මීට හරියටම අවුරුද්දකට කලිං එක්කෙනෙක් ඉපදුනා බ්ලොග් ලෝකෙට. ඒ තමයි මේ පුංචි ආගන්තුක බබා. හයක් හතරක් නොදැන බ්ලොග් අඩවියක් පටන්ගත්ත මට බ්ලොග් එක ලියාගෙන යන්න පාර කියලා දුන්නෙ බ්ලොග් ලියන අයියලා අක්කලාම තමයි. ඇත්තෙන්ම මම අදුන්න ගොඩක් අය මට වඩා වැඩිමල්. ජනිත සෙනෙවිරත්න කියන කෙනාට අවුරුදු 19 ක් උනාට ආගන්තුකයාට අදයි අවුරුද්දක් පිරෙන්නෙ. මේ පුංචි බබාටත් කියන්න දේවල් තියනවා නෙ ඉතිං. ඒ නිසා ඉතිං කට්ටිය පොඩ්ඩක් "පොඩි එකානෙ" කියලා අහන් හිටියාට වරදක් නෑ.
කොහොම උනත් කියන්න ඕන ආගන්තුකයා කියන්නෙ වැඩි දෙනෙක් නිතර ගැවසෙන බ්ලොගයක් නෙවෙයි. වැඩිය කමෙන්ට් වැටෙන බ්ලොගයකුත් නෙවෙයි. ආගන්තුකයා මේ බ්ලොගය ලියන්නෙ හිට්ස්, කමෙන්ට්ස් බලාගෙන නෙමෙයි ආත්ම තෘප්තියට. සමහර විට ඒ මම වැඩිය බ්ලොග් වල ගැවසිලා කමෙන්ට් කරලා යන්නෙ නැති හින්දා වෙන්න ඇති. ඒකට නම් හේතුව මේ උසස් පෙළ විභාගෙ. ගණිත අංශයෙන් තව මාස 3 කින් උසස් පෙළ ලියන්න ඉන්නකොට අනිත් ඒවා කියවන්න වැඩි ඉඩකඩක් නොලැබෙන බව ඕන කෙනෙක් පිලිගනියි. නැත්නම් ගුණාත්මක පෝස්ට් මගේ අතින් නොවැටෙන හින්දා වෙන්නත් ඇති. ඒ මොනවා උනත් අද වෙද්දි මගේ බ්ලොග් එකේ ගැවසුන 14,800 කට ආසන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.
ඇත්තටම මම එක අතකින් නිහතමානීව ආඩම්බර වෙනවා මගේ බ්ලොග් අඩවියේ එකම එක නරකයි කියලා පිලිගන්න වචනයක්වත් පල නොවෙච්ච එක ගැන. ඒ වගේම ගොඩක් දෙනෙක් කියවන්න ආස කරන ලිංගිකත්වය වගේ මාතෘකා ගැන පළ නොවෙච්ච එක ගැන. ඒ වගේ දේවල් පළ වෙලා කමෙන්ට්ස්, හිට්ස් ලැබුනාට මට මං ගැන ඇති වෙන්නෙ කළකිරීමක් මං මේ කමෙන්ට්ස් ගන්නද මේවා ලිවුවෙ කියලා. සමහරු එකග නැතුවත් ඇති. ඒත් ඒක මේ එක අවුරුද්දක් වයස පණ්ඩිත ආගන්තුකයාට හිතෙන විදිහ.
ඒත් එක්කම අද "සයිබර් සිහින උළෙල" නේ. කට්ටිය "බනිස් කන ගමන් පින්තූරයක් ගනිං ප්‍රොෆයිල් පික්චර් එකට දාගන්න" කියලා එහෙම කියන්න ගනී තව ටිකකිං. මේක ලියද්දි සතුටුයි ඒ වගේම දුකයි. මේ විශේෂ කාරණා දෙක වෙද්දි සයිබර් සිහින උළලෙ ඉන්න තිබ්බා නම් කියලා. හැබැයි ඉතිං ඔය "ජන ගායනා" වගේ තරගයක් තිබුනා නම් එහෙම තෑග්ග ගන්න ඉන්න කෙනා සතුටු වෙන්න මම නාවාට. මොකද ඉතිං සින්දු අල කරාට තාම හොදට ජන ගායනා කියපු පුරුද්ද තියනවා.
කොහොමින් කොහොම හරි හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවාට. සුභපතන්න හරි බනින්න හරි ඕන නම් අවස්ථාව තියනවා.
ප : ලි : අද ආගන්තුකයාගෙ ළගින්ම ඉන්න ඤාති සහෝදරිය වන "කවිකාරි" ගෙ ත් උපන්දිනේ.. ඒක අමතකම උනා දැන් වෙනකං..
ප : ලි : අද ආගන්තුකයාගෙ ළගින්ම ඉන්න ඤාති සහෝදරිය වන "කවිකාරි" ගෙ ත් උපන්දිනේ.. ඒක අමතකම උනා දැන් වෙනකං..
සුබ පැතුම් ..තවත් ලියන්න ..
ReplyDeleteබොහොම ස්තුතියි මහේෂ් මහත්මයා.
Deleteඅවුරුද්දයි පෝස්ටු 100යි...පට්ටයි ඈ...
ReplyDeleteඉදිරි ගමනට සුභ පතනවා යාළුවා...!!!
ස්තුතියි කුබූ. පළවෙනි ටිකේ වැඩිය ලියවුනේ නෑ. පස්සෙ පස්සෙ තමා ලිවුවෙ.
Deleteසුභ පැතුම්.. සුභ පැතුම්... දිගටම ලියමු... අපි එනවෝ..
ReplyDeleteමම දන්නවා නෙ දිනේශ් අයියා එනවා කියලා.. :)
Deleteසුභ පැතුම් !
ReplyDeleteසුතුතියි බුවා..
Deleteආව් ආව් හැපී බර්ත් ඩේ.........^_^
ReplyDeleteඔයාට දිගු ගමනක් යන්න සුභ පාර්ථනා කරනව...එක්සෑම් හොඳින් කරන්න....
ජය වේවා හලේ.....!!!!!!
කොට ජීවිතේ දිගු ගමනක් යන්න ප්‍රාර්ථනා කළාට බොහොම ස්තුතියි..
Deleteසුභ පැතුම් මචං..තව තවත් හොදට ලියන්න පුළුවන් වේවා !!!
ReplyDeleteතෑන්ක්ස් අප්පා තෑන්ක්ස්.. :) :)
Deleteසුභ පැතුම් !
ReplyDeleteස්තූතියි..!!!
Deleteජය කොලුවෝ...ලියපන් දිගටම... :-)
ReplyDeleteඒ ලෙවල් ඉවර වෙච්චි ගමන් දිගටම ලියනවා..
Deleteඋණුසුම් සුභ පැතුම් ජනිත, ඒ වගේම විබාගෙත් උපරිමයෙන් කරන්න ඕනෙ හරි?
ReplyDeletehenryblogwalker the Dude
බොහොම ස්තුතියි..
Deleteඅපි බලමුකො මොකද වෙන්නෙ කියලා..!!!
සුබ පැතුම් අය්යේ.. දිගටම ලියන්න.
ReplyDeleteස්තුතියි වර්ශා
Delete