මෙවර ක්‍රිකට් තරගය විශේෂ වන්නේ ඉතිහාස පොත් වල තිබූ තරග වාර්ථා බිද හෙලුනු තරගයක් ලෙසින් ය. පළමුවන කඩුල්ලෙහි වැඩිම සබදතාවය සහ ඕනෑම කඩුල්ලක් සහදා වැඩිම සබදතාවය යන ශීර්ෂ ද්විත්වයෙහි තම නාමය සටහන් කිරගැනීමට රිච්මන්ඩ් විද්‍යාලයීය නායක සිතාර ගිම්හාන සහ චරිත් අසලංක සමත් විය. එහිදී චරිත් ශතකයක් වාර්ථාකිරීම විශේෂ විය. එමෙන්ම රිච්මන්ඩ් වරුන්ට මෙය පිට පිට දෙවන ජයග්‍රහණය ද විය.


ආදරවන්තයන්ගේ සටන යෙදුනු දින දෙකෙහිදී විද්‍යාලයීය ශිෂ්‍යයන්, ගුරුවරුන් හා ආදි ශිෂ්‍යයන් හට තරගය නැරඹීමට සුදුසු වාතාවරණයක් සෑදීමට රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය දරා තිබූ වෙහෙස මතක් කළ යුතුම ය. විද්‍යාල දෙකෙහිම ඉතා අලංකාර තොරන් දෙකක් දිස් විය. මුලු නගරයම රිච්මන්ඩ් හා මහින්ද ධජයන් වලින් සන්නද්ධ වී ආදරවන්තයන්ගේ සියවසකටත් වඩා ඉපැරණි ඒ ප්‍රෞඩත්වය විදහා දැක්වා තිබින. රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාල වල තොරතුරු තාක්ෂණ ඒකක මගින් සංවිධානය කර තිබුනු අන්තර්ජාල විකාෂයන් ඉතා ඉහල මට්ටමක තිබින. විස්තර විචාරය ගෙන එනු ලැබූ මාධ්‍ය සංසද ද විශේෂයෙන් මතක් කළ යුතු ය.
ක්‍රිකට් තරගය පවත්වා දෙවන දිනයෙහි රිච්මන්ඩ් පිලෙහි ජයග්‍රහනයත් සමගම රිච්මන්ඩ්වරුන්ගේ ප්‍රීතිගෝශා වලින් ගාලු නගරය පිරී ඉතිරෙන්නට විය. රිච්මන්ඩ් වරුන්ගේ සතුට භුක්තිවිදීමට මහින්දීයයන් ඉඩ අවකාෂ ලබා දිය. අනතුරුව ඔවුන් ද ක්‍රීඩාංගනයට පැමිණ තම සහෝදර රිච්මන්ඩ්වරුන්ට සුභපතන්නටත්, ඔවුන් සමග ඡායාරූප ලබා ගැනීමටත් අමතක කළේ නැත.
මෙම තරගය ඉතිහාසගත වන්නේ රිච්මන්ඩ් වරුන් ජයග්‍රහනය කළ නිසා ම නොවේ. රිච්මන්ඩ් - මහින්ද යන පාසල් දෙකෙහි සහෝදරත්වය වර්ධනය වූ අවස්ථාවක් ලෙස ය. චරිත් අසලංකගේ ශතකය ලබාගත් මොහොතෙහි මහින්දීය ක්‍රීඩකයන් පැමිණ ඔහුට සුභපැතුම් එක් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය පෙන්වන අවස්ථාවක් විය. රිච්මන්ඩ්වරුන්ගේ ජයග්‍රහනය ට සුභපැතුම් එක් කළ මහින්දීයයන් ඔවුන්ගේ සහෝදරත්වය පෙන්විය. එබැවින් මෙය ඉතිහාසගත අවස්ථාවකි.
ඉතිහාස පොත් වල සටහන් වන්නේ අන් කිසිවක් නොව, රිච්මන්ඩ්වරුන් හා මහින්දීයයන්ගේ සහෝදරත්වයයි!
ක්‍රීඩාවේ ජීව ගුණය තියාගෙන සහෝදරත්වයෙන් අවසාන වෙන එක තමයි විය යුත්තෙම.. එය එසේ විම ගැන සතුටුයි..
ReplyDeleteඔවු අයියෙ ඒ කතාව ඇත්ත!
Delete