Monday, June 27, 2011

මගේ ළමාවිය


මට නිකං ඉන්න හැම වෙලාවකම මතක් වෙන දෙයක් තියෙකවා. මගේ පුංචි කාලෙ. ඒ කාලෙ කොච්චරනම් සුන්දර ද? මේ හැම දෙයක් එක්ක ම මතක් වෙන අමතක නොවෙන දේකුත් තියෙනවා. මගෙ අම්මා යි තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද කියන එක. ඒ දෙන්නාගෙ ආදරේ ත් එක්ක ආගන්තුකයා ට පොඩි කාලෙ ගැන ලියන්න හිතුනා.



අපේ ගෙදර පිටිපස්සෙ තියෙන්නෙ රූමස්සල කන්ද. අපි ඒ කාලෙ ගල් වැඩපලක් කරා. මට මතකයි අම්මා මාත් එක්ක වත්ත පල්ලෙහාට මාවත් වඩාගෙන යනවා. ඒකෙ වැඩකරපු අය මට ගොඩක් ආදරෙයි. මොකද පුංචි කාලෙ මම හරි ලස්සනයි, දැන් වගේ නෙමෙයි. දැන් නම් මොකාද වගේ. දවසක් අම්මා මගේ නියපොතු කපන්න ගියා. මගේ ඇගිලි චූටිම චූටියි. අම්මාගෙ අතින් මගේ ඇගිල්ල කැපිලා ලේ ආවා. මට ඒක දැනුනෙවත් නෑ. ඒත් අම්මා ගෙ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා, මමත් ඇඩුවා. ඒ රිදුන නිසා නෙමෙයි, අම්මා අඩන නිසා. ඒ ගල් වැඩපලේ මනුස්සයෙක් අලුත් විදිහකට ගල් කඩනවා කියලා ගිහින් ඇහැක් මොකද්ද කරගත්තා. අන්තිමට ඒක නිසාමද කොහෙද ප්‍රශ්න වගයක් ඇවිත් ඒක නතර උනා. ආම්පන්න එහෙම ගත්ත ගත්ත අය එහෙම්මම තියාගෙන. ඒත් වැඩපලේ වැඩකරපු, මට ආදරේ කරපු මිනිස්සු තාම මට කියන්නෙ "පුංචි මහත්තයා" කියලා.


මම ඒ කාලෙ හරිම දගයි ලු. අනේ මම නම් දන්නෙ නෑ අම්මා තමා එහෙම කියන්නෙ. අම්මා මාව තොටිල්ලේ කොච්චරනම් තියන්න හැදුවත් මම බිමටම පනිනවා ලු. පස්සෙ ලී කෝටු වගයක් ගහලා උසට හිටින්න. ඒකත් උඩින් පැනලා අන්තිමට අඩනවා ලු නෙ. අනේ මන්දා. පුංචිකමට. ඉස්සර තේ පෙනේරෙ අරගෙන හැම තැනම දුවනවා ලු. ස්ට්‍රෝ එකක් අරගෙන වතුර එකක ඔබාගෙන ඉන්නවා ලු මාලු බානවා කියලා. අනේ මන්දා. අම්මා මේවා කියනකොට ඒ කාලෙ කොච්චර ශෝක් ද කියලා හිතෙනවා.




දවසක් මම නිදාගෙන ඉන්න කොට ලොකු පත්තෑයෙක් ඇව්ත් මගේ කොට්ටෙ උඩටම. තාත්තා ඒක දැකපු පාර කොට්ටෙ ත් අරගෙන කාඹරෙන් එලියට පැන්නා ලු. ඒත් මෙච්චර ලෝං ජම්ප් කරලා තියෙන මට හිතාගන්න බෑ එච්චර දුරක් කොහොම පැන්නා ද කියලා. ඒත් හිතාගන්න පුලුවං එක දෙයක් තියෙනවා. ඒ වෙලේ තාත්තා පැනපු දුරට වඩා තාත්තා ගෙ හිතෙන් පැනපු ආදරේ කොච්චර ද කියලා.


