ආගන්තුකයා හට ආගන්තුකයා ගැන ම නොතේරෙයි. කුඩා කාලයේ පටන් ආගන්තුකයා කෙළිලොල් චරිතයකි. නමුත් සෙල්ලමට අයියා කෙනෙක් මල්ලී කෙනෙක් අක්කා කෙනෙක් නංගී කෙනෙක් කිසිවෙක් ආගන්තුකයා ට සිටියේ නැත. ආගන්තුකයා අවට ඇති පරිසරය ආගන්තුකයා ට පිළිකුල් ය. කුඩු කාරයන්, සුරා මතින් පාරේ රග දක්වන වීරයන්, සල්ලි මත්තේ සුද්දන් පස්සේ යන මිනිසුන්, ඒ මිනිසුන් හා හැදී වැඩුනු ළමුන්, ගෑණුන්, කිසිත් නොසිතා නොසොයා ඕනෑ කෙනෙක් හා කතා කරන්නට පස්සෙන් යන කෙල්ලන් ආගන්තුකයා හට ප්‍රසන්න හැගීමක් නම් කෙදිනකවත් ජනිත නොකළ බව කිව යුතු ය. එබැවින් ආගන්තුකයා ගෙදර බිත්ති හතර තුළ විහින් ම සිර කරුවෙක් වී සිටියි.
ආගන්තුකයා පෙර පාසල් ගියේ ද ගාල්ලේ ය, පාසල් යන්නේ ද ගාල්ලේ හොදම පාසලට ය. මෙම කරුණු නිසා ආගන්තුකයා හට මෙහි වැඩි යහළුවන් පිරිසක් නැත. සිටිනවා නම් ඒ දහම් පාසලේ සිසුවන් ය. ආගන්තුකයා එදා පටන් ම කාටවත් කරදරයක් නොවී ජීවත් වූ චරිතයක් ය. නොලැබෙන දෙයක් පසුපස හබා ගොස් උදුරාගැනීමේ සිරිතක් ආගන්තුකයා ට නැත. එමෙන් ම ඕනෑම තැනකට ගිය පසු පාඩුවේ පසෙකට වී වන්නේ කුමක් දැ යි බලා සිටීම ආගන්තුකයා ගේ සිරිතයි. ආගන්තුකයා එදා පටන් ම "කෙල්ලන්" යන මාතෘකාව පිළිබද කිසි හැගීමක් නොවූවෙක් බව කිව යුතු ය. කොතරම් කෙල්ලන් ඇසුරු කරන්න අවස්ථාවක් තිබුන ද ඒ සියල්ල කෙසේ හෝ මගහැර යාම ආගන්තුකයා ගේ පුරුද්ද යි. අදටත් ගැහැණු ළමයෙක් (අක්කා කෙනෙක් වුවත්) සමග කෙලින් මූන බලා කථා කිරීම ආගන්තුකයා ට ආගන්තුක දෙය කි.
