Sunday, April 22, 2012

වර්ශ පූර්ණය | 100 වෙනි පෝස්ටුව | සයිබර් සිහින උළෙල | කවිකාරි ගෙ උපන්දිනේ

මීට හරියටම අවුරුද්දකට කලිං එක්කෙනෙක් ඉපදුනා බ්ලොග් ලෝකෙට. ඒ තමයි මේ පුංචි ආගන්තුක බබා. හයක් හතරක් නොදැන බ්ලොග් අඩවියක් පටන්ගත්ත මට බ්ලොග් එක ලියාගෙන යන්න පාර කියලා දුන්නෙ ‍බ්ලොග් ලියන අයියලා අක්කලාම තමයි. ඇත්තෙන්ම මම අදුන්න ගොඩක් අය මට වඩා වැඩිමල්. ජනිත සෙනෙවිරත්න කියන කෙනාට අවුරුදු 19 ක් උනාට ආගන්තුකයාට අදයි අවුරුද්දක් පිරෙන්නෙ. මේ පුංචි බබාටත් කියන්න දේවල් තියනවා නෙ ඉතිං. ඒ නිසා ඉතිං කට්ටිය පොඩ්ඩක් "පොඩි එකානෙ" කියලා අහන් හිටියාට වරදක් නෑ. 

ඔන්න එහෙනම් අදට තමයි අවුරුද්දක් පිරෙන්නෙ. ඒත් එක්කම අද තමයි 100 වෙනි පෝස්ට් එක ලියවෙන්නෙත්. (ප්ලෑන් කරන් හිටියෙ නම් නෑ අද 100 වෙනි එක දාන්න. ඒත් දවස් ලං වෙද්දි පෝස්ට් දාන්නෙ නැතුව ඉදලා 100 වෙනි එකත් මේක කරගත්තා). ලගදි ප්‍රාර්ථනා අක්කත් 100 වෙනි පෝස්ට් එකෙන්ම වර්ශ පූර්ණය සැමරුවා මතකයි. ආගන්තුකයා කවි සින්දු ලියන්නෙ කළාතුරකින්. වැඩිපුර ආගන්තුකයා අතින් ලියවුනේ ආගන්තුකයාගෙම ජීවිතේ ගැන. ඒත් එක්කම කියන්න ඕන සමාජයේ වෙන අසාධාරණ අක්‍රමිකතා ගැන කියන්න ආගන්තුකයා පසුබට උනේ නෑ. "ජනක අබේවර්ධන බ්ලැක්බෝඩ් සාකච්ඡාව" වගේ පෝස්ට් ලියවුනේ බලන් ඉන්න බැරිම තැන. "ස්වර්ණවාහානී දවසේ වැරැද්ද" වගේ පෝස්ට් නුත් ඊට අයිතියි. ඒ පෝස්ට් වලට වැඩි දෙනෙක් ප්‍රතිචාර Pවලා නැති උනාට ගොඩ දෙනෙක් (මගේ තරමට නම් 500ක් බැලුවා කියන්නෙ මරේ මරු) බලලා තිබ්බා. 

කොහොම උනත් කියන්න ඕන ආගන්තුකයා කියන්නෙ වැඩි‍ දෙනෙක් නිතර ගැවසෙන බ්ලොගයක් නෙවෙයි. වැඩිය කමෙන්ට් වැටෙන බ්ලොගයකුත් නෙවෙයි. ආගන්තුකයා මේ බ්ලොගය ලියන්නෙ හිට්ස්, කමෙන්ට්ස් බලාගෙන නෙමෙයි ආත්ම තෘප්තියට. සමහර විට ඒ මම වැඩිය බ්ලොග් වල ගැවසිලා කමෙන්ට් කරලා යන්නෙ නැති හින්දා වෙන්න ඇති. ඒකට නම් හේතුව මේ උසස් පෙළ විභාගෙ. ගණිත අංශයෙන් තව මාස 3 කින් උසස් පෙළ ලියන්න ඉන්නකොට අනිත් ඒවා කියවන්න වැඩි ඉඩකඩක් නොලැබෙන බව ඕන කෙනෙක් පිලිගනියි. නැත්නම් ගුණාත්මක පෝස්ට් මගේ අතින් නොවැටෙන හින්දා වෙන්නත් ඇති. ඒ මොනවා උනත් අද වෙද්දි මගේ බ්ලොග් එකේ ගැවසුන 14,800 කට ආසන්න හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. 

ඇත්තටම මම එක අතකින් නිහතමානීව ආඩම්බර වෙනවා මගේ බ්ලොග් අඩවියේ එකම එක නරකයි කියලා පිලිගන්න වචනයක්වත් පල නොවෙච්ච එක ගැන. ඒ වගේම ගොඩක් දෙනෙක් කියවන්න ආස කරන ලිංගිකත්වය වගේ මාතෘකා ගැන පළ නොවෙච්ච එක ගැන. ඒ වගේ දේවල් පළ වෙලා කමෙන්ට්ස්, හිට්ස් ලැබුනාට මට මං ගැන ඇති වෙන්නෙ කළකිරීමක් මං මේ කමෙන්ට්ස් ගන්නද මේවා ලිවුවෙ කියලා. සමහරු එකග නැතුවත් ඇති. ඒත් ඒක මේ එක අවුරුද්දක් වයස පණ්ඩිත ආගන්තුකයාට හිතෙන විදිහ.

