Thursday, September 13, 2012

Facebook නාඩගං

අපි කවුරුත් අදුනන ෆේස්බුකිය දිනෙන් දින දියුණුවත්ම එහි ඇති අංගෝපාංග ද දියුණු විය. අද අප විසින් අත්විදිනු ලබන්නේ 2012 වර්ශය සදහා ෆේස්බුක් අඩවිය මගින් හදුන්වා දී ඇති "Timeline" ආකෘතියයි. ඒ කෙසේ වෙතත් මෙය වසර කිහිපයකට උඩදී මෙසේ නොවී ය. ඒ කාලේ ෆේස්බුක් ලොග්වන්නෙක්ට පෙනෙන්නට තිබ්බේ "What's on your mind?" ලෙස නම් කර ඇති ස්ටේටස් අප්ඩේට් කරන කොටුවයි. පහතින් "Post" කොටුව ද විය. එවැනි ස්ටේටස් එකක් දකින අපට ඉස්සරම කළ හැකි වූයේ "Comment" කිරීමයි. පින්තූරයකටද මෙය එසේම විය. එදා "Comment" එකකින් ඇරඹි මානසික ජනප්‍රියවීමේ කළාව අද දින වන විට පරිනාමය වී ඇති ආකාරය මදක් විමසා බලමු. 



ඉස්සෙල්ලාම තිබුනේ "Comment" කොටුවයි. පසුව "Like" කොටුවක් ද මෙයට සම්බන්ධ විය. දැන් "Share" කොටුවක් ද පැමිණ තිබේ. ඒත් එක්කම එක් එක් Comment එකක් ලයික් කරන්නද ක්‍රවවේදයක් ගොඩනැගී ඇත්තේ තවත් පිටුවක්‍ පෙරලමිනි. @ අකුරින් පසු ෆ්රෙන්ඩ් කෙනෙකුගේ නමක් ගැසූ පසු එක හයිපලිංක් එකක් සමග ඇඩ් කිරීමට හැකිවීම තවත් නව අංගයක් විය. මෙයින් වූයේ කුමක්දැයි මදක් විමසා බලමු. 

* පළමුවෙන්ම පැමිණි කමෙන්ට් කොටුව : 
ස්ටේටස් එකක් හෝ පින්තූරයක් ඇඩ් කරන පුද්ගලයෙක්, තමන් ජනප්‍රිය යයි මැනෙන මිනුම්දණ්ඩ කමෙන්ට් සංඛ්‍යාව බවට පත් විය.

* දෙවැනුව පැමිණි ලයික් කොටුව :
ස්ටේටස් වලට කමෙන්ට් දමන්නට කම්මැලි හෝ ලජ්ජා සහගත පිරිසට "ලයික්" එකක් ඇඩ් කළ හැකි විය. මින් ලබන්නාට තවත් මානසික තෘප්තියක් එක් විය.

* තෙවැනුව ඇඩ් වූ කමෙන්ට් වලට ලයික් කිරීමේ කළාව, පුද්ගලයෙක්ව නම් කිරීමට හැකි කළාව සහ ශෙයා කිරීමේ කළාව :
තමන්ගේ ස්ටේටස් එකකට කමෙන්ට් කරන්නෙකුට ඔහු ගැසූ කමෙන්ටුවට "වටිනාකමක්" එයට ලැබෙන ලයික් ප්‍රමාණයට සමානුපාතික යයි මානසික හැගීමක් ඇති වන්නට විය. කෙනෙකු හට තමන්ගේ ස්ටේටස් එකක්, පින්තූරයක් පෙන්වීමට අවශ්‍ය නම් ඔහුව එහි ඇඩ් කිරීමද කෙනෙකු තමන්ගේ දෙයකට නොකඩවා කමෙන්ට් කිරීමට පෙළඹවීම ද ඇති කරන්නක් විය. තමන් දකින දේ වෙන කෙනෙකුට පෙන්වීමට ශෙයා කිරීම භාවිත කළ හැකි විය. 

