Thursday, April 12, 2012

ක්ෂිතිජ රේඛාව (දෙවන කොටස)


-----------------------------------------------------------------------------------------------------------

මේ අතරේ සද්දේ වැඩියි කියාගෙන සෙක්ශනල් හෙඩ් පන්තියට ආවත් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති වලට වැඩි "ලෙඩක්" දාන්නෙ නෑ. මොනවා උනත් වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නිසාම සද්දෙ බද්දෙ ටිකක් අඩු කරත් හෙමීට කෙරෙන කතා නම් කාටවත්ම නවත්තන්න පුළුවන් උනේ නෑ. මේ අතර ජානකත් කතාවකට වැටුනා. 

"අඩේ බං ජානක, උඹ දැං බලන බලන වෙලේ ඇත්තං ෆේස්බුක් නේ. වෙන වැඩක් නැද්ද බං උඹට"


"හෙහ්.. අනේ පල පල  සංකෙ යන්න.. මට කියන්නෙ තෝත් ෆේස්බුක් එකේ ඉන්න ඕන නේ"


"හරි ඉතිං.. මං නෑ කිවුවයැ. උඹ නං ඔක්කොම පාඩං කරලා ඉවර වෙලා නෙ යන්නෙ අර කම්පියුටර් කඩේට ෆේස් බුක් යන්න"


"ඔවු බං මම ඔක්කොම ඉවර කරලා නෙ යන්නෙ.. ඒක නිසා තමයි උදේට ඇවිත් ගනං ටික හදන්නෙ.."


සංකෙ කියන්නෙ ජානක ගෙ හොදම යාළුවෙක්. ජානකට සංකව හම්බුනාම තොරතොංචියක් නැති කතාබහ තමයි ඉතිං. දෙන්නාම හොද කොම්පියුටර් වැඩකාරයො. ඒ කාලෙ ජානක ෆොටෝශොප් එකේම තමයි ජීවත් වෙලා උන්නේ. යාළුවොංගෙ පින්තූර හද හද ෆේස්බුක් දාන එක තරම් වැඩක් ජානකට තිබ්බෙ නෑ. මේ අතරෙ php ටියුටෝරියල්ස් බලන්නත් joomla වෙබ් ඩිසයිනින් ගැන ඉගෙනගන්නත් ජානක ගොඩක් ආස කරා. ඒත් එක්කම මේ විභාගෙ වැඩ. සාමාන්‍ය පෙළ කියන්නෙ සාමාන්‍ය දෙයක් උනත් දෙමවුපියන්ට ඕන හැම එකක්ම ඉහලින්ම පාස් කරන්න ඕන නිසා ජානකටත් ඒ දේ පොදු උනා. 

ජානකගෙ ගෙදර ඉන්ටර්නෙට් තිබ්බෙ නෑ. ඒ නිසා ජානක හැමදාම අදුනන කෙනෙක්ගේ කොම්පියුටර් කඩේකට ගියා. ජානක ඉගෙනගත්තෙ එතනින් තමයි හැමදේම. ජානක ඒ අයියාටත් උදවු කරගෙන වැඩක් නැති වෙලාවට ෆේස්බුක් එකේ හිටියා. මොනවා උනත් හවස 6 වෙන්න කලින් ගෙදර යන්න ඕන. ඒක තමයි නීතිය. මොනවා උනත් ඒ වෙද්දි ජානක ගොඩක් යාළුවො අදුනගෙනයි තිබ්බෙ ෆේස්බුක් එකේ. ඒ කාලෙ අදුනගත්ත සම වයස් වල ගෑණු යාළුවෝ සමහරුන්ට නම් ජානකගෙ ඉස්කෝලෙ ම කොල්ලෙක් හිටියා. එහෙම හිටියෙ නැති අය ගෙ නම් හැම තිස්සෙම වගේ කියවුනා යාළුවොන්ගෙ කටින් පන්ති වල එහෙම. මොනවා උනත් ජානක හැමෝටම සැලකුවේ තමන්ගේම සහෝදරයක්ට සහෝදරියන්ට වගේ. මොකක් හරි දුකක් වේදනාවක් දැනුනාම "මහා පණ්ඩිත ජානක උන්නාන්සෙ" බණ කියන්න දෙපාරක් හිතුවෙ නෑ

