Sunday, March 22, 2015

110 වන ආදරවන්තයන්ගේ සටන | පසු සටහන..

 110 වන රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී නිමා වුනේ රිච්මන්ඩ් පිලට ඉනිමක සහ ළකුණු 26 ක ජයග්‍රහණයක් අත් කර දෙමිනි. ඉතිහාසගත තරගයක් ලෙස හැදින්ව්ය හැකි මෙහි පසු විපරමක් කිරීමට මෙම කාලය උචිත යයි සිතමි.

මෙවර ක්‍රිකට් තරගය විශේෂ වන්නේ ඉතිහාස පොත් වල තිබූ තරග වාර්ථා බිද හෙලුනු තරගයක් ලෙසින් ය. පළමුවන කඩුල්ලෙහි වැඩිම සබදතාවය සහ ඕනෑම කඩුල්ලක් සහදා වැඩිම සබදතාවය යන ශීර්ෂ ද්විත්වයෙහි තම නාමය සටහන් කිරගැනීමට රිච්මන්ඩ් විද්‍යාලයීය නායක සිතාර ගිම්හාන සහ චරිත් අසලංක සමත් විය. එහිදී චරිත් ශතකයක් වාර්ථාකිරීම විශේෂ විය. එමෙන්ම රිච්මන්ඩ් වරුන්ට මෙය පිට පිට දෙවන ජයග්‍රහණය ද විය.

මෙවර ක්‍රිකට් තරගය පැවැත්වීම පිලිබද යම් ගැටලුකාරී තත්වයක් උත්ගත වී තිබූ නමුත් රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර තිබූ සාකාච්ඡා වලින් අනතුරුව එය යතාර්ථයක් විය.මෙවර රිච්මන්ඩ් විද්‍යාලය ආදරවන්තයන්ගේ සටනෙහි තේමාපාඨය කරගත්තේ #AllWeDoIsWin ය. මහින්දීයයන් ගේ තේමාපාඨය #FearNothing විය. වෙනදාට වඩා දෙපාර්ශවයේම දැඩි උනන්දුවක් මෙම තරගයට විය. රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරග රැසක් ජයග්‍රහණය කොට තිබූ නිසා රිච්මන්ඩ්වරුන් හට තවත් ජයග්‍රහණයක බලාපොරොත්තුවක් විය. මෙවර Vehicle Parade එක සදහා රිච්මන්ඩ් විද්‍යාලයෙන් සුපුරුදු වාහන ගොන්න හැරුනුකොට Chopper එකක් ගෙන්වා තිබීම විශේෂ විය. එය රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටනට නව කෝණයක් එක් කිරීමට සමත් විය.


ආදරවන්තයන්ගේ සටන යෙදුනු දින දෙකෙහිදී විද්‍යාලයීය ශිෂ්‍යයන්, ගුරුවරුන් හා ආදි ශිෂ්‍යයන් හට තරගය නැරඹීමට සුදුසු වාතාවරණයක් සෑදීමට රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය දරා තිබූ වෙහෙස මතක් කළ යුතුම ය. විද්‍යාල දෙකෙහිම ඉතා අලංකාර තොරන් දෙකක් දිස් විය. මුලු නගරයම රිච්මන්ඩ් හා මහින්ද ධජයන් වලින් සන්නද්ධ වී ආදරවන්තයන්ගේ සියවසකටත් වඩා ඉපැරණි ඒ ප්‍රෞඩත්වය විදහා දැක්වා තිබින. රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාල වල තොරතුරු තාක්ෂණ ඒකක මගින් සංවිධානය කර තිබුනු අන්තර්ජාල විකාෂයන් ඉතා ඉහල මට්ටමක තිබින. විස්තර විචාරය ගෙන එනු ලැබූ මාධ්‍ය සංසද ද විශේෂයෙන් මතක් කළ යුතු ය.

ක්‍රිකට් තරගය පවත්වා දෙවන දිනයෙහි රිච්මන්ඩ් පිලෙහි ජයග්‍රහනයත් සමගම රිච්මන්ඩ්වරුන්ගේ ප්‍රීතිගෝශා වලින් ගාලු නගරය පිරී ඉතිරෙන්නට විය. රිච්මන්ඩ් වරුන්ගේ සතුට භුක්තිවිදීමට මහින්දීයයන් ඉඩ අවකාෂ ලබා දිය. අනතුරුව ඔවුන් ද ක්‍රීඩාංගනයට පැමිණ තම සහෝදර රිච්මන්ඩ්වරුන්ට සුභපතන්නටත්, ඔවුන් සමග ඡායාරූප ලබා ගැනීමටත් අමතක කළේ නැත.

මෙම තරගය ඉතිහාසගත වන්නේ රිච්මන්ඩ් වරුන් ජයග්‍රහනය කළ නිසා ම නොවේ. රිච්මන්ඩ් - මහින්ද යන පාසල් දෙකෙහි සහෝදරත්වය වර්ධනය වූ අවස්ථාවක් ලෙස ය. චරිත් අසලංකගේ ශතකය ලබාගත් මොහොතෙහි මහින්දීය ක්‍රීඩකයන් පැමිණ ඔහුට සුභපැතුම් එක් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය පෙන්වන අවස්ථාවක් විය. රිච්මන්ඩ්වරුන්ගේ ජයග්‍රහනය ට සුභපැතුම් එක් කළ මහින්දීයයන් ඔවුන්ගේ සහෝදරත්වය පෙන්විය. එබැවින් මෙය ඉතිහාසගත අවස්ථාවකි. 

ඉතිහාස පොත් වල සටහන් වන්නේ අන් කිසිවක් නොව, රිච්මන්ඩ්වරුන් හා මහින්දීයයන්ගේ සහෝදරත්වයයි!

2 comments:

  1. ක්‍රීඩාවේ ජීව ගුණය තියාගෙන සහෝදරත්වයෙන් අවසාන වෙන එක තමයි විය යුත්තෙම.. එය එසේ විම ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ ඒ කතාව ඇත්ත!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....