අද දුරුතු පුන් පොහෝ දිනයට පෙර දිනයයි. එය තවත් එක් දිනයක් නොවූවේ අද අසා ඇති දැක නැති යහළුවන් පිරිසක් දැන අදුනාගෙන කතාබහ කර දිනයක් ගෙවීමේ සතුට භුක්තිවිදීමේ භාග්‍යය මා හට උදා වූ බැවිනි. අන් අය මේ ගැන සම්පූර්ණ තතු විත්ති ගෙන ආ බැවින් ඒ පිළිබද මම ද කීම පලක් ඇති වැඩක් නොවේ යයි හැගෙන බැවින් ඒ පිළිබද පුන පුනා නොකියා සිටීමට සිතුවෙමි. කෙසේ හෝ වේවා අද දින උදෑසන 8.30 පමණ වන විට බ්ලොග් අවකාෂයේ මිතුරු කැළ උණටනුනට ඒ යැයි අපේක්ෂාවෙන් සිටි මම එතැනට වී සිටීමට ඉටා ගතිමි. නමුත් අවසානයේ ඔවුන් එතැන නොමැති බව පසක් වූයෙන් ගාලු දුම්රියපල වෙත ගියෙමි. (උණවටුනේ සිට ගාල්ලට ගොස් නැවත උණවටුනට ම පැමිණීම [විස්ථාපනය=0, දුර ~ 12 කි.මි]මැටි වැඩක් යයි දැන දැනම එය කිරීමට සිදු විය)
කෙසේ හෝ වේවා ඈත සිට ඇසුනේ හිම හන්සි අක්කා "අර රිච්මන්ඩ් ටී ශර්ට් එකක් ඇදන් එන්නෙ ජනිත මල්ලි නේද" යන වදන් පෙළයි. පසුව හිම හන්සි අක්කා අසලම සිටින්නේ ප්‍රාර්ථනා අක්කා බව ද පසක් විය. එතැන සිටි අනුශ්ක අයියා නම් කොතැන සිටියද අදුනගත හැකි පුද්ගලයෙක් විය. (ඒ බ්ලොග්කරුවන් සිටින තැන බව අදුනාගන්නා ලද්දේ අනුශ්ක අයියා(බනී) ගේ සුවිසල් සසල දේහය දිසි වීමත් සමග ය.) මෙලෙස එතැනට එක් වූ ආගන්තුකයෙක් වෑ මාගෙන් තතු විමසීම ට සිටි අය අමතක කළේ නම් නැත. කෙසේ හෝ (පැමිණි අයුරු කීම අවැසි නොවේ යයි හැගේ) අපි රූමස්සල ට පැමිණියෙමු.
උදේපාන්දරින්ම දෙදෙනෙක් වයි-ෆයි කනෙක්ට් කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරණ ලද්දේ ඔවුනට එය කිරීමට අවැසි දෑ අතේ තබාගෙන ය. කෙසේ හෝ හිම හන්සි අක්කා ගේ බඩගින්නේ අදෝනාව සියල්ලන්ගේම හිත් සසල කරවන්නක් විය. ("අනේ බඩගිනී.. අනේ බඩගිනී.." කියමින් සිටි කෙනා ට දහවල බත් පත සම්පූර්ණ කරගැනීමට බැරි වීම වෙනම කතාවකි). ඇඹුල් යමක් සම්බන්ධයෙන් වූ සුවිසල් රහසක් හෙලි කිරීමේ සාපරාධී ක්‍රියාවේ චූදිතයා වූ ජනරංග අයියා ට එදින ප්‍රාර්ථනා අක්කා ගේ මරණ තර්ජන වලින් අඩුවක් නොවී ය.
ඒ අස්සේ කොටසක් දෙනා තමුන්ගේ ෆේස්බුකියේ ප්‍රොෆයිල් පික්ඩර් එක සහ කවර් පේජ් එකට දමාගැනීම සදහා දිවි පරදුවට තබා සුවිසල් පර්වතයක් මුදුනේ සිට බිමට පැනීම අතිශය භයංකාර අංගයක් විය. එහිදී ඡායාරූපගතකිරීමේ කාර්යයෙහි නිරත වූ බනී මහතා ඒ සදහා ඉදිරිපත් නොවුනේ ඔහු හා තැබූ කල් හි එම සුවිසල් පර්වතය සමාන පරිමා ගන්නා බැවින් දැයි ආගන්තුකයා නොදනී. ඒ අතර උදේ සිට ම වැදුම් බලාපොරොත්තුවෙන් පැමිණි මන්තරකාරි අක්කා ද නිතර ඒ ගැන කියමින් පොඩි මෑන් ව මානසික අසහනයකට පත් කරන ආකාරයක් දක්නට ලැබිනි. මෙහිදී දවසේ නිල වශයෙන් වැදුනු එකම මඩ ප්‍රහාරය ලැබුවේ පොඩි මෑන් ට වන අතර එය රු. 800 කින් පෙම්වතිය මුණගැසීමට අවකාෂ ලබාගැනීමක් විය.
මේ අතර කොළඹින් පැමිණි කණ්ඩායමේ සිටි චතූ අක්කා පැළද සිටි ඇදුමේ ටැගය ගලවාගැනීමට ද අමතකව කඩිමුඩියේ පැමිණ ඇති බවක් පෙන්නුම් කෙරිනි. ඒ අතර බල්ටි ගසන්නට ගිය ජනරංග අයියා හට වී තිබුනේ අමුතු සිද්ධිය කි. ආහාර වලින් ලැබුනු ශක්තිය විභව ශක්තිය බවට පරිවර්තනය වී, පසුව පහළට එත්ම එය චාලක ශක්තිය බවට පත් වී, පොළවට ආසන්නයේදී එම ප්‍රවේගය උපරිම අගයක් ලබාගෙන පතිත වී තිබිනි. එමගින් ඇති වූ ක්ෂණික ආවේගය මගින් ආවේගී බලයක් කකුල් මත ඇති ව තිබුනි. අස්ථි එකිනෙකට බැදීපවතින බැවින් එකිනෙක අස්ථිය මත ද ආවේගී බල ඇති වී අවසානයේ හොක්ක ට ද එයින් හොක්ක අතර සිර වන දිවට ද ක්ෂනික ආවේගී බලයේ බලපෑම් සිදුවී තිබින. අවසානයේ මන්තරකාරි අක්කා ට වැදීමට යයි සභාව රැස් කළ පොඩි මෑන් අවසානයේ කතාව වෙනස් කොට එය සමුගැනීමේ කතාව බවට පත් කළ බව ද අපූරු ය. (අභීෂ අයියා ගේ මැදිහත්වීමෙන් පොඩි සිනාමුසු නෝන්ඩියක් ද කෑමට සිදු නොවූවා ම නොවේ).
කෙසේ වෙතත් අවසානයේ සියල්ලන් ම සතුවින් විසිරයාමට යෙදුනහ. නමුත් එම මොහොත නැති කරගැනීමට සිත් නොදුන් බව කිව යුතුම ය. අහම්බෙන් දකින බ්ලොග් පෝස්ටුවක්න් එක්රැස් වෙන මිතුරන් ඇත්තටම එකට එක් වී දැන හැදිනගෙන කතා බහ කොට ඒ ලබන වින්දනය මෙපමණ යයි කියා නිම කළ නොහැක. බ්ලොග් මිතුරන් ද එක පවුලකි. එහි සිටින වයස් භේධ නැත, පළාතකට කොටු වී නැත, ගැහැණු පිරිමි කියා භේධයක් නැත. ඔවුන් සියල්ලන්ම ලියන්නේ තමුන්ට දැනෙන දේ සිතෙන දේ ය. ඔවුන් තමුන් ලියන කීබෝඩයෙන් බලාගන්නා මොනිටරයෙන් ඔබ්බට කැදවා දැන අදුනගැනීම ට සැලැස්වීම ප්‍රශංසනීය බව කිව යුතුම ය.
එන්න බැරි වුණා.......අයියාට විභාගෙ ට අවශ්‍යම පැවරුමක් තිබුණ නිසායි.මට තනිවම එන්න බැරි නිසයි.
ReplyDeleteපිස්සුම කොරයි!!
ReplyDeleteමැක්සා ෆන් එකක් ගත්තා!!
ගොඩාක් අය අදුන ගත්තා... නියමායි!
කවුද බොල මඩ ගහන්නෙ ඇ ?
ReplyDeleteඔන්න මල්ලි මට මඩ ගහලා හරිම නෑ.අර කෑත ෆොටෝනුත් දාලා.ඉන්නකො මමත් දානව ඔයාට මඩක්.සෝයි නේද ඊයෙ?
ReplyDeleteපික්සු කොර :D
ReplyDelete@ නෙරංජි අක්කා : කමක් නෑ අක්කේ අපි ලබන පාර හම්බුවෙමු කෝ..!!!
ReplyDelete@ Chamikawp : සහතික ඇත්ත කථාව.. නොදන්න කීයක් නම් අදුනගත්තැයි..!!!
ReplyDelete@ බනී : කෝ කෝ.. මොකා ද මඩ ගහන එකා.. :/
ReplyDelete@..ChAnDiKa.. : අනිවා...!!!
ReplyDeleteපස්ට ගෙට් එක.....
ReplyDeleteඅමතක නම් වෙන එකක් නෑ කවදාවත්.....
හොඳ අත්තිවාරමක් වෙයි නේ?
නැතුව නැතුව පවනි අයියේ.. හෙ හේ.. පට්ට නෝන්ඩිය හැබැයි හොදේ..!!! හොකොස්..!!!
ReplyDeleteහෙහේ....මට හොඳ හැටි මතකයි කස්ටිය රෙදි ගලෝගත් හැටි..මට හොඳ හැටි මතකයි...
ReplyDeleteඅනිවා...හැමෝම අමතක නොවන ෆන් එකක් ගත්තා.වැදගත්ම දේ හැමෝම එකිනෙකාව අදුනගත්ත එක.ඉදිරි ගමනට ජය!!
ReplyDeleteඅපරාදේ යයි සිතමි.. ලබන පාර සෙට් වෙමි. ඉරිසියයි බොල ෆොටෝ දකිද්දී..
ReplyDeleteමේ පවනි තරංගාත් කමෙන්ට කරල තියෙන්නෙ පව් ගෙදරින් බැනුම් අැහුවද දන්නෙ නෑ රෑ වෙලා කෙල්ල ගෙට ආවෙ නෑ කියල...
ReplyDelete@ පවනි තරංගා අයියා: ඕන් අපි නම් හිතේ කහට තියන් ඉන්නෙ නෑ
ReplyDelete@ කල්ප : ඒ කතාව 100% ඇත්ත...!!!
ReplyDelete@sAm sRi : එන්නකො ලබන පාර..!!
ReplyDelete@ amila chathuranga : ටොක්කකුත් කාලා කියලයි ආරන්චියෙ හැටියට!!!
ReplyDeleteචතු මුති ෆිට්-ඔන් රූම් එකේ දී ඩෙනිම ඇදගෙන පරණ එක කඩේ තියල අළුත් එක උස්සලා...
ReplyDeleteඒ හෙන චාටර් ඕයි...
ජීවිතේ පරදුවට තබා.. පට්ටයි ඈ...
ReplyDeleteහරිම වටිනා හමුවක් වුනා.. වගේම හඳුනා ගැන්මක ආරම්භයක් වුනා.. නැවත අපි හමුව් වෙමු !
ReplyDeleteamila chathuranga - රාත්‍රී එකොළහ පසු වී නිවසට ගියෙමි.... එහි ගැටලුවක් නැත... ගත යුත්තක් ද නැත...
ReplyDeleteගැටලුව පැන නැගුනේ වතුර බෝතලයේ දමාගෙන තිබූ සිසිල් වූ නෙස්කැෆේ කෝප්පය නිසාය.. සහෝදරයා එයට වග කියා තිබූ අතර එය හසු වූ මාගේ මෑණියන් එහි තිබුනේ කුමක්ද? සහෝදරයා එය ගෙන ආ සැනින් එයට වගෙ කීවේ මම්ද්.ඇයි කියා තවමත් දෙගිඩියාවෙනි...... මේ වනවිට නිවසේ දැඩි ලෙස "භීෂනය" කි....
ප.ලි. කෙල්ල සම්බන්ධ ගැටලුවට තවමත් හරි හැටි විසඳුම් සොයාගෙන නොමැති බව කරුණාවෙන් දන්වා සිටිමි..
:ඩී :ඩී :ඩී
කවුද බන් අභීශ අයියා.. :D
ReplyDeleteහොඳයි හොඳායි...
ReplyDeleteචොයි වැඩේ...
ReplyDelete@ පොඩි මෑන් : අයියෝ.. එහෙනම් ඒක තමයි මේක..
ReplyDeleteඅපිත් එක්ක ඇවිල්ලත් චතූගෙ ටැග් එක අපි එකෙක්වත් දැක්කෙ නෑනේ. ෂික් අපසාදේ....
ReplyDeleteහයියෝ.. මටත් එන්න බැරි වුනානෙ... ඊලඟ සැරේනම් අනිවා එනවා... හික් හික් හයියෝ..මඩ... අලුත්ම ඩෙනිම මරු..
ReplyDelete@ සිහින යා: අයියැයි පොටෝ වගයක් ඇති ඈ..
ReplyDelete@ වෙනි : සත්තකින්ම..
ReplyDelete@ අභීත : පොඩි මිස්ටේක් අප්පා...!!!
ReplyDelete@ මාරයාගේ හෝරාව : නැතුව නැතුව
ReplyDelete@ Raj : හි හි.. නැත්නම්..!!!
ReplyDelete@ නාකියා : අපි නම් ආව ගමන් දැක්කෙ ඒක..!!!
ReplyDelete@ හිතුවක්කාරි : එන්නකො එහෙනම් ඊලග සැරේ වත්..!!
ReplyDeleteහමුවීම සතුටක් මලයා..
ReplyDeleteඔවු ජනරංග අයියේ..!!! ලොකු සතුටක්..!!!
