Monday, December 31, 2012

මගේ සිහිනයට


අවදිවන්නට සිතක් නැත මට..
ක්ලේශ ගින්නෙන් පිරී ඉතිරී..
දකින්නට ඒ දැවී අලු වුනු..
සිත් නමුත් පරවුනු කැකුලු වන්...

අවදී වී සිටි කාලෙයේ මම..
සිතිමි සුන්දර දසුන් නෙත ගැට..
හිමිව මා හට වසන කලටම..
සෙවන සලසයි අන්ධකාරෙන්..

නමුදු වරෙකට බැලිමි වට පිට..
එළිය තනිකර අදුර රජ වී..
වසාගෙන සැම ඉරෙහි කිරණම..
ඉඩැර නෙත්යුග වසන්නට මට..

හරිත වන වූ තුරුලතා මැද..
සිටී මා ඒ සිරියහන මත..
‘සිහිනයකි එය නිමා නොම වෙන‘
වරෙක සිතුවෙමි මුක්ධ විලසින්..

නොදැනුනෙමි එය නිමවනා බව..
දැවී අලුවී පිලිස්සෙන තුරු.. 


- ජනිත සෙනෙවිරත්න

Wednesday, December 26, 2012

ගෙදරදි පින්තූරයක් ගහගත්ත හැටි


සාමාන්‍යයෙන් අපි මොකක් හරි දේකට පින්තූරයක් ගහගන්න ඕන උනාම ඉස්සෙල්ලාම දුවන්නෙ ස්ටුඩියෝ එකකට. සීනි කිලෝ එක 100 යි කියලා බැන බැන යන අපි ඒ ගන්න චූටි පින්තූර කෑලි 4 කට රු. 350 ක් දෙන්න පොඩ්ඩක්වත් මැලි වෙන්නෙ නෑ. නොවැම්බර් වල මටත් ඒ වගේම සිද්ධියකට මුහුණ දෙන්න උනා. ‍තොරතුරු තාක්ෂණ ආයතනෙට යන්න මි.මි. 30 x 40 ප්‍රමාණයෙ පින්තූර 3ක් අරන් එන්න කියලා ලිවුමෙ ගහලා තිබ්බා. ඕක දැක්ක අම්මාත් කිවුවෙ ගාල්ල ටවුන් එකට ගිහින් පින්තූරයක් ගහන් එන්න කියලා තමා. ඒත් ඉතින් මම ඒ අදහසට නම් එක හෙලා මගේ විරෝධතාවය ප්‍රකාෂ කරා. මම අම්මාට කිවුවෙ මම ම පින්තූරයක් ගහගන්නං ඔච්චර සල්ලි වියදං කරන්න ඕන නෑ කියලා.

කලින් නොකරලා තිබ්බත්, ජීවිතේ පළවෙනි වතාවට මමත් මගේම මිලිමීටර් ගානක චූටි පින්තූර කෑලි දෙකක් ගහගන්න සූදානං උනා. (එක අතකිං ලැජ්ජාව වහගන්නත් ඕන නෙ ඉතිං දන්නැද්ද..) Portrait Photography ගැන වැඩි දැනුමක් අවබෝධයක් නොතිබ්බත්, ළගදි බලපු Canon Speed Light Tutorial එකේ තිබ්බ ආලෝක පාලනය ගැන චූට්ටිත්තක් ඔලුවට ගිහින් තිබ්බෙ. අනික ඉතින් ඔය චූටි පින්තූර කෑල්ල එච්චර උසස් මට්ටමේ තියෙන්න ඕනත් නෑ නෙව! අනික තමා ස්ටුඩියෝ එකට ගිහින් ගහන පින්තූර වල මොකක් හරි ඇදයක් තියනවා. මට ඉන්න හිටින්න තේරෙන්නෑ ඒ මිනිස්සු කියන හැටියට. වෙලාව කියන්නෙ අපේ උඩ ගෙදර හිටි අයියා කෙනෙක් ගාව Canon 450D කැමරාවකුයි 50mm Portrait Lens එකකුයි තිබ්බා. අපේ අම්මාගෙ අවුරුදු තිස් ගාණක් පරණ ත්‍රිපාදය (Tripod) එකත් අරගෙන ඒකට හයි කරලා එහෙම මමත් වැඩේ පටංගත්තා‍. පාවිච්චි කරපු ජාති,

* Canon 450D කැමරාව
* 50mm Portrait Lens එක
* අම්මාගෙ Tripod එක
* සීලිමේ තිබ්බ ලයිට් එක
* හිච්චි කණ්නාඩි කෑල්ලක්
* හෝල්ඩරයක් හයි කරපු ප්ලග් කරන්න පුලුවන් වයර් කෝඩ් එක (තාත්තාගෙ නිශ්පාදනයක්)
* බල්බ් එකක්

ඉස්සෙල්ලාම කරේ හොදට එලිය වැටිලා තියන තැනක් හදා ගත්ත එක. පුටුවක් එහෙම තියලා ඉස්සරහින් ‍ට්‍රයිපොඩ් එක හයි කරපු කැමරාව තියලා ඉතුරු ආම්පන්න මේ විදිහට හදාගත්තා. (කැතයි හොදේ මට අදින්න තේරෙන්නෑ :/ )


