ආගන්තුකයා ගේ ජීවිතේ ආගම දහම එක්ක ගොඩක් බැදිච්ච එකක්! පුංචි කාලෙ නම් ආගන්තුකයා දැනං හිටියෙ වැරදි කරන අය අපායෙ යනවා කියලා යි හොද කරන අය දිව්‍යලෝකෙ යනවා කියලයි විතරයි. ආගන්තුකයා ඉස්කෝලෙ 3 වසරට යනකොට ආගන්තුකයා ගෙ අම්මා ඇහුවා, "පුතා දහම් පාසල් යන්න කැමති ද?" කියලා. පුංචි ආගන්තුකයා ත් හා කිවුවා. දවසක් නිවිහැනහිල්ලේ පන්සලේ දහම් පාසල තියන තැනට ආගන්තුකයා ව එක්කගෙන ගියා. ආගන්තුකයා බලාගෙන හිටියේ උඩ. කොඩි වැල් ඇදලා හරිම ලස්සනයි. තාමත් ඒක මතකයි.
පස්සේ ආගන්තුකයාව දහම් පාසල ට ඇතුල් කරන්න එක්කගෙන ගියා. සුදු සරම අන්දලා දුන‍්නේ අම්මා. මාත් කිරි කොකා වගේ බැබලි බැබලි දහම් පාසල ට ගියා. ගියාම අම්මා යි තාත්තා යි මොනවාද මොනවාද පිරෙවුවා අනේ මම දන්නෙ නෑ. මගෙං හාමුදුරුවො ඇහුවා කීය වසරෙ ද කියලා. මම කිවුවා 3 වසරෙ කියලා. හරියට මතක නෑ, එහෙම වෙන්නැති. කොහොම හරි ශ්‍රේණිය කියන්නෙ එකක් ලු වසර කියන්නෙ තව එකක් ලු. මම ඔවුවා දැනං හිටියෙ නෑ. කොහොම හරි මම ගිහින් තියෙන්නේ මට වඩා අවුරුද්දක් වැඩිමහල් පන්තියකට. මම දැනං හිටියෙ නෑ. මොනා කරන්නද. දහම් පාසල පටන්ගත්ත දවසෙ ඉදං මම හිටියේ මගේ වයසෙ අයට වඩා අවුරුද්දක් වැඩියෙන්. ඒ අය මට අයියා කියලා කතා කලේ, මගේ වයසෙ කියලා දැනගත්තත්.
කොහොමින් කොහොම හරි ආගන්තුකයා පන්තියට ගියා. ඉස්සෙල්ලාම දවසෙ ඉස්සෙල්ලාම පාඩම "පස්මහ බැලුම්". ආගන්තුකයා ට තාම මතකයි ඒක. "කාලය, දීපය, දේශය, කුලය, මව" එදා පාඩම අදටත් මතකයි. කොහොම හරි අවුරුද්දක් ගෙවුනා. ආගන්තුකයා සැහැල්ලුවෙන් ඉගෙන ගත්තා. අවුරුද්දේ අන්තිමට මොනවාද තරග වගයක් තිබුනා. ආගන්තුකයා ත් ගියා. ඉස්සෙල්ලාම කවි කිවුවේ දහම් පාසලේ. ඒ කිවුවේ තරගයක් කියලා හිතාගෙන නෙමෙයි. නිකං ආසාවට. කොහොම හරි අපේ තාත්තා ඇව්ත් කිවුවා "අන්න පුතා කවි කියලා පළවෙනියා වෙලා". ආගන්තුකයා ට අවබෝධයක් නෑ. දහම් පාසල් සාශනාරක්ෂක බල මණ්ඩල තරග වලටත් මාව දාලා ලු. එදා මට ඒක කියාගන්නවත් බෑ. ඒත් වසරෙ අවසානෙ ආගන්තුකයා ට ත්‍යාග ප්‍රධානෝත්සවේ දි පීරිසි කුට්ටන් සෙට් 3ක් ලැබුනා. එකක් ගාතා කියලා ලු. අනික දහම් දැනුමට ලු. අනික නම් මොකට ද කියලා මතක නෑ.
කොහොම හරි අන්තිමට ආගන්තුකයාට හාමුදුරුවො කතා කලා. තාත්තා ත් එක්ක ආගන්තුකයා ගියා හාමුදුරුවො බැහැදකින්න. "පුතා අවුරුද්දක් වැඩිමල් පන්තියක නේ ඉගෙනගන්නේ. තෑගිත් තියනවා නේ බරටම." ආගන්තුකයා මොනවත් කිවුවේ නෑ. බිම බලාගෙන හිටියා. ආගන්තුකයා වැරැද්දක් ද කලේ කියලා හිතුනා. මම එදා ඒක ගැන හිත හිත ගෙදර ගියා. බරට බරේ තෑගි උස්සන් එන ආගන්තුකයා ගේ අම්මා ගෙ සතුට දැකලා ඒ සේරම අමතක උනා. ඒ මගේ ජීවිතේ සතුටු ම දවසක්.
දහම් පාසල ගැන ගොඩක් සුන්දර මතකයන් තියනවා. ඒ ඔක්කෝම කියන්න බෑ දිගයි. ටිකෙන් ටික කියන්නම්. මොනවා උනත් අද ආගන්තුකයා මේ තැන ඉන්න මගේ දහම් පාසල, උණවටුනේ බෝධිරාජ දහම් පාසල ලොකු හයියක් උනා. සමහරු කියනවා ආගන්තුකයා ට හොදට කවි, සින්දු කියන්න පුලුවන් කියලා. ඒක එහෙම නම්, ඒ හැම දේම මගේ දහම් පාසලට පින් සිද්ධ වෙන්න. මොකද ආගන්තුකයා ඉස්සෙල්ලාම කවිය කිවුවේ දහම් පාසලේ දි නිසා...
දහම් පාසල් නොගිය එකෙක්ගෙන් සමාජෙට වැඩක් නෑ කියලා මං හිතනවා.. ඒ අතින් උඹ,මං පිංකාරයි..
ReplyDeleteමේ කතාව කියවගෙන යන්න ආස හිතෙනවා .මටත් පුංචි කාලේ දහම් පාසල් ගියපු හැටි මතක් වුණා.ඇත්තටම ආගන්තුකයා හරිම දක්ෂයි.කවිකාරි ආගන්තුකයා ගැන හරි ආඩම්බරයි.!!!!
ReplyDeleteබොහොම සතුටුයි ආගන්තුකයෝ.මටත් මුලින්ම දහම් පාසල් ගිය දවස මතක් උනා.අයේ එන්නෙ නැති උනාට ඒ කාලෙ හරි සුන්දර මතක ගොඩක එකතුවක්..:)
ReplyDelete@ නාකියා : එහෙම්මම කියන එකත් වැරදියි! ඒත් දහම් පාසල් ගමන නිසා ජීවිතේට ගොඩක් දේ එකතු උනා..
ReplyDelete@ කවිකාරී : අක්කා කියන එකක් තමයි ඉතිං.. හි හි හි.. මට ලැජ්ජයි ත් වගේ..
@ සිතූ : ඔවු.. හරිම සුන්දරයි! මේ දහම් පාසලේ මතකයන්ගෙන් ටිකක් විතරයි! ඒකයි මේ "දහම් පාසලේ සුන්දර මතකයන් (1)" කියලා නම් කලෙත්!
රසබර මතක එකතුවක් දහම් පාසල ගැන තියෙනවා..
ReplyDeleteචතුර : ඒක ඇත්ත.. කියන්න ගොඩක් දේ තියනවා...
ReplyDelete