Friday, October 26, 2012

මම සහ පොටෝ ගැහිල්ල අතීතයේ සිට වර්ථමානය දක්වා

මේ දින වල පොටෝ ගැසීමට දැඩි ආසාවක් ඇතිවී තිබෙන බැවින් මම ම මෙය වුනේ කෙසේද, කොහොමද කියා සොයා බලන්නක කැමැතියි. ඉතින් පුංචි කාලෙ ඉදලා අද වෙනකං කොහොමද මේ දේ උනේ, කවුරු නිසා ද උනන්දු උනේ, කොහෙන් කෙළවර වෙයි ද කියලා මේක ලියන් යද්දි මටම තේරෙයි. කොහොමත් ‍මේවගේ එකක් ලියද්දි (බ්ලොග් පෝස්ට් එකක්) මට ඔය ඔක්කෝම බඩවැල වගේ මතක් වෙනවා. ඒ නිසා සෝයි.

මං පුංචි සන්දියේ, ඒ කාලෙ අපේ ගෙදර තිබ්බා රීල් කැමරාවක්. ඒක Konica MT-11 කියලා එකක්. අම්මා මගේ පොටෝ ගහද්දි මටත් ඉතිං මාර ආසයි ඕකෙන් පොටෝ ගන්න. ඒත් මට කවදාවත් පොටෝ එකක් ගන්න හම්බෙලා නෑ ඕකෙන්. ඒක ඉල්ලලා අඩද්දි මට ඕක හිටවපු ත්‍රිපාදය (Tripod) එක දෙනවා. මං ඒකෙ දහ අතේ හොයනවා කොහෙද ඔබන බොත්තම තියෙන්නෙ කියලා‍. පස්සෙ ටිකක් ලොකු උනාම මට කැමරාව එක පාරක් දුන්නා. රීල් නැතුව. මං ඉතිං ඔබ ඔබ හිටියා. එච්චර තමා පුංචි කාලෙ. කවදාවත් මං පොටෝ එකක් අරන් නෑ. මේ කැමරාව වැඩ. මොකද්ද දෝසයක් තියනෝ ලු. මේ දැනුත් අතේ තියෙන්නෙ.

පස්සෙ ඉතින් කාලෙ ඔහේ ගෙවුනා, පින්තූර ගැනිල්ල ගැන මෙලෝ අදහසක් තිබ්බෙ නෑ. කැමරා සංගමේ අයියලා, මලයලා කැමරා උස්සන් දුවද්දි ඉතිං මට හිතුනෙ 'අම්මපා මුංට පයිත්තියංද?' කියලා. ඔය එක එක අවස්ථා වලදි එක එක අය ඩිජිටල් බට්ටො (point and shoot camera) වලින් පින්තූර ගනිද්දි මම display එක දිහා බලං හිටියෙ ආසාවට වගේ. මේ මෑතක් වෙනකං (මම 13 වසරෙ 2වනි වාරෙ ඉවර වෙනකං වගේ) 

පස්සෙ තමයි වැඩේ පත්තූ උනේ. අපේ ගෙදර අවුරුද්දකට නවතින්න ආපු Mickel ගාව තිබ්බා Olympus sp 800uz Bridge කැමරාවක්. මම ඉස්සෙල්ලාම බලද්දි ආස උනේ ඒකෙ විශාලන හැකියාවට (zoom). ඒක ඉල්ලන් දවස් දෙකක් තුනක් පොටෝ ගහද්දි අහම්බෙන් වගේ කවුරු හරි මාව Photo Talk Facebook Group එකේ සාමාජිකයෙක් කරලා තිබ්බා. (ඒ කවුරු කරත් මං පින් දෙනවා)  ඒ ගෲප් එකේ දේවල් මං එතරම් ගනංගත්තෙ නෑ. මං හිතං උන්නෙ මාව ඇඩ් කරලා තියන අනිත් ගෲප් එකසිය ගාන වගේ තවත් එක ගෲප් එකක් විතරයි කියලා. කොහොම හරි අර කැමරාවෙන් ඇති වෙච්ච ආසාව නිසා ඒකෙ ක්‍රියාකාරීත්වය, මෝඩ් මාරුකිරිල්ල ගැන එහෙම මං හදාරන්න උත්සාහා කරා.

