Photo Meet කියන්නෙ ලක්ෂ ගාණක් ෆේස්බුක් එකේ තියන වැදගැම්මකට නැති ගෲප් අස්සෙ තියන සාමාජිකයො විශාල පිරිසක් ඉන්න Photo Talk කියන ගෲප් එකේ ඉන්න ෆොටෝ උණ ගහපු මිනිස්සු සංවිධානය කරන, ඒ වගේම ෆොටෝ උණ තියන පිරිසක් සහභාගී වෙන එක්තරා විදිහක සුහද හමුවක් තවත් විදිහකින් දැනුම බෙදාගන්න තියන තැනක් වගේම ප්‍රායෝගිකව පින්තූර අරන් වැරදි අඩුපාඩු හදාගන්න අවස්ථාවක්. ඒ ඔක්කොටමත් වඩා ෆේස්බුකියෙ පොටෝ දාලා කමෙන්ට් කරන අයත් එක්ක හම්බුවෙලා කතාබහ කරන්න පුළුවන් වෙන හරිම අපූරු අවස්ථාවක්.
මේ පාර 3 වෙනි පාරට තමයි Photo Meet එක පැවැත්වුනේ. මම ෆොටෝ ටෝක් ගෲප් එකට සම්බන්ධ වෙලා මාස 5කට 6කට විතර පස්සෙ තමයි මේ ගැන දැනගන්න ලැබුනෙ. පළවෙනි මීට් එක කොළඹත්, දෙවනි මීට් එක නුවරත් තමයි තිබිලා තියෙන්නෙ. තුන් වෙනි මීට් එක තියෙන්නෙ කොහෙද කියලා Photo Talk ගෲප් එකේ පළ උනාට පස්සෙ මමයි සුරේශුයි තව කීප දෙනෙකුයි ගාල්ලෙ කරමු කියලා සද්දයක් දැම්මෙ. (එහෙම කොළඹම තියලා හරියනවැයි නැද්ද මං අහන්නෙ) කොහොමින් කොහොම හරි මුලින්ම කරන්න ඕන වෙලා තිබ්බෙ ගාල්ල පැත්තෙ හොද හෝල් එකක් හොයාගන්න එක. එක එක අය ඒ ගාන කිවුවත් අන්තිමට වැඩේ කරලා දුන්නෙ දැනට ලංකාවෙ වත් නැති "දිනේශ්" කියලා අයියා කෙනෙක්.
කොහොම හරි මේ ගැන කතා උනේ අපි (මමයි සුරේශුයි) අගෝස්තු මාසෙ උසස් පෙළ ලියන්න සූදානම් වෙද්දි (මම පළවෙනි පාර ගණිත අංශයෙන්, සුරේශ් දෙවන වර කොමස් වලින්) මම පළවෙනි පාර ලියන නිසාත්, මැත්ස් වලින් ලියන්න ඉන්න නිසාත්, ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසාත් ඒ ටිකේ මට නම් ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න උනේ නෑ. කොහොම හරි ඒ ලෙවලුත් ලියලා ඇවිත් බලද්දි ඒත් වැඩේ එතනමයි. කොහොම හරි මගේ කම්පියුටරෙත් කැඩිලා (කොහෙන් හරි ෆේස්බුක් එන්නත් එපායැ) අදුරන තැනක ඔන්ලයින් ආවාම සුරේශ් අහපි, "ඒ බං මේ උඹට පුළුවං ද බස් එකක් හොයාගන්න" මාත් ඉතිං පුළුවං එකා වගේ "හා හා මම තාත්තාටත් කියන්නං. අදුරන අය ඉන්නවා හොයාගන්න පුළුවන්" කියලා කිවුවෙ නැතැයි. එතනින් සම්බන්ධ උනාට පස්සෙයි තේරුනේ මේක කොච්චර බරපතල වැඩක් ද, කොච්චර වගකීමකින් කරන්න ඕන වැඩක් ද කියලා.
