Wednesday, July 27, 2011

දින තුනේ (දෙකේ) සංගීත පුහුණුව

මේ කියන්නේ රිච්මන්ඩ් එකේ තිබුන ප්‍රාසාංගී 2011 ගැන. ඒක අන්තර් නිවාස නාට්‍ය, ගායන, වාදන අරවා මේවා තිබ්බ ප්‍රසංගයක් වගේ එකක්. කොහොම හරි මෙහෙමයි උනේ. දැන් මේක වෙලා නම් ගොඩක් කල්, ඒත් කියන්න හිතුනා.

මේ ප්‍රාසාංගී වැඩේ ගැන අපේ නිවාසෙ අයට මුල ඉදන්ම වැඩි අවබෝධයක් තිබ්බෙ නෑ. කොහොමින් කොහොම හරි නිවාස නායක වෙලා හිටපු මම නෙමෙයි මේකෙ නයෙකයා උනේ. මම වැඩක් වැටුනෙ නෑ කියලා හිතාගෙන හරි සතුටෙන් හිටියා. ඒත් අපේ නිවාසෙ සර් ඇවිත් මගෙන් අහපි, "මොකෝ පුතේ, ප්‍රාසාංගි එක කරමු නේ.." මොනා කරන්නද අන්තිමට හා කිවුවා. දැන් මේකෙ සමූහ ගායන අංගයක් තියනවා ලු. අනිත් නිවාස ගජරාමෙට සූදානම් වෙනවා. අපේ කිසි සූදානමක් නෑ. සර් නුත් කිය කිය ඉන්නවා "පුතේ, මේක කරන්න ඕන" කියලා. අපිත් ඉතිං "ඔවු ඔවු සර් කරමු කරමු" කිය කිය හිටියා. අවසානෙ ඔන්න දවස් 3යි තරඩගට. අපේ අය කිසි සූදානමක් නෑ. කරන්න දෙයක් නෑ, මම ම වැඩේට ගියා. යනකොට අපේ පොඩි උන් ටිකක් තියාගෙන සින්දුව කියනවා. කිසි තාලයක් නෑ. අයියෝ මට සන්සාරෙ තිත්ත උනා.

මොනා කරන්නද, ඉස්සෙල්ලාම මම කට්ටියට කතා කලා.
"මල්ලිලා, අපේ සූදානම අන්තිමයි කියලා තේරෙනවා නෙ හැමෝටම. ඒත් මල්ලී අපිට කරන්න බැරි දෙයක් නෑ. හරි ද, මේ ඔක්කොටම කලිං කියන්නෙ දෙයක් කියනකොට හරියට අහන් ඉන්න තේරුනා නේ! මල්ලි, සින්දුව කියන එක නෙමෙයි මෙතන වැදගත්. අපි ඔක්කොටම කලිං දැනගන්න ඕන තැනකට ගිහින් හරියට ඉන්න. මේ ඉස්කෝලෙ විනය තමයි අංක එක. ඒ දේ තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ මල්ලිලා. මම කියලා දෙන්නම් සින්දුව. හරිනේ. හැබැයි විනය අංක එක. මම කියන දේ කරන්න, වරදිය එකක් නෑ."
ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඔළුව කහ කහ හිටපු අය කතාවට හොදට සවන්දුන්නා. මම කිවුවා පේලි හැදෙන්න කියලා. හැමෝම පේලි වල, මට හිතාගන්න බැරි උනා මේ අර කෑ ගහ ගහ හිටිය කොල්ලෝ ටික ද කියලත්.

මම සින්දුව එක පාරක් කිවුවා. කියලා ඒ අයට කියන්න කිවුවා. ඒ අය කියන විදිහ බැලුවා. හොද තත්වෙක කියන්න පුලුවන් කණ්ඩායමක්. මේක මම මෙහෙයවන පළවෙනි සංගීත කණ්ඩායම. ඒ බවක් දැනෙන්න තිබ්බෙ නෑ මම. මොනවා උනත් අපේ කොල්ලෝ පුහුනු උනේ දවස් 2යි. (තිබිච්ච දවසත් එක්ක 3 යි) අපිට අහන්න ලැබුනා අපේ සින්දුවම කියන තවත් කණ්ඩායමක්. ඒක අපි දැනගත්තේ සංගීත කාඹරේදී. හැම නිවාසෙකටම අවස්ථාව දුන්නා සංගීතෙත් එක්ක එක පාරක් කියන්න. සංගීත කාඹරේට ළමයි එක්කන් ගියේ පේලියට, පිලිවෙලට. මිස්ලාට ත් සතුටුයි. අනිත් නිවාස ආපු හැටි දැක්කාම බල්ලෝ බත් කන්නෙ නෑ. මොනවා උනත් අපි දවස් 2 හරි හොදට කරගත්තා.