ඔන්න ඔය විදිහට තමයි තිබ්බෙ. අහ් තව එකක්. අර කැමරාවෙ තිබ්බෙ පොප් අප් ෆ්ලෑශර් එක. ඒකෙන් කිසිම පාලනයකින් තොරව ඩෝං ගාලා මූණට එලිය වදිනවා. එහෙම ගත්තාම මූණ විකෘති වෙනවා. අවශ්‍ය දත්ත මැකිලා යනවා. ඒක වෙනස් කරන්න තිබ්බ එකම විදිහ තමයි අර පුංචි කණ්නාඩි කෑල්ල. සාමාන්‍යයෙන් සුදු පාට මතුපිටකට ආලෝකය වැටුනාම ඒක පරාවර්තනය වෙන ප්‍රතිශතය වැඩියි වගේම ඒ පරාවර්තනය වෙන්නෙ මෘදු ආලෝකය (soft light) ලු. සිවිලිමත්, පැත්තෙ තිබ්බ බිත්තියත් සුදු පාට වෙච්ච නිසා ඒක හොද වාසියක් උනා වැඩේට. දැන් ඉතින් කරන්න තියන වැදගත්ම දේ. ඒ තමයි ඉතිං පින්තූරෙ ගන්න එක. කැමරාවෙ සෙටිංග්ස් මැනුවල් කරලා, එක්ස්පෝශර් එක හරියට හදලා (Shutter Speed, Aperture, ISO) ටයිමර් එක එහෙම හරියට දාලා ඉදලා පින්තූරයක් දෙකක් ගහගත්තා ඒත් අර මූණට වදින නිසා හරියන්නෑ. පස්සෙ තාත්තාට එන්න කියලා ෆ්ලෑශර් එකේ ආලෝකෙ උඩ සීලිමට එල්ල වෙන විදිහට කණ්නාඩි කෑල්ල අල්ලන්න කියලා පින්තූර දෙක තුනක් ගහගත්තා කියමුකො.


වැඩේ කියන්නෙ හොද හැටි හිටපු පින්තූරෙ බෙල්ල මොකද්ද විකාරයක් කරගෙන ඉන්නෙ. ඉතිං බෙල්ල ඇදයි, මූණයි ඇගයි කෙලින්. දැන් ඉතින් මොකෝ කරන්නෙ, ඔන්න ඔය වෙලේට තමා ඉතින් මගේ හොද මිත්‍රයා ෆොටෝශොප් සිහියට ආවෙ. ඉස්සෙල්ලාම කරේ බෙල්ල කදෙන් වෙන් කරපු එක. පස්සෙ බෙල්ල මූණෙන් වෙන් කරා. පස්සෙ බෙල්ල ඕන විදිහට හරවලා, වැඩි කෑලි කපලා, අඩු කෑලි ඔබලා එහෙම ගත්තා. ඒත් ඉතින් හරියන්නෑ වගේ. පස්සෙ ගූගල් එකේ සර්ච් කරලා ස්ටුඩියෝ එකක පසුබිමකුත් දාලා මූණෙ අදුරු වෙලා තිබ්බ තැන් ටික අර Dodge Tool එකෙන් හදලා, ඔය පේන්න තියනවා වගේ වෙන්න පින්තූර කෑලි 8ක් ම ප්‍රින්ට් කරගත්තා. කොයි වෙලේත් ඔන් වෙලා තියන කම්පියුටරේ කරන්ට් බිල ඇරුනාම වෙනදා කොහොමත් ටවුන් යන එකේ තාත්තාගෙ බයික්කෙ එල්ලිලා ගියපු පෙට්‍රල් ටික ඇරුනාම ප්‍රින්ට්අවුට් එකට ගියේ රුපියල් 20යි.



ප.ලි : මේක කියවන අය හිතන්නෙපා මේවගේ වැඩක් කරගන්න DSLR ම ඕන කියලා. Point and Shoot කැමරාවක ෆ්ලෑශර් එකට අර මෙවුවා එකක් අල්ලලා මූනෙ තැන් වලට එලිය එන විදිහට හදාගත්තා නං මේ වගේ චූටි පින්තූරයක් ලොකු ලාභයක් එක්ක ගෙදරදිම ගහගන්න පුළුවං. 

Titanic විචාරය වගේ එක


මේක ලියන්න ප්‍රධාන හේතුව තමයි ඉතින් අද Titanic ෆිල්ම් එක මුල ඉදන් අග‍ වෙනකං හොදට බලං උන්නා සිරසෙ පෙන්නපු නිසා. පැය ගානක් දිග කතාවක් උනත් එක හුස්මට බලන් ඉන්න පුළුවන් විදිහට හදලා තියන එක ගැන නම් විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ කතාවෙ ජන සමාජෙ විවිධ පැතිකඩ ගණනාවක් වගේම මිනිස්සුං‍ගෙ හැගීම් ගැනත් ලස්සන ආදර කතාවක් ගැනත් මතු කරලා තියන විදිහ අපූරුයි. පොඩ්ඩක් බනින්නත් තියනවා. ඒවා පස්සට දාමුකො.

ජැක්, ජීවිතේ හරි නිදහසේ සැහැල්ලුවෙන් ගෙවන තරුණයෙක්. ‍‍රෝස්, තමන්ගෙ පවුලෙ නම්බුව ආරක්ෂා කරන්න අකමැත්තෙන් උනත් විවාහයකට කැමති වෙච්ච තරුණියක්. දෙන්නාගෙ ආදර කතාව ගැන කියන්න තියන ජාති පස්සට දාලා ඉස්සෙල්ලාම අනිත් ටික කියලා දැම්මොත්‍ හොදයි කියලා හිතුනා. මේ චිත්‍රපටියෙ ප්‍රධාන තේමාවක් විදිහට මම දකිනවා සමාජයෙ විවිධත්වය. ඒ කියන්නෙ පන්ති භේධය‍. උසස් පන්තියෙ මිනිස්සු තමන්ගෙ පන්තිය ආරක්ෂා කරගන්නෙ ඇගට හිර වෙච්චි ඇදුම් ආයිත්තම්, ඉහල පැලැන්තියෙ සාද, කථා කරන විදිහ, ආශ්‍රය කරන මිනිස්සු, ලොකු කම් කියවනවා වගේ ‍දේවල් වලින්.  පහල පන්ති වල මිනිස්සුන්ට එහෙම විශේෂයක් නෑ. සූදු කෙලින්න, බීර බොන්න, හිනා වෙන්න, ඕන ඕන විදිහට නටන්න, සින්දු කියන්න, යාලුවො එක්ක විනෝදෙන් ඉන්න එක ඒ අයගෙ පන්තියෙ ගතියක් විදිහටයි ඉස්මතු කරලා තිබ්බෙ නම්.