රිච්මන්ඩ් එකේ ඉන්න කාල මගේ සගයන් එක්ක මැච් ඕගනයිස් කරලා, හවුස් කැප්ටන්සි කරලා ඒ ලබාගත්ත පන්නරයත්, ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉදලා සමාජෙ ගැනත්, වැඩක් කරගන්න පුළුවන් තැන් ගැනත්, මිනිස්සු එක්ක කතා බහ කරන්න ඕන විදිහ ගැනත් ලබාපු දැනීම ලොකු පන්නරයක් උනා. ඒ කෙසේ වෙතත් අපි වැඩිපුරම ටවුමෙ කරක්ගැහුවෙ අපේ තාත්තාගෙ මෝටර් සයිකලෙන් (සුරේශයාව දාගෙන ආම්බාන් කරන්න අමාරුයි වැනෙනවා ) ඒ කොහොම වෙතත් ඕකෙන් ගිහින් සමරු පලක හෙවුවා, බත් කඩ ගානෙ ඇවිද්දා, එක තැනකිං බෑ කියද්දි තව තැනකිං ඇහුවා. ඔහොම දවස් දෙක තුනක්ම බයිසිකලෙන් කරක්ගැහුවා. පස්සෙ අපේ හිතාදර බනියා නොහොත් අනුශ්ක ලක්මාල් කෑම වැඩේ බාරගන්නම් කියලා කිවුවා. ඒකත් එහෙම කෙරෙද්දි මං අදුරන අංකල් කෙනෙක්ගෙ මාර්ගයෙන් අනිත් තැන් වලට සාපේක්ෂව ලාබෙට ලොකු බස් එකක් දවසකට ගන්න පුළුවන් කමක් ලැබුනා.
ෆොටෝ මීට් එක ගැන අපි කතාබහ කරේ බුකියෙ. ඒ කතා වලට නිරන්තරයෙන්ම සම්බන්ධ උනේ සුරේශ්, මම, සමීර අයියා, සොදුරු සිත අක්කා සහ ජනක බස්නායක අයියා. අපි සමරු පලක වල ලියන්නෙ මොකද්ද කියලා හිතලා හිතලා අන්තිමට ජනක අයියාගෙන් අදහසක් ඇහුවාම මාර ලස්සන බොක්කට දැනෙන වචන පේලියක් ලියලා "මේක හොදද බලන්න" කියලා දුන්නෙ විනාඩි 10 කටත් අඩු කාලෙක්න් ඒකත් බීලා ඉන්න වෙලාවකත් නෙමෙයි. ඒවා ගැන නම් කියන්න වචන නෑ. ඒත් එක්කම අපේ ඉන්ද්‍රනාථ තේනුවර සර් හැමතිස්සෙම වගේ මොනවාද වෙන්නෙ කියලා හොයලා බැලුවා. තාම රිසල්ට් ආවෙත් නැති නිසා පළවෙනි පාර ඉන්ජිනියරින් කටුබැද්ද යන්න අමාරු වෙයි කියලා හිතුන නිසාත් මම සකන්ඩ් ශයි රිවිශන් වගේකට යන්න ගිය එකෙන් මීට් එකට කලින් දවසෙ එන්න උනේ නෑ. එදා සුරේශ් එක්ක සදරුවන් කුඩාහෙට්ටි අයියා ඇවිත් ලොකේශන් එහෙම බලලා ලොකු උදවුවක් දීලා තිබ්බා.
