2011 RPL තරගාවලිය 13 - D වැල්ලේ Fighters කණ්ඩායමට ජය ගෙන එමින් නිමා වුනා.. ඔවුන් දක්ෂයින්.. සැබෑ දක්ෂයින්... සැවොම ඔවුනගේ දක්ෂතා ගැන මතුවට කතා කරාවි. නමුත් මම ඔවුන්ගේ දක්ෂතාවයන් ගැන කතා කරන්නේ නෑ. මම සැබෑ දක්ෂයින් ගැන, වැඩිපුර කතා නොවන දක්ෂයින් ගැන, ඇතැම් විට සැමටම මගහැරුනු දක්ෂයින් ගැන කියන්නම්.
ඒ මගේ කණ්ඩායමේ සිටි සාමාජිකයන්. ඒ කියන්නේ RPL 2011 යථාර්තයක් කරන්නට දහඩිය, කදුලු, ලේ හෙලපු සංවිධායක මණ්ඩලය. චමෝද, දේශාන්, ජයතිලක, ශාන්, මට මතකයි Sneath Ground එක වටේ ගිහින් Boundry එක හදපු හැටි. මතකයි කොඩි කණු හිටවපු හැටි. මතකයි පාර තලපු හැටි. මට මතකයි කිරි පැකට්, කෑම පැකට් අදින්න දුවලා පැනලා වැඩ කරපු හැටි. සදීෂත් එයින් කෙනෙක්. මට මතකයි ශිරන්තයි පසිදුයි හොස්ටල් එකේ වහලට වෙලා පැය ගැණක් කාපු කට්ට.. Invitation හදන්න විදපු දුක. Photocopy ගහන්න තිබ්බ ආසාව.. හි හි.. රුක්ෂාන්, කාංචන සතයක් වත් එහේ මෙහේ වෙන්න නොදී ලස්සනට budget එක handle කරපු හැටි. ගාල්ලේ ඉදන් රිජිෆෝම් බෝඩ් කත්දරාවක් අර හුලගේ ආම්බාන් කරගෙන මෝටර් බයිසිකලේ ඩබල් දාලා ආපු හැටි. ශිරාන්, ඔහු කරපු දේවල් නම් මෙහෙම කියන්න බෑ. අවුරුදු ගාණක් කිවුවත් මදි. මාස 5 කට කලින් අපේ group members ලගෙ නම් ටික ලියපු වෙලේ ඉදන් පෙරේදා වෙනකොට certificate 150 ක නම් ලියලා Tiles 150 ක් අලවලා බර ඔක්කොම තමන්ගේ කරට අරන් වැඩ කලා. Designings කරා Trailers හැදුවා. මේ හැම දේම කලා. ඇත්තටම ඔහු ලොකු හයියක්. මේ සියලු දෙනා ගෙ හයියෙන් තමයි අපි RPL 2011 සාර්ථකව නිම කලේ. සහෝදරයිනේ ගොඩක් ස්තුතියි. මාර සහයෝගයක්.
ඒ වගේම මතක් කරන්න ඕන කවෙන්ට්‍රිය නියමෙට දුන්න තාත්තා (අනේ නම මතක නෑ) අනිත් මල්ලිලා හැමෝම.. ඒත් එක්කම අපේ ෆොටෝ ගහපු මල්ලිලා දෙන්නා. සංකල්ප, මගේ ගජ යාළුවා, මාර සහයක් දුන්නා. "උඹලා කරන ඕන වැඩකට අපි ඉන්නවා" ඒ වචන ටිකත් ඇති. මේනුක, තනුජ, කවිදු පුදුම සහයක් ලබලා දුන්නේ. ඒ වගේම සුජිත් අයියා කාපු කට්ට මතක් කරන්න ඕන. අයියා නැත්නම් මේ දේ කරගන්න වෙන්නෙ නෑ. අචලංක අයියා යි කොස්තා අයියා යි විශේෂයෙන් මතක් කරන්න ඕන. මරෙ කට්ටක් කෑවෙ. ගුරු මණ්ඩලේ හැම කෙනෙක්ටමත් ගොඩක් ස්තුතියි. අනේ නම් නොකියවුනා නම් අමනාප වෙන්න එපා. හැම දෙනාම මාර හයියක්.
No comments:
Post a Comment
මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....