Friday, July 29, 2011

දහම් පාසලේ සුන්දර මතකයන් (2)

ආගන්තුකයා මේ ලිපිය ලියන්නේ ලියන්න ඕන නිසා නෙමෙයි. ආගන්තුකයා ට ලිපි ලියන්න තරම් හිකක් නෑ. ඒත් කරන්න දෙයක් නෑ. මේ අය ආගන්තුකයා ට යන්න දෙන්නෙත් නෑ. ඒ නිසා ලියන්නම්. ඒත් වෙනදා වගේ කියවන්න ආස හිතෙන එකක් නෑ. මොකද මේ ලියන්නෙ ආසාවකින් නෙමෙයි නිසා.

මම ඉස්සෙල්ලාම කිවුවා 3 වසරෙ මම දහම් පාසල් ගිහින් අවුරුද්දේ අන්තිමට තෑගිත් උස්සන් ගියපු හැටි. පස්සෙ අර සාෂණාරක්ෂක බළමණ්ඩල තරග තිබ්බා. ආගන්තුකයා ට දහම් පාසලට එන්න කියලා පුහුනු කෙරෙවුවා දවස් 2ක් විතර. ආගන්තුකයා දන්නෙ නෑ මේ මොකටද කියලා. කොහොමින් කොහොම හරි ඒකත් කරලා ඉවර කරා. පස්සේ තරගෙ දවස. වෙනදා වගේම අම්මා තමයි සරම අන්දලා දුන්නේ. හබරාදුව පැත්තේ ඉස්කෝලෙක තරග තිබ්බේ. තාත්තා මාව එක්කගෙන ගියා. මමත් ගියා. මගේ අංකෙ 37 ද කොහෙද. මට ඒක අමතක කරගන්න එපා කිවුවා. ඒකද දන්නෙ නෑ තාමත් මතක. මගේ අංකෙ 37 කියන්නේ ඉතිං 37 දෙනෙක් වත් තරග කරා කියන එක නේ. ඇත්තටම 42 දෙනෙක් හිටියා කවි කියන්න ඇවිත්. 

හැමෝටම දහම් පාසල් පොත් පැත්තකින් තියන්න කිවුවා. එක එක්කෙනාගෙ නම් කියෙවුවා. ආගන්තුකයා ගෙ නමත් කිවුවා. මගේ පලවෙනි වතාව. මමත් ගිහින් වාඩි උනා පන්තියක රවුමට තියලා තිබ්බ පුටුවක. විනිශ්චය කරන්න 3 දෙනයි. ඒ අය එක එක්කෙනා ට අඩගහනවා, ඒ අයගෙ කවි අහනවා. කවි 3 යි ගාථාවතකුයි කියන්න තිබ්බා. කවි 2යි ගාථා 2යි ද අනේ මන්දා. දැන් ආතන්තුකයා ගේ අංකේ කිට්ටුයි. ආගන්තුකයා ගේ පපුව ගැහෙනවා, අතත් පණ නෑ වගේ. 

ඔන්න විනිශ්චය මණ්ඩලේ කිවුවා, "අංක 37, ජේ. එන්. සෙනෙවිරත්න" මම බයෙන් බයෙන් ගියා එතනට. කොල වගයක් රෝල් කරලා තියලා තිබ්බා. එයින් තෝරගන්න තිබ්බේ. මම බයෙන් බයෙන් එකක් තෝරගත්තා. දන්න කවියක්. මට හොදට හයියෙන් කියන්න කියලා උපදෙස් දීලා තිබ්බා. මමත් හයියෙන් පටන්ගත්තා. ඒ කවිය මම කිවුවේ විනිශ්ච‍‍ය මණ්ඩලේට උඩින් තියන බිත්තිය බලාගෙන. කවිය කියලා ඉවර වෙලා මම වටපිට බැලුවා. පන්තිය වටේ ගහලා තියන දැල් අස්සෙන් දෙමවුපියො එබෙනවා මම දැක්කා. මට තවත් බයයි. කොහොම හරි කවි දෙක කිවුවා. පස්සෙ මොකද්ද එකක් කිවුවා ඒ ගාථාව කියන්න කියලා. මම දැනං හිටියෙ නෑ. පස්සෙ කැමති ගාථාවක් කියන්න කිවුවා. මම ඉස්කෝලෙ කියලා දුන්නු ගාථාවක් කිවුවා. කවුරුත් ඒක දැනගෙන ඉන්න නැතුව ඇති. අනේ මන්දා. මම 4න් 3 ක් විතරයි කිවුවේ. 4න් 4 ම කියපු අය ත් හිටියා. 