කලින් දවසෙ රෑ මට නම් නින්ද ගියේ නෑ. හෙට මොනවා වෙයි ද, කට්ටිය පරක්කු වෙයි ද, ලාබෙට ගත්ත බස් එක තල්ලු කරන්න වෙයි ද, බාගයක් යද්දි අම්මා ඇවිත් මාව ඇදං යයිද, ඩිජියක් වත් නැති මට එදාට එන අය ගේන කැමරායි, රොකට් ලෝන්චර් වගේ ලෙන්ස් නුයි දැකලා කලන්තෙ දායි ද එහෙම කියලා බයට වෙන්නැති. කොහොම හරි ඔන්න එදා උදේ නැගිටලා මූණ කට හොදගෙන යන්න ලෑස්ති වෙලා සුරේශ් ට කෝල් එකක් එහෙමත් දීලා ආවා කියමුකො සමූපකාර මන්දිරේට තාත්තාත් එක්ක (නිකං නෙමෙයි අදුරන එකෙක් ගෙ කැමරාවකුත් ඉල්ලන්) බස් එක ඇවිත් නැවැත්තුවා. මම ඉතිං බස් එක අරන් ගියා ස්ටේශන් එක ළගට. දෙතුන් දෙනෙක් ඇවිත් හිටියා මං යද්දිත්, ඒ වෙද්දි 7.30 යි නෙ. 7.45 ට විතර නොදන්න නොම්බරේකින් කෝල් එකක් ආවා බැලින්නම් "ප්‍රසාද් හපුආරච්චි" සර්. සර් ටත් විස්තරේ ටිකක් කියලා තියන තැන එහෙමත් කිවුවා.
පස්සෙ අනිත් අය එනකම් කියලා හිටියා හිටියා. කෝ නෑ. මාර්ග අවහිරතා සහ අනෙකුත් නොවැලැක්විය හැකි හේතූන් නිසා කට්ටිය පරක්කු වෙන බව අපේ සමීර අයියා වෑන් එකේ එන ගමන් දැනුම්දුන්නා. මොනා කරන්නද ඉතිං. පස්සෙ බස් එකේ කට්ටිය පටවගෙන සමූපකාර මන්දිරේට ගිහින් මායි සොදුරු සිත අක්කායි දෙපැත්තක ඩෙස් දෙකක් තියං ආපු අයගෙ නම් ගම් එහෙම ලියාගත්තා. නොදන්න අය අදුනගත්තා. ඔය එක එක නම් වලින් හිටි අය එලිඋනා. සුදුවට, කෙට්ටුවට උසට හිටි අයගෙ ඇත්ත රූපෙ එහෙම පෙනුනා. ඒක කරලා ඉවර වෙලා කට්ටියම කොටුවට ගියා.
කොටුවෙදි අපිට HDR ගැන දළ හැදින්වීමක් කරේ "අරවින්ද චන්ද්‍රපද්ම" අයියා. ඒත් එක්කම මොකද්ද හදන එකක් ගැන කිවුවා. DSLR එකක් දෙවනි වතාවට අල්ලපු, පළවෙනි වතාවට Manual Mode දාගත්තු, ඇපචර් එක අඩු වැඩි කරන්න තියන බොත්තම හොයාගන්න බැරි උන මට මොන බ්‍රැකටිං ද. අතේ කැමරාව තිබ්බ එකේ මම පොටෝ ගහන අයගෙ පොටෝ ගැහුවා. (බුකියෙ ඇති ඈ) ඒත් එක්කම කට්ටිය පස්සට වෙලා අහන් ඉන්නකොට ඉන්ද්‍රනාථ සර් කියාපි,
"දැන් ඉතින් ගොඩක් අය කරන්නෙ වැඩිදුර අධ්‍යාපනේ නෙ. හැමෝම බලන්නෙ දුරට වෙලා ඉගෙනගන්න. ළගට එන්නකො කට්ටිය"
මදැයි කොරා. නැද්ද? පස්සෙ ඉතින් HDR ගැන කියලා දීලා ෆොටෝ ගහන්න දුන්නා. කට්ටිය එක රාමුවක කොටු වෙන්නෙ නැති නිසා පිටරටින් ආපු අක්කා කෙනෙක්ගෙ පොටෝ ගන්න හොදට උනන්දු උනා. තැඹිලි දෙන අංකල් කෙනෙක්වත් මොඩල් කෙනෙක් කරැයි කියමුකො. කොහොමින් හරි කට්ටිය පොටෝ අල්ලද්දි මම පොටෝ ගහන අය ඇල්ලුවා, ඔය වටින කියන කැමරා ආම්පන්න අතපතගෑවා, තව පොටෝ දෙක තුනකුත් ගහගත්තෙ නැත්තෙම නෑ. (අපරාදෙ කියන්න බෑ කම්පියුටරේ කොච්චර ස්පීඩ් ද කියනවා නම් ඒ එකකටවත් නම හරි ලාවට ගහගන්න වෙයි ද මන්දා) ඊට පස්සෙ කට්ටිය Multiplicity Photography ගැනත්, ඉන්ද්‍රනාථ සර් ගෙ පොඩි ජිමික් වගයක් ගැනත් අදහසක් ගත්තා.
