ආගන්තුකයා ලොකු ලොකු කතා ලිවුවාට තාම අවුරුදු 18 යි. ඒ අවුරුදු 18 තිස්සේ ලබපු අත්දැකීමි නම් එමටයි. වැඩිපුරම අත්දැකීම් එකතු කරගත්තෙ ඉස්කෝලෙන්, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්. ඒ දේවල් ජීවිත කාලයකට අමතක වෙන්නෙ නෑ. මේ 17 වෙනිදා ආගන්තුකයා ට අවුරුදු 19 යි. ඒ කියන්නෙ තව අවුරුද්දකින් නාකි වෙනවා. ආයු කාලෙ අවුරුදු 65 ක් නම් තව අවුරුද්දකින් මරණෙට ලං වෙනවා. මැරෙන්න කලිං ජීවත් වෙන්න ඕන නිසා ජීවිතේ ජීවත් උන කාලෙ ගැන පසු විපරම් ගොඩක් බ්ලොගයේ කරලා තියන නිසා ත් මොනවාම හරි කරන්න ඕන නිසා ත් තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ.
මෙච්චර කාලෙකට ආගන්තුකයා ගැන කරපු පසු විපරම් තමයි මේ,
- මගේ ළමාවිය
- මගේ දෙමවුපියො (1)
- මගේ දෙමවුපියො (2)
- දහම් පාසලේ සුන්දර මතකයන් (1)
- දහම් පාසලේ සුන්දර මතකයන් (2)
මේ දේවල් ජීවිතේ තියන මතකයන්. මේ අවුරුද්දේ ආගන්තුකයා ගොඩක් දේවල් නැති කරගත්තා. ඇත්තෙන්ම ගොඩක් දේවල් වලට සමු දුන්නා. ඒ වගේම ගොඩක් දේවල් ගැන කළකිරුනා. ඒ නිසා මේ උපන්දිනේදි තව මොනවා නැති වෙයි ද කියලා දන්නෙ නම් නෑ.
අවුරුද්ද පටන් ගත්ත ගමන්ම තිබ්බේ වාර විභාගෙ. මෙච්චර කාලයකට ආගන්තුකයා ගත්ත අඩුම ළකුණු ගාන අරගෙන පන්තියේ මෙච්චර කාලෙකට ගත්ත අඩුම තැනට (8 වෙනියාට) වැටුනා. ඊට පස්සෙ තිබ්බෙ ආගන්තුකයා අවුරුදු ගාණක් තිස්සේ කරන්න පුළුවන් හැමදේම කරනවා කියලා හිතන් උන්න "රිච්මන්ඩ් සයන්ස් ඩේ" එක. ගිය අවුරුද්දෙ රිච්මන්ඩ් ප්‍රිමියර් ලීග් එකේ සභාපති විදිහට වැඩ කරලා ඒක සාර්ථකව නිම කරලා, 2011 නිවාසාන්තර ක්‍රීඩා උළලේ අපේ නිවාසෙ නායකයා විදිහට වැඩ කරලා මතක ඇති කාලෙක අන්තිම තැනින් උඩට නාපු "ස්මෝල්" නිවාසෙ දෙවෙනි තැනට අරගෙන (පළවෙනි තැන ගන්න ඕන උනේ ළකුණු 6 ක් හරි 7ක් හරි. අපෙයි 3 වෙනි තැනයි අතර පරතරය ළකුණු 20 කටත් වැඩියි) ඒකත් සාර්ථකව කරලා, ප්‍රාසාංගි එකේ භාරදුන්න සංගීත කණ්ඩායම දවස් 3 කටත් අඩුවෙන් පුහුණු කරලා හොද මට්ටමකට අරගෙන, රිච්මන්ඩ් එකේ ප්‍රයිස් ගිවින් එකේදි ශිෂ්‍යනායක මණ්ඩලේට ලොකු තැනක් ගන්න වැඩ කරලා (පෞද්ගලිකවම මිස්ලා සර් ලා හාමුදුරුවරු ඒ දේ නොහිතපු තරම් ඉහලින් අගය කරා) ලොකු ආත්ම විශ්වාසෙකින් යුතුවයි "සයන්ස් ඩේ" එක සුපිරියට කරනවා කියලා හිතාගෙන හිටියෙ. ඒත් ඒකෙ වැඩ පටන් ගත්ත ගමන්ම බොරු බේගල් වගයක් කියලා මට "සයන්ස් ඩේ" එකයි කොල්ලොන්වයි එපා කෙරෙවුවා. ඇත්තෙන්ම එච්චර බලාපොරොත්තු තියන් හිටි දෙයක් අත්තැරියෙ හිතට ආපු කළකිරීම නිසාමයි.