ඔන්න ප්‍රාසාංගී දවස. අපි අන්තිම මොහොතෙත් ටිකක් පුරුදු උනා. පුහුණුව මදි. ඒත් දන්න ටික කරමු කියලා කට්ටිය ස්ටේජ් එකට නැග්ගා. පළවෙනි පද පේලි ටික ලස්සනට ඇහුනා. මට මාර සතුටුයි. ඊලගට සංගීතේ දෙපාරක් යන්න ඕන පොතේ හැටියට. මෙන්න සංගීතේ එක පාරක් ගියාම දෙවනි කොටසෙ සංගීතෙ වදිනවා. මට පිස්සු වගේ. අපේ අනිත් අයත් කිවුවේ නෑ. ඒත් මැදක් හරියෙදි අල්ලගෙන කියාගෙන ගියා. කරන්න දෙයක් නෑ.

විනිශ්චයට ඒකත් බලපාන්න ඇති. අපිට 1 වෙනි තැන ගන්න බැරි උනා. ඒත් ඒකෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ කණ්ඩායමේ හිටපු මල්ලිලා ටික රත්තරන්. කියන දේ ඇහුවා. කියන දේ කෙරුවා. මේ විදිහට ජීවිතේට අලුත් අත්දැකීමක් එකතු උනා. ආගන්තුකයා ව දැනන් හිටපු නැති අය ආගන්තුකයා ව දැනගත්තා. ඒ අය අදටත් ආගන්තුකයා දැක්කාම මූනෙ හිනාවක් එක්ක ආගන්තුකයා ව පිලිගන්නවා. පළවෙනි තැන නොලැබුනත් ආගන්තුකයාට ඒක ඔක්කෝටම වඩා වටිනවා...!!!

6 comments:

  1. ආගන්තුකයගේ දින දෙකේ සංගීත පුහුණුවට කවිකාරි හදවතින්ම සුභ පතනවා .අලුත් දේ කරන විටදි තමයි අපට අලුත් අත්දැකීම් එකතු වෙන්නෙ.

    ReplyDelete
  2. දිනනවද පරදිනවද කියන එක නෙමේ මල්ලි වැගත්ම දේ.. නිවැරදි විනයානුකූල ඉදිරිපත් කිරීම තමයි බලාපොරොත්තුව වෙන්න ඕනා.. ඊට පස්සේ ඒ තුලින් ලැබෙන පන්නරය ලොකු ආරම්භයක් වෙනවා..

    ඒ වගේම පාසලක විනය තියෙන්නේ වැඩිමහල් දරුවන්ගේ අතේ කියලත්..මන් විශ්වාෂ කරනවා..

    තව තවත් හැකියාවන් තුලින් ඉදිරියට යන්න මල්ලි..

    ReplyDelete
  3. දිනනවට වැඩිය අත්දැකීම වටිනවා..

    ReplyDelete
  4. @ කවිකාරි : ඇත්ත අක්කේ!
    @ අසනී : පැරදුනත් මම දිනුම් අක්කේ.. ඒක මට ලොකු අත්දැකීමක්. වැඩිමහල් දරුවෙක් වගේ ම ආගන්තුකයා ශිෂ්‍ය නායකයෙක් නෙ අක්කේ!
    @ චතුර : ඒ කතාව ඇත්ත!

    ReplyDelete
  5. මං මේ පැත්තෙ ආව පළවෙනි දවස..
    හැබැයි පුරස්නයක් තියෙනවා...
    සංගීතෙ වරද්දපු මල්ලිලාගෙ කර්ණය අත ගෑවා කියන්නේ ඇත්තද?

    ReplyDelete
  6. @ නාකියා : අපි හැමෝටම වැරදි වෙනවා.. ඒවාට සමාව දීගෙන මේ ජීවිතේ ඉස්සරහාට ගියොත් තමයි ලස්සන වෙන්නේ!

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....