මේ විදිහට කාලෙ ගෙවිලා ගියා. ඒ කාලෙ ජානකට ළකුණු අඩු විශයක් උන "ඉංග්‍රීසි සාහිත්‍ය" ට පන්ති යන්න සිද්ධ උනා. කොහොමින් කොහොම හරි විභාගෙට තියෙන්නෙ තව මාස 2 ක් විතර. ඒ කාලෙ නම් කරපුවා බලාගන්න කොහොමටත් මදියි කියලයි ඔහු හිතුවෙ. එහෙම හිතාගෙනම මුකුත් වැඩක් ‍නොකර ගෙදරටයි කොම්පියුටර් කඩේටයි වෙලා හිටියා. ඒ අතරෙ ඔහුට ඉංග්‍රීසි සාහිත්‍ය ගැන අමුතුම "මෙවුවා" එකක් ඇති වෙලා තිබ්බේ. මේ නිසාම ජානක රෑට පාඩම් කරනවා කියලා "Village by the sea" පොතේ පිටු දෙකක් විතර කියවලා එහෙම්ම නින්දට වැටුනා. 

ඔහොම කාලෙ ගෙවිලා ගියා. විභාගෙට තිබ්බෙ හරියටම මාසයයි. ජානක නම් සූදානම් නෑ. ඒත් ජානකට ‍තේරුනා නෑදෑයො, යාළුවො රිසල්ට්ස් අහද්දි දෙන්න ඕන උත්තර කොහොම නම් කියන්නද කියලා. ඒක නිසාම වැඩ පටන් ගත්තා. ඉස්සෙල්ලාම ජානක කරපු දේ තමයි අනවශ්‍ය විශයන් බැහැර කරපු එක. ලිස්ට් එකේ උඩින්ම තිබ්බේ ඉංග්‍රීසි. ඊට පස්සේ I C T. පස්සෙ බුද්ධාගම. මේ තුනම අයින් කරලා අනිත් විශයන් ගැන අවධානය යෙදුවා. ඒකෙනුත් Science, History කියන විශයන් දෙක ප්‍රධාන උනා. කොහොමින් කොහොම හරි විභාගෙට පාඩම් කරලා කරලා රෑ නිදි වරාගෙන යම් මට්ටමකට ආවා.

ඉස්සෙල්ලාම තිබ්බ ඉංග්‍රීසි සාහිත්‍ය පේපරේ පැය 3 ට පිටු 25 ක් ලියලයි ජානක පස්ස බැලුවේ. ඔය විදිහට මුළු විභාගෙම ලියලා දැම්මා. එච්චර ගාණක් උනේ නම් නෑ සාමාන්‍ය පෙළ. කොහොම හරි ජානක හොදටම ලියපු විභාගෙ ඒක උනා. අවුම තරමෙ A - 6 ක් වත් ලැබෙයි කියලා ජානක හිතාගෙන හිටියේ. 

කොහොමින් කොහොම හරි ඉස්කෝලෙත් නැවතුනා.  ජානක ගෙදරට වෙලා තට්ට තනියෙන්. ඒ පැත්තේ ඉස්කෝලෙ යාළුවො කවුරුත් නෑ. ගමේ කොල්ලො කුරුට්ටො එක්ක වැඩි බජනයක් ජානකට නෑ. ඒ නිසාම උදේ ඉදන් කොම්පියුටරේ ඉස්සරහාට වෙලා ෆොටෝශොප් ඕපන් කරන් කවුරු හරි යාළුවෙක්ගේ පින්තූරයක් අරගෙන ඒක කපලා හදන්නත් හවස් දිහාවෙ කොම්පියුටර් කඩේට ගිහින් ඒ ටික ෆේස්බුක් දාන්නත් ජානක පුරුද්දක් කරගත්තා. 