චිත්‍රපටියෙ මුල් කොටසෙදි වෙන්නෙ ‘රෝස්’ කිසිම කැමැත්තකින් නොවුනත් ටයිටැනික් නැවට ගොඩවෙන එක. ඒත් එක්කම සූදු කෙළලා දිනාගන්න 3 වෙනි පන්තියෙටිකට් එකකින් ජැක් අන්තිම මොහොතෙදි ජීවිතේ දිනන බලාපොරොත්තුවෙන් නැවට ගොඩ වෙන එක. රෝස් කොච්චර මානසික පීඩනේකින් ඉන්නවාද කියලා කියනවා නම් තමන්ගෙ ජීවිතේ නැති කරගන්න පවා උත්සාහා කරනවා. ඒ වෙලාවෙ මේ තුන් වෙනි පන්තියෙ තරුණයා ඉදිරිපත් වෙලා ඇගේ ජීවිතේ බේරගන්නවා. ඇත්තෙන්ම කිවුවොත් ඒ තරුණයා ඇගේ ජීවිතේ බේරන්නෙ සීතල වතුරෙ ගිලුනාම කොච්චර දුක් විදලා මැරෙන්නද වෙන්නෙ කියන එක කියලා අන්තිමේ ඇය පැන්නොත් තමුනුත් පනිනවා කියලා. ජීවිතේ තමුන් එක වතාවක් පමණක් දැක්ක කෙනෙක් වෙනුවෙන් එච්චර පරිත්‍යාගයක් කරන්න ඉදිරිපත් වෙන්න ඇයි කියන එක මට තේරුම්ගන්න බැරි දෙයක්. “පළවෙනි බැල්මෙන් ආදරයක් ඇති වෙනවා” කියන කාරනාව ඇත්තම කිවුවොත් මම විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව අපි ඉස්සෙල්ලාම කෙනෙක්ව දකිනවා කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ඒ කෙනාගෙ හිත දකිනවා කියලා. ඇත්තෙන්ම පළවෙනි වතාවට දැකීමෙන් අදහස් වෙන්නෙ අපි ඒ කෙනා‍ගෙ රූපය දකිනවා කියන එක. ඒක මගේ පෞද්ගලික මතය.

කොහොම හරි ජැක්, රෝස් ව බේරගත්තාට පස්සෙ ඒක දකින භටයන් ජැක් ට විලංගු දානවා. එතනින් මම දකින්නෙ ඉහල පන්තියේ සහ පහල පන්තිය යන දෙකට සමාජය විසින් සලකන්න හුරු වෙලා ඉන්න ආකාරයේ විවිධත්වය. රෝස් ට විවාහා වෙන්න කියලා හිතං ඉන්න තරුණයා ජැක් ට ඩොලර් 20 ක මුදලක් දෙද්දි රෝස් අහන්නෙ,

Thursday, December 6, 2012

සුදනන් සහ පත්තිනි අම්මලා

මේ පෝස්ට් එක ලියන්න ප්‍රධාන හේතුව තමයි මම ම එක වරෙක ඒකපාර්ශවිකව ලියපු සටහනක්. ඇත්තටම ඒ සටහන ලියවුනේ අද කාලෙ ගෑණු කෙනා ට මේ අලුත් තාක්ෂණය, මතවාද, විලාසිතා, සමාජ නැඹුරුව සහ ඔවුන් එයට අනුගත වෙලා තියන හැටි සහ අන්ධානුකරණයේ යෙදීමෙන් මොකද වෙලා තියෙන්නෙ කියන එක. ඒත් ඒක හුදෙක් විනෝදය සදහා ලියූවක් විනා කාගෙන්වත් පලිගන්න ලියපු එකක් නම් නෙමෙයි. කොහොම හරි ඒක එක තැනක තියෙද්දි මේ පෝස්ට් එක මේ විදිහට ලියන්නම් හැමෝටම පේන්නත් එක්ක.

අපේ රටේ සංස්කෘතියෙ, නැත්නම් මේ සමාජ වටපිටාව ගත්තාම ඕනම දේකට ඉස්සෙල්ලාම ඇගිල්ල දික්වෙන්නෙ කාන්තා ප්‍රජාවට. ඒ දේ එහෙම නෙමෙයි, මෙහෙමයි කියලා කියන්න පුළුවං ආත්ම ශක්තියක් තියෙන්නෙත් ඉතාම සුළුතරයකට. ඒත් ඒ කතාවට විරුද්ධව කතා කරන දහසක් දෙනා අස්සෙ ඒ එක්කෙනා තනි වෙලා විහිලුවක් බවට පත් වෙන නිසා ඒ අයත් මොනවත් කියන්න යන්නෙ නෑ. ඇත්තටම ඇයි මෙහෙම දෙයක් වෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාවෙ සංස්කෘතික පසුබිම සකස් වෙලා තියෙන්නෙ පවුලක් මූලික කරගෙන නෙ. ඒකෙ මූලිකයා තාත්තා. අම්මා තමයි සමාජ පසුබිම බලාකියාගෙන දරුවො හදාගෙන ගෙදරට වෙලා උන්නෙ, තාත්තා සල්ලි හම්බු කරද්දි. මේ යුරෝපීය පසුබිම ලංකාවට එද්දි, ඒ දේවල් වැලදගන්න ගිය කාන්තාවට සමාජයෙන් ලැබෙන්නෙ හොද ප්‍රතිචාරයක් නම් නෙමෙයි කියන එක ඕන කෙනෙක් දන්නවා.