මේ අවුරුද්දෙ (2012) වෙසක් පෝය දවසෙ තමයි හොද වැඩක් උනේ. එදා මං දැක්කා අපේ බනි අයියා (අනුශ්ක ලක්මාල්) පුන්සදේ පින්තූරයක් අරන් පළ කරලා තියනවා. පස්සෙ මටත් ආස හිතුනා එයින් එකක් ගන්න. අර කැමරාවත් අරන් එලියට ගිහින් ගත්තා, හද නිකං මොකද්ද ව‍ගේ වෙලා. මං ඉතිං ආසාව අත්තැරලා බලාපොරොත්තු කඩ කරන් 'බනි අයියාගෙ කැමරාව හොද එකක් වෙන්න ඇති' කියලා හිත හදාගෙන, ඒත් කමක් නෑ අහලා බලනවා කියලා ලිස්ට් එක ඔන්ලයින් දාලා බනිඅයියාගෙන් ඇහුවා. පස්සෙ කියාපි, 'යකෝ උඹේ ගාව තියන එකෙන් ඔයිට හොදට ගන්න පුළුවං Tripod එකේ තියලා ගනිං කියලා. අවුරුදු ගානක් කබඩ් එක උඩ තිබ්බ Tripod එක මට වැදගත් උනේ අවුරුදු ගානකට පස්සෙ. දුවලා ගිහින් ඒක අරන් ඇවිත් තියලා ගහපු පළවෙනි එක හිතට ඇල්ලුවෙ නෑ, ඒත් තරමක් හොදයි වගේ. පස්සෙ තටමලා තටමලා Program Mode එකට අරන් (Manual Mode එකක් ඒකෙ නෑ) බනි අයියා කියපු විදිහට ISO අඩු වැඩි කරලා ගහලා බලද්දි මරු පින්තූරයක් (ලෝකෙ තියන හොදම පින්තූරෙ නෙමෙයි, තරමක් හොද පින්තූරයක්) ගහගන්න පුළුවන් උනා. මට ඒ වෙලාවෙ ඇති වෙච්ච සතුට වචන කරන්න මට තේරෙන්නෑ.
මේක තමයි ඒක

පස්සෙ මම ඉස්සෙල්ලාම කරේ ඒක ෆේස්බුක් දාපු එක. ඒකට පළවෙනි කමෙන්ට් එක ගැහුවෙත් බනි අයියා "ඔය තියෙන්නෙ" කියලා. පස්සෙ මම නිකමට වගේ Photo Talk Group එකට ඒක දැම්මා. ලයික් කමෙන්ට් වැඩිය නැති උනත් කවුරුත් ඒකෙ වැරැද්දක් නම් කිවුවෙ නෑ. මට එදා ඒ ආසාව ඇති උනා. පස්සෙ අර කැමරාව අතපත ගාලා බලද්දි ඒකෙ Macro Mode කියලා එකක් තිබ්බා. ඒගැන ඒ තරම් අවබෝධයක් තිබ්බෙ නෑ. දවස් දෙකකට විතර පස්සෙ මම දැක්කා ගෲප් එකේම Macro පින්තූරයක් පළ කරලා තියනවා. ඒක හරි ලස්සන අපූරු සමීප පින්තූරයක්. පස්සෙ තමා මට තේරුනේ සාමාන්‍ය point and shoot camera එකකින් සමීප පින්තූර ඒ තරම් හොදට ගන්න බෑ කියලා. ඉතින් කියන්න දෙයක් නෑ නෙ මං ඊලගට කරන දේ.. අර මැක්‍රො මෝඩ් එක ඇක්ටිවු කරන් පින්තූර ගන්න මම බැලුවා. මට ඒකෙන් ගන්න පුළුවන් උනා සමනල්ලු, නිදිකුම්බා මල්, බත්කූරො, සර්කිට් කෑලි වගේ ඒවා. 