මේ අතරේ ජානකට කෝල් එකක් ඇවිත්,

"අඩෝ බං අර දාලා තියන පොටෝ එක අයින් කරහං කෝ.."

"මොකද්ද බං..??"

"අර බං උඹ හදලා තියෙන්නෙ.. අර මායි තව එකෙකුයි වැල්ලෙ නිදාගෙන ඉන්න එකක්.. අනේ බං අයින් කරහංකෝ.."

"හරි බං ඉතිං ඕක කතා කරලා කියන්න ඕනෙයි? ඒක මරු නේ.. ;)"

"ඔවු බං මරේ මරු.. අපේ කසීන්ස් ලා ටික දැක්කොත් බං.. අයියෝ ඉවරයි"

"හරි හරි බං අයිං කරන්නං. උඹ බය නොවී ඉදහං.."

-----------------------------------------------------------------------------------------------------------
දෙවන කොටස ලගදීම


ප.ලි. : දෙවන නෙමෙයි තුන්වන කොටස ළගදීම 

10 comments:

  1. දෙකට පස්සේ තුන නේ?? තුන් වන කොටස ළඟදීම කියලා වෙනස් වෙන්න ඕන නේ.. එල කතාව.. බලමු මොකද වෙන්නේ කියල..

    ReplyDelete
    Replies
    1. අයියෝ ඉවරයි.. මම ඉස්සෙල්ලා ලියන්න ගියේ "පළමු කොටසේ ඉතිරිය" කියලා. දිග වැඩි උනු නිසා දෙවන කොටස කියලා දාන්න හිතුවා.. මදැයි මං වගේ මෝඩයෙක්.. හපොයි..

      Delete
  2. නියමයි.. කතාව හොඳ ට ගලාගෙන යනවා. සරල වචන හරඹයක් වුණත් කතාව හොඳයි වගේ. ඉතුරු ටිකත් ඉක්මණ ට පෝස්ට් කරන්න........

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. බලමු බලමු ඉතුරු ටිකත් ගහලාම..

      Delete
  3. කතාව ගැන නැතුව මම මේ අහන්නේ.. මගේ බ්ලොග් එකේ වගේ වේගේ වැඩී කියන අය මේකේ නැද්ද? පැය 18කට කලින් සුනාමි පොස්ට් එක දාලා දැන් මේකත් දාලා නිසා ඇහුවේ.. :)

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක බලන්නෙ නෑ නෙ අයියෙ වැඩි දෙනෙක්.. පැය 18 ක් වෙනවාද සුනාමි පෝස්ට් එක දාලා.. හප්පේ දැක්කෙත් නෑ.. නිවාඩු කාලෙ ගහන එකක් ගහන්න එපැයි ඉතිං.. ඒ නිසා ගහනවා.. දවසට දෙතුන් දෙනෙක් ඇවිත් බලලා යනවා..

      වේගේ වැඩී කියන්න ඉතිං කවුරුත් නෑ.. අයියාම කිවුවොත් මිසක්. අයියා විතරයි මේක කන්සිස්ටන්ට් බලන්නේ..

      Delete
    2. අය්යෝ දිනේෂ් අය්යෙ, මොකද මේ..
      අනිත් එක හැමෝටම ලියන්න බැහැ. ලියන්න පුළුවන් අය ලියන්න ඕන. ඔයාට ලියන්න දේවල් ගොඩක් තියෙන හින්දානෙ ඔයා ලියන්නෙ. පිස්සුනේ ඔයාට. අනිත් අය වේගෙ වැඩියි කිව්ව කියලා ලියන එක නවත්තන්නෙ මොකටද?

      Delete
    3. ඒකනෙ.. කිවුවට අහන්නෙ නෑ නෙ..

      Delete
  4. ආගන්තුකයාට සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....