Wednesday, April 11, 2012

ක්ෂිතිජ රේඛාව (පළමු කොටස)


"පුතා නැගිටින්න"

තාත්තා එහෙම කියලා පිටත් වෙද්දී ඇස් දෙක ඇරලා වටපිට බලපු ජානක, ටික වෙලාවකට පස්සෙ කම්මැලි ඇරලා නෙට් එකත් උස්සගෙන කුස්සිට පැත්තට ගියේ පුරුද්දට වගේ. අම්මා සින්ක් එක ගාවින් එහාට එනකන් ඉදලා වතුර ටිකක් කටට අරගෙන ආයෙ සින්ක් එකටම දැම්මා. පස්සේ තේ කෝප්පේ අතට අරන් පුටුවටයි බිත්තියටයි හේත්තු වෙලා විනාඩි පහක් විතර තිස්සේ තේ එකෙන් කට හෝද හෝද ඒක ඉවර කරලා බාත්රූම් එක පැත්තට සේන්දු උනා. 

"පුතා.. සින්දු කිය කිය ඉන්නෙ අද යන්නෙ නැද්ද? දැන් වෙලාව 6 යි"

සුපුරුදු වචන ටික ඇහෙනකං බලං හිටපු ජානක විනාඩියෙන් දත් මැදලා එලියට ඇවිත් බත් එකත් අරගෙන කෙලින්ම ගියේ ලයිට් නිවපු සාලෙට. සාලේ තිබ්බ පරණ පුටුව උඩ හරිබරි ගැහුන ඔහු, විනාඩි 20 ක් තිස්සේ බත් එක දිරවනකං කන්න පටන් ගත්තා. ජානක සාලෙට යන්නෙ බත් කන්න විතරක් නෙවෙයි. හැම සිද්ධියක්ම මතක් කරන්න. සතියේ සිද්ධ වෙච්ච ඒවා, අද කරන්න තියන ඒවා, පන්ති වල දුන්න වැඩ, උදේ පාන්දර ඉස්කෝලෙ ගිහින් යාළුවො එනකං කරන දේවල්.. මේ හැම දෙයක්ම මතක් කරගන්න ජානකට ඒ අන්ධකාරය උදවු උනා. 

බත් ටික කාලා ඇදුම් ඇදන් එලියට බහිද්දී ජානකගේ තාත්තා බයිසිකලේ ස්ටාට් කරං බලං ඉන්නවා ජානකව අරන් යන්න. 

"පොඩ්ඩක් ඉන්න තාත්තේ අම්මාට වැදලා එන්නම්" 

කියපු ජානක අම්මාටත් වැදලා හැමදාම අමතක වෙන ඔරලෝසුවත් බැදගෙන පිටත් උනේ මහපාරට හැරෙනකං අම්මාට අත වනන්නත් අමතක කරන්නෙ නැතුව. එදා ඉස්කෝලෙ ටිකක් නොසන්සුන්. සාමාන්‍ය පෙළ කිට්ටුයි. හැම කෙනෙක්ම තම තමන්ගේ අතපසු වෙච්ච වැඩ කරගන්න එහේ මෙහේ දුවනවා. ජානකට ගාණක් නෑ. හැමදාම යාළුවෝ ටිකත් එක්ක දෙවනි පේලියේ වාඩි වෙලා පණිඩිතකං කියව කියව ඉදලා ඕෆ් පීරියඩ් එකක් එනකං බලන් ඉන්නේ පිටිපස්සෙ පේලියට ගිහිං සින්දුවක් කියාගෙන ඉන්න. ජානක පිටිපස්සට එනකං සමහරු බලං ඉනන්වා. සමහර වෙලාවට 11 B පන්තියේ ඉදන් 11 A පන්තියට ළමයි කීපදෙනෙක් එනවා සින්දු කිය කිය ඉන්න. ඔය අතරේ චැලේන්ජ් එකට දෙන ගාණක් හදන්නත් ජානක අමතක කරේ නෑ. 

මේ අතරේ සද්දේ වැඩියි කියාගෙන සෙක්ශනල් හෙඩ් පන්තියට ආවත් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති වලට වැඩි "ලෙඩක්" දාන්නෙ නෑ. මොනවා උනත් වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නිසාම සද්දෙ බද්දෙ ටිකක් අඩු කරත් හෙමීට කෙරෙන කතා නම් කාටවත්ම නවත්තන්න පුළුවන් උනේ නෑ. මේ අතර ජානකත් කතාවකට වැටුනා. 

----------------------------------------------------------------------------

හදිසි සුනාමි තත්වයක් වාර්තාවීම ‍හේතුවෙන් කතාව අතර මග නතර කරන්නට සිදු විය. සුනාමිය අවසන් වූ පසු ආගන්තුකයා ජීවතුන් අතර සිටියහොත් ඉතිරිය බලාපොරොත්තු වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙය කියවන්නට ආශා කළ අයට මාගේ මරණයෙන් සිදුවීමට හැකි බලපෑම කෙරෙහි කණගාටුව පළ කර සිටිමි.

10 comments:

  1. මැරෙනවා නම් කතාව ඉවර කරලා මැරෙන්න.. අතර මග දී වැඩ අතැරලා යන්න එපා!! හෙක් හෙක්!

    ReplyDelete
    Replies
    1. හා හා.. ඒත් මැරුනොත් හම්බුවෙන නෙස්කැෆේ එක ගැන හිතන්න තිබ්බා කමෙන්ට් එක ගහන්න කලිං..

      Delete
  2. කතාවේ ඉතිරිය සුනාමියෙන් පසු බලාපොරොත්තු වන්න :P

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු.. ඔන්න එහෙනම්.. ඉතිරිය කොටස් වශයෙන් දාන්නම්..

      Delete
  3. සුනාමි අස්සෙ කතාව බාගෙට කියලා මල්ලි පැන්න නේද? හොරා!! පරිස්සමින්!!

    ReplyDelete
    Replies
    1. අනේ මං පැන්නා නෙමේ.. අම්මා කෑගැහුවා "ඕක නිවපාපාපාපාං........" කියලා.. ඒ නිසා ගියේ. මං බලං හිටියෙ සුනාමි එනකං.. ශි..

      Delete
  4. උඹ කොහේ යන්නද මේක ඉවර නොකර..

    ReplyDelete
    Replies
    1. යන්න තමා හිතන් උන්නෙ නම්.. ඒත් කොහෙද.. සුනාමියට එන්න බෑ ම කිවුවා නෙ..

      Delete
  5. අපොයි.....මේ කතාව ඉවර කරල ම යන්නෝ..................

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ඕක ලේසියෙං ඉවර වෙන කතාවක් නම් නෙමෙයි. මම බලන්නම්.

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....