අන්තිමට විනිශ්චය. මම දැනං හිටියා තෑගි නම් නෑ තමයි කියලා. ඒත් අපේ දහම් පාසල අවුරුදු ගානක් එක දිගට එක නේ. මම ඒ නිසා හිටියා අපේ අයියලා අක්කලා තෑගි ගන්නවා බලන්න කියලා. ඔන්න අපේ තරගෙ ප්‍රථිඵල. මම පුටුවේ හරිබරිගැහුනා අප්පුඩිගහන්න කියලා.

"3 වසර, පද්‍ය හා ගාථා ගායනා, 2 වන ස්ථානය, ජේ. එන්. සෙනෙවිරත්න, බෝධිරාජ දහම් පාසල, උණවටුන" 

ඒ මගේ නම. මම හිතුවෙ නෑ මම 2 වෙයි කියලා. අපේ දහම් පාසලේ අය අත්පුඩි ගහනවා මගේ දිහා බලාගෙන. මම නැගිටලා ස්ටේජ් එකට ගිහින් හාමුදුරුවොන්ට වැදලා සහතිකේ ගත්තා. මම ස්ටේජ් එකෙන් බහිනකොට හැමෝම මන් දිහා බලාගෙන. අපේ දහම් පාසලේ අය තාම අප්පුඩි ගහනවා. සමහරු මගේ පිටට තට්ටු කරනවා. ඒත් මට හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා. කොහොම හරි ඒක හිතට වැදිච්ච මතකයක්. අනික මම තරග කරේ මට වඩා අවුරුද්දක් වැඩිමල් අය එක්ක. මට තවත් සතුටුයි. 

කොහොම හරි මේ විදිහටයි දහම් පාසල් කාලෙ ගෙවුනේ. 

මම කැමතියි කවුරුත් බොරු නොකියනවා නම් මේක ලස්සනයි කියලා. මොකද මම දන්නවා මේක මම ඕනකමින් ලියපු එකක් නෙමෙයි කියලා. කවුරුත් මට යන්න දෙන් නැතුව තියාගෙන ඉන්න නිසයි මේක ලියන්න සිද්ධ උනේ. ආයෙ කවදාවත්ම ලස්සන ලිපියක් ආගන්තුකයා අතින් නොලියවෙන්න පුලුවන්. සමාවෙන්න... 
මතක් කරන්න ඕන. බ්ලොග් කලාවට අලුතෙන් ආපු කෙනෙක් ගේ බ්ලොග් එකක් http://magesithuwili14.blogspot.com/ මේක. මේකටත් ගිහින් බලන්න. ආගන්තුකයා සමහර විට ආයෙ නොඑන්නත් පුලුවන්! කමක් නෑ නේ!

7 comments:

  1. පිස්සු කෙලින්නෙ නැතුව ලියපං

    ReplyDelete
  2. අද නම් ආගන්තුකයට පිස්සු හැදිලා වගේ.දිගටම ලියන්න .ඔයා ඇත්තටම ලස්සනට ලියනවා.ඔබට ජය.........

    ReplyDelete
  3. @ කුරුං ගුරුං : ලියන්නම්. ඒත් පොරොන්දුවෙන්න බෑ ලියන ලිපි ඕනකමකිං ලියනවා කියලා. ඉස්සර ඒවාට වඩා ගොඩක් කැත වෙයි.
    @ කවිකාරි : පිස්සු හැදුනනම් තව හොදයි කියලා හිතෙනවා. ලස්සනට ලිවුවා. ආයෙ ලස්සනට ලිපියක් ලියවෙයි ද කියන එක සැකයක්.

    ReplyDelete
  4. ඔන්න ඔන්න උඹ මට කියලා ‍කණ පලාගන්න හදන්නෙ.යකෝ මං මේකට ගොඩ වුනා විතරයිනෙ.උඹ යන්න දඟලනවා.පිස්සු කෙලින්ඩ එපා බං.. ඔන්න මං අඩනවා...

    ReplyDelete
  5. මම ලියන එක නවත්තන්නේ හැමෝටම ආගන්තුකයා එපා උනාම!

    ReplyDelete
  6. යන්න නම් එපා ආගන්තුකයෝ.දිගටම ලියන්න.අහ් ස්තුතියි උදව්වට ගොඩාක්...

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....