මෙච්චර කාලයක් තිස්සේ විභාග අක්‍රමිකතා ගැනයි Z Score ගැනයි ලියලා ඇති වෙලා ය. Z Score ගැන කියවලා මාතලන් මාමාගේ (හොද වැඩිද මන්දා) ෆියුස් ද ගිහින් ය. ඒ නිසා අමුතු සෛලියකට අලුත් එකක් ගැන ලියන්නට හිතුවා ය. ඔන්න එහෙනම් කතාව ආරම්භ කරන්නට අවසර ය. ඕලෙවල් වලිම්ම කතාව ආරම්භ කරනවා ය.
ඕ ලෙවල් කියා එකක් තිබුනේ ය. ඒ කාලේ අපි වැඩ කොරේ නැත්තේම නැත. බාත්රූම් එකට ගියේ හිස්ට්‍රි පොත අරගෙන ය. ඒ කතා වලින් වැඩක් නැත. ඒ කාලේ අපි ඔක්කොම ෆේස්බුක් ආවෝ ය. ඉස්ටේටස් දැම්මෝ ය. වැඩක් කරෝ ය. පාස් ද වූවෝ ය. ඕ ලෙවල් කාලේ ඉවර උනේ ය. රිසල්ට් ද ආවේ ය. කොල්ලන් කෙල්ලන් ෆේස් බුක් එකේ පිස්සු නැටුවෝ ය. ඒත් ටික කාලයකට ය. ඒ ලෙවල් කියා එකක් කඩන්පහත් විය.

කෙමෙන් කෙමෙන් ඒ ලෙවලි ලං විය. ගොංකම දුරු වූ කීප දෙනෙක් පාඩම් කරන්නට ෆේස්බුක් අත්තැරියේය. අපි නං එහෙම්මම ය. කොරන්නට දෙයක් නැත. ඔන්න ඉතිං විභාගෙත් ආවේ ය. කට්ටියම පේපරයක් අවසානයේ අනිත් එකට සූජානම් වූවෝ ය. ඒත් අපි පේපරේ ඇති අමාරුකං වලින් ස්ටේටස් පිරවූවෝ ය. දැන් ඒ ලෙවල් ඉවර වෙලා ය. ඉංග්‍රීසි පේපරෙත් ලිවුවාට පස්සේ අමුතු විප්‍රකාරයක් ෆේස්බුකියේ සිද්ධ වූයේ ය.

අනේ ඒක නිසං මේ ආගන්තුකයා ඕෆ්ලයින් දමාගෙන පාඩුවේ ඉන්නවා ය. ඒ වෙන කොරන්නට දෙයක් නැති නිසා ය. මොනා නැති උනත් රික්වෙස්ට් නම් එනවා ය. දන්න උන් ඇඩ් කරනවා ය. අනිත් උන්ට ඔහේ හිටපිය කියලා ඉන්න දෙනවා ය. අනේ මං නොදන්න මං දන්න කෙනෙක් නං අඩුම තරමේ මැසේජ් එකක්වත් දාන්ඩ කියලා ඉල්ලනවා ය. අනේ කාලේ වනේ වාසේ කියන්නට හිතෙනවා ය. ලබන අවුරුද්දේ අපි සකන්ඩ් ශයි කොරනවා ය. එද්දී කට්ටිය මොනා කරගෙන ඉදී ද තේරෙන්නේ නැත්තේ ය. ඉක්මනට පේපර් ටික බලලා රිසල්ට් දුන්නොත් එකක් ය. නැත්තං පේපර් අමාරුයි කියපුවා ගෙදර උන්දැලාට අමතක වෙනවා ය.

