අපි අපේ ජීවිත කාලෙ තුලදි ගොඩක් දේ කරනවා. ගොඩක් දේ කරනවා කියලා හිතාගන්නවා. ගොඩක් ලොකු හීන දකිනවා. ඒ හීන කැඩුනාම හිතින් දුක් වෙනවා. දරාගන්න බැරි උනාම කදුළු එලියට එන්නෙ අපි නොදැනුවත්වම. සමහරු දුකට අඩන අය නෙමෙයි. දුක හංගගෙන හිනාවෙන්න හදන අය. ඇත්තෙන්ම නළුවො. කවුරුත් නැති වෙලේ ඔහේ කල්පනා කර කර හිටියාට යාළුවො එක්ක ඉන්නෙ සතුටින්, විනෝදෙන්. ඒත් ඒ සතුටින් හංගගන්න හදන්නෙ දුකක් කියලා කවුරුත් දන්නෙ නෑ. කවුරුත් තේරුම්ගන්නෙත් නෑ. කාටවත් තේරුම්ගන්න වෙන්නෙත් නෑ.
ඒ අය යාළුවො එක්ක සතුටින් විනෝදෙන් කාලෙ ගත කරනවා. හිනා වෙද්දි හිනා වෙනවා. කරදරයක් උනාම උදවු පදවු කරනවා. කවුරුත් තමන් ළග නැති වෙලාවෙදි ඒ පාලුව තනිකම ඒ අයට පුරුද්දට ගිහින්. කවුරු හරි තමන් ළග හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි. ඒත් ඒ වගේ අවාසනාවන්තයො වෙනුවෙන් මේ ලෝකෙ ඉන්නෙ කවුද? ඒත් ඔවුන්ගේම කියලා කෙනෙක් ලැබුනොත්? කවදා හරි? කොච්චර නම් සතුටක් දැනෙයිද ඒ අයට.
තමන්ටත් තමන්ගේම කෙනෙක්. දුකේදි අඩන්න, සතුටෙදි හිනාවෙන්න, අනිත් කෙනා සතුටු කරන්න, ඒ සතුට දිහා හොරැහින් බලන් හිතින් හිනාවෙන්න, තමන්ගෙ හැම දෙයක්ම බෙදාහදාගන්න, තමන්ගෙ හිතට දැනෙන දේ කෙලින්ම කියලා දාන්න, හිතේ මෙච්චර කල් හිර කරන් හිටපු හැගීම් කියන්න, ඒ දේවල් කියලා හිනාවෙන්න, තමන්ගෙ අතීතෙ ගැන කියලා සතුටු වෙන්න. කොච්චර නම් සතුටක්ද ඒ කෙනා තමන්ගේම වෙනවා නම්.
තනිවුනු කෙනෙක්ගේ හිත තේරුම්ගන්න පුළුවන් තනි උනු කෙනෙක්ට විතරයි. ඒ කෙනා ගැන අනිත් අය හිතන් ඉන්න දේවල් හිතට වද දෙද්දි සහනයක් ගෙනත් දෙන්න පුළුවන් එහෙම කෙනෙක්ටම විතරයි. තනි උනු දෙන්නෙක්.. තවත් තනි වෙලා නෑ. ඒ දෙන්නාට ඒ දෙන්නා ඉන්නවා. ඒ දෙන්නා තමන්‍ගේ දුක සැප හොයනවා. තමන්ගේ හැමදේම අනිත් කෙනාට කියනවා. වෙලාවකට තොරතෝන්චියක් නැතුව කියවනවා. ඒත් අනිත් කෙනා ඒ දේ නිහඩව අහන් ඉන්නවා. ඒ දෙන්නා ඒ දෙන්නාගෙම පුංචි ලෝකෙක තනි වෙලා.
ඒත් එක්කෙනෙක් යන්න ගියොත්? අනිත් කෙනා තනි වෙලා ආයෙත් අන්ධකාරයේම. තනිවුනු කෙනා ට කියන්න කවුරුත් නෑ. අහන්න කවුරුත් නෑ. අනේ ඒ කෙනාට කෑගහලා අඩන්න තිබ්බා නම්.. ඒත් ඒ දේ කරන්නත් බෑ.. දුක හිතේ තද කරන් ඉන්නයි ඒ කෙනාට වෙන්නෙ.. ආයෙත් එදා වගේම.. සතුටින් කියලා ලෝකෙට පෙන්නලා.. දාලා ගිය කෙනා හිතන්නෙ ඒ කෙනා සතුටින් කියලා.. අනිත් කෙනාට තියා මුළු ලෝකෙටම පේන්නෙ ඒ කෙනාගෙ සතුට.
තනිකම පාළුව හිතේ හිර කරන් ඒ කෙනා දැන් ඒවි දැන් ඒවි කියලා හිතන් හිටියත්, කවදාවත්ම ඒ කෙනා ආයෙ එන්නෙ නෑ.. ඒ කෙනාගෙ බලාපොරොත්තු වලංගු වෙන්නෙ නෑ තවදුරටත්.. ඒ අන්තිම කාළකණ්නි හුස්ම පොදත් මේ ලෝකෙට එකතු කරාම..
අපිට අපි වගේම අදහස් තියෙන අය හොයාගන්න හරි අමාරුයි මලයා..
ReplyDeleteඒ දේ ඇත්ත අයියේ.. තනිකම විදදරාගෙන අමාරුවෙන් ජීවත් වෙන්න හදපු අයගෙ තනියට කෙනෙක් ඇවිත් යන්න ගියාම ආයෙ ඒ කෙනා තනිවෙන්නෙ ඝන අන්ධකාරයක..
Deleteමේ කතාව මම කච්චර කලින් අහපු එකක් උනත් මේකෙ නියම තේරුම අත් විඳින්න කාලයක් ගියා.
ReplyDelete"No man is indispensable."
මතුපිටින් බැලුවොත් මේ පෝස්ට් එකට මේ කියමනේ අදාලත්වය මොකක්ද කියලත් හිතෙයි
මනුස්සයන් පුදුමාකාරයි. අත්හළ නොහැකි මනුස්සයන්ම ආදරණීයයන්ගෙන් වෙන් වෙන විදිහ දකිද්දි පුදුමාකාර වේදනාවක් දැනෙන්නෙ..
ReplyDeletelassanayi
ReplyDelete