ඇත්තටම ඒ දේ වැරදි ද? ඕනවට ඕනම දෙයක් ඕන නෑ කියන මතයෙයි මම නම් ඉන්නෙ. අන්ධානුකරණයේ යෙදීමත්, සුදුසු ලෙස අනුගත වීමත් දෙකක්. ඕකෙ ඔය පළවෙනි එක උඩ තියාගෙන වැලදගන්න උත්සාහා කරන්නෙ හරියාකාරව මේ දේවල් නොදන්න, දැකලා විතරක් තියන කොටසක්. ‘මැජික්‘ එකක් දැක්කාම හැමෝටම ඇති වෙන මැජික් පෙන්නන ආසාව ඇති වෙලා අන්තිමේදි එහෙම අයට වෙන්නෙ මොකද්ද කියලා මේ සමාජෙ ජීවත් වෙන අපි හැමෝම දන්නවා, අමුතුවෙන් හාර හාර කියන්න දෙයක් නෑ. ඒ කෙසේ වෙතත් මේ සමාජය විසින් නිර්මාණය කරලා තියන තරගය ජයගන්න ‘කාන්තාව‘ කියන ජනගහනයෙන් භාගෙකටත් වැඩි කොටසට පූර්ණ අයිතිය සහ නිදහස තිබිය යුතුයි. කෙනෙක්ගෙ බලාපොරොත්තුවක්, ආශාවක් මුදුන්පත් කරගන්න එක ඒ කෙනාගෙ අභිප්‍රායක්. කොල්ලෙක් බයිසිකල් එකක් පැදීම සහ කෙල්ලෙක් බයිසිකලයක් පැදීම අතරෙ අහසට පොළව වගේ වෙනසක් සමාජයේ ඇතැම් පද්ධති තවමත් දකින්නෙ ඒ නිසාම වෙන්න පුළුවං. අද කාලෙ ඔය රජයෙන් තියන බොහොම වැදගත් උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගත්තත් පළවෙනි දෙවනි තුන්වෙනි තැන් වල කාන්තා නියෝජනයක් අපි අනිවාර්යයෙන්ම දකිනවා. ඒකෙන් කියවෙන්නෙ ඒ අය මැජික් පෙන්නන පිරිසක් කියන එක නෙමෙයි, පිරිමිත් එක්ක හරි හරියට යම් යම් අංශ වල වැඩ කරන්න ඒ අයටක් හැකියාවක් තියනවා කියන එක.

ඕකෙ තව පැත්තක් තියනවා. කෙල්ලො ඔක්කොම පත්තිනි අම්මලත් නෙමෙයි. ලෝකෙ කරන්න පුළුවං දහදුරා වැඩ ඔක්කොම කරලා කිසි ගානක් නැතුව ජීවත් වෙන අයත් මේ රටේ ලෝකෙ නැතුවා නෙමෙයි. එහෙම අය ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අර කොහෙද මන්දා කිවුවා වගේ ‘ලොකු කාරිය ඇරෙන්න අනිත් ඔක්කොම කරගත්ත ගෑණු පත්තිනි අම්මලත්, මොකෙක් හරි එක්කං ගිහින් ලොකු කාරිය විතරක් කරපු ගෑණු හොද නැති‘ විදිහටත් දකින එක අපේ සමාජෙ පුරුද්දක් කියන එක අමතක කරන්න හොද නෑ.

එලව එලව පහර ගහන පිරිමි කියන ජාතියේ සමහර අයටත් ගෑණුංව ගලේ ගහලා මරන්න මතක් වෙන්නෙ එක්කො බූට් එකක් කෑවාම නැත්තං තමන්ට මොකක් හරි වැරැද්දක් ඒ අය අතින් සිද්ධ උනාම නැත්තං එක කෙනෙක් හෝ කණ්ඩායමක් විසින් කරපු වැඩක් සිහියට ආවාම. එහෙම නැත්තං ලෝකෙ තියන දහදුරා වැඩ ඔක්කොම කරලා කිරි කළ හතකුයි තවත් පොඩ්ඩකිනුයි වැරදි හෝදන් මේ ලෝකෙ බොහොම උපාසකයන් විදිහට ජීවත් වෙන අසමජ්ජාතියොත් ඉන්නවා කියන එක අමතක කරන්න හොද නෑ. 

ඔය කවුරු කොහොම කිවුවත්, තමන් ගැන දන්නෙ තමුන් විතරයි. වෙන කෙනෙක් ගෙන් තමුන් ගැන යමක් බලාපොරොත්තු වෙන්නවත්, ඒක කඩ උනාම ඒ කෙනා ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරයා කියලා කියන්නවත් කිසි කෙනෙක්ට අයිතියක් නෑ. ඒ අපි ඒ කෙනා නොවන නිසා. අපි හැමෝ අතින්ම වැරදි වෙනවා. හොදම දේ සමාජයට අනුගත වෙලා පුළුවන් තරම් වැරදි අඩුවෙන් වෙන්න, වෙලා තියන වැරදි හදාගෙන අනුන්ට වදයක් නැතුව ඉන්න එක. මොකක් ගැන ලිවුවාද මන්දා. පෙළගැස්ම හරි නැති උනත් කියන්න ඕන උන දේවලි ගොඩක් කියඋනා.