ඒ ටික කරලා ඉවර වෙලා කට්ටිය ගියේ අපේ හෝල් එකට බස් එකේ. ඒත් එක්කම 20-20 කාන්තා මැච් එකටත් වරුසාව කඩන් වැටුනා නෙ. ආපු ගමන් කරේ අපි ඔක්කොම දෙනා අදුනගත්ත එක. ඒකට කොච්චර වෙලා ගියා උනත් කවුද කින්ද මන්ද කියලාවත් දන්නෙනැති තවත් කාඩ්බෝඩ් එකමුතුවක් නොවෙන්න වැඩ කරපු එක ගැන මම ගොඩක්ම සන්තෝස වෙනවා. කොහොම හරි අපි එහේ ගිහින් ප්‍රොජෙක්ටරෙත් දාගෙන කියපුවා අහන් උන්නා. ඇත්තෙන්ම කියනවා නම් අරවින්ද චන්ද්‍රපද්ම අයියා කියලා දුන්න එක නම් නියමෙට තේරුනා. ඇත්තටම ඒ පෙන්නපු ෆොටෝ ටිකත් මාර ගති. ඒකත් ඉවර කරලා කට්ටිය දවසෙ ආපු වැඩේට, කෑමට සූදානම් උනා. අපේ ඉන්ද්‍රනාථ සර් පැය බාගයක Lunch "Hour" එකක් අපිට දුන්නා. කට්ටිය හෝ ගාලා කෑවා. මගේ එහා පැත්තෙ හිටි සුරේශයා තුන්පාරක් විතර බත් එකට අත දානවා දැක්කා බත් එක ඉවරයි. කට්ටිය කාලා එහෙම පොඩ්ඩක් හිටියා.
හවස තමයි හොද හොද වැඩ. හොර HDR. අර අරන් ආපු පොටෝ Multiplicity Photograph එකක් විදිහට සංස්කරණය කරන හැටි ගැන එහෙම ඉන්ද්‍රනාථ සර් අපිට ප්‍රායෝගිකව කරලා පෙන්නුවා. තව අර ජිමික් කෑලි ටිකත් මරු. ඊට පස්සෙ කතාවට බැස්සෙ "පුංචි කොම්පැනියක පුංචි රස්සාවක් කරගෙන" පාඩුවෙ ජීවත් වෙන "ප්‍රසාද් හපුආරච්චි" සර් ගෙ වාරෙ. ලංකාවෙ ඉන්න හොද වනජීවී ඡායාරූපශිල්පියෙක්, ඒක ගැන කියන්න දෙයක් නෑ නෙ. සර් ගත්ත පින්තූරත්, ඒ පින්තූර වල තියන දේවල් ගැනත්, ගතයුතු දේ ගැනත්, නොකළ යුතු දේ ගැනත් ඉතාමත්ම හොද කතාවක් ඔහුගෙන් අපිට අහන්න දකින්න ලැබුනා. ඔහු වනජීවී ඡායාරූපකරණයට පාවිච්චි කරන ලක්ෂ 14 ක් වෙන ලෙන්ස් එකත්, ලක්ෂ 3ක් වෙන ට්‍රයිපොඩ් එකත් (කණු 3යි හෙඩ් එකයි), තවත් ඒ වගේම ගානක් වෙන කැමරාවෙයි නෝනත් නොදන්න ගණන් ඇහුවාම ඇග කිලිපොලා ගියා. ඒ කතාවෙ ජීවිතයට ගතයුත්ත විදිහට මං පෞද්ගලිකව දැක්කෙ,
"සමනලයින්ට ආසයි නම් දළඹුවන්ට ආදරය කරන්න"
"හිත ඇත්නම් පත කුඩා ද?"