ආගන්තුකයා හිතන් හිටියෙ පේලියෙන් දෙකෙන් පුංචි කාලෙ ගැන ලියලා දාන්න. ඒත් කොහෙද... ඒ සුන්දර අතීතෙ කොච්චර ලිවුවත් ඉවර නැති පාටයි. තව ගොඩක් දෙවල් ගැන ලියන්න තියනවා. අනිත් පාර ඉපදුන දවසෙ ඉදන් අද වෙන තුරු වෙන්න ගිය ඇබැද්දි ගැන කියන්නම්. ආගන්තුකයා ලියලා තියන දේ මහ පිස්සු තොගයක් වෙන්න පුලුවං. ඒත් ඒ ආගන්තුකයා ට එහෙන් මෙහෙන් මතක් වෙච්ච විදියට ලියපු ආගන්තුකයා ගෙ අතීතෙ.

ආගන්තුකයා මේ ලියන විදිහ, මේකෙ තියන අඩුපාඩු පෙන්නනවානම් ආගන්තුකයායෙ ඉදිරියට කරන ලොකු උදවුවක්.

8 comments:

  1. මටත් මගේ පුංචි කාලේ මතක් වෙනවා..හිතේ දුකක් ප්‍රශ්නයක් නැති ව සතුටින් හිටියා.... ආයේ ඒ කාලේට යන්න ඇත්නම්....

    ඇත්තටම හරිම ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
  2. පුංචි කාලෙ කොහොමත් සුන්දරයි. ආරාධනයක් නැතිවම ඇවිත් හොදයි කිවුවා ට යූ ඇස් ට ස්තුතියි...

    ReplyDelete
  3. පරණ මතක අලුත් කරලා පුංචි කාලෙට අරන් ගියා....ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
  4. කුරුං ගුරුං තමා මේ පැත්තට පාර කිව්වෙ. දිගටම ලියමු මලයා.

    පොඩි ඉල්ලීමක් : පුළුවන් නම් "කළු පසුබිමේ සුදු අකුරු" වෙනස්කරන්න. ඒක ඇස්වලට පහසුවක් වෙයි. බ්ලොග් එකක බැක්ග්‍රවුන්ඩ් එක බිසී වෙනකොට කියවන්න පොඩ්ඩක් විතර අමාරුයි මලයා.

    ReplyDelete
  5. මාත් කුරුන්ගුරුන් කොල්ලගෙ රෙෆරල් ලින්කුවෙන් මේ පැත්තෙ ආව...
    මාත් නවම්මාවතේ අදහසට මනාපයි...වයසත් එක්ක ඇස් වලට ටිකක් අමාරුයි...
    කැමතිනම් අපේ පැත්තෙත් ඇවිල්ල ෆලෝ පාරක් දාමු :)
    http://chaterkolla.blogspot.com/

    ReplyDelete
  6. අනේ හොද ළමයෝ බොහොම ස්තුතියි. තල් අරණේ සෙවන ලබන්න ඉඩ ඇරලා ලස්සන කමෙන්ට් එකකුත් ගැහුවාට ස්තුතියි..

    කුරුං ගුරුං හරි හොද මනුස්සයා. නවම්මාවත ත් එහෙමයි. බොහොම පිං උපදේසයක් දුන්නාට.. ඒත් මේ ආගන්තුකයා ඒක කරන්න දන්නෙ නෑ නෙ.. කියලා දෙන්න පුලුවන් නම් තවන් පිං...

    චාටර් කොල්ලා කියන කතාවත් හරි.. හදිස්සියේ ගොඩබැස්සේ.. අද 9 වෙනකං පන්ති.. මම එන්නම් කො ඒ පැත්තෙත් නිවාඩු පාඩුවේ...

    ReplyDelete
  7. මටනම් කිසිම අඩුපාඩුවක් පේන්නෙ නෑ... තමන් ගැන තමන්ට හිතෙන විදියට ලියන එක නියමයි... ජයවේවා... දිගටම ලියමු...

    ReplyDelete
  8. බොහොම ස්තුතියි පොඩි මෑන්.. දිගටම ලියන්නම්...

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....