ඕන් මාත් 2012 උසස් පෙළ විභාගෙ ලිවුවැයි කියමුකො. කලින් පෝස්ට් එකේ විශේෂ සදහනක් කරා නෙ මේ ගැන ලියනවාය කියලා. මොනාද වෙලා තිබ්බෙ කින්දමන්ද කියලා කියන්න දැන් තමා වෙලාව. හොදයි අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ බොහෝ දුක සේ ඉගෙනගන්න දේවල් පැය තුනෙන් හතරෙන් කොළ වල ලියලා ඒකෙ එන ප්‍රතිඵලේ අනුව මුළු ජීවිතේම තීරණය කරන විභාගෙ තමයි උසස් පෙළ. ආන් ඒ උසස් පෙළ විභාගෙ ලැබෙන කාලෙ කන අක්‍රමිකතා ගැන ඉස්සෙල්ලාම කියන්නම් 2012 දි වෙච්ච..
ඉස්සෙල්ලාම තිබ්බෙ සංයුක්ත ගණිතය 1 ප්‍රශ්න පත්තරේ. ඉස්සෙල්ලාම හදන්න ගත්තෙ නැද්ද ලොවෙත් නැති අනුකලනෙ ගාන. ඒකෙ තිබ්බෙ 8/3 කියලා පෙන්නන්න උත්තරයක්. ඒත් එහෙම එකක් එන පාටක් නං නෑ. කොහොම හරි +/- එහෙ මෙහෙ කරලා උත්තරේ ගත්තා කියමුකො. ඉතින් පේපරේම මූසලයි පළවෙනි එකම වැරදී කියලා හිතුනාම. පස්සෙ විභාග දෙපාර්තමේන්තුවෙන් කියපි ඒක වැරදිය උත්තරේ 4/3 යි කියලා. මේක මුළු පේපරෙන්ම 30/1000 න් ලැබෙන ප්‍රශ්නයක් ලු. ඒ නිසා ඒක එච්චර ගැටළුවක් නැල්ලු. ඒත් මේ කතාව කියපු එකාට තේරෙන්නෙ නැද්ද දන්නෙ නෑ මේ ප්‍රශ්නෙ අල්ලගෙන නැහුන ළමයින්ට කොච්චර අසහනයක් ඇති උනාද කියලා ගාන වැරදියි කියන දෙගිඩියාවෙන්. කී දෙනෙක් වැරැද්ද මොකද්ද කියලා හොයන්න කාලෙ කොච්චර නාස්තිකරගත්තාද කියලා. තේරෙන්නෙ නැතුවත් ඇති ඉතින්, ජීවිතේට මැත්ස් පේපරයක් දැකලාවත් නැති එවුන් නෙ සිංහනාද කරන්නෙ.

පස්සෙ තිබ්බ සංයුක්ත ගණිතෙ දෙවනි පේපරෙත් "මාන" වරද්දලා. සංශෝධනයක් ඇවිත් තිබ්බා "g" අකුරක් වර්ගමූලෙ අස්සෙන් ශේප් එකේ ඉර යටින් ඇතුල් කරන්න කියලා. ඒක නැත්තං කාලය කියන්නෙ මාන නොමැති මූලික භෞතික රාශියක් වෙනවා. ෆිසික්ස් පේපරෙත් තැන් තුන හතරක සංශෝධන තිබ්බා. කෙමිස්ට්‍රි පේපරේ සල්ෆියුරික් වල කොපර් දිය කරන්න හදලා තිබ්බා. අනේ මන්දන්නෑ මුංගෙ ආශ්චර්ය.
ඔය පේපර් වල තිබ්බ වැරදි නෙ. සයන්ස් නොකරපු අයට නොතේරෙන්නත් ඇති. සොරි ඈ. මෙන්න ශාලා වල උන වැඩ. මේකෙ සමහර ඒවා ආරංචි උන ඒවා. අනිත් ඒවා අපේ ශාලාවෙ උන ඒවා.
ඔන්න පහුවෙනිදා ගියා ඇප්ලයිඩ් පේපරේ ලියන්න. පේපර් බෙදන්න හිටි මිස් උදේපාන්දරම හොදවයෙන් හිනාවක් දැම්මා. අපේ සර් කෙනෙක් යන්න කලින් කිවුවා "පුතේ ඔය විභාග ශාලාවෙ මිස් ලා ව කේන්තිගස්සගන්න නම් එපා" කියලා. මාත් ඉතිං දත් තිස් දෙකම පෙන්නලා හිනා උනේ නැතැයි. පස්සෙ මළ ජූලියයි. පේපරේ ගානක් ලිය ලිය ඉද්දි මිස් ඇවිත් අහපි,
"පුතේ පේපරේ ලේසිද?"
"එහෙම අමාරුම කියලා නෑ මිස්"
ඕන් තව ටිකට පස්සෙ ඇවිත් අහපි,
"පුතා ශිෂ්‍යත්වෙ පාස් ද?"
"ඔවු මිස්"
තවත් ටිකකින් ඇවිත් අහපි
"පුතේ ඕ ලෙවල් රිසල්ට් කොහොමද?"