Saturday, November 17, 2012

මට හොද මගේ පොටෝ - 2 (ඉස්කෝලේ)

අද නම් දාන්නෙ ඉස්කෝලෙ ගිහින් ගත්ත පින්තූර ටිකකින් ම‍ගේ හිත ගත්ත කීපයක්. පාසල ඉතින් රිච්මන්ඩ් විද්‍යාලය. ඉස්කෝලෙ දාලා ගිහින් වැඩි කාලයක් නෑ. තාමත් ඉස්කෝලෙ එහෙම්මයි. කොච්චර නිවාඩු දවසක් උනත් ඉස්කෝලෙ තියන ඒ පිරිසිදුකමට මම ගොඩක් ගරු කරනවා. ඒ වගේම අවුරුදු එකසිය තිස් ගාණක අභිමානය පෙන්නන මේ පින්තූර ටික 2012 උසස් පෙළ පිටුව වෙනුවෙන් ගන්න පුළුවං වෙච්ච එක මගේ භ්‍යාග්‍යක් කියලයි මං සලකන්නෙ..

රිච්මන්ඩ් එක ඉස්සරහා ගල් තාප්පෙ නම ගහලා තියන හැටි

ඉස්සරහා තියෙන්නෙ කණ්නංගර බහුකාර්යය ශාලාව. ඔය පාරවල් 3ක් බෙදන තැන

රිච්මන්ඩ් එකේ බොහොම පොදු වගේම අලංකාර ගලින් නිම කරපු පිළිමයක්

මේ දොරවල් දැන් අපිට වැහිලා..

බාසිකට් බෝල් කෝට් එකේ ඉදන් හොස්ටල් එක පේන විදිහ

පැවිලියන් එක

ළමයි හදපු ගැමි ගෙදර. 2004 වසරෙ හොදම ගොවිපල වෙන්න මේකත් ලොකු උදවුවක් දුන්නා

ගැමි‍ ගෙදර ඇතුලු අංග

10 වසර, බයෝ ලැබ් එක, ඉලෙක්‍ට්‍රොනික ලැබ් එක, සංගීත කාඹරේ, එලිමහන් විද්‍යාගාරය, ග්‍රවුන්ඩ් එක වගේ තැන් ගොඩකට අපිව ගෙනියන පාර

පරණ ප්‍රධාන ශාලාව, L ශාලාව සහ පිළිමය. පැත්තෙන් පේන්නෙ එක කොඩි කණුවක්

රිච්මන්ඩ් ප්‍රිමියර් ලීග් එක දවසෙ පින්තූර ගන්න ගිය නිසා ළමයි මැච් එක ගහපු එකේ  පින්තූර 5ක් ගහගත්තා. ගෙදර ඇවිත් ෆොටෝශොප් දාලා මේක හදාගත්තා
පේනවා හොරයි නම් උඩින් කොටන්නකො. මේ 19 වෙනිදා ඉදන් මම මාලඹේ යන්න කියලා ඉන්නෙ. ආයෙ කොයි කාලෙක බ්ලොග් එක ලියන්න වෙයි ද දන්නෙ නෑ. ඒ කොහොම වෙතත් ඉතින් ඉන්ටනෙට් ලැබුනාම දුවන් ඇවිත් විස්තරේ ගහන්නෙ නම් මේකෙ තමයි..

Thursday, November 8, 2012

Prefects ලා සහ තවත් කතා | RCG

බොහෝ දෙනෙක්ට ඔය ප්‍රිෆෙක්ට් කියන්නෙ මහ දිරවන්නෙ නැති වචනයක්. ඒකට පළවෙනි හේතුව ප්‍රිෆෙක්ට්ස් ලා අපේ වැරදි හොයන එක. දෙවනි එක වැරදි වලට දඩුවම් කරන එක. තුන්වෙනි එක අපි ඔවුන්ට වඩා පහල එක. තව එකී මෙකී නොකී කරුණු ගණනාවක් තියනවා ප්‍රිෆෙක්ට්ස් ලාව අපිට එපා වෙන්න. හැබැයි තව එකක් තියනවා කියන්න. අපි හැමදාම අපි ඉන්න තැන ඉදන් බලනවා මිසක් අනිත් මිනිස්සුන්ගෙ පැත්තෙන් බලන්න සූදානම් නෑ. ඒක සාධාරණයි, මොකද අපි ඔවුන් නොවන නිසා. ඒ කොහොම කිවුවත් අපේ ඉස්කෝලෙ ප්‍රිෆෙක්ට්ස් ලා (More Senior, Senior, Sub) වෙනුවෙනුයි මම මේ පෝස්ට් එක ලියන්නෙ.

සාමාන්‍ය ළමයෙක් ඉස්කෝලෙ එද්දි අපේ ඉස්කෝලෙ නම් යම්කිසි පිළිවෙලක් තියනවා.

* කොණ්ඩෙ වම් ඇහැට ඉහලින් දෙපැත්තට බෙදලා තෙල් ගාලා පීරන් එන්න ඕන. කොටට කපලා තියෙන්නෝනෙ
* ශර්ට් එකේ double measurement තියෙන්න බෑ.
* බැජ් එක සාක්කුවේ කොණින් මහලා තියෙන්න ඕන පිළිවෙලට.
* කලිසම ඉන ගාවට තියෙන්නෝනෙ.
* ෆෝල්ඩ් එක අගල් 16 ට වැඩි වෙන්න ඕන
* සපත්තු උල් වෙන්න බෑ / දිලිසෙන සපත්තු වෙන්න බෑ පොලිශ් කරලා එන්න ඕන. අනිවාර්යයෙන්ම ලේස් සපත්තු වෙන්න ඕන.

ළමයි 4500 කට වඩා ඉන්න ඉස්කෝලෙ මේවා බලන්න ඉන්නෙ ශිෂ්‍ය නායක මණ්ඩලේ තමයි.

