අම්මා ඇස් දෙකේ කදුලු පුරවගෙන ඔහු එදා නැගිටිනකොට. අම්මා වයසට ගිහින් වගේ ඔහුට දැනුනේ. ඇත්තටම එහෙමයි. ඔහු එදා නැගිට්ටේ අවුරුදු 7 කට පස්සේ. ඊට අවුරුදු 7 කට කලිං උසස් පෙළ ලියන්න ගිය පළවෙනි දවසෙම බස් එකක් යට කරගෙන ගිහින්. ඔලුවට බරපතල විදිහට තුවාල වෙලා. සිහිසුන්ට අවුරුදු 7ක් හිටියා. ඔහුගේ තාත්තා නැති වෙලා. අම්මා තියන හැමදේම විකුනලා ඔහුව රැකබලාගන්න විදියක් නැතුව. ආදායමකට තිබිලා තියෙන්නේ පෙන්ශන් එක විතරයි.
දැන් ඔහුට අවුරුදු 28 යි. නැගිට්ට ගමන් අම්මාගේ කදුලු දැක්ක ඔහුට ඇඩුනා. ඒ ඉබේට වගේ. අම්මා ඔහු සැපට නිදන් උන්න අවුරුදු හතේ වෙච්ච දේවල් අඩ අඩ කියද්දි ඔහු අම්මත් එක්කම ඇඩුවා. කරන්න වෙන දෙයක් නෑ ඔහුට. එකපාරටම ඇහුවා "අම්මේ.. තාත්තා කෝ..".. "තාත්තා අපිව දාලා ගියා රත්තරන් පුතේ". අම්මා එහෙම කියද්දී හදවත පසා කරන් යන්න තරම් දුකක් දැනුනා ඔහුට. නැගිටගන්න අමාරුයි. ඒත් නැගිට්ටා. ලොකු අරමුනකින් වගේ.
දොස්තර කෙනෙක් ඇවිත්. නර්ස් ලා වට වෙලා. හැම කෙනෙක්ම අස්සෙන් ඔහු ගමන් ඇරඹුවා. ඔහුට තියෙන්නෙ එක කකුලක් බව දැනුනෙ බිමට බහින්න ගිහින් බිම ඇදන් වැටුනාම. හැමෝම උදවු කරන්න ආවා. අත් දෙක වෙවුල වෙවුල අම්මාත් පුතාව උස්සන්න හැදුවා. ඒත් කවුරුත් නැගිට්ටන්න කලින් ඔහුම නැගිට්ටා. ඇද ගාව තිබුන කිහිලි කරුවක් අරන් හැමෝම කියන දේ අහන් නැතුව ඉස්පිරිතාලෙන් එලියට ආවා. ගාල්ල ගොඩක් වෙනස් වෙලා. හිතාගන්න බැරි තරම් දියුණු වෙලා.
මේ හැම දෙයක්ම හිතන් නැතුව ඔහු නැග්ගා බස් එකක. එතනදියි තේරුම් ගියේ මිනිස්සු ත් ගොඩක් වෙනස් වෙච්ච බව. කකුලක් නැති ඔහුට ආසනයක් දෙන්න කවුරුත් නෑ. ඔහුට හමු උනා ඔහුගේම වයසේ කෙනෙක්. ඇය ඔහුගේ යාළුවෙක්. ඇය ඔහුගේ පෙම්වතියගේ හොදම මිතුරිය. ඔහු ඇයව අදුනගත්තා. "අනේ එයා දැන් ඉන්නේ කොහෙද කියන්න..".. ඇයට කියන්න උනේ ඉන්න තැන විතරයි. මොහු බස් එකෙන් බහින්න සීනුව නාද කලා. කවුරුත් ගණන් ගත්තෙවත් නෑ. මොහොතකින් මොහු බස් එකෙන් එලියෙ. නිකට තුවාල වෙලා ලේ ගලනවා. කිහිලි කරුව එක අතකින් අරන් අනිත් අතින් නිකටින් එන ලේ තද කරගෙන මොහු තවත් බසයකට ගොඩ උනා.