මට ඒක කොච්චර නම් එපා උනා ද කියනවා නම් අච්චරම ආසාවෙන් කරනවා කියලා හිතපු දෙයක් බලන්නවත් යන්නෙ නෑ කියන තැනට මම පත්වුනා. ඒත් කොල්ලො මැරීගෙන වැඩ කරද්දි ගොඩක් දුක හිතුනා ඇත්තෙන්ම. ඩේ එකට කලින් දවස් දෙකේ නයිට් එකට මම ගියා. මට කරන්න පුළුවන් හැමදේම මම කරලා දුන්නා හිතේ කහටක් තියාගන්නෙ නැතුව. ඒ වෙද්දි යාළුවො මට කිය කිය හිටියෙ,
"බලහං බං උඹ ආවෙ නෑ නෙ එදා. ආවානම් ඩේ එකට සින්දුවක් කියන්න තිබ්බානෙ" කියලා.
මට සින්දුත් එපා වෙලා තිබ්බෙ ඒ වෙද්දි. ඒත් සින්දු ප්‍රැක්ටිස් කරන තැනට නොයා ඉන්න නම් මට බැරි උනා. මොකද සින්දු කියන මාතෘකාවට මම එච්චරටම කැමති නිසා. එතනදි මගේ යාළුවො සින්දු කියද්දි කට වහන් ඉන්න මට බැරි උනා. ඒ අයත් එක්කම සින්දු කිවුවා. යාළුවො එතනදි මං ගැන කතා වුන දේවල් මට ඇති.
"අඩේ උඹට හොදට කියන්න පුළුවන් නේ"
"මූ.. හහ්.. උඹ දන්නෙ නෑ බං මූ ගැන..."
"බලහං බං උඹට එදා එන්න නෙ තිබ්බෙ.. ශි.."
"උඹ සුපර් ස්ටාර් යමං කො.."
(මට ඇත්තටම ඇහුන හිත අස්සට කාවැදිච්ච දේවල් මම මේ කිවුවෙ. ඇත්ත ද බොරු ද මම දන්නෙ නෑ.)
මම ඉදිරිපත් නොවෙන එක ගැන අනිත් අයටයි දුකක් තිබ්බෙ. ඒත් එක්කම තව යාළුවෙක් කිවුවා ඔහුගේ ගීතෙ අපි දෙන්නාම එකතු වෙලා කියමු කියලා. "දෙකොපුල් කදුලින් තෙමා" ඒ ගීතය. මම ඒ සින්දුව ඇහුවෙත් එදා. ඒත් මම ඇත්තටම ඒ සින්දුවට කැමති උනා. පස්සෙ අපි දෙන්නාත් එක්ක පොඩ්ඩක් ඒක කිවුවා. ඒත් ඩේ එකේදි සින්දු කියන්න මට කිසිම අදහසක් තිබ්බෙ නෑ. ඒත් මම ඩේ එකට කලින් දවසෙ ඒ යෝජනාවට කැමති උනා. ඒත් ඩේ එකේදි වෙලාව මදි උන නිසා ඒක කියන්න උනෙත් නෑ.