සාමාන්‍ය ළමයෙක් ඉස්කෝලෙ එන්න ඕන 7.25  ට ඉස්සෙල්ලා. ඒත් කවුරුවත් දන්නැති උනාට ප්‍රිෆෙක්ට් කෙනෙක් ඉස්කෝලෙ එන්නෙ උදේ 6.30 ට. ගොඩක් දුර ඉන්න අය විතරක් 6.45 ට කලිං එනවා කොහොම හරි. ඒ එන්නෙ ඔවුන් වෙනුවෙන් නෙමෙයි, ඉස්කෝලෙ වෙනුවෙන්. උදේ පාන්දර ප්‍රධාන ගේට්ටුව, හොස්ටල් එක හරියෙ ළමයින්ගෙ අඩුපාඩුකම් බලන්න ඉන්නෙ උදේ පාන්දර ඉදන්. උදේ කොඩිය පිළිවෙලට ගැටගහලා, අදාල පන්ති වලින් ළමයි පෝලිම් ගස්සලා එක්කන් ඇවිත් ‍කොඩි කණු ඉස්සරහා පෝලිම් හදන්නෙත් ඔවුන්. ඉස්කෝලෙ පටන් ගන්න බෙල් එක ගහලා ළමයි පන්ති වල ඉගෙනගනිද්දි ඔවුන් කරන්නෙ වැරදි වලට අල්ලගත්ත ළමයින්ට ඒ ඒ අයගෙ වැරදි පෙන්නලා දීලා සුදුසු දඩුවම් පනවලා ඒ අයව පන්ති වලට යවලා ශිෂ්‍යනායක කාඹරේටත් ගිහින් තමයි ඔවුන් ආයෙ එන්නෙ පන්තියට. එතකොට පළවෙනි කාලච්ඡේදය ඔවුන්ට මගඇරිලා. උසස් පෙළ කරන පන්ති වල ඉගෙනගන්න මේ ප්‍රිෆෙක්ට්ලාට තමන්ගෙ ජීවිතේ කරගන්න ලොකුම පාඩුවක් මේ ඉගෙනගන්න කාලෙ ඉස්කෝලෙ වෙනුවෙන් කැප කරන්න වීම. ඒත් ඔවුන් ඒ දේ කරන්නෙ ඉස්කෝලෙ වෙනුවෙන්.

ඉතින් ඔය ටික විතරද ප්‍රිෆෙක්ට් කෙනෙක් කරන්නෙ?

නැහැ. ඔය ඔවුන් කරන එක වැඩක් විතරයි. Big Match එකේදි කොච්චර දුක් විදින්න වෙනවාද කියන එක කවුරුත් දන්නෙ නෑ. College Tent එක අනිත් ඉස්කෝල වලට වඩා හොදට ලස්සනට හදන්න ඕන නිසා මාසයක් විතර ඔවුන්ගෙ පන්තිත් කට් කරගෙන හවස් වරුවෙ ඉදන් රෑ 10 විතර වෙනකන් ඔවුන් වෙහෙසෙන්නෙ ටෙන්ට් එක හදන්න. ඉස්කෝලෙ හොස්ටල් එකේ පාලු අදුරු කාඹරේක ලයිට් එකක් අටවගෙන, අඩුමකුඩුම ගෙනල්ලා, ප්ලෑන් ඇදලා, මීටර් 100 ක් විතර දිගට ටෙන්ට් එක ඩිසයින් කරලා, ලී වලින් හයියට බොක්ස් බෝඩ් රදවලා කපලා පාට ගාලා විතරක් නෙමෙයි මැච් එකට කලින් දවසෙ රෑ ඒ ඔක්කොම ගෙනල්ලා හයි කරන්නත් ඕන ඔවුන්මයි. එක රැයකින් මේවා හයි කරන්නෙ ලේසි පහසු විදිහකින් නෙමෙයි. මීටර් ගණන් උස කණු වල නැගලා අවුව වැස්ස කිසිදෙයක් බලන්නැතුව පාං කෑල්ලකින් සප්පායම් වෙලා රෑ හීතලේ ලීත් එක්ක ඔට්ටු වෙනවා කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. 2011 ටෙන්ට් එක ගහද්දි මොර සූරන වැස්සක් කඩන් පහත් වුනු වෙලේ අර ලිස්සන යකඩ බට උඩ, කට්අවුට් බදාගෙන තෙමි තෙමී දීපු ගේම මට තාම මතකයි. එදා ගෙදර යද්දි උදේ 6යි. ආයෙ උදේ 8.30 ට ඩියුටි කරන්න ආයෙ එන්න ත් ඕන ඒ ශිෂ්‍ය නායකයොම තමයි.