එහෙත් ආගන්තුකයා භාර ගත් වැඩක් වේ නම් එය පිළිවෙලට හැකිතාක් දෝශ අඩු වන පරිදි කරන්නට තැත් කරයි. තමුන් අවශ්‍ය යයි හැගේ නම් ඒ ගැන විමසා කළ හැකි දෙයක් කරදීම ආගන්තුකයා ගේ සිරිතයි. ආගන්තුකයා ට අසාධාරණය ඉවසුම් නොදෙයි. එවිට නම් සිදුවන්නේ කුමක් දැයි ආගන්තුකයි නොදනී. ආගන්තුකයා හට කළ නොහැකි දෙයක් නම් තරහව පාලනය කර ගැනීම යි. ඇතැමෙක් මේ නිසා ආගන්තුකයා ට බියක් දක්වයි. නමුත් ආගන්තුකයා ගේ ඇතුලත දන්නා කෙනෙක් නැත. ඇතැමෙක් ට ආගන්තුකයා "මීටරය" කි. සාමාන්‍ය පෙළ A සාමාර්ථ ලබා ගත් ගණනින් එය මැනිය නොහැක. ඇතැමෙක් ට ආගන්තුකයා "ගායකයෙ" කි. පද කිහිපයක් මුමුණන්නට හැකි වූ පලියට කෙනෙක් ට ගායකායක් විය නොහැකි ය. ඇතැමෙක් ට ආගනුතුකයා "මළල ක්‍රීඩකයෙ" කි. අතැර දැමූ දෑ මතකයට නගා ගැනීමට ආගන්තුකයා මැලි ය. ඇතැමෙක් ට ආගන්තුකයා රිච්මන්ඩ් ප්‍රිමියර් ලීගයේ ප්‍රධාන සංවිධායකයා ය. එහෙත් එය නමට පමණි. තවත් කෙනෙක් ට ආගන්තුකයා "ස්මෝල් හවුස් කැප්ටන්" ය. එහෙත් මාගේ උපරිමය ලබා දීමට නොහැකි වූයෙන් එම පාඨය මා හට නොගැලපේ..

ආගන්තුකයා ආගන්තුකයෙකි. ලිවූ දෑ කුමක් අරභයා ලියූවේ දැ යි ආගන්තුකයා හට ම නොවැටහෙයි. කළකිරීම නිසා විය හැක. ඒ කළකිරීමට හේතු ප්‍රත්‍ය මෙය යයි කියන්නට ආගන්තුකයා ට සිත් නොදෙයි. සැම විටම අන් අය සතුටු කිරීම ආගන්තුකයා ට සතුට කි. ඒ අය ගේ සිනාවේ දී මදහසක් පා පසුව සිතින් මෙනෙහි කොට සිනා සීම.. දුකේදී ඔවුන් සමග වී සිත සැනසවීම.. දුක දුරු කර ජීවිතය ගෙවීමට මංපෙත් සලසා ගැනීමට සිහින මැවීම, ආගන්තුක මාගේ එකම සිහිනයයි. මෙහි අන් අය, ඇය යයි විස්ථාපනය වූයේ නම් වඩාත් සුදුසු යයි හැගේ. මා කළ පින් පවු අනුව ඉදිරි ජීවිතය තීරණය වේවි. ඒ ජීවිතය දැනටමත් එක් අතකට බර වී හැලෙන්නට ඔන්න මෙන්න ය. මෙම වෙනසින් පසු යලි වෙනසක් නොවේ වි.
මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනවා වගේ මේ පෝස්ට් එක ලියන්න කලින්...
ReplyDeleteමටත් ඒ වගේ දෙයක් පෙන්නුම් කරනවා...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්.... මටත් හිතෙනවා.
ReplyDeleteමොකෑ මළයා උනේ බොට?
ReplyDeleteඅනේ අයියේ අක්කේ, සමාවෙන්න.. හොද සිහියක් නැති උනාම අමුතු දේවල් ලියවෙනවා. :(
ReplyDeleteමල්ලි ඔව්වා ගනන් ගන්නෙපා.ඔයා හොදට පාඩම් කරන්නකෝ.විභාගෙටත් තව මාස කියද තියෙන්නෙ?බ්ලොග් ලියන්න ෆේස්බුක් ඉන්නවට වඩා පාඩම් වලට කාලය යොදවන්න.ප්‍රශ්න වලට සැලෙන්නෙපා මලයෝ.හැමදේම හොඳ විදියට කාලය විසින් විසදයි.
ReplyDeleteකාලය මෙච්චර නපුරු ඇයි කියලා නම් මම දන් නෑ අක්කෙ!
Deleteහැමෝටම විවිද ප්‍රශ්න තියෙනවා.හොඳම දේ ඉවසීම විතරයි.
ReplyDeleteකරන්න තියන අනිත් හැම දේම කළාම ඉතුරු මෙච්චර තමයි. ඒක කරන්න බැරි එක යි ප්‍රශ්නෙ..
Delete