලා ඉන්නකොට නාදුනන නොම්බරේකිං කෝල් එකක් එනවා. කෝල් එක ගන්න හිතකුත් නෑ. ඒත් ගත්තා. උස්සපු ගමන්,

*ආගන්තුකයෝ ඇයි ඉස්කෝලෙ ආවෙ නැත්තෙ.. සුපුරුදු හඩක්.. ඒ අපේ මිස්...
*අනේ මිස් එන්න ලෑස්ති වෙලා හිටියෙ. ඔලුව රිදෙන්න ගත්තා.. ඊයෙ ත් රෑ වෙනකං පන්ති නෙ මිස්..
*ආ කමක් නෑ.. මේ ළමයි ආගන්තුකයා ගෙ නමත් දාගෙන ඉන්නෙ ට්‍රිප් එක යන්න.. එනවා නෙ..
*අනේ බෑ මිස්.. මට එපා වෙලා තියෙන්නෙ මිස්..
*එහෙම කියන්න එපා දරුවො.. ඔක්කොටම කලිං පැනඩෝල් එකක් බීලා ඉන්න කො.. හැමෝම කියන එකේ යමු. සල්ලි නම් මම උනත් දෙන්නම්.
-ආගන්තුකයා ට කියාගන්න දෙයක් නෑ. මිස් ගෙදරටම කෝල් කරලා එන්න කියනවා. මොනවා කියන්නද-
*අනේ මන්දා මිස්..
*ඔය හිතේ තියන ප්‍රශ්න ඔක්කොම ඇරිලා යයි. ට්‍රිප් එක යමු.
හරි මිස් මම එන්නම්. මිස් සල්ලි දාන්න ඕන නෑ මම දෙන්නම්. ආගන්තුකයා කිවුවා නෙමෙයි කියවුනා.

මිස් කෙරේ තියෙන ගෞරවය හැමදාමත් වැඩි වෙනවා. මිස් ඇත්තටම ආගන්තුකයාට අම්මා කෙනෙක් වගේ. මේ වගේ මිස් කෙනෙක් ලබන්න ආගන්තුකයා වාසනාවන්තයි. ඇත්තටම. හැම ගුරුවරයෙක් ම මෙහෙම උනා නම්....
මිස් කෙනෙක් ගැන රත්තරං අදහසක් කියන්න තියනවානම් කියන්න. ඇත්තටම අපේ මිස් කොච්චර හොදද?

18 comments:

  1. ගොඩක් ගුරුවරු හොඳයි බං. ළමයින්ට ආදරෙයි. ඒත් ඔය වගේ අය නම් අඩුයි තමයි. එහෙම ගුරුවරයෙක් ලැබෙන්න පිං කරල තියෙන්නෙ ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මම වාසනාවන්තයි..

      Delete
  2. ඔහොම කියනකොට මට මතක් වෙන්නෙ අපේ පිකිශ් සර් ව...අද මගෙ කලිසමේ ෆෝල්ට් එක කැපුව :))) හොද මගට ගන්නනේ :)))

    ReplyDelete
    Replies
    1. අපේ නම් සර් ලා නෙමෙයි ප්‍රිෆෙක්ට්ස් ලා ම ෆෝල්ට් අල්ලලා නිසි දඩුවම් දෙනවා. මමත් ප්‍රිෆෙක්ට් කෙනෙක්. ඒත් ඉස්සෙල්ලා කියලා බලනවා. ගොඩක් අය කිවුවාම වැරදි හදාගන්නවා.

      Delete
  3. හෑමෝම ඔහොම නෑ,සමහරු ඉන්නවා කොච්චර හොද දේ කලත් කපලා දානවා.

    ReplyDelete
    Replies
    1. අපේ මිස් නම් එහෙම නෑ..

      Delete
  4. මටත් මතක් උනේ සා.පෙ ට උගන්නපු අපේ මිස් ලා.ඇත්තටම අපේ අම්මලා වගේ ළං උනේ.දැන් අපි උසස් පෙල කරන්න ආවත් මිස්ලාට කතා කරන්න යනවා.අපි කතා කරන්නත් කලින් ගොඩාක් වෙලාවට මිස්ලා තමා අපිට කතා කරන්නෙ.අපේ පෞද්ගලික දේවල් වගේම මිස්ලගේ ජීවිත ගැනත් අපි ගොඩාක් දන්නවා.ඇත්තටම එකම පවුලක අම්මයි දරුවොයි වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි. කොච්චර ලොකු දෙයක් ද ඒක. අපිට යහමග පෙන්නන ගුරුවරු අමතක කරන්න නරකයි.