බිග් මැච් එකට කලින් ගුවනේ ලෙල දෙන කොඩි කණු හොයන්න කොච්චර දුර ඈත ඉදන් උණ ගස් කපන් කරේ තියන් ඇවිත් ඒවා බැදලා හදන් එනවාද කියන එක එතනට එකතු වෙන ගොඩ දෙනෙක් දන්නෙ නැහැ. ඒ වගේම තමයි, ඉස්කෝලෙ ඕනම උත්සවේකදි පුටු මේස හදලා, සරසලා, පිළිවෙල කරලා තියෙන්නෙ වෙන සේවකයො නෙමෙයි, ඒත් ශිෂ්‍යනායතයොම තමයි. කොටිම්ම කියනවා නම් ත්‍යාග ප්‍රධානෝත්සවයකදි වැඩිපුර Announce කරන්න වෙන්නෙත් ශිෂ්‍යනායක මණ්ඩලේ පිරිසටම තමයි. අනික් හැමෝම ගෙවල් දොරවල් වල ගියත් ශිෂ්‍ය නායකයොන්ට යන්න වෙන්නෙ හැම දෙයක්ම අස් පරස් කරලා අතුගාලා තිබ්බ ඒවා ඒ විදිහටම තියලා කොච්චර රෑ උනත්. 
මේ හැමදේම කරන ශිෂ්‍ය නායකයෙක්ට බොහෝ දුරට තමන්ගෙ අධ්‍යාපනයට ලොකු පාඩුවක් වෙන එක නවත්තන්න බෑ. ඔය කොච්චර කරත්, ඉස්කෝලෙදි එක ළමයෙක් හරි වැරදි විදිහට ඇවිත් ඉන්නවා දැක්කොත් ඒකට වැඩියෙන් දොස් අහන්න වෙන්නෙ ශිෂ්‍ය නායක මණ්ඩලේට. ඒ ව‍ගේම කොහේ හරි පිහිදාලා නැත්නම් ඒකටත් බැනුම් අහන්න වෙන්නෙ ශිෂ්‍යනායකයන්ට. ඒ ඔක්කොමත් එක්ක ඉස්කෝලෙ බොහෝ දෙනෙක්ගෙ අප්‍රසාදයට පත් වෙන්නෙත් ඔය කියන ශිෂ්‍යනායක මණ්ඩලය. (ප්‍රිෆෙක්ට් ලා හොදයි කියන කවුරුත් ඉන්නවැයි ඉතිං). හොද අහනවාට වඩා වැඩියෙන් නරක අහගෙන ඉස්කෝලෙ වෙනුවෙන් කැප වෙන ශිෂ්‍ය නායක මණ්ඩලේට මගේ ප්‍රනාමය...!!!

2012 නොවැම්බර් 10 වෙනිදා තියන ශිෂ්‍ය නායක දිනයට මගේ උණුසුම් සුභපැතුම්...!!!

Monday, November 5, 2012

සාපේක්ෂතාවාදය සහ තවත් කතා

බහුතරයක් කියනවා සාපේක්ෂතාවාදය ඇත්තය කියලා. අර මොකද්ද අංශුවක් ආලෝකේ ප්‍රවේගෙට වඩා එකකින් යවපු කට්ටියක් කියනවා ඒක බොරුය කියලා. ඕක බොරුවක් උනොත් එහෙම ඒ ලෙවල් විද්‍යාව කරන ළමයින්ට එහෙම හරි ජොලි. ෆිසික්ස් කම්බයින්ඩ් මැත්ස් ඉම්පෝට් කරන්න වෙනවා. ඒක පැත්තකින් තියමු. මම මේ කියන්න යන්නෙ අයින්ස්ටයින් මහත්තයා කියපු සාපේක්ෂතාවාදයක් නෙමෙයි. අපේ සමාජයේ පේන්න තියන සාපේක්ෂතාවාදයක්. කොහොම වෙයි ද මන්දා, මට හිතෙන හැටි.

සාපේක්ෂතාව, සරලව කිවුවොත් එක්කෙනෙක්ට සාපේක්ෂව අපිට තියන අඩු වැඩිය. බිල් ගේට්ස් මහත්තයා පෝසතෙක් ලු. අපි කොහොමෙයි එහෙම කියන්නෙ. අපි වගේ ලක්ෂ කෝටි ගුණයක් ඒ මනුස්සයාට සල්ලි තියන නිසා. හිගන්නෙක් දුප්පත් ලු. ඒ අපිට වගේ ඉන්න හිටින්න තැනක්, යාන වාහන සල්ලි ඒ මනුස්සයාට නැති නිසා. (දැන් නං හිගන්නොත් අපිට වඩා පෝසත් අප්පා) අපි කෙනෙක්ට ලස්සනයි හෝ කැතයි කියන්නෙත් ඒ විදිහටමයි. අපිට වඩා සුදු ඇගපත ගානට තියන කෙනෙක් අපි ලස්සනයි කියනවා. අපි තරම් එවුවා නැති කෙනෙක්ට කැතයි කියනවා. ඇත්තෙන්ම අපි කෙනෙක්ට සාපේක්ෂව ඒක කියන අවස්ථාත් තියනවා. 

"අරයාට වඩා මෙයා ලස්සනයි බං"

ඒකත් සාපේක්ෂව කියන කාරණාවක්. දැන් ඉතිං බලමු මොකද්ද මේ විකාරෙ කියලා.

ඇත්තෙම්ම කියනවා නම් අපි මේ ලෝකෙට එන්නෙ බොහොම අසරණව, මෙලෝ දෙයක් දන්නැතුව. ඒත් මේ අම්මා තාත්තා‍ගෙන්, සමාජයෙන්, වටපිටාවෙන්, ඉස්කෝලෙන්, විශ්ව විද්‍යාල වලින්, එක එක කෝස් කරලා අපි දේවල් ඉගෙනගන්නවා. ඒ දේ ඉගෙනගන්න කලිං අපි ඔය කියන කිසි දෙයක් ගැන දන්නෙ නෑ.  ඒකෙන් කියවෙන්නෙ අපි, අපි ඉගෙනගන්න දේ ගැන අපිට වැඩියෙන් දන්න කෙනෙක්ට සාපේක්ෂව අපේ දැනුම අඩුයි කියන එක. ඒත් හැම කෙනෙක්ම ‍ඉගෙනගන්නවා ඔය දැනුම කියන එකේ සාපේක්ෂ විශාලත්වය (සිංහලෙං කිවුවොත් නොදන්න ටික) නැතිකරගන්න.

අපිට වඩා දැනුම නැති අය ඉන්නවා නෙ. ඒ කෙනෙක් අපෙන් දෙයක් ඇහුවාම අපි කරන්නෙ කියලා දෙන එක. ඒකෙන් වෙන්නෙ අපේ දැනුම නැති වෙන එක නෙමෙයි, තව තව ඒවා මතක් වෙලා අපිට හොදක් වෙන එක. ඒත් ඉතිං දැන් දැන් ඔය පිරිස හිමීට අඩුවේගෙනයි යන්නෙ. තරගකාරීත්වය නිසා ද දන්නෙත් නෑ. ඒ කොහොම වෙතත් සමහරු අනිත් කෙනෙක්ගෙන් එකක් ඇහුවාම,

"මචං මේක මෙන්න මෙහෙමයි"

කියලා කියන්නෙ නැතුව අමුතු අපබ්බරන්ස කියවනවා. ඒ මෙලෝ දෙයක් අනිත් කෙනාට තේරෙන්නෑ. ඒ කෙනාටත් එපා වෙලා අහන එක නවත්තනවා. පස්සෙ අර කියලා දෙන්න පැකිලුන පුද්ගලයාගෙන් සම දැනුමක් තියන කෙනෙක් ඒ ඇයි ඇහුවොත්,

"මුන්ට ඕවා කියලා දුන්නාට වැඩක් නෑ බං තේරෙන්නෑ"

වගේ උත්තර සපයනවා. ඒත් ඒ අයට මතක නෑ ඒගොල්ලො උඩින් පහත් වෙලා ඉගනගත්ත අයවත්, පොත් දියකරලා බීලා අද තියන දැනුම ලබාගත්ත අය නෙවෙයි කියලත්. ඒ අයට තේරුන විදිහට කෙනෙක්ට කියලා නොදෙන්නෙ එක්කො උඩගු කම නැත්තං බය නිසා. ඒත් ඉතින් එහෙම කෙනෙක් ට හරියන්න තියන සම්භාවිතාවෙ නම් ගොඩක් අඩුයි. දෙයක් තේරෙන සිංහලෙන් කියලා දෙන්න පුළුවන් කම තියෙද්දි ඉංග්‍රීසියෙන් ඇද බාන්නෙත් ඒ වගේම කියලා දෙන්න තියන බයකට හෝ දන්න බව පෙන්නනන. මටනං ඉතිං ඒක මහ විලිලැජ්ජනැති වැඩක්. ඒකෙන් කියන්නෙ තමන් දන්නවා කියලා නෙමෙයි, කෙනෙක්ගෙ මට්ටමක් අදුරගන්න බැරි තරම් මුක්ධයි කියන එක හරි තමන්ට මුල මතක නෑ කියන එක හරි.

ඒ කෙසේ වෙතත් ඉතිං කෙනෙක් ගෙන් දෙයක් දැනන් තමන්ට වඩා දන්න කෙනෙක් නෑ වගේ උඩ පනින අයත්, කියලා දුන්න කෙනාටම වල කපන්න හදන "මූසිල" ලත් නැතුවාම නොවෙයි.

ප.ලි. : මගේ හිට්ස් 25000 වෙන්න ළගයි. කවුන්ටර් එක බලලා 25000 තියෙන්නෙ කාටද කියලා බලන්නකො පොඩ්ඩක්. ඒ කෙනාට මගේ සුභපැතුම්. හැබැයි ඉතිං මේ වගේ අවාසනාවන්ත බ්ලොගේකට ඇවිත් හෙනයක්වත් වදී ද දන්නෑ හොදේ.. 

Tuesday, October 30, 2012

සර් නැති වෙලාවට - පොයම් ද මන්දා

අද අපේ ෆිසික්ස් පන්තියේ සර් එන්න පරක්කු උනා (හැමදාම වගේ). කතා කරන්න එකෙකුත් නෑ. පොතක් පතක් කියවන්න හිතෙන්නෙත් නෑ, බෑග් එක ඇදලා ගත්තා පැන්සල් පෙට්ටිය. පෑනත් අරන් කොළේකුත් පොතකුත් අරන් කුරුටුගාන්න ගත්තා. දන්නැතුවම මොකද්ද එකක් කුරුටුගෑවිලා.. නිකං නාස්ති වෙන එකේ ඔන්න ඔහේ මේකට දාන්න හිතුවා. වැඩේ කියන්නෙ ඒකත් කඩ්ඩෙන්.

Class

It's hours passed from the right moment
They know this is more often
So they are deep within,
More what they want, than what they need..

Silent one at a corner staring at a book
Other one is so silent staring at his mobile
Behind are two chatter boxes,
Having no idea of even what they talk

Opening their chatter boxes,
One leg on other bending down
Some staring at books while,
The other staring at nails

Writing things so fast,
as if it's the last moment of life
Seems that boy has given up his joy
To have it for a lifetime

So many things to talk,
Places yet to move for a better view
Looking at the watch angrily
Yet not frustrated at all

Half are the empty desks
So the number of empty benches
15 in front of me and...
15 right behind me..

No one will stop anything..
What the freedom has granted them..
Yet a minute less I guess
To stop this "nonsense" what they call

Tok Tok..

-Janitha Senevirathna

Friday, October 26, 2012

මම සහ පොටෝ ගැහිල්ල අතීතයේ සිට වර්ථමානය දක්වා

මේ දින වල පොටෝ ගැසීමට දැඩි ආසාවක් ඇතිවී තිබෙන බැවින් මම ම මෙය වුනේ කෙසේද, කොහොමද කියා සොයා බලන්නක කැමැතියි. ඉතින් පුංචි කාලෙ ඉදලා අද වෙනකං කොහොමද මේ දේ උනේ, කවුරු නිසා ද උනන්දු උනේ, කොහෙන් කෙළවර වෙයි ද කියලා මේක ලියන් යද්දි මටම තේරෙයි