මට මං ගහන පින්තූර වල අඩුවක් තේරුනා. පස්සෙ බලද්දි තමා තේරුම්ගත්තෙ macro lens වලින් ගන්න පින්තූර තරම් හොදට බහු කාර්යය Bridge Camera වලින් ගන්න බැරි බව. පස්සෙ තමයි ඔය lens හයි කරන්න පුළුවන් කැමරා, ඒ කියන්නෙ DSLR කැමරා ගැන හොයන්න ගත්තෙ. ඒ හොයද්දි ඉතාමත් වැදගත් දේවල් දැනගන්න පුළුවන් උනා. විශේෂයෙන්ම exposure triangle එක ගැන. Shutter Speed, Aperture, ISO කියන මේ දේවල් ගැන. කොහොම හරි Mickel එයාගෙ රටට යන්න ගියා. පස්සෙ ඉතින් මට කැමරාවක් නැති නිසා ඔහේ උන්නා. මේ කාලෙ ගෙවුනෙ ගත්ත පින්තූර දිහා බලන්න, පින්තූර ගන්න විදිහ ගැන තියන වෙබ් අඩවි කියවන්න වගේ දේවල් වලට. ඒ අතර පින්තූර වලට කමෙන්ට් ගහන එකේ නිතරම යෙදිලා හිටියා. ඔය අස්සෙ මං දැක්ක විශේෂ පුද්ගලයෙක් තමා හිතට එන එක ඒ විදිහටම raw format එකෙන් පිට කරන 'සමීර' අයියා. (මරු බ්ලොගේකුත් ලියනවා මමයි කැමරාවයි කියලා). Point and shoot, Bridge, DSLR ගැන වගේම විවිධ ක්‍රමෝපායන්, තාක්ෂණය, දැනුම වගේම කෝකටත් වඩා 'හොද හිතක්' තිබ්බ කෙනෙක් ඔහු. සමීරයියාගෙන් තමා කැමරාවක 'නට් එකක්' ගැන උනත් අහගන්නෙ. තේරෙන සිංහලෙන් කියන නිසා ඉතිං ඇගටම දැනෙනවා.මං වගේම පින්තූර ගන්න ආස සුරේශ් නුත් හූල්ල හූල්ල උන්නෙ කැමරාවක් නෑ කියලා. ඔන්න දැන් එයා නං කැමරාවක් ගන්නවා ලු.
ඔය ඉන්නෙ සමීරයියා මාත් එක්ක

මෙහෙම තියෙද්දි අපේ යාළුවෙක්ගෙ (සචින් කොළඹගේ) බඩ්ඩේ පාටියක් තිබ්බා. අන්න ඒකෙදි තමයි මං පළවෙනි පාරට DSLR කැමරාවක් පාවිච්චි කරේ. ඒක Canon 450D එකක්. මාට පාටියට වඩා 18-55 ලෙන්ස් එකත් ගහගෙන ඒ ලෙන්ස් එකේ ඔටෝ ෆෝකස් එකේ ලෙඩක් තියන නිසා මැනුවල් ෆෝකස් කරන් ගහපු පින්තූර ටික. එදා තමයි ඇත්තටම ඇගට දැනුනෙ කැමරාවක් පාවිච්චි කරනවා කියලා. ලෙන්ස් එක කරකව කරකව ගහපු පින්තූර ටික කවදාවත් අමතක වෙන එකක් නෑ. කාලෙ මෙහෙම ගෙවිලා යද්දි අපේ ගෙදරට තව ආගන්තුකයො වගයක් ආවා. ඒ පිටරට කට්ටියක්. ඒ අයත් අවුරුද්දක් ඉන්නයි ආවෙ. ඒ කෙනෙක් ගාව තිබ්බා Canon 400D කැමරාවක්. ඒකෙ හැබැයි තිබ්බෙ 50mm ප්‍රයිම් ලෙන්ස් එකක්. (ඒ කියන්නෙ සූම් ඉන්, අවුට් කරන්න බැරි ටිකක් වැඩිපුර සූම් වෙලා තියන ලෙන්ස් එකක්) ඒකෙන් ළග අයගෙ පින්තූර ගන්න නම් බෑ. සමීප පින්තූර ගන්නත් අමාරුයි. ඒත් ඒකෙන් ආලෝකය අඩු තැන් වල හොදට පින්තූර ගන්න පුළුවන් බවත්, විශේෂයෙන්ම හදලා තියෙන්නෙ මූණු ඒ කියන්නෙ පෝට්රේට් ඡායාරූප ගන්න කියලත් දැනගත්තෙ පස්සෙ. මොකක්වත්ම නැතුව හිටි මම ඒකෙන් ගත්ත පින්තූර ටිකක් තමයි කලින් පෝස්ට් එකේ (මට හොද මගේ පොටෝ 1) කියලා දැම්මෙ. 