ඒ බසයේ වැඩි දෙනෙක් නෑ. මහලු මනුස්සයෙක් තමන් ළගින් වාඩි වෙලා. කොන්දොස්තර ඇව්ත් "මහත්තයා කොහාටද?".. "කොළඹ" කියලා අසරණ විදියට බලන් හිටියා.."සල්ලි නැතුවද මිනිහෝ බස් එකට නගින්නේ.. " මේ අතර අර මහලු මිනිසා "ආ මෙන්න.. තමුසෙට ඕන සල්ලි නේ.. අරගන්නවා" ඔහු සිනාවකින් මූණ සරසාගෙන ආචාර කරේ දෙන්න වෙන කිසි දෙයක් තමන් ළග නැති නිසා. ඔහොම්මම ඔහුට නින්ද ගිහින්. "ඒයි මිනිහෝ.. නැගිටිනවා.. දැන් කොළඹ තමයි." බස් එකෙන් බැස්ස ඔහු කිහිලි කරුවෙ හයියෙන් ඉස්සරහාට ගිහින් මිනිස්සුන්ගෙන් පාර අහන්න හැදුවා. කිසි කෙනෙක් තමන් ළගට එන ලේ පෙරාගත්ත මිනිහා ව පිළිකුල් කලා. කරන්න වෙන දෙයක් නෑ. ඇස් දෙකේ කදුලු පුරවගත්ත ඔහු බස් එකක් දැක්කා. යන්න ඕන දිහාවටම යන බස් එකක්. ඒත් ඔහු නැග්ගෙ නෑ. තමන් අනිත් අයට පිළිකුල් කියලා ඔහු දන්න නිසා. තමන් වෙනුවෙන් ටිකට් අරන් දෙන්න මිනිස්සුන්ට කරදර කරන්න ඕන නැති නිසා.
ඒත් ඒ බස් එක ගිය පාර දිගේම ඔහු ගියා. ගොම්මනේ... කිසි දෙයක් පේන්නෙ නෑ. ලයිට් කණුවක් යට වාඩි උන ඔහු ආයෙ නැතිට්ටේ උදේ. ආයෙ ගමන ඇරඹුවා. ඇගේ කිසි හයියක් නෑ. ගියේ හිතේ හයියට. ගිහින් ගිහින් මහන්සියි. ටිකකට ගමන නවත්වලා වටපිට බැලුවා. දැක්කේ ලස්සන කාර් එකකින් බහිනවා කාන්තාවක්. ළමයෙක් වඩාගෙන. ළමයා හිනා වෙවී හිටියේ අතේ තිබ්බ සෙල්ලම් බඩුව පැද්දෙන තාලෙට. ඇය බැස්සාට පස්සේ තවත් කඩවසම් පුද්ගලයෙක් බැස්සා. ළමයා තමන් අතට අරගත් ඔහු ඒ කාන්තාවත් තුරුල් කරන් ගියේ ලොකු රෙදි සාප්පුවකට. ඔහු ඒ දිහාවට තනි කකුලෙන් දුවගෙන ගියා. කිහිලි කරුව මහ පාරෙ. ඇස් දෙකේ කදුලු පිරිලා. එතනට වෙලා විනාඩි 20 කි විතර අඩන්න ඇති. පස්සේ ආයෙ නැගිට්ටා. කිසි දෙයක් තමන්ට අයිති නැති බව ඔහුට තේරුනා. ආයෙ හැරිලා බලද්දි පුංචි දුවෙක් තමන්ගේ කිහිලි කරුව අල්ලන් ඉන්නවා. අර කාන්තාව පුදුමෙන් වගේ ඔහු දිහා බලාගෙන. වැටිලා හිටිය තැනින් නැගිට්ට ඔහු ඇස් දෙකේ කදුලු පිහිදාගෙන මූනෙ හිනාවක් එක්ක අර පුංචි දෝනි දිහාවට යන්න හැරුනා.
ඔහු බොහොම අමාරුවෙන් අඩි දෙකක් ඉස්සරහට පැන්නා. මහා හොන් සද්දයක්. ඒත් එක්කම මහා අන්ධකාරයක්. මේ වතාවෙ ඹහු නින්දට වැටුනෙ සදහටම...
ලොකු කතාවක් හිතට වැදෙන විදියට සරලව කියලා
ReplyDeleteහිතට තදින්ම දැනුනා..
ReplyDelete@ අම්බලම : අපි සරලෙට කියන ගොඩක් දේවල් වල ලොකු කතාවක් හැංගිලා තියනවා..
ReplyDelete@ දිනේශ් : මේ වගේ දෙයක් උනොත් ඊට වඩා දැනෙයි..
කථාව නම් හරිම ලස්සනයි කියන්නද කියලා මට තේරෙන්නේ නෑ මල්ලියෝ. හිතට වැදෙන්න ලියලා, නියමයි,..
ReplyDeleteමටත් තේරුමක් නෑ අක්කේ. මේක මම දවසක් කෙනෙක්ට කියපු කතාවක්. අමතක වෙන්න කලිං ලිවුවේ. මම ලිවුව පලවෙනි කතාව මේක..
