මේක අංක 1 කියලා දාන්නෙ මට තවත් පින්තූර ගන්න ලැබේවා කියන ප්රාර්ථනාව හිතේ කොණක තියාගෙන. මේ දවස් ටිකේම බ්ලොග් එක ලියන්න උනේ නෑ. ඇත්තම කියනවා නම් ඒකට හේතුව තමයි මං හැමදාම වගේ බුකියෙ සැරිසැරීම සහ පොටෝ උණ වැඩි වීම. පොටෝ උණ කියන්නෙ ඉතින් පොටෝ ගැසීම සහ සංස්කරණය කිරීම. පල්ලෙහා ඉතිං මං පොටෝ ටිකක් දාන්නං. අපි තාම ඉතිං පුරුදු වෙනවා නෙ. මොකක්ම හරි කැමරාවක් ගත්ත දවසට බැරියැ මොකක් හරි කරගන්න. නැද්ද..
මේ පින්තූර වලට කියන්නෙ ලෑන්ඩ්ස්කේප්ද කොහෙද. මේක ගත්තෙ නම් උණවටුනෙ හවස් ජාමෙ. ලයිට්රූම් වලින් තමා මෙවුවා කරේ.
මිනිස්සුංගෙ හැසිරීම් රටා අරවා මෙවුවා ගන්න එකට මට ආස හිතිලා. ඇයි දන්නෑ. කොහොම හරි එවුවා Street Photography ලු. මං ඉතිං ඕන් ඒවයින් ටිකකුත් ගත්තා ඈ..
මෙවුවාට නං කියන එක දන්නෑ.. ඒත් මං ආසයි.. මේ ඉන්නෙ ප්රවීන වනජීවී ඡායාරූපශිල්පියෙක් වන ප්රසාද් හපුආරච්චි මහත්මයා
මිනිස්සුංගෙ මූනු ගත්තාම එවුවා පෝට්රේට්ස් ලු. ස්ටුඩියෝ එකක් නැතත් පාරෙදි හොරෙං වගේ ගහගත්ත එකක්. ස්ට්රීට් ෆොටෝග්රැෆි ද මන්දා. ආ ඔය ඉන්නෙ ඉසුරු අයියා.
මේ ටිකේ මට පැනොරාමා පිස්සුවක් ගහලා. අනේ මන්දා, දන්නැද්ද ඉතිං. අර දිග පොටෝ.. ආං එවුවා.. මෙවුවා නං ඔක්කොම පින්තූරෙ ගානෙ ගහගෙන ෆොටෝශොප් වලින් සීරුවට පූට්ටු කරලා හදපුවා.. මේවාට ගොඩක් වෙලා ගියා වගේම ගොඩක් මහන්සි උනා
![]() |
| මේ උණවටුන මුහුද. පේන්නැත්තං මේක උඩ කොටන්න ඈ.. |
![]() |
| මේක ගාල්ල. මේ පින්තූරෙ කලිං එක නං චා. මේක මේ විදිහට හදලා දුන්නෙ ලක්ෂාන් හිරුමල් අයියා |
![]() |
| මේක හදන්න නම් හොද පණ ගියා. මිනිස්සුංගෙ පැනොරාමා ගහනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක් බව තේරුනේ මේක ගැහුවට පස්සෙ |
ළගදි වෙඩිමකට ගිහින් ගැහුව එකක් පල්ලෙහා තියෙන්නෙ. මන්දා, මං ඒකට ආආසයි..
මේ ඉතිං ටිකක් හොද ඇති, නැත්තං නරකම ඇති. ඒත් ඉතිං ඔය මට පුළුවං තරම තමා. මොනා කොරන්නද, හැම එකක්ම කරන්න ආසයි කියලා පුළුවන් වෙන්නෙ නෑ නෙ. මෙතන තියන හැම පින්තූරයක්ම ගහලා තියෙන්නෙ ටොම් රූස්, මගේ හිතවතාගෙ කැමරාවෙන්. කැමරාව Canon 400D කාච - මිමි50.
(උස්සන්න නං එපා හොදේ, බොහොම අමාරුවෙන් පැය ගානක් මහන්සි වෙලා ගහගත්තුවා. ඕන උනොත් ඉල්ලන්නකො. මං හොද කොපියක් දෙන්නං, මෙවුවා කොහොමත් ෆේස්බුක් දාන සයිස් එකේ නෙ.)
























