කාලෙකිං පෝස්ට් එකක් ලියන්න කියලා හිතුනා. එක එක කාලෙට එක එක trends එනවා. ඇදුම් - විලාසිතා ගැන වෙන්න පුළුවන්, කතා කරන විදිහ - වචන වෙන්න පුළුවන්, බිග් මැච් ගැන ඉස්කෝල ගැන වෙන්න පුලුවන්, ජාත්‍යාලය ගැන වෙන්න පුලුවන්. මම ජාති වාදය ගැන කතාකරන්න යන්නෙ නෑ. මේ ලියන්න යන්නෙ අද කාලෙ බුදු දහම ගැන සමාජය දකින විදිහත් එක්ක ඒකට මොකද වෙලා තියෙන්නෙ කියන එක ගැන.
ඇත්තෙන්ම බුදු දහම කියන්නෙ මොකද්ද? ඇත්තටම බුදු දහම කියන්නෙ දහමක් ද? කොහොමද මේක ඇති උනේ? කවුද මේක පටං ගත්තෙ? ඇයි අපි බෞද්ධයො උනේ? බුදු දහමෙන් උගන්වන්නෙ මොකද්ද? ඒක තියෙන්නෙ කාට ද? කොහොමද මේක ඉගන ගන්නෙ? කවුද අපිට උගන්නන්නෙ? මේක දැනගෙන මොකද්ද කරන්න තියෙන්නෙ?
මේ වගේ ප්‍රශ්න ඕන කෙනෙක් ට එන්න පුලුවන්. මිනිස්සු ඉස්සෙල්ලා ම වරද්දගන්නෙ මේක “ධර්මය“ ක් කරගන්න යන එකෙන්. ඇත්තටම මේක “දර්ශනයක්“ ඒ වගේම “විද්‍යාවක්“. නවීන විද්‍යාෙවන් හොයාගන්න බොහොමයක් දේවල් අවුරුදු ගානකට කලින් බුද්ධ දර්ශනයෙන් තොරලා බේරලා දීලා තියනවා. බුදු හාමුදුරුවො (අපි හැමෝම දන්න ගෞතම බුදුරජාණන් වහන්සේ) කවදාවත් කියලා නහැ “බුද්ධාගම වැලදගන්න“ කියලා.
“එව බලව“ එහෙමත් නැත්නම් “එන්න ධර්මය දකින්න“ කියලයි බුදු දහම ගැන මිනිස්සුන්ට කිවුවෙ. බුදු දහම කියලා කියන්නෙ විජ්ජාවක් නෙවෙයි. ලෝකය ඇති වෙලා ජීවීන් ඇති වෙලා ඔස්ට්‍රෙලා්පිතකස් ඇෆරන්සිස් ඉදන් අද දක්වා වූ පරිනාමය එක්ක මිනිස්සු හිත් වල පුරව ගත්ත “මුලාව, ඇලීම, ගැටීම“ කියන දේවල් වලින් හිත නිදහස් කරගන්න විදිහ. චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන මේ සසරේ ඉපිද ඉපිද මැරි මැරි ගෙවන චක්‍රය නිදහස් කරගන්න එකයි බුදු දහමෙන් විස්තර කරන්නෙ. ඇත්තෙන්ම බුදු දහම කියන්නෙ කියලා කියන්නෙ අවබෝධ කරගන්න තියන දහමක්.
