Friday, August 24, 2012

උසස් පෙළ නිමාව සහ Facebook පෙරලිය

මෙච්චර කාලයක් තිස්සේ විභාග අක්‍රමිකතා ගැනයි Z Score ගැනයි ලියලා ඇති වෙලා ය. Z Score ගැන කියවලා මාතලන් මාමාගේ (හොද වැඩිද මන්දා) ෆියුස් ද ගිහින් ය. ඒ නිසා අමුතු සෛලියකට අලුත් එකක් ගැන ලියන්නට හිතුවා ය. ඔන්න එහෙනම් කතාව ආරම්භ කරන්නට අවසර ය. ඕලෙවල් වලිම්ම කතාව ආරම්භ කරනවා ය‍.

ඕ ලෙවල් කියා එකක් තිබුනේ ය. ඒ කාලේ අපි වැඩ කොරේ නැත්තේම නැත. බාත්රූම් එකට ගියේ හිස්ට්‍රි පොත අරගෙන ය. ඒ කතා වලින් වැඩක් නැත. ඒ කාලේ අපි ඔක්කොම ෆේස්බුක් ආවෝ ය. ඉස්ටේටස් දැම්මෝ ය. වැඩක් කරෝ ය. පාස් ද වූවෝ ය. ඕ ලෙවල් කාලේ ඉවර උනේ ය. රිසල්ට් ද ආවේ ය. කොල්ලන් කෙල්ලන් ෆේස් බුක් එකේ පිස්සු නැටුවෝ ය. ඒත් ටික කාලයකට ය. ඒ ලෙවල් කියා එකක් කඩන්පහත් විය.


කොල්ලන් කෙල්ලන් එකා දෙන්නා අතුරුදහන් වන්නට පටන් ගත්තේ ය. මුන් අයිලන්ඩ් රෑංක් දාන්න පාඩම් කළෝ ය. අපි නම් ඒත් එතනම ය. හැමදාම ෆේස්බුක් ආවෝ ය. මොනා හරි බූතයක් නැටුවෝ ය. අපේ වයසේ උන් නැති නිසා අයියලා අක්කලා හම්බුඋනේ මේ අතර ය. වැඩිමනක් දෙනා බ්ලොග් ලියන්න පටන්ගැනීමෙන් පසුව ය. ඒ අය හරි හොද ය. (නැත්තං මරං කන්න හදයි). ඉතිං කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ ය. කොල්ලන් කීප දෙනෙක් පමණක් ඉතුරු විය. අනිත් අය පාඩම් කරන්නට කාලය යොදවලා ය. අපි ගොන්නු ය. ගොං කමට බෙහෙත් නැත්තේ ය. 

කෙමෙන් කෙමෙන් ඒ ලෙවලි ලං විය. ගොංකම දුරු වූ කීප දෙනෙක් පාඩම් කරන්නට ෆේස්බුක් අත්තැරියේය. අපි නං එහෙම්මම ය. ‍කොරන්නට දෙයක් නැත. ඔන්න ඉතිං විභාගෙත් ආවේ ය. කට්ටියම පේපරයක් අවසානයේ අනිත් එකට සූජානම් වූවෝ ය. ඒත් අපි පේපරේ ඇති අමාරුකං වලින් ස්ටේටස් පිරවූවෝ ය. දැන් ඒ ලෙවල් ඉවර වෙලා ය. ඉංග්‍රීසි පේපරෙත් ලිවුවාට පස්සේ අමුතු විප්‍රකාරයක් ෆේස්බුකියේ සිද්ධ වූයේ ය.