ඒත් එක්කම රිච්මන්ඩ් විද්‍යාලයේ ශිෂ්‍යනායක මණ්ඩලේ පත් කෙරුනා. මෙච්චර කල් උප ශිෂ්‍ය නායකයෙක් වෙලා දුන්න ආගන්තුකයා ට ශිෂ්‍ය නායක ලාංඡනය ලැබුනා මුළු ඉස්කෝලෙම ඉස්සරහා විදුහල්පති තුමාගෙ අතින් වචන පාඨයක් එක්ක.
"Janitha Senevirathna, I appoint you as a PREFECT of the school and pray that your period in office will be of a great benefit to us all and joint to yourself"
එදා ආගන්තුකයා ගොඩක් සතුටු උනත් ඒ සතුට රැදුනෙ පැය කීපයයි. ලොකු කළකිරීමක් ඇති උනා ආගන්තුකයාට (ඒ දේ කියන්න යන්නෙ නෑ). දවස් දෙකකට පස්සෙ ආගන්තුකයා අස්වීමේ ලිපිය නියෝජ්‍ය විදුහල්පතිතුමා ට භාර දෙන්න තීරණය කරා. ආගන්තුකයා ලියුම දෙනවත් එක්කම නියෝජ්‍ය විදුහල්පතිතුමා ලොකු හුස්මක් අරගෙන මට කිවුවෙ එක දෙයයි.
"වැඩක් කරන්න ඉන්න මිනිස්සු මේ විදිහට අයින් වෙද්දි ඉතුරු වෙන්නෙ කවුද.."
ඇත්තෙන්ම මගේ සහෝදර ශිෂ්‍යනායකයො මට කිවුවෙ,
"අපරාදෙ බං දැං අයිං වෙන්නෙ. අපි කන්න තියන කට්ට ඔක්කොම කෑවා නෙ. දැං අයින් වෙන්න එපා බං." කියලා
ආගන්තුකයා ඒ වෙනුවෙන් කාපු කට්ට ආගන්තුකයා දන්නවා. ඒත් එක්කම ඉස්සරහාට එහෙම නෑ කියලත් දන්නවා. ඒත් ආගන්තුකයා කල්පනා කරේ ඒ දේ ගැන නෙමෙයි. ඉන්න බැරි තැනක ආයාසෙන් රැදිලා ඉන්න ආගන්තුකයා කැමති නෑ පොඩ්ඩක්වත්. ආගන්තුකයා මෙච්චර කල් වැඩ කලේ තනතුරු තානාන්තර බලාගෙන නෙමෙයි. එහෙම උනා නම් "Spirit of Richmond" කියන ශිෂ්‍යනායක මණ්ඩලෙන් ආගන්තුකයා කවදාවත් අයින් වෙන්නෙ නෑ. කොහොම හරි ඒ දේත් ආගන්තුකයා නැති කරගත්තා.
දැන් ආගන්තුකයාට ඉතුරු වෙලා තියෙන්නෙ ආගන්තුකයාගෙ හැකියාවන් - ආත්ම විශ්වාසය කියන දේවල්. ආගන්තුකයාට තව මොනවා නම් නැති වෙයි ද කියලා කියන්න බෑ.
ඒ මොනවා උනත් ආගන්තුකයා කියන්නෙ ආගන්තුකයාට යි. ඒ දේ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ජීවිතේ කොච්චර අමාරු තැනක උනත් දෙමවුපියන් නිසා යි තව දෙයක් නිසා යි ඇරෙන්න ආගන්තුකයා කවදාවත් තීරණ වෙනස් කරන්නෙ නෑ ඒ දේ කොච්චර බරපතල උනත්. ඒ ආගන්තුකයාගෙ හැටි.
..මේ තියෙන්නෙ ආගන්තුකයා කියන්න හිටපු සින්දුව..
ස්කෝලෙ කොල්ලෙක් නේ... මොකද මල්ලි කේස් එක බැජ් එකට ?
ReplyDeleteමචන්, වැඩක් කරන අයට තමා බන් ඕනේම තැනක අවුල් එන්නේ.
ReplyDelete