Sunday, August 28, 2011

ජීවිතයට යමක්..

අතීතයේ තමාට වූ
අමිහිරි සිද්ධියක මතකයන්
නිතර පීඩා විදි පුද්ගලයෙක් 
එය සිතට නැගෙන හැම විටම
"එය සිදු නොවුනා නම්!" යි සුසුම් හලේය.


දිනක් ඔහු සිතින්
සන්සුන්ව හා පැහැදිලිව සිටි මොහොතක
ඒ අභාග්‍යසම්පන්න සිද්ධිය 
ඕනෑකමින් සිහිපත් කළේය.
එවිට, මනා සිහියෙන්
ඒ දෙස බැලීමට ඔහුට හැකි විය.
ඒ සිද්ධිය සිදුවීමට අවශ්‍යව තිබූ හේතු ප්‍රත්‍ය 
ඒ වෙලාවේ සකස් වී තිබුණ සැටි ඔහු දුටුවේය.
එසේ පසුබිම සැකසී තිබියදී 
ඵලය නොඉපදුනා නම් මැනවැයි සිතීම,
කෙතරම් මුග්ධ දැයි ඔහුට සිතිණි.


"ඔවු ! එය සිදුවිය යුතුව තිබුනා" යි
ඔහු තමාටම කියාගත්තේය.
අතීතයේ සිදුවූ දෙය පිලිගැනීම විනා
අන් කරන්නට දෙයක් නැත.
අතීතයට තමා මෙතරම් අගයක් දෙන්නේ ඇයි දැයි,
ඔහු තුළ ප්‍රශ්නයක් පැනනැංගේය.


ඒ එසේ සිදුවීමට තිබුණි. 
ඒ නිසා සිදුවිය.
වටින්නේ අතීතය වත් අනාගතය වත් නොව
මේ ජීවත්වන වර්ථමාන මොහොත 
අතීතයෙන් නොකිලිටි ය, නිර්දෝෂය.
අතීතය හා
එහි කිසිදු සම්බන්ධතාවක් නැත. 
ඒ අවබෝධයෙන්
ඔහු වර්තමාන මොහොතේ ජීවත්වීමේ 
නැවුම් බව දුටුවේය.
එවිට,
අතීතයට ඔහු දුන් අගය
මුළුමනින්ම සිදී ගියේ ය.....!!!


- මෙම කරුණ ජීවිතයට සෑම ආකාරයකින්ම සම්බන්ධ කරගත හැක. ඔබ කියම් වයසක වුවත්, කුමක් කරන කෙනෙකු වුවත්, මෙය අවබෝධ කර ගත්තේ නම්, ගෙවුනු අතීතය අමතක කර වර්ථමානය දැකීමට හැකිවනු ඇත. ජීවිතය ජයගැනීමට හැකිවනු ඇත. මෙය යතාර්ථයයි. මෙය මා කියූ දෙයක් වත් සිතූ දෙයක් වත් නොවේ. ජනක අබේවර්ධන නම් වූ ජීවිතය ජයගත් සාර්ථක මිනිසා ගේ වදනකි. කියවූ සැම යමක් ගන්නට ඇත. එය ජීවිතයට එක් කරගන්න.    

No comments:

Post a Comment

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....