එලම තමා කොල්ලෝ! :D
ReplyDelete෴සිද්ධිය෴
හිකිස් කිවුවාලු.. :ඩී
Deleteහැමදේම සමබරව කරගන්න මලයා.. කීමට ඇත්තේ මෙපමණයි!
ReplyDeleteඔවු අයියා.. ඒක ඇත්ත..
Deleteහ්ම්ම්... ජය වේවා.. A/L යනු ජීවිතයම නොවේ.
ReplyDeleteම්ම්.. ඒත් ඉතිං අනේ මන්දා..
Deleteඒක තමා හරියට කලා නම් උඹ අද මේකේ කරනම් ගසනවාය...
ReplyDeleteදැන් කොරන්ට දෙයක් නැත්තේය..
මේ සැරේවත් බැහැල කොරල 2013දි බල්ටියක් ගසාපන්ය.
දෙනම පිළිවෙලකට වඩා ටික කොර ගෙන ලෑස්ති වෙනවය...
මින් පසු උපදෙස් නොදෙන්නේය...
තීරණය නුඹ අතේය..
එගොඩ වුයේද නුඹය.. වැටෙන්නේද නුඹය...
හිත බලන්නට කාලය හරිය...
(උඹල දන්නේ නැති නිසයි කියන්නේ.. එකට හිටිය ඇවුන් වලින් campas වලට courses වලට බෙදෙන කොට උන්ගේ වෙනස් කම් අපිට දැනෙනකොට එකට හිටිය 1st ෂයි ගිය උන්ට මචන් කියල කාරේ අත දන්නා බැරි වෙනකොට උන් ගණන් ගන්නේ නැති වෙනකොට ඔය තත්වේ තවත් වැඩි වේවි.. ඒක නිසා මොරටු යන්න වඩා කරපන්.. අත්දැකීම් සහිතයි)
සුදා අයියා හරි හොදයි.. මේ වැඩ කර කර ඉන්නෙ.. තව වැඩි දෙයක් කරන්න නෑ මොරටු යන්න නම්.. බලමු තාම රිසල්ට් ආවෙ නෑ නෙ.. :/
Deleteමූණු පොත හා අන්තර්ජාලය යනු ජීවිතය නෙවේ ය,
ReplyDeleteඒ නිසා පිස්සු කෙලීම හොඳටම නොව මඳක් අඩු කරගෙන සිහියෙන් යුතුව වැඩ කිරීම යහපත් ය.
:)
පිස්සු කෙලින එක ඇනහිට ඇත.. ඒකත් එක අතකින් හොද ය.
Deleteකීමට ඇත්තේ හෆොයිය
ReplyDeleteබුකියට කැමැත්තක් නැත්තේමය
ටුවිටරයට වහ වැටී සිටින්නේමය
ටුවිට් විසිපන්දාහත් පැන ඇත
ඉගෙනුමෙන් නම් මම තාම එකේය
ජය ! බුකියේ රික්වෙස්ටුවක් දමා ඇත ;)
අයියෝ.. මලයා රික්වෙස්ට් තොගයක් ඇත.. හොයාගන්නට බැරි ය.. මැසේජ් එකක් දානු යෙහෙකි..
Deleteජීවිතේ අපි කරන දේවල් සමබරව කරගෙන යන තරමට තමයි හැම පැත්තක්ම හරියට කරගන්න ලැබෙන්නේ. සුබ පැතුම් බ්ලොග් පුනරාගමනයට වගේම සෙකන්ඩ් ෂයි එකට... ජය...!
ReplyDeleteඒක නං ඇත්ත අයියෙ.. ස්තුතියි.. මේ පාර නං කටුබැද්දම තමා..
Delete"ඉක්මනට පේපර් ටික බලලා රිසල්ට් දුන්නොත් එකක් ය. නැත්තං පේපර් අමාරුයි කියපුවා ගෙදර උන්දැලාට අමතක වෙනවා ය. "
ReplyDeleteඅවංකම කතාව.. එකම දේකම එල්ලිලා ඉන්න හොද නෑ කියනවනේ මලයා.. දැම්ම ඉදන්නම් ටිකක් හරි පාඩම් කරහං.. ඔය ළකුණු එන්න කලින්ම..
ඔවු අයියෙ.. මේ ගනං දෙකතුනක් හද හද ඉන්නෙ.. තාම විභාගෙ නම් ඉවර නෑ හැබැයි..
Deleteහි හි.......:) ලියමු..ලියමු එහෙනම් දිගටම!
ReplyDeleteඔබට ජය! :)
අත්තරින්නෙ නෑ ආයෙ නං..
Deleteලියමු ලියමු කටුබැද්දටම ලියමු............
ReplyDeleteයනවා යනවා.. මේ යනවා.. ස්තුතියි ජිංජි..
Delete