Monday, December 31, 2012

මගේ සිහිනයට


අවදිවන්නට සිතක් නැත මට..
ක්ලේශ ගින්නෙන් පිරී ඉතිරී..
දකින්නට ඒ දැවී අලු වුනු..
සිත් නමුත් පරවුනු කැකුලු වන්...

අවදී වී සිටි කාලෙයේ මම..
සිතිමි සුන්දර දසුන් නෙත ගැට..
හිමිව මා හට වසන කලටම..
සෙවන සලසයි අන්ධකාරෙන්..

නමුදු වරෙකට බැලිමි වට පිට..
එළිය තනිකර අදුර රජ වී..
වසාගෙන සැම ඉරෙහි කිරණම..
ඉඩැර නෙත්යුග වසන්නට මට..

හරිත වන වූ තුරුලතා මැද..
සිටී මා ඒ සිරියහන මත..
‘සිහිනයකි එය නිමා නොම වෙන‘
වරෙක සිතුවෙමි මුක්ධ විලසින්..

නොදැනුනෙමි එය නිමවනා බව..
දැවී අලුවී පිලිස්සෙන තුරු.. 


- ජනිත සෙනෙවිරත්න

13 comments:

  1. ගොඩක් කාලෙකින් කවියක් කියෙවුවේ මලයා ලිවුව.. නියමයි බං..

    ReplyDelete
    Replies
    1. එදා ඉදන්ම මාත් එක්ක හිටපු දිනේශ් අයියා තරං මගේ බ්ලොග් කෙරුවාව ගැන දන්න කෙනෙක් වෙන නැතුවත් ඇති. හුග කාලෙකිං ලියවුනේ මෙහෙම එකක්.. බොහොම ස්තුතියි!!

      Delete
  2. ලස්සන කවියක්. අගය කරනවා හැකියාව.

    ReplyDelete
    Replies
    1. තව කවි ලියවෙයි මං හිතන්නෙ.. ස්තුතියි අයියෙ..

      Delete
  3. ලස්සනයි මල්ලියා... කාලෙකින් නේ කවියක් ලියලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ලිවුවොත් ලියන්නෙ මෙහෙම කවි නෙ අක්කෙ.. :)
      ස්තුතියි!

      Delete
  4. සුබ නව වසරක් වේවා ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියෙ!!

      Delete
  5. හ්ම්ම්ම්ම්ම්.....සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔයාට...!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි..!!!

      Delete
  6. බොහොම ස්තුතියි..!!!

    ReplyDelete
  7. ඒ උඹ කවිත් ලියනවද?
    මරු නෙ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අපිට කෝකත් චුට්ට චුට්ට පුළුවං ලු නේ..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....