"ඒ-- මිස්"
"පුතේ පේපරේ වැරදි තියනවා නම් කියන්න. අර ගාන පොඩ්ඩක් බලන්න. ඒක වැරදිද කියලා"
මොන රෙද්දක්ද? අපි ගානක් හද එද ඉන්දිද්දි වෙන ගණන් හරිද වැරදිද කියලා බලන්න වෙලාවක් තියෙද? තඩි ගණන් 5ක් හදලා පොඩි ගණන් 10 ක් හදන්න තියෙන්නෙ පැය 3යි. ඒ පැය 3න් පැය බාගයක් විතර වෙන් කරගෙන මිස් ගෙ ප්‍රශ්න ඇහුවාම හරියනවාද? අන්තිමට මං කිවුවා,
"අනේ නෑ මිස්, මං ඒ ගාන හැදුවෙ නෑ" කියලා.
මේ මිනිස්සුන්ව තරහා කරගෙනත් බෑ. ඒත් ඒ මිනිස්සු කන්නෙ අපේ වෙලාව.
තව ඔය වගේ ප්‍රශ්නයක් තමයි සමහර ටීචර්ලා ඇග වැහෙන්න අදින්න නොදන්න එක. (අපේ නං එහෙම උනේ නෑ). එහෙම ඇදන් ආවාම ළමයි විභාගෙ නෙමෙයි ලියන්නෙ..
ඇත්තට ඉතිං මේවා ලිවුවා කියලා වැඩක් ඇත්තෙත් නෑ. කවුරු දකින්නද කවුරු අහන්නද? කවුරු දැක්කාත් ඇහුවාත් මේවා සුළු සුළු වැරදි. ඔහොම වැරදි වෙන්න පුළුවන් නෙ.. ඒත් ඒ ඇත්තලාට තේරෙන්නෙ නෑ මේ වගේ ඒ අයට පේන "සුළු" වැරැද්දෙන් ළමයෙක්ගෙ ජීවිතයක් අවුරුද්දකින් පස්සට යන්න පුළුවන්. ඒ වගේම ජීවිතයක් විනාස වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම උනත් ලක්ෂ ගාණක් විභාගෙ ලියපු නිසා ඒකත් "සුළු" වැරැද්දක් වෙන්න බොහෝදුරට ඉඩ තියනවා. කවදා හරි මේවාට සුදුස්සො පත් කරලා රට හැදෙයි කියලා බලාපොරොත්තුවක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. එච්චර තමයි ඉතුරු..
හිහි, මල්ලි ගිය අවුරුද්දෙත් අපි කාපු කට්ට මදිවට මේ පාරත් වැඩේ දෙන්න වගේ හදන්නෙ! විනාසයි! :/
ReplyDelete෴සිද්ධිය෴
ලොවෙත් නෑ අයියෙ.. :(
Deleteඅනේ මන්දා..කතාකර වැඩක් නැත..:(
ReplyDeleteඅපිම ලියනවා අපිම කියවනවා.. වැඩක් තියෙද??
Deleteඇත්තටම මෙව්ව බඩ තඩි කාලකන්නින්නට පේන්න ඕන පෝස්ට්.. ඒත් ඉතින් උන් මෙව්ව බලන්නෙ නෑනේ.. බැලුවත් ඒක සුළු වැරැද්දක් කියල අත පිහා ගනියි...
ReplyDeleteඒක නම් සහතික ඇත්ත.. උන් ඉතින් රටේ අනාගතේ කියලා හදුන්වන්නෙ පාරවලි ටික නෙ..
Deleteහික්ස්.. කාට කියම්දෝ මේ අවනඩුව..
ReplyDeleteඅපි අපිටම කියාගන්නවා :(
Deleteඅපි කොච්චර කෑගැහුවත් මේ දේවල්වල කෙලවරක් නම් ළඟ පාතක නෑ සහෝ..
ReplyDeleteමොනා කරන්නද පූරුවෙ කළ පවට..
Deleteකවදාම හරි මොලේ තියන මිනිස්සු ටිකක් මේවාට ආවොත් ඒ ඇති..
අපිම දකිනවා අපිම ලියනවා අපිම ලේ පුච්චගන්නවා :/
ReplyDeleteඅන්තිමට අපිටමයි වෙන්නෙ.. :(
Deleteඕව ගැන නම් කතා කර වැඩක් නැත..
ReplyDeleteමුකුත් නොකිය යනවද .....?
කියනවද...?
අපිම ලියලා අපිම කියවනවා :(
Deleteදැන් නම් විභාග කියන්නේ මොනවද මන්දා...
ReplyDeleteඔය තියෙන්නෙ විභාග කියලා ජාතියක්...
Deleteඅපි කලින්ම විභාගේ ලිවුව එක හොදයි කියලා හිතෙනවා.. ඉස්සරහට තව මොනා වෙයිද මන්ද..
ReplyDeleteඒක නං වාසනාවන් අයියෙ.. :( බලන්ඩකො අපිට වෙච්ච වැඩේ.. :(
Deleteමම විභාග නිරීක්ෂිකාවන් යාළු කර ගැනීමට උපන් හපනෙක් බැවින් මේ ගැන ලෙසටම දනී...
ReplyDeleteහැබැයි සමහර වැඩ්ඩා මැඩම්ලා කීලා දෙනවා බං..
මැඩම්ලාටමත් තේරෙන්නැතුව ඇති මේ තිබ්බ අපබ්බරන්ස.. :(
Delete