"අනුන්ට වල නොකපන්න"
කියන මේ දේවල්. ගියපු අය නම් දන්නවා ඇති, ඒවා ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් කරුණු තියනවා. මේ පෝස්ට් එක තව දිග්ගැස්සෙන නිසා ඒ දේවල් නොකිය ඉන්නම්. කොහොම හරි අන්තිමේදි හැමෝටම ප්‍රශ්න අහන්න අවස්ථාව ලැබුනා. ඒත් එක්කම ඒවාට උත්තරත් ලැබුනා. මුළු දවසම වෙබ් කාස්ට් එක කර කර හිටි දමිත් පතිරණ අයියාට නිවනක් ලැබුනෙ අන්තිමේදි. රටේ හෙට දවස වෙනුවෙන් දවස් ගාණක පාගමනක ගිහින් හිටි "සිතුමිණි රත්නමල්ල" සර් ට මේ අවස්ථාවට සහභාගී වෙන්න බැරි උනා. ඒ ගැන අපිට දුකයි. ඒත් සර් ඒ දේ කරේ අපි (ඉගෙනගන්න) වෙනුවෙන්. මේ හැම දේම කරපු අපේ සර්ලාට ලැබුනෙ පොඩි මතක සටහනක් විතරයි.
මේ සියල්ලටම අනුග්‍රහය ලබාදුන්නෙ CameraLK ආයතනය. අපිට හැම විදිහකින්ම උදවු කරපු හැමෝටම ස්තුති කරන්නත් ඕන. නම් කියන්න ගිහින් එකක් හරි මගඇරුනොත් මගේ හිතට හරි මදි. ඒ නිසා නම් නොකිය ඉන්නම්. මට ලියාගෙන යද්දි මොකක් හරි විශේෂ පුද්ගලයෙක්, සිද්ධියක් අමතක උනා නම් සමාවෙන්න (මේ උදේ 3 යි දැන් නිදිමතේ ලිවුවෙ ඒක නිසා එහෙම තියනවා නම් කමෙන්ට් එකකින් ලියන්නකො).
අන්තිමට මටයි සුරේශ් ටයි ඉන්ද්‍රනාථ සර් එක්ක කතා කරන්න පුළුවන් උනා ටිකක්.
මම : අපිට සර් ලා ට දෙන්න තියෙන්නෙ මෙච්චරයි.
ඉන්ද්‍රනාථ සර් : ඒකට මොකද පුතා, . ඕන තැනක මම ගියොත් "සර් එන්න" කියලා කතා කරලා කන්න බොන්න දෙන්න ඕන තරම් අය ඉන්නවා. අපි මෙච්චර කාලයක් ඉදලා උපයගෙන තියෙන්නෙත් එච්චරයි.
ෆොටෝ මීට් එක තිබ්බ දවසෙම අපේ ඉස්කෝලෙ (ගාල්ල රිච්මන්ඩ්) මේ අවුරුද්දෙ උසස් පෙළ කරපු අපේ කොල්ලො සෙට් එක මැච් එකක් ඕගනයිස් කරලා තිබ්බා. යාළුවො එක්ක අන්තිම වතාවට ගහන්න තිබ්බ මැච් එකට සහභාගී නොවෙන්න උනේ බාරගත්ත වගකීම හරියට කරන්න ඕන උන නිසා.