ඒ කොහොම වෙතත් මම, සුරේශ් එකතු වෙලා අපිට උගන්නපු Photo Talk ගෲප් එක සංවිධානය කරන Photo Meet එකේ 3 වෙනි අදියරේ බර කරට අරන් තව අයත් සම්බන්ධ කරන් Photo Meet 3 හමුව සංවිධානය කරා ගාල්ලෙ. (මේ ඒ ගැන පෝස්ට් එක). ඒවා එහෙම වෙද්දි දැං පොඩි අවබෝධයක් ඇවිත් තියෙන්නෙ මේ පින්තූර ගන්න එක ගැන. කොහොම හරි ඔය අතරෙ 'පුංචි සමනලී' ගෙ පින්තූරයක් Photography Bay කියලා වෙබ් අඩවියක පළ වෙලා තිබ්බා. සුභපතන ගමන්ම අහගත්තා කොහොමද එහෙම දැම්මෙ කියලා. පස්සෙ තමයි දැනගත්තෙ පින්තූර දාන්න ඕන විදිහ. මාත් ඉතින් පින්තූර 3ක් දාලා බැලුවා. මේ 21 වෙනිදා Photography Bay එකේ ඡායාරූප එකතුවේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරන් යද්දි, මම ජීවිතේ ලබපු ලොකුම සතුටක් දැනුනා. ඒ මගේ පින්තූරයක් ස්ක්‍රෝල් කරන් යද්දි 6 වෙනියට තිබ්බ බව දැක්ක වෙලේ. (මේ තියෙන්නෙ එකතුව)
මේ පින්තූරෙ තමයි තිබ්බෙ
කොහොම හරි මම මේ පින්තූර ගන්න එකට ගොඩක් ආසයි, ආදරෙයි. විශේෂයෙන්ම කැමතියි macro, landscape, street photography, portrait, wildlife වගේ ඒවාට. Panorama ගැනත් දැන් උනන්දුවක් ඇත වෙමින් තියෙන්නෙ. HDR පින්තූරයක් ප්‍රොසෙස් කරන්න ගිහින් මගේ සුපිරි පරිගනකය කරපු පිස්සුව මතක් වෙද්දි මට HDR නං එපා කියලා හිතුනා. ඒත් එක්කම මතක් කරන්න ඕන චරිත තියනවා.

ලක්ෂාන් හිරුමල් අයියා, මේ අයියා ගාව තියෙන්නෙ නිකම්ම නිකං ‍පුංචි සෝනි ඩිජිටල් කැමරාවක්. ඒත් ඒක පාවිච්චි කරලා අරගන්න පින්තූර මාව පෙළඹෙවුවා පින්තූර ගන්න එක ගැන. පොඩි දේත් ගොඩක් වටිනවා කියන එක ඉගනගත්තෙ ඒ අයියාගෙන්. ඒ අයියාට හොද DSLR එකක් ගන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ඒ ව‍ගේම තමයි අපේ ගුරුවරු, ඉන්ද්‍රනාථ තේනුවර සර්, සිතුමිණි සර්, ප්‍රසාද් හපුආරච්චි මහත්මයා වගේම අතුල මහත්මයා. ඒ වගේම අරවින්ද චන්ද්‍රපද්ම අයියා තමයි HDR ගැන කියලාදීලා එහෙම පැත්තකුත් තියනවා කියලා පෙන්නුවෙ. ප්‍රසන්න ඉරෝශන අයියාගෙ වෙඩින් පොටෝ දැක්කාම මට දැම්ම බදින්න හිතෙනවා. ඒ තරම්ම ලස්සනයි. 55-250 ලෙන්ස් එකකින් වනජීවී ඡායාරූපශිල්පය පණ ‍පොවන දමිත් පතිරණ අයියා තමයි පෙන්නලා දුන්නෙ ලක්ෂ ගණන් වටින ලෙන්ස්ම ඕන නෑ කියලා. එකි මෙකී නොකී මේ හැමෝටම ගොඩක් ස්තුතියි‍ මට ජීවිතේ අලුත් පාරක් පෙන්නලා දුන්නාට.


ඔය මං කිවුවෙ.. පටං ගනිද්දි මේවා මේවා ලියනවා කියලා මගේ කිසි අවබෝධයක් තිබ්බෙ නෑ. දන්නැතුවම ගොඩක් දේ ලියවිලා. කොහොම හරි, දැන් අපේ ගෙදර ඉන්න Tom Rous Canon 400D cam එකකුයි 50mm ලෙන්ස් එකකුයි තියනවා. කොහේ හරි යද්දි ටිකක් ඉල්ලන් යන්න පුළුවන්. තව මාස ගානකින් ඒ අයත් යයි. ඊට පස්සෙ ඉතින් ආයෙත් වෙබ් අඩවි කියවන්න වෙලාව ඒවි. ඒ මොනවා උනත් මේ කළාවෙන් මං ඉගෙනගත්ත දේවල්, විශේෂයෙන්ම උඩින් කියපු මිනිස්සුන්ගෙන් හැමදාම මේ ජීවිතේට වටීවි. 

- Breaking News -
මේ දැන් සුරේශ් කැමරාවක් ගත්තා කියලා දැනගන්න ලැබුනා. ගොඩක් සතුටුයි. හොද පින්තූර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 

සමහර විට පින්තූර ගැහිල්ල තව මාස කීපයකින් නවතීවි. ආයෙ ඉතින් කැමරාවක් ගත්ත දවසට බලමු කියලා කියන්න වේවි. ඒ මොනා උනත් මං මේකට ආසයි, ආදරෙයි.

ප.ලි. : හැමදාම මේ පැත්තෙ එන අපේ දිනේශ් අයියාත් හොද පොටෝකාරයෙක්.. 
ප.ප.ලි : අපේ ගෙවල් පැත්තෙ ඉන්න ඉසුරු අයියා 60D එකක් ගන්නවාලු.. ;)

31 comments:

  1. සුභ පැතුම්...ඉක්මනින් කැමරාවක් ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..
      පුළුවං කාලෙක ගමු.. තව අවුරුදු 10ක් 12ක් විතර යයි මයෙ හිතේ :)

      Delete
  2. සමහර විට පින්තූර ගැහිල්ල තව මාස කීපයකින් නවතීවි. :(

    අර "හිමි නොවෙනා බව දැනුනත්...වෙන්වීමක් නොමැති" දේ ඉක්මනටම ලැබේවා. :D :D :D

    ඕකට කියන්න ඕනේ ඔහොම නෙවෙයි. "හිමිවෙන බව මම දනිතත්...ඉවසීමයි නොමැතී..." ;)

    හි හී.. ජයෙන් ජය අයියේ..!

    ReplyDelete
    Replies
    1. හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී කියලා දාලා තිබ්බෙ Canon 6D එකක් ගැන. අපේ අම්මාටයි තාත්තටයි සල්ලි තිබ්බා නම් ඉතින් මට කැමරාවක් අරන් දෙනවා ශුවර්. නැතත් ඉතින් ඉගෙනගෙන ඉවර වෙලා තව අවුරුදු 10 කින් විතර එකක් ගන්නවා. ඒ වෙද්දි Canon 6D වල ගණන් එහෙමත් අඩු වෙලා තියෙයි නෙ.

      රට යන විදිහට නම් මොනා වෙයි ද දන්නෑ.. ගන්න උත්සාහා කරනවා..

      Delete
  3. හිහ්.. 60D ගමු ගමු දෙන්නම.. ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. හා.. අයියා හෙට ගන්න.. මං අවුරුදු 10 කිං ගන්නං.. :P

      Delete
  4. වැදගත් විස්තරයක්.. ඔක්කොම හොද කල්පනාවෙන් කියවන් ආවා මටත් වටින නිසා..