මේ සියල්ලම නිකන් ඇති වූවා නොවේ. ඔබ අපි වන් සාමාන්‍ය ජනතාවට "ෆේස්බුකිය බෝරිං වීමෙන් වැලකීම" සදහා යෙදුවා වූ නව උපායමාර්ග විය. එහි ප්‍රථිඵලයක් වූයේ ලක්ණ කෝටි ගණනින් නවකයන් ෆේස්බුකිය කරා ඇදී ඒමයි. මේත් සමගම ෆේස්බුකියේ දැන්වීම් පළකිරීමට මෙන්ම තමන්ගේ ප්‍රවර්ධන කටයුතු කිරීමටත් බොහෝ දෙනෙක් සහ බොහෝ ප්‍රධාන පෙලේ ආයතන පවා සූදානම්ව සිටී. මාක් සකර්බර්ග් විනාඩි කීපයකින් ඩොලර් මිලියන ගණන් සොයනබව පුදුමයක් වන්නේ නොවන්නේ මේ හේතු නිසා බව නොරහසකි. ෆේස්බුක් බෝරිං නොවන තුරු සකර්බර්ග් උපයනු ඇත. ඒ උපයන අතරතුර ගොඩ වැඩිකරගන්නට තවත් ගැජමැටික් එකතු කරනු ඇත.


ඔබ දැන් ෆේස්බුකියේ යම් කරුණක් නිසා අපහසුතාවයට පත් වී සිටී නම් (තාක්ෂණික), නුදුරු අනාගතයේම සකර්බර්ග් ඇතුළු මොළකරුවන්ගේ සංගමය ඒවාට නිසි පිළිතුරු සොයා දී ඔබව බුකියේම රදවාගන්නවා ඇත. ඒ නිසා බිය නොවන්න..  

20 comments:

  1. Replies
    1. ආයෙත් අහලා.. හෙහ්..

      Delete
  2. Replies
    1. බුකියට කියව කියව මාත් බුකියේ දවසකට පැය 8 1/2 ක් ඉන්නවා..

      Delete
  3. බ්ලොග් වලට වඩා බුකිය හොදයි කියලා හිතෙනවා වෙලාවකට.....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල හොදේ තියෙන්නෙ අපි අපිම නිසා.. ලස්සනට හදාගන්න පුළුවන් නිසා. ඒ ඇරෙන්න බ්ලොග්ස් වල බ්ලොගර් එකෙන් නම් මෙච්චර කාලෙකට මං දන්න තරමින් අප්ඩේට් උනේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න පුළුවන් තාක්සනේ විතරයි.

      Delete
  4. සිරාවට දැන්නම් බුකිය නැතුව පිස්සුවගේ.... අපි බුකියට ඇබ්බැහි වෙලා කියල හිතුවේ.. දැන් බලාගෙන යනකොට අපිව බුකියට ඇබ්බැහි කරලනේ

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නං අපි ඇබ්බැහි වෙලා.. ඒක අස්සෙ මුං තවත් ඇබ්බැහි කරවනවා.. ඔක්කොම ඉතිං සල්ලි සල්ලි..

      Delete
  5. මාක් අයියා හරි මිනිහා තමා..

    ReplyDelete
    Replies
    1. කෝට්පතියො හොද කපටියො.. හෙහ්..

      Delete
  6. ඇබ්බැහි උනොත් ඉවරයි!

    ReplyDelete
    Replies
    1. ඇබ්බැහි වෙලා නෙ ඉන්නෙ.. :(

      Delete
  7. අපි ඉතින් මොන වැඩේ තිබ්බත් ඔකට යන්නේ නැතිව නම් ඉන්නේ නෑනේ.මහා නරක පුරුද්දක්

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතිං එකම බෝට්ටුවේ තමා‍‍‍..

      Delete
  8. ඔන්න මාත් ආවා...

    මං නම් ගොඩ කාලෙකට කලින් ඕකෙන් ගැලවුනා..... දැන් නම් ඉතිං යාලුවෙක් ෆොටෝ එකක් දැම්මම ඒක බලන්න විතරයි ඒ පැත්තේ යන්‌නේ... හි හි...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකට තමි වාසනාව කියන්නෙ :(

      Delete
  9. මම දැන් ඒ පැත්තේ යන්නේ හරි අඩුවෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දැං ඇත්තෙ ස්කයිප් වල නේද :ඩී ;)

      Delete
  10. ඒ වුනාට මට නම් බුකිය එපා වෙලා.. බොරු වැඩක් වගේ.. දැන් ඉන්ටනෙට් ආවත් බ්ලොග් කියවලා මේල් චෙක් කරලා යනවා.. බුකියේ ඉන්න හිතෙන්නේ නැ..

    ReplyDelete
    Replies
    1. ම්ම්.. එහෙනං ඉතිං විශේෂ කවුරුත් නැතුව ඇති..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....