මේත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕන අය ඉන්නවා. ඒ අය ගැන කිවුවෙ නැත්නම් ලොකු අඩුවක්. මට බ්ලොග් එකක් හදන්න කියලා අදහස දුන්නෙ "සදුනි" කියලා නංගි කෙනෙක්. ඒ නංගි තමයි ඉස්සෙල්ලාම කමෙන්ට් කරලා මට හයියක් දුන්නෙත්. ඊට පස්සෙ "හිමා" අක්කා. හිමා අක්කා තමයි මට පෙන්නලා දුන්නෙ බ්ලොග් ලියන අපි තනි වෙලා නෑ. අපි වගේ තරුණයො ගොඩක් අපිත් එක්ක ළගින්ම ඉන්නවා කියලා. හිමා අක්කායි ප්‍රාර්ථනා අක්කායි සහෝදර සහෝදරියො නැති මට ඇත්තටම සහෝදරියො දෙන්නෙක්. ඒත් එක්කම කමෙන්ට්ස් තීරුව හිස්ව තියෙන්නැති වෙන්න වගබලාගන්න "දිනේශ් උමගිලිය" අයියා ඇත්තටම මට ලොකුම ලොකු හයියක්. බ්ලොගේ පැත්තෙ ආවෙ ගියේ නැති උනත් මොකක් හරි උදවුවක් ඕන උනොත් ඕන වෙලාවක සූදානම් අපේ "බනී" අයියලා "පොඩිමෑන්" ලා ත් ගොඩක් ලොකු හයියක් ඇත්තටම. ඒ වගේම මාතලන්, මගේ මරණය වගේ පරිණත බ්ලොග් කරුවන්ව මතක් කරන්න ඕන. ඒ අයගෙ බ්ලොග් බලලා තමයි අපිත් ඉගෙන ගත්තෙ‍. ඒත් එක්කම මේ බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් වගේ සේවාවන් හදන්න අදහස පහළ උන අයටත් ගොඩක් පිං අප්පා ඇත්තමයි.     

ඒත් එක්කම අද "සයිබර් සිහින උළෙල" නේ. කට්ටිය "බනිස් කන ගමන් පින්තූරයක් ගනිං ප්‍රොෆයිල් පික්චර් එකට දාගන්න" කියලා එහෙම කියන්න ගනී තව ටිකකිං. මේක ලියද්දි සතුටුයි ඒ වගේම දුකයි. මේ විශේෂ කාරණා දෙක වෙද්දි සයිබර් සිහින උළලෙ ඉන්න තිබ්බා නම් කියලා. හැබැයි ඉතිං ඔය "ජන ගායනා" වගේ තරගයක් තිබුනා නම් එහෙම තෑග්ග ගන්න ඉන්න කෙනා සතුටු වෙන්න මම නාවාට. මොකද ඉතිං සින්දු අල කරාට තාම හොදට ජන ගායනා කියපු පුරුද්ද තියනවා. 


කොහොමින් කොහොම හරි හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ආවාට. සුභපතන්න හරි බනින්න හරි ඕන නම් අවස්ථාව තියනවා. 


ප : ලි : අද ආගන්තුකයාගෙ ළගින්ම ඉන්න ඤාති සහෝදරිය වන "කවිකාරි" ගෙ ත් උපන්දිනේ.. ඒක අමතකම උනා දැන් වෙනකං..

20 comments:

  1. සුබ පැතුම් ..තවත් ලියන්න ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් මහත්මයා.

      Delete
  2. අවුරුද්දයි පෝස්ටු 100යි...පට්ටයි ඈ...
    ඉදිරි ගමනට සුභ පතනවා යාළුවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුබූ. පළවෙනි ටිකේ වැඩිය ලියවුනේ නෑ. පස්සෙ පස්සෙ තමා ලිවුවෙ.

      Delete
  3. සුභ පැතුම්.. සුභ පැතුම්... දිගටම ලියමු... අපි එනවෝ..

    ReplyDelete
    Replies
    1. මම දන්නවා නෙ දිනේශ් අයියා එනවා කියලා.. :)

      Delete
  4. ආව් ආව් හැපී බර්ත් ඩේ.........^_^

    ඔයාට දිගු ගමනක් යන්න සුභ පාර්ථනා කරනව...එක්සෑම් හොඳින් කරන්න....

    ජය වේවා හලේ.....!!!!!!

    ReplyDelete
    Replies
    1. කොට ජීවිතේ දිගු ගමනක් යන්න ප්‍රාර්ථනා කළාට බොහොම ස්තුතියි..

      Delete
  5. සුභ පැතුම් මචං..තව තවත් හොදට ලියන්න පුළුවන් වේවා !!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අප්පා තෑන්ක්ස්.. :) :)

      Delete
  6. ජය කොලුවෝ...ලියපන් දිගටම... :-)

    ReplyDelete
    Replies
    1. ඒ ලෙවල් ඉවර වෙච්චි ගමන් දිගටම ලියනවා..

      Delete
  7. උණුසුම් සුභ පැතුම් ජනිත, ඒ වගේම විබාගෙත් උපරිමයෙන් කරන්න ඕනෙ හරි?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..
      අපි බලමුකො මොකද වෙන්නෙ කියලා..!!!

      Delete
  8. සුබ පැතුම් අය්යේ.. දිගටම ලියන්න.

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....