විභාගෙට කලිං ඩීඇක්ටිවේට් වූ අකවුන්ට් එකින් එක ඇක්ටි‍වේටි වෙලා ය. කට්ටිය ෆේස්බුක් බදු අරගෙන ය. සමහර ෆේස්බුක් එකේ නොසිටි චරිත මේකට එන්ටර් වෙලා ය. මූණු හංගන් හිටපු කෙල්ලන් බුරුතු පිටින් ෆොටෝ දානවා ය. අනිත් කෙල්ලොත් කොමෙන්ට් කරනවා ය. කොල්ලොත් කොමෙන්ට් කොරනවා ය. නිකං ඉන්න බැරි කමට අපිත් කොමෙන්ට් කොරනවා ය. යාළු වෙලා උන්නු කොල්ලො කෙල්ලො රිලේශන්ශිප් අප්ඩේට් කරනවා ය. අනේ මට නම් තේරෙන්නේ නැත්තේ ය. අයිලන්ඩ් රෑංක් ටික දැං ඔක්කොම ෆේස්බුක් එකේ ය. අපි දැං ලොවෙත් නැති වෙලා ය. ඒ කියන්නෙ අපි නිකං පිටස්තරයො වගේ ය. 

අනේ ඒක නිසං මේ ආගන්තුකයා ඕෆ්ලයින් දමාගෙන පාඩුවේ ඉන්නවා ය. ඒ වෙන කොරන්නට දෙයක් නැති නිසා ය. මොනා නැති උනත් රික්වෙස්ට් නම් එනවා ය. දන්න උන් ඇඩ් කරනවා ය. අනිත් උන්ට ඔහේ හිටපිය කියලා ඉන්න දෙනවා ය. අනේ මං නොදන්න මං දන්න කෙනෙක් නං අඩුම තරමේ මැසේජ් එකක්වත් දාන්ඩ කියලා ඉල්ලනවා ය. අනේ කාලේ වනේ වාසේ කියන්නට හිතෙනවා ය. ලබන අවුරුද්දේ අපි සකන්ඩ් ශයි කොරනවා ය. එද්දී කට්ටිය මොනා කරගෙන ඉදී ද තේරෙන්නේ නැත්තේ ය. ඉක්මනට පේපර් ටික බලලා රිසල්ට් දුන්නොත් එකක් ය. නැත්තං පේපර් අමාරුයි කියපුවා ගෙදර උන්දැලාට අමතක වෙනවා ය. 

ඒකෙන් කමක් නැත්තේ ය. ඕන කෙනෙක් ඕන එකක් කරගත්තාවේ ය. මේ සෛලිය මාතලන් මාමාගේ ය. මට මේ සෛලිය තේරෙන්නේ නැත්තේ ය. දුක ඒක නෙමෙයි ය. මගේ බ්ලොගේ ලියන්න උනේ නැති නිසා හිට්ස් අඩු වෙලා ය. දුක ය. කණගාටු ය. ඒත් එක මාසෙකට එක පෝස්ට් එකක් විතරක් තියෙද්දිත් 1000 ක් විතර ආපු එකට පොඩි සතුටක් ද ඇත්තේ ය. අදින් පස්සෙ බ්ලොගේ ලියාගෙන ලියාගෙන යනවා ය. ආයේ ආගන්තුකයාව නවත්තනු බොරු ය. 


20 comments:

  1. Replies
    1. හිකිස් කිවුවාලු.. :ඩී

      Delete
  2. හැමදේම සමබරව කරගන්න මලයා.. කීමට ඇත්තේ මෙපමණයි!

    ReplyDelete
    Replies
    1. ඔවු අයියා.. ඒක ඇත්ත..

      Delete
  3. හ්ම්ම්... ජය වේවා.. A/L යනු ජීවිතයම නොවේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඒත් ඉතිං අනේ මන්දා..