    බොලේ මෙන්න මගේ නමත් දාලා හොද ෆොටො කාරයෙක් කියලා.. මම තාම ඉගෙන ගන්නවා මලයා.. :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හැමෝම ඉගෙනගන්නෝ නෙහ්.. අයියැයි පොටෝ මරු..!!!

      Delete
  5. ආ මට මතකයි උඹ එදා ඇනයක් උන හැටි :P
    එත් සෝ හැෆි!
    ජය වේවා!! :D

    ReplyDelete
    Replies
    1. සි‍කේ ඒක කිවුව ලස්සන විතරක්..

      ටැංකූ..

      Delete
  6. හ්ම්ම්. ආගන්තුකයලගෙ ගෙදර ගෙස්ට් හවුස් එකක් වත් තියෙනවද ඔච්චර විදේශිකයො නැවතිලා ඉන්න?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. ඒ අය මෙහේ උගන්නන්න එනවා.. අවුරුද්දෙන් අවුරුද්ද අලුත් අය.. අපේ ගෙදර තමා ඉන්නෙ.. ඉතිං මගෙත් යාළුවො..

      Delete
  7. හොඳ පෝස්ට් එකක්...... හදවතින්ම සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේම අදත් බොහොම ස්තුතිය කියලා කියන්නම්.. :)

      Delete
  8. Replies
    1. බොහොම ස්තුතියි නලීන් අයියා..
      මේ.. 'සමකය'.. අම්මා කියලා තියෙන්නෙ ඕන තූත්තුකුඩියක යනවානං පාර දැනං යන්න කියලා.. මං එහේ ගිහින් නෑ නෙ :/

      Delete
  9. අඩේ අර බත්කූරගේ එහෙම ෆොටෝ ටික මරු ඈ.ඔබට ජය පතනවා සිතන දේ ලැබේවා කියලා.

    ReplyDelete
    Replies
    1. අයියෝ.. ඒ ගත්ත විදිහ.. ඒකෙ එඩිට් කරපු එකක් තිබ්බා කොහෙද මන්දා..

      බොහොම ස්තුතියි!

      Delete
  10. මගෙත් ආසම සබ්ජෙක්ට් ඒක බං මේ පින්තූර ගැනිල්ල..පෝස්ට් එකකුත් ලිව්වා ඔය ගැන..තාම point & shoot එකකින් වැඩ දදා ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. දන්නවා නෙ දැං මං කරන දේ.. හිට්ස් වැඩි වෙයි බ්ලොග් එකේ.. හි හි..

      Delete
  11. බර අඩි තබමික් දිගු ගමනක් යන්නට හදවතින් ම සුබ පතනවා පුතා...!!

    ReplyDelete
    Replies
    1. කැමරාවක් ගත්ත දවසට 'හරි පොටෝකාරයෙක්' වෙන්න ඉගෙනගන්න එන්නෙ මං සර් ගාවට..!!!

      බොහොම ස්තුතියි..

      Delete
  12. ආව්ව්ව්ව්ව්.. නියමයි මලයා... ජය වේවා!! දිගු ගමනකට සුභ පැතුම්!! චුට්ටි කාලෙත් හරි ෆොටෝජෙනික් හෑ... :D

    ReplyDelete
    Replies
    1. තැංකූ වේවා අක්කෙ..

      හලේ මට ඒ පොඩි එකත් එක්ක ඊරිසියයි අප්පා.. දැං මං කැතයි නෙ :(

      Delete
  13. දිග ගමනකට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. හානේ බොහොම ස්තුතියි..

      Delete
  14. සුබ පැතුම් මලේ. ඔය ෆොටෝ ගැහිල්ල ගැන මුකුත් දැනගන්න ඕනෙනම් අහන්න, දන්නා සිංහලෙන් කියාදෙන්නම් හොඳේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියෙ.. අනිවාර්යයෙන්ම අහන්නම්..ෆොටෝ ගැහිල්ල කියන්නෙ පුදුමාකාර දෙයක්...!!!

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....