
ඉස්සෙල්ලාම තිබුනේ "Comment" කොටුවයි. පසුව "Like" කොටුවක් ද මෙයට සම්බන්ධ විය. දැන් "Share" කොටුවක් ද පැමිණ තිබේ. ඒත් එක්කම එක් එක් Comment එකක් ලයික් කරන්නද ක්‍රවවේදයක් ගොඩනැගී ඇත්තේ තවත් පිටුවක් පෙරලමිනි. @ අකුරින් පසු ෆ්රෙන්ඩ් කෙනෙකුගේ නමක් ගැසූ පසු එක හයිපලිංක් එකක් සමග ඇඩ් කිරීමට හැකිවීම තවත් නව අංගයක් විය. මෙයින් වූයේ කුමක්දැයි මදක් විමසා බලමු.
* පළමුවෙන්ම පැමිණි කමෙන්ට් කොටුව :
ස්ටේටස් එකක් හෝ පින්තූරයක් ඇඩ් කරන පුද්ගලයෙක්, තමන් ජනප්‍රිය යයි මැනෙන මිනුම්දණ්ඩ කමෙන්ට් සංඛ්‍යාව බවට පත් විය.
* දෙවැනුව පැමිණි ලයික් කොටුව :
ස්ටේටස් වලට කමෙන්ට් දමන්නට කම්මැලි හෝ ලජ්ජා සහගත පිරිසට "ලයික්" එකක් ඇඩ් කළ හැකි විය. මින් ලබන්නාට තවත් මානසික තෘප්තියක් එක් විය.
* තෙවැනුව ඇඩ් වූ කමෙන්ට් වලට ලයික් කිරීමේ කළාව, පුද්ගලයෙක්ව නම් කිරීමට හැකි කළාව සහ ශෙයා කිරීමේ කළාව :
තමන්ගේ ස්ටේටස් එකකට කමෙන්ට් කරන්නෙකුට ඔහු ගැසූ කමෙන්ටුවට "වටිනාකමක්" එයට ලැබෙන ලයික් ප්‍රමාණයට සමානුපාතික යයි මානසික හැගීමක් ඇති වන්නට විය. කෙනෙකු හට තමන්ගේ ස්ටේටස් එකක්, පින්තූරයක් පෙන්වීමට අවශ්‍ය නම් ඔහුව එහි ඇඩ් කිරීමද කෙනෙකු තමන්ගේ දෙයකට නොකඩවා කමෙන්ට් කිරීමට පෙළඹවීම ද ඇති කරන්නක් විය. තමන් දකින දේ වෙන කෙනෙකුට පෙන්වීමට ශෙයා කිරීම භාවිත කළ හැකි විය.

ඔබ දැන් ෆේස්බුකියේ යම් කරුණක් නිසා අපහසුතාවයට පත් වී සිටී නම් (තාක්ෂණික), නුදුරු අනාගතයේම සකර්බර්ග් ඇතුළු මොළකරුවන්ගේ සංගමය ඒවාට නිසි පිළිතුරු සොයා දී ඔබව බුකියේම රදවාගන්නවා ඇත. ඒ නිසා බිය නොවන්න..
හිහි, බුකිය තමා බුකිය! :P
ReplyDelete෴සිද්ධිය෴
ආයෙත් අහලා.. හෙහ්..
Deleteඅපිට කෙලින බුකය
ReplyDeleteබුකියට කියව කියව මාත් බුකියේ දවසකට පැය 8 1/2 ක් ඉන්නවා..
Deleteබ්ලොග් වලට වඩා බුකිය හොදයි කියලා හිතෙනවා වෙලාවකට.....
ReplyDeleteබ්ලොග් වල හොදේ තියෙන්නෙ අපි අපිම නිසා.. ලස්සනට හදාගන්න පුළුවන් නිසා. ඒ ඇරෙන්න බ්ලොග්ස් වල බ්ලොගර් එකෙන් නම් මෙච්චර කාලෙකට මං දන්න තරමින් අප්ඩේට් උනේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න පුළුවන් තාක්සනේ විතරයි.
Deleteසිරාවට දැන්නම් බුකිය නැතුව පිස්සුවගේ.... අපි බුකියට ඇබ්බැහි වෙලා කියල හිතුවේ.. දැන් බලාගෙන යනකොට අපිව බුකියට ඇබ්බැහි කරලනේ
ReplyDeleteඇත්තම කියනවා නං අපි ඇබ්බැහි වෙලා.. ඒක අස්සෙ මුං තවත් ඇබ්බැහි කරවනවා.. ඔක්කොම ඉතිං සල්ලි සල්ලි..
Deleteමාක් අයියා හරි මිනිහා තමා..
ReplyDeleteකෝට්පතියො හොද කපටියො.. හෙහ්..
Deleteඇබ්බැහි උනොත් ඉවරයි!
ReplyDeleteඇබ්බැහි වෙලා නෙ ඉන්නෙ.. :(
Deleteඅපි ඉතින් මොන වැඩේ තිබ්බත් ඔකට යන්නේ නැතිව නම් ඉන්නේ නෑනේ.මහා නරක පුරුද්දක්
ReplyDeleteඅපිත් ඉතිං එකම බෝට්ටුවේ තමා..
Deleteඔන්න මාත් ආවා...
ReplyDeleteමං නම් ගොඩ කාලෙකට කලින් ඕකෙන් ගැලවුනා..... දැන් නම් ඉතිං යාලුවෙක් ෆොටෝ එකක් දැම්මම ඒක බලන්න විතරයි ඒ පැත්තේ යන්‌නේ... හි හි...
අන්න ඒකට තමි වාසනාව කියන්නෙ :(
Deleteමම දැන් ඒ පැත්තේ යන්නේ හරි අඩුවෙන්නේ...
ReplyDeleteදැං ඇත්තෙ ස්කයිප් වල නේද :ඩී ;)
Deleteඒ වුනාට මට නම් බුකිය එපා වෙලා.. බොරු වැඩක් වගේ.. දැන් ඉන්ටනෙට් ආවත් බ්ලොග් කියවලා මේල් චෙක් කරලා යනවා.. බුකියේ ඉන්න හිතෙන්නේ නැ..
ReplyDeleteම්ම්.. එහෙනං ඉතිං විශේෂ කවුරුත් නැතුව ඇති..
Delete