මේ කතාවක්. මගේ ජීවිතේට ගොඩක් බැදුනු කතාවක්. කෙනෙක්ගෙ හිත අස්සෙ හිර කරං හංගං ඉන්න කතාවක්. ආරම්භයක් නැති කතාවක්. අවසන් නොවුන කතාවක්. පුංචි කාලෙ අපි හිතන් ඉන්නෙ අහසයි පොළවයි එකතු වෙලා කියලා මුහුදෙදි. දෙකම එකම පාටට. හීනි තීරුවකින් වෙන් වෙලා. පුංචි හිතට දැනෙන්නෙ එහෙමයි. කළුවර ලං වෙද්දි ඉර කුමාරයා ගිනි බෝලයක් වගේ කිමිදෙන්නෙ මුහුද ඇතුලට. හද යි තරුයි අහස සරසද්දි අපිට දැනෙන්නෙ රාත්‍රිය උදා වෙලා කියලා.

මේක ජීවිත ගොඩක් වෙනස් කළ ආදර කතාවක්. ජානක, ගාල්ලේ පදිංචි අවුරුදු 17 ක් වෙන තරුණයෙක්. චාමිකා, කොළඹ පදින්චි සම වයසේ තරුණියක්. මේ ඒ දෙන්නාගෙ කතාව. (නම් ගම් මනඃකල්පිතයි) මේ කතාවෙ ආරම්භයක් හොයාගන්න බෑ. ඒ කතාවේ තේරුම කවුරුත් දන්නෙ නෑ. අවසානයක් තාම කවුරුත්ම දන්නෙ නෑ. කවුරු කියෙවුවත් නැතත්, අදහස් දුන්නත් නැතත් ආගන්තුකයා මේ කතාව ලියනවා. කොච්චර කැත උනත් ලස්සන උනත්, ගැලපීමක් නැති උනත්, තේරුමක් නැති උනත් ආගන්තුකයා මේ දේ ලියනන්න ගත්තේ ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.
කවදා හරි මම මැරිලා යයි. ඒ දවසට මේ කතාව නවතියි. එතකන් ක්ෂිතිජ රේඛාවේ සීමා කොච්චර දුරට විහිදුන එකක්ද කියන එක ලියවෙයි. මේ කතාවෙ අවසානය කොහෙද කියන එක කවුරුත්ම දන්නෙ නෑ. අඩුම තරමෙ ජානක වත් චාමිකා වත්..
ජානක කියන්නෙ පොළව.. චාමිකා කියන්නෙ අහස.. ජානක හැම තිස්සෙම අහන ප්‍රශ්නයක් තමයි
"චාමිකා, අපිට මේ ක්ෂිතිජ රේඛාවෙ සීමා බිදින්න පුළුවන් වෙයි ද?"
මේ කතාව මලයගේ ජීවිතේට ගොඩක් ලගයි කියලා හිතෙනවා.. කවුරු නැත්ත් මම එනවා බං.. ලියන්න ලියන්න..
ReplyDeleteහුගක් ලගයි.. මම මේ හිතන්නෙ කොහෙන් පටන් ගන්නද කියලා..
Deleteනිකන් තේරුනේ නැහැ වගේ..කාලයක් පෙන්න හිටියේ නැහැ නේද?
ReplyDeleteදිගටම හිටියා.. මටවත් තේරුනේ නැති කොට අසරණයාට කොහොම තේරෙන්නද..
Delete