ReplyDeleteකතාව නියමයි.. හිතට වැදුනා.. ඒත් කියවන අයගෙ කදුලු පන්නන්න පුලුවන් කතාවක්.. ඒ හැගීම පොඩ්ඩක් අඩු උනා කියල හිතෙනවා..ලියන ශෙයිලිය මුවහත් කරගන්න මල්ලි... දෙබස් වෙන කරන්න... කතාවක් ලියනකොට රචනාවක් ලියනව වගේ බෑ..
ReplyDeleteනවහ්තන්න එපා දිගටම ලියන්න..
සුභ සහ ජය.......!!!
අදහසට බොහොම ස්තුතියි අයියේ.. මම ඒ විදියට කරන්නම්.. මේ මම ලියපු පළවෙනි කතාව.. තාම වැඩි දැනුමක් නෑ..
ReplyDeleteකොටින්ම බෝම්බයක් ගෑහුව වගෙ..හිත දෙකඩ වෙලා ගියා... කෙටි වාක්‍ය ශෛලිය... නියමයි... නිදා උන් අවුරුදු 7ට වඩා දේවල් , කෙටි කාලයක් ඇතුලත වෙනස් වෙමින් ගිය හැටි ඔයා ඒ භාශා ශෛලියත් සමගම අපූරුවට නිර්මාණය කරලා.
ReplyDeleteඅමුවේ නොකියා, බොහෝ දේ ව්‍යංගයෙන්, වෑල්වටාරම් නෑතුව කෙටියෙන්... හරිම හොඳ නිර්මාණයක්.... නියමයි !!!!
මොනවා වුනත් අසාධාරණ පුතෙක්............. අවුරුදු 7ක් දුක් වින්ද අම්මා දිහා ඇහැක් ඇරලා නොබලා, දිව්වා ගෑණියක් හොයාගෙන..........
ReplyDeleteකථාවක්නේ නේද ඉතිං....... තව ලියමු මල්ලි... :)
කියන්න ඕනි ගොඩාක් දේවල් සරලව තේරෙන විදියට කියලා තියෙනවා රන්දිකා අක්කා කිව්ව කතාව හරි
ReplyDeleteමොනවා වුනත් අසාධාරණ පුතෙක්............. අවුරුදු 7ක් දුක් වින්ද අම්මා දිහා ඇහැක් ඇරලා නොබලා, දිව්වා ගෑණියක් හොයාගෙන..........
@ ජීවිතේ මල් අක්කා : අනේ සිතුතියි අක්කේ.. මම දෙයක් ව්‍යංගයෙන් කෙටියෙන් කියන්න කැමතියි. ඒක අනිත් අයට තේරුනාම මම මාර සතුටක් විදිනවා. බොහොම ස්තුතියි ආවාට..
ReplyDelete@ රන්දිකා අක්කා : හි හි.. ඒකනෙ.. දන්නැද්ද ඉතිං..
@ ශානු : ස්තුතියි අක්කේ..
හැමෝටම ගොඩක් ස්තුතියි ආරාධනා නැතුවම ඇවිත් අදහසක් දීලා ගියාට.. බොහොම ස්තුතියි!
ආගන්තුක මල්ලී, ඔයා නොදන්නවා ඇති, අපි බොහොම දෙනෙක් මේ පෝස්ට් එකට ආවේ වැප් නිශාන්ත සහෝදරයා ඔබේ මේ පෝස්ට් එකේ ලිංක් එක ඔහුගේ ගූගල් ස්ටේටස් වශයෙන් ඊයේ දිනයේ දමා තිබීම හරහායි........... :)
ReplyDelete@ රන්දිකා අක්කා : ඒක තමයි අක්කේ එකපාරටම ගොඩක් සෙනග ගැවසිලා තියනවා කියලා මම දැක්කා. මේ මම ඉස්සෙල්ලාම ලියපු කතාව. වැප් නිශාන්ත සහෝදරයා ට ගොඩක් ස්තුති කලා කියන්න. මම මේ දේවල් වලට තාම ආගන්තුකයි. හොදනරක කියලා යන හැමෝටම ගොඩක් පින්.
ReplyDeleteකතාව ලස්සනට ලියලා තියෙනවා...දිගටම මේ විදිහෙ නිර්මාණ කරන්න..
ReplyDeleteසුබ පැතුම්!!!
සන්දීපා නංගි ට ස්තුතියි..
ReplyDelete