      Delete
  5. සහෝ උඹ එළ කතාවක් ලියල තියෙනව බං.අපේ ඉස්කෝලෙ උංගෙ ඔන්න ඔය හැඟීම තමා ඉස්කෝලෙ කොල්ලො හැමෝම එකම අම්මගෙ දරුවො වගේ ඉන්න මූලික හේතුව.මම මෙහෙමත් කියන්නම්.
    අපේ ඉස්කෝලෙ තරම් එක පවුලක් වගේ වැඩ කරන වෙන ඉස්කෝලයක් මම ලංකාවෙ දැකල නැ කියල.ඒ මම රිච්මන්ඩ් අම්මගේ පුතෙක් නිසා විතරක් නෙවේ අපි ඔක්කොම පවුලක් නිසා.
    මිස්ගෙ නම කියපංකො.

    ReplyDelete
    Replies
    1. ඔවු මලයා.. ඒ කතාව 100% ඇත්ත.. අපේ මහේෂා මිස්..

      Delete
  6. නියමයි.... මගේ ජීවිතෙත් ඔය වගේ මිස් ලා එක්කනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. ඉස්කෝලෙන් අස් වුනත් අද වෙනකම් ඒ මිස්ලා අපි එක්ක ඒ පරන ලෙංගතුකමෙන් එහෙමම ඉන්නවා. අම්මා කෙනෙක්ට සමාන කරන්න පුළුවන් ඒගොල්ලන්ව... :) අන්තීමේදි කොහොම හරි ට්‍රිප් එක යනවා කියපු එකනම් සතුටුදායක ආරංචියක්...සුභ ගමන්.

    ReplyDelete
    Replies
    1. මම ට්‍රිප් එක යන්නෙ නෑ කියපු දවසෙ ඉදන් මං ගැන හොයලා බැලුවා ට ස්තුතියි..

      Delete
  7. ඔහොම ගුරුවරු හරි අඩුයි අහන්තුකයෝ.ආගන්තුකයා හරි වාසනාවන්තයි ඔය වගේ හොද ම්ස් කෙනෙක් ලබන්න.:)

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම. හොද මිස් ලා සර් ලා වගේම හොද යාලුවො, හොද අනුගාමිකයො ලබන්නත් මම වාසනාවන්තයි...

      Delete
  8. 2012 ඒ ලෙවල්... හයියෝ.... මට නිකන් මම නාකියි කියල හිතෙනවා... කාලේ යන වේගේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. කොච්චර දේවල් කොහොම උනත් මේ කාලෙ නවතින්නෙ නැති හැටි..!!!

      Delete
  9. මහේෂික මිස් නේද...? මිස් මට නම් උගන්නල නෑ.. එත් පොඩි පොඩි පාර්ට්ස් නම් අහගෙන තියෙනවා. අනිත් ගුරුවරු ගැන නම් මම දන්නේ නෑ.. එත් අපේ රිච්මන්ඩ් එකට හොඳම හොඳ උසස්පෙළ ගුරු මව් පියවරු ටිකකුයි හොඳ ගොදනගිල්ලකුයි (L block and theater room ) ලැබ ටිකකුයි හරිම හොඳ පුස්තකාලාධිපති මිස් කෙනෙකුයි ලැබිල තියෙනවා.. කවුරු හරි ඇහුවොත් ඇයි රිච්මොන්ඩ් එකේ උසස් පෙළ රිසල්ට්ස් මෙච්චර හොඳ කියල දෙන්න තියෙන්නේ එකම උත්තරයයි.. ඒ Very good teachers good class rooms and labs good library and libraian and good friend.. :)

    ReplyDelete
    Replies
    1. මහේෂා මිස්... :) අයියාගෙ කවාත ඇත්තම ඇත්ත..!!!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....