      Delete
  4. ඒක තමා හරියට කලා නම් උඹ අද මේකේ කරනම් ගසනවාය...
    දැන් කොරන්ට දෙයක් නැත්තේය..
    මේ සැරේවත් බැහැල කොරල 2013දි බල්ටියක් ගසාපන්ය.
    දෙනම පිළිවෙලකට වඩා ටික කොර ගෙන ලෑස්ති වෙනවය...
    මින් පසු උපදෙස් නොදෙන්නේය...
    තීරණය නුඹ අතේය..
    එගොඩ වුයේද නුඹය.. වැටෙන්නේද නුඹය...
    හිත බලන්නට කාලය හරිය...
    (උඹල දන්නේ නැති නිසයි කියන්නේ.. එකට හිටිය ඇවුන් වලින් campas වලට courses වලට බෙදෙන කොට උන්ගේ වෙනස් කම් අපිට දැනෙනකොට එකට හිටිය 1st ෂයි ගිය උන්ට මචන් කියල කාරේ අත දන්නා බැරි වෙනකොට උන් ගණන් ගන්නේ නැති වෙනකොට ඔය තත්වේ තවත් වැඩි වේවි.. ඒක නිසා මොරටු යන්න වඩා කරපන්.. අත්දැකීම් සහිතයි)

    ReplyDelete
    Replies
    1. සුදා අයියා හරි හොදයි.. මේ වැඩ කර කර ඉන්නෙ.. තව වැඩි දෙයක් කරන්න නෑ මොරටු යන්න නම්.. බලමු තාම රිසල්ට් ආවෙ නෑ නෙ.. :/

      Delete
  5. මූණු පොත හා අන්තර්ජාලය යනු ජීවිතය නෙවේ ය,
    ඒ නිසා පිස්සු කෙලීම හොඳටම නොව මඳක් අඩු කරගෙන සිහියෙන් යුතුව වැඩ කිරීම යහපත් ය.
    :)

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින එක ඇනහිට ඇත.. ඒකත් එක අතකින් හොද ය.

      Delete
  6. කීමට ඇත්තේ හෆොයිය
    බුකියට කැමැත්තක් නැත්තේමය
    ටුවිටරයට වහ වැටී සිටින්නේමය
    ටුවිට් විසිපන්දාහත් පැන ඇත
    ඉගෙනුමෙන් නම් මම තාම එකේය
    ජය ! බුකියේ රික්වෙස්ටුවක් දමා ඇත ;)

    ReplyDelete
    Replies
    1. අයියෝ.. මලයා රික්වෙස්ට් තොගයක් ඇත.. හොයාගන්නට බැරි ය.. මැසේජ් එකක් දානු යෙහෙකි..

      Delete
  7. ජීවිතේ අපි කරන දේවල් සමබරව කරගෙන යන තරමට තමයි හැම පැත්තක්ම හරියට කරගන්න ලැබෙන්නේ. සුබ පැතුම් බ්ලොග් පුනරාගමනයට වගේම සෙකන්ඩ් ෂයි එකට... ජය...!

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත අයියෙ.. ස්තුතියි.. මේ පාර නං කටුබැද්දම තමා.‍.

      Delete
  8. "ඉක්මනට පේපර් ටික බලලා රිසල්ට් දුන්නොත් එකක් ය. නැත්තං පේපර් අමාරුයි කියපුවා ගෙදර උන්දැලාට අමතක වෙනවා ය. "

    අවංකම කතාව.. එකම දේකම එල්ලිලා ඉන්න හොද නෑ කියනවනේ මලයා.. දැම්ම ඉදන්නම් ටිකක් හරි පාඩම් කරහං.. ඔය ළකුණු එන්න කලින්ම..

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ.. මේ ගනං දෙකතුනක් හද හද ඉන්නෙ.. තාම විභාගෙ නම් ඉවර නෑ හැබැයි..

      Delete
  9. හි හි.......:) ලියමු..ලියමු එහෙනම් දිගටම!
    ඔබට ජය! :)

    ReplyDelete
    Replies
    1. අත්තරින්නෙ නෑ ආයෙ නං..

      Delete
  10. ලියමු ලියමු කටුබැද්දටම ලියමු............

    ReplyDelete
    Replies
    1. යනවා යනවා.. මේ යනවා.. ස්තුතියි ජිංජි..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....