ෆොටෝ ටෝක් කියන්නෙ සුන්දර මිනිස්සුංගෙන් පිරුනු තැනක්. අපේ මත විවිධයි. අපේ අදහස් වෙනස්. අපේ හැකියාවන් වෙනස්. ඒත් අපේ අරමුණ එකමයි. දැන් අතේ ඩිජිටල් කැමරාවක් වත් නැති උනත්, අතට හොද කැමරාවක් ගන්න පුළුවන් දවසක් ඒවි. එදාට මේ ගෲප් එකෙන් ලැබුන දේවල් ලොකු උදවුවක් වේවි. මට පෞද්ගලිකව බොහොම සතුටුයි, මොකද මම හිතන විදිහට එදා සහභාගී උන අයගෙන් දෙවනියට පොඩිම (වයසින්) මම. සංවිධායකයොන්ගෙන් පොඩිම මම. ඒත් ලොකු මිනිස්සු එක්ක මේ පොඩ්ඩාටත් එදා යමක් කරන්න පුළුවන් උනා.
අපේ ගෲප් ෆොටෝ එක (පොඩි වැඩී නම් ක්ලික් කරලා බලන්න) |
මමේ සිට දකුණට : අනුශ්ක ලක්මාල්, දමිත් පතිරණ, සදරුවන් කුඩාහෙට්ටි, ප්‍රසාද් හපුආරච්චි, ඉන්ද්‍රනාථ තේනුවර, අරවින්ද චන්ද්‍රපද්ම, ප්‍රසන්න ඉරෝශන, සුරේශ් කෞශල්‍ය, ජනිත සෙනෙවිරත්න |
අන්තිමට මම ගත්ත හෑන්ඩ් හෙල්ඩ් පැනරාමා එක (එඩිට් කරේ මාර ගේමක් දීලා - ක්ලික් කරලා බලන්න) |
labana paara enawaa :))
ReplyDeleteඅහ් හා.. අර සිහින උළෙලට ආවා තරම් වේලසනින් නම් එන්නෙපා.. හි හි..
Deleteම්ම්ම්.. නියම වැඩක් කොල්ලෝ....
ReplyDeleteෆොටෝග්‍රැෆි ගැනවත් එඩිටින් ගැනවත් මෙලෝ හසරක් මම දන්නේ නෑ.. හැබැයි මේ කරලා තියෙන වැඩේ ගැන නම් මල් හතයි කියන්න තරම් මිනිස්සු ගැන දන්නවා කියලා හිතනවා....
මම ඒ කාලෙ ඉදන් පොඩ්ඩක් පොටෝ සාප්පුව අතගෑවාට මොකෝ පොටෝග්‍රැෆි නං දන්නෑ..
Deleteස්තුතියි :) :)
හොඳ පින්තූර ගත හැක්කේ හොඳ කැමරාවලට නොව හොඳ මිනිසුන්ට ය...!!
ReplyDeleteඒ මිනිසා හොඳ වන්නේ ඔහුට හොඳ ඔලුවක්, හොඳ ඇහැක් වගේ ම හොඳ චින්තන ශක්තිටක් තිබුනොත් ය.
මේ නිර්මාණ ශීලිත්වය එන්නේ ද වෙනත් දස්සකම් එක්ක ය.
සෑම හොඳ ඡායාරූප ශිල්පියෙක් සමග ම හොඳ සිත්තරෙක්, හොඳ ගයන්නෙක්, හොඳ ලියන්නෙක් මෙන් ම හොඳ උයන්නෙක් ද සිටින්නේ ය...
ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත..
Deleteහොද පොටෝ ගහලා හොදට අපිත් එක්ක බෙදාගත්ත මිනිස්සුන්ව අපි එදා දැක්කා කතා කරා. ඒ හැම කෙනෙක් ගාවම තිබ්බෙ ඔබතුමා කියාපු ඒ ගුණ නොඅඩුව තිබ්බා.
එදා ඇවිත් අපිට ඒ දුන්න දේ පුදුම විදිහට වටිනවා. ඔබතුමාටත් අනෙක් සියළුම ගුරුවරුන්ටත් හිස නමලා ආචාර කරනවා..
පෝය දවසෙ කරපු ලොකුම පිං අතේ වැඩක්...!!!
උයන්නෙක් :O
Deleteහුටා. මට බෑ
මට නං පොල්සම්බෝලයක් හදාගන්න පුළුවං බත් පොඩ්ඩක් එක්ක.. :/
Deleteහනේ මන්දා.. උයන්න නම් බෑ.. :/
මොනා කියන්න ද? මොනා ලියන්න ද කියල තේරෙන්නෙ නැහැ
ReplyDeleteඅනේ මන්දා.. මම ලියපු එක මම ම කියවනවා.. මටත් ලියන්න කොමෙන්ටුවක් නෑ..
Deleteපොටෝ මීට් එකට එන්න ආසාව තිබුනත් තියෙන වැඩ කන්දරාව අස්සේ ඒ හීනය බොද වෙලා ගියා. නමුත් පොටෝ ටෝක් ගෘප් එක සංවිධානය කරපු වැඩමුළුවකට මීට කලින් දවසක සම්බන්ධ වෙන්න ලැබුනා. ඒ බොරලැස්ගමුව ඉන්ද්‍රනාථ තේනුවර සර්ගෙ නිවහනේදී. එදා තමයි කැමරා උණ ගැණුනේ. එතනට යන්න මාව පෙළඹෙව්වේ සමීර මල්ලි. කොහොම හරි එන්න බැරි වුන එක ගැන දුකයි. ලබන සැරේ නම් එනවාමයි. කැමරාවක් නැතත් අත් දෙක වන වන හරි. ජය...!
ReplyDeleteමටත් කැමරාවක් තිබුන්නෑ. යාළුවෙක්ගෙන් ඉල්ලන් ආවෙ.. වැඩ රාජකාරි බහුල උනාම ඉතින් මොනා කරන්නද.. අපි 4 වෙනි එකේදි හම්බු වෙමු.. සමීර අයියා හොද මනුස්සයා :)
Deleteතෑන්ක්ස් :)
ReplyDeleteniyamai ban meeka nam !!
ReplyDeletethankx :)
Deleteශා! නියමයි!
ReplyDeleteඅක්කාත් එන්නකොලබන පාර..
Deleteඇත්තටම වැඩේ හොඳටම කෙරුනා.
ReplyDeleteඒ දේවල්වලට සහභාගී වීම , සංවිධානය අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලත් හිතනව
හොදට උනා නම් ඒ ඇති..
Deleteමේ වගේ එකකට සම්බන්ධ උන පළවෙනි වතාව.. :)
මරුවට තියෙන්නැති..
ReplyDeleteඊලග පාර මාත් එන්නෝනා...
එන්ඩ එන්ඩ.. මට ගෙදරින් එන්න දෙයි ද දන්නෑ.. දුන්නොත් එනවා..
Deleteවැඩේ හොද වෙනවා කියන්නෙ එකට එන මිනිස්සුයි දේශකයොයි ඔක්කොම සුහශීලි අය වෙන එකෙන්. දෙයියනෙ කියලා අපිට ලැබිච්ච සර්ලා ටික නම් එහෙමයි.. ඇත්තම කිවොත් මචන් ලෙවල් එකෙ.. ඉතිං වැඩේ සාර්ථක උනා උපරිමෙන්ම.. නැත්නම් ඒකත් තවත් ඇනුම් අරින වර්ක්ශොප් එකක් වෙන්න තිබ්බා!
ReplyDeleteඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත.. සුහදත්වයත් ගෞරවයත් පටලවගන්න සමහරුන්ට අපේ සර් ලා මාර ආදර්ශයක්..!!!
Delete