දැකගන්න ප්‍රිය කර
අයැදුවෙමි ඔබෙ ලොව
සිත්තම් කරනට සිතිවිලි පලසේ
නොදැක ඔබෙ රුව කවරදාවත්
ප්‍රිය කළෙමි දැකගන්නට
වියැකෙන්නට මත්තෙන්
ඡායාවක් මවනට හිස් වූ නෙත් සගලේ
නොඅසා ඔබෙ ප්‍රිය වදන් වැල්
බලා හිදින්නෙමි අසන්නට
දෙදරා කැඩී බිදී යන්නට මත්තෙන්
ඉරි තැලී ඇති වදන් යොමුවේ
නොලැබ ඔබේ සුව පහස
බලා නොහිදිමි විදින්නට
නොදැක ඔබේ ලොව..
නොදැක ඔබෙ රුව..
නොඅසා ඔබේ ප්‍රිය වදන් වැල්..
නමුදු ප්‍රිය කරමි
පියවුනු පසුව වත් වැහැරුනු දෙනෙත්
විදිනට සියල්ල...
මියෙන්නට පෙර නොලැබූ..
ලස්සන අදහසක්..
ReplyDeleteකෙනෙක්ට නපුරක් උන සුන්දර අදහසක්
Deleteඅසුන්දර අත්දැකීමක සුන්දර පැත්ත !
ReplyDelete:) එමමයි..!!!
Delete