Saturday, October 22, 2011

තවත් එක් විභාගයක්

වෙනදාට කලින් අද අවදි වීමට උනි. දතකට මැද පාසල් ඇදුම ඇද සැරසුනේ සෙනසුරාදා දින ද පාසල් යාමට  ය. නමුත් මෙදින රැගෙන යන්නට උනේ ෆිසික්ස්, කෙමිස්ට්‍රි පොත් නොවේ. කොළ කැබලි කිහිපයක් හා ලියන්නට කියන්නට පෑන් කිහිපයක් ය. වෙනදා මෙන් ම අම්මා ට හා තාත්තා ට වැද ආශිර්වාද ලබා තාත්තා සමගම පාසල කරා නික්මුනෙමි.

ශාලා අංකය 2 ය. අංකය 2411768 ය. එ‍සේ සදහන් වූ ඩෙස්කයක් මා 11 වසරේදී ඉගෙනගත් පන්තියේ මැද හරියේ තිබුනු ඩෙස් එකක් බැවින් හුරුපුරුදු විය. ඈදිගත්තේ වෙනදා මෙන් නොව, මා හා දෙදෙනෙක් පමණක් ඈදිගත් ශාලාවක ය. 9.00 සීනුව වැදීමට තත්පර කීපයකට කලියෙන් කඩිමුඩියේ තවත් එකෙකු දිව ආවේ ය.
දැන් අපි තිදෙනෙකි. අපි සැම දෙනාටම පේපර්ස් 2ක් බැගින් ලබාදෙන ලදී. වෙනදා මෙන් ම පේපරය අතට ගත් විට එයට වැද හොදින් ලියන්නට හැකි වේවා යි පැතුවේ පුරුද්දකට මෙන් ය. 

තිබුනු දෑ හුරුපුරුදු ය. ඇතැමක් මතකයේ නැත. සමහරක් නොදනී. කිසිවක් පාඩම් කරේ නම් නැත. එහෙත් ලිවීමට අවැසි ය. පළමු 40 ඉරි අදින්නට ය. පසුව ලියන්නට ය. අමාරු ද ලේසි ද කියා මම නොදනී. සියල්ල නිම කළෙමි. දැන් ඇත්තේ කොටු කොලයේ පාට කරන්නට ය. ඉන් පෙර අතේ බැදි ඔරලෝසුව වෙත මාගේ ඇස යොමු වුනේ පුරුද්දට ය. වේලාව 10.28 ලෙස දිස් විය. කරකියාගන්නට දෙයක් නැත. තාලයට කොටු කොළයේ පාට කරන්නට ගතිමි. පැය 1/2 ක කාලයක් තිස්සේ පාට කලෙමි. තවත් පැයක් ගතකිරීමට තිබේ. අමතර පන්ති යැයි කියමින් මා හා සිටි අනිත් තිදෙනා නික්ම ගියත් මා හට නික්ම යාමට තරම් සිතක් නැත. 

සිතන්නට පටන් ගතිමි. 2009 වසරේ ද මෙවන්ම විභාගයක් තිබුනි. එහිදී නම් ශාලාව පිරී ගොසිනි. නමුත් අද මා පමණි. වෙනදා සිසුන් තුළ ප්‍රබෝධය දකිනට තබා 20 කට ඈදිගතහැකි ශාලාවේ විභාගයට පෙනී සිටියේ 4 දෙනෙකි. ඔවුන්ගෙන් ද ඉතිරි වූයේ මම පමණි. මෙම විභාගයට ප්‍රාව්ශපත් දුන්නේ මීට දින 4 කට පෙර ය. වසර ගණනකට මෙහි ප්‍රතිඵල ලබා දී නොමැති බව ද අසන්නට ලැබුනේ විභාගයට නොපැමිනෙන්නේ යැයි කියූ කෙනෙක්ගෙනි. 

ඇත්තෙන්ම මෙලෙස කිසිදු සූදානමක් නොමැතිව, ළමුන්ට කිසි දැනුමක් නොමැතිව, කෙදිනකවත් ප්‍රතිඵල නොදෙන, ළමුන් නොපැමිනෙන විභාග පවත්වා බලාපොරොත්තු වන්නේ කුමක් ද කියා ආගන්තුකයා ට තේරුම් නොයයි. මේ කියුවේ අද දින පැවැත්වූ G.I.T 2011 විභාගය ගැනයි. ආගන්තුකයා ට නම් විභාගය එතරම් දෙයක් නොවේ. නමුත් මේ ලංකාවේ කිසිදු දෙයක් නොදත් ළමුන් කීයක් නම් මේ විභාගය අසමත් වේ ද? කොපමණ පිරිසක් මෙය වැඩකට නැත්තක් ලෙස සිතා ගෙදර නවතී ද? පරිගනක සාක්ෂරතාවය මෙසේ මැනීම ප්‍රමාණවත් ද? 

4 comments:

  1. අපි A/L ලියද්දිනම් ඔය විභාගේ තිබුනේ නෑ..

    ReplyDelete
  2. දැන් තියනවා නෙ දිනේශ් අයියේ.. ඒත් මේකෙන් කිසි වැඩක් වෙන පාටක් නම් පේන්නෙ නෑ..

    ReplyDelete
  3. මමත් GIT ලිව්වා මල්ලි.අපේත් ලමයි ආවෙ නෑ හුගක් අය.අපි ලියන පේපර් එකට අමතරව ප්‍රෑක්ටිකල් විභාගෙකුත් තියෙන්න ඕනලු.ඒකෙ ලකුනු ඉස්කෝලෙන් යවන්නෙ නෑති නිසාලු රිසල්ට් දෙන්නෙ නෑත්තෙ.ඉස්කෝලෙන් අහන්න කියල දවසක් රිවිර පත්තරේට විභාග කොමසාරිස්තුමා කියල තිබුනා.අනේ මන්ද.අපේ එහා ගෙදර අක්ක 2009 AL කරේ.එයාලගෙත් රිසල්ට් ඈවිත් නෑ ලු.

    ReplyDelete
  4. ඔන්න ඕක ලු අපේ ර‍ටේ GIT තත්වෙ.. මොකට මේවා තියනවා ද මන්දා..

    ReplyDelete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....