ReplyDeleteකෝ බොල මං ඊයෙ දාපු කොමෙන්ට් එක? :O
ReplyDelete@ යසයා : ඕං මම නම් ඉස්සුවෙ නෑ.. :/
ReplyDeleteහලේ.. මේ ආච්ච්ගෙ නෙට් කොනෙක්සන් එකට පබිලිස් වෙලා නැද්ද කොහෙද? ආය දාන්නම්කෝ..
ReplyDeleteඅපිට ඔය ෆිසික්ස් නම් තේරෙන්නෙ නෑනෙ.. තේරුනා නම් මෙහෙම ඉන්නවාය.. ලෙසටම ලියල තිබේ.. හදුනාගැනිමට ලැබීම සතුටක්.. :P
එන්න බැරිඋන එක ගැනනම් දුකයි අප්පා.. ඒත් ඉතින් මොනා කරන්නද..
ReplyDelete@ යසයියේ අපි දන්නෙත් නෑ.. අපේ සුනිල් ප්‍රේමතිලක සර් අච්චර පෙරෙත්ත කරලා කියලා දෙන එකේ අංශුමාත්‍රයක් හරි මතක තියෙන්නත් එපැයි ඉතිං.. :/ අදුනගත්ත එක නම් ලොකු සතුටක්..!!!
ReplyDeleteජිවිතේ තියෙන තුරාවට කවදාවත් අමතක වෙන්නේ නැති දවසක්...
ReplyDelete@ දිනේශ් : අයියා ව මතක් උනා.. ඒත් එන්න බෑ නේ.. :( පස්සෙ හම්බුවෙමුකෝ..!!!
ReplyDelete@ වර්ණා : ඒක නම් ඇත්ත අක්කේ.. :)
ReplyDeleteමැක්සා තමයි මලයා, ආයේ දවසක සෙට් වෙමු එහෙනම්.
ReplyDeleteරෙප් මහත්තයා : හොදා හොදා.. මහත්තයා ගෙ මඩ ටික නම් මරු ඈ..!!
ReplyDeleteපින්තූර දැක්කාම ආසාවෙ බෑ.ඊලග පාරවත් බලන්න ඕනෙ.
ReplyDeleteමඩ නම් සුපිරියි.
අභීෂ නෙමේ මහීෂ අයියා! අනික අර ටැග පිටින් ආපු වැඩේනං චාටර්! අය්යෝ සල්ලි!
ReplyDelete@ නිසුපා : එන්නකො ලබන සැරේ.. අනේ මම නම් මඩ වලට නෑ ඕන්..
ReplyDelete@ ඉන්දික උපශාන්ත : ඔවු ඔවු.. ඒක හදන්නෝනෙ.. :/ ඇහුනු හැටියට නෙව නම ලිවුවෙ...!!! :/ චතූ අක්කා නං දැක්කෙ නෑ වගේ ඉන්නෝ..
@ හිම හංසි අක්කා : අයියෝ අක්කාගෙ කොමෙන්ට් එක තිබ්බෙ ස්පෑම් ගොඩේ නේ.. දැන් මම දැක්කේ.. අයියෝ අයියෝ ඉතිං අක්කා ගෙ ලස්සන පොටෝ හැමෝම දාද්දි වදින ඇස්වහ කැපෙන්නත් එපැයි. අනික ඉතිං අක්කා මට මඩක් ගහනෝ කිවුවට අවසානෙ සින්දුව ලස්සනයි කියලා නෙ කියලා තියෙන්නෙ.. හි හි.. සෝයි දවසක් ඇත්තටම...!!!
ReplyDeleteනියමයි මලයෝ.. හෙ හෙ හෙ...
ReplyDelete@ ප්‍රාර්ථනා.. : අක්කා හිනා වෙන්නෙ ඔලොක්කුවට වගේ නේ :දිව
ReplyDeleteඕන් මම නම් මඩ ගැහුවෙ නෑ හොදේ..!!!
මඩ.. ,මඩ... උපරිමයි..:/ :D
ReplyDeleteඕන් මම නම් නෑ ඕවාට චතූ අක්කෙ..
ReplyDeleteඅනේ මේවා දකිනකොටත් දුකයි...මෙයාලා ගිහිල්ලා එකතු කරන් තියෙන්නේ මඩ විතරනේ..
ReplyDelete@ පුංචි කුමාරිහාමි : ඇත්තටම අපි මඩ කියලා සරළව අදුන්වන්නෙ අපේ එිතට වැදිච්ච දේවල්, ගොඩක් හිනා උන තැන්. අපේ එිතේ රැදුනු සොදුරු මතකයන්.. :) ඒ නිසා මඩ කියන දේ ජීවිතේ ට වටිනවා..!!! :)
ReplyDelete