බුදු දහම කියන්නෙ හොයාගත්ත දෙයක් නෙමෙයි. හැමදාම තිබ්බ දෙයක්. හැමදාම තියන දෙයක්. පොදු සත්‍යක්. බුදු දහම කියන දේ ඕනම මනුශ්‍යයෙක් ට පොදු දහමක්. ඒ දේ තේරුම් ගන්න ඕන. මහණ වෙලා උපසම්පදා වෙච්ච හාමුදුරුවොන්ගෙ ඉදන් අලුතින් ඉපදිච්ච අතදරුවා දක්වා මිනිස්සුන්ට පොදු දහමක් මේක. “නිවන් දැකීම“ කියන්නෙ මේකෙ අග්‍ර ඵලය. බුදු, පසේ බුදු, මහ රහත් කියන තත්වයන්ට පත් වෙලා සසර ගමන නවත්වන්න ධර්ම කරුණු ඇතුලත් බුදු දහමෙ, සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන මග ගැන කියලා දෙන්න විදි ක් හදලා යි තියෙන්නෙ. සරලම දේ තමයි “පංච ශීලය“ කියන එක. පන්සිල් රැක්කා කියලා කෙනෙක් නිවන් දකින්නෙ නැති උනත් ඒකෙන් සමාජෙ අනිත් අයට කරදරයක් හිරිහැරයක් නැති ප්‍රිය මනාප මනුස්සයෙක් වෙන්න හැකියාව තියනවා. “සත්තු මරන්න එපා, හොරකං කරන්නෙපා, කාමය වරදවා හැසිරෙන්න එපා, බොරු කියන්න එපා, සුරා පානය කරන්න එපා“. හරිම සරලයි.
ඒත් අද කාලෙ වෙලා තියෙන්නෙ බුද්ධාගම කියන දෙය මොකද්ද කියලාවත් දන්නෙ නැතුව “බුදු දහම රැකගන්න ඕන“ කියලා යම් පිරිසක් විසින් සමාජය කුලප්පු කරන එක. චතුරාර්‍ය සත්‍ය පැත්තිං තියමු. අඩු ගානෙ පංච සීලෙ හරි රකිනවා නම් ඒ ඇති. ඇත්තම කියනවා නම් වෙසක් කියන දවස තොරන් බදින්න, කූඩු හදන්න ‘විතරක්‘ යොදාගත්ත සමාජයක අපි ඉන්නෙ. වෙසක් රෑ මොටර් බයිසිකල් වල නැගලා කල්ලි ගැහිලා හූ කිය කිය පාරෙ ගිහින් තියන හැම දන්සැලකටම ගිහින් කාලා සෙල්ෆියක් අරං “Proud To Be A Buddhist“ කියලා social media වල දාන කාලයක් අද ඇවිත් තියෙන්නෙ. ඕක ගැන මම කාලෙකට කලිං ලිපියක් ලිවුවා. පල්ලෙහායින් දාන්නම්.
ඒත් එක්කම කියන්න ඕන තව එකක් ගැන. “භාවනා මධ්‍යස්ථාන“ කියලා අලුත් trend එකක් ඇවිත් තියන බව මට අහන්න ලැබුනා. මේ වගේ සමහර අසපු වල කාලයක් භාවනා කරපු අයට යම් යම් මාර්ගඵල ලබාගත්තා ය කියලා certificate පවා දෙනවා කියලා යි දැනගන්න ලැබුනෙ. ඇත්තමට මට තේරෙන්නෙ නෑ කොහොමද මේක මණින්නෙ සහ මින්ස්සු ඇයි certificate ගන්න භාවනා කරන්නෙ කියලා. ආනාපානසතිය වඩලා බුදු බව ලබාගත්ත බව අහලා තිබ්බාට නිවන් ලබපු බව සනාථ කරනන් කවුරු හරි සහතිකයක් දුන්නා ය කියලා නං මං අහලා නෑ.
මම මේ කියන්නෙ මුලු සමාජයේ හැම දෙනා ගැනම නෙමෙයි. ධාර්මිකව ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒත් ඒ මිනිස්සු මේ දේවල් ගැන කතා කරන්න ගියාම වෙන්නෙ බහුතරයක් විසින් ඔවුන්ව විහිලුවකට අරන් ඔවුන් ව කොන් කරන එක. ඒ නිසා බොහෝ දෙනෙක් තමන්ගේ අදහස් කියන්නෙ නැතුව නිහඩව මොකද්ද වෙන්නෙ කියලා බලන් ඉන්නවා. Social Media වල වැඩි හරියක් “බෞද්ධයෙක් නං ලයික් කරන්න කොමෙන්ට් කරන්න“ කියන page වැහි වැහැලා තිබ්බාට, ජීවිතේට වැදගත් වෙන ගාථා පාඨයක් ඒකෙ තේරුම එක්ක දාන page එකක් තියෙන්නෙ බොහොම කළාතුරකින්.
අපි පොඩ්ඩක් හිතලා බලමු. බුදු දහම බේරගන්නවා කියන්නෙ මොකද්ද? බුදු දහම ආරක්ෂා කරනවා කියන්නෙ මේකද්ද? කාලයක් තිබ්බා භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා නැති වෙන්න ගත්ත යුගයක්. බුදු හාමුදුරුවො වදාල ධර්මය නැති වෙයි කියන බයෙන් ඒ කාලෙ ධර්ම කරුණු වන පොත් කලා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරේ ඒ කාලෙ. ඇත්තටම කියනවා නම් ප්‍රශ්නෙ තියෙන්නෙ පිරිස අඩු වෙන එකේ නෙමෙයි. නමට බෞද්ධ කියලා කියාගන්න කී දෙනෙක් අඩු ගානෙ පන්සිල් රකිනවා ද කියලා අපි අපෙන්ම අහන්න ඕන. බුද්ධාගම fun එකක් කරගෙන ලෞකික දේවල් වල ඇලිලා ඉන්න මිනිස්සුයි මාර්ගඵල certificate දීලා බුද්ධාගම ව්‍යාපාරයක් කරගන්න මිනිස්සුංගෙනුයි ඉස්සෙල්ලා මේක බේරගන්න ඕන.
අන්තිමට කියන්නෙ මෙච්චරයි,
“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී - ධර්මයේ යෙදෙන්නා ධර්මය විසින් රකිනු ලබයි“
ප.ලි :
කලිං ලියපු පෝස්ට් එක : Mod උන සිංහල බෞද්ධ කම
කතාව හරි. ඒත් තේරුම් ගන්න අය අඩුයි.
ReplyDeleteඒ දේ ඇත්ත සහෝදරයා. මොනවා නම් කියලා කරන්නද..
Deleteපන්සිල් පද පහ පිළිවෙලට මතක නැති අය තමයි අද වැඩියෙන් බුදුදහම ආරක්ෂා කරන්න කෑ ගහන්නේ.. ඉතින් කවර නම් කතාද?
ReplyDeleteඅනේද කියන්නෙ ඉතිං දිනේශ් අයියා!
Deleteආගම කියන එකේ අමු තේරුම ඇදහිල්ල කියන එක. බහුතරය ආගම අදහනවා මතු ජීවිතය කියන එක සැපවත් කර ගන්න, සුළු තරයක් විශ්වාස කරනවා ආගමානුකූලව ජීවත් වෙනකොට සමාජය යහපත් තැනක් වෙන බව. ඒත් (ආගමික) කතන්දර වල හැර වෙන කොහෙවත් කවදාවත් එහෙම යහපත් සමාජ පැවතිලා නෑ. හැබැයි ආගම් මුල්කරගෙන මිනිස්සු පෙලනවා / මරනවා කියන එකනම් සදාකාලික සත්‍යයක්.
ReplyDeleteආගමික විශ්වාසයන් බොහෝදුරට බැහැරකර ඇති ස්කැන්ඩිනේවියානුවන් ගේ සමාජය වඩා යහපත් එකක් වී ඇත්තේ කෙසේදැයි ඉගැනීම වඩා සුදුසුයයි මා සිතනවා
මම ඉස්සෙල්ලාම කිවුවෙ.. මිනිස්සු වරද්ද ගන්න පළවෙනි තැන තමයි මේක දහමක් කරගන්න යන එක.
Deleteකතාව ඇත්ත අයිියෙ..ඕක තේරුම් ගන්නවනං ලොකු දෙයක්..
ReplyDeleteපන්සිල් පදපහවත් රැක ගන්න බැරි බුදු දහම ආරක්සා කරන්න කතා කරන කට්ටිය...
ඔවු මල්ලි.. මොනවා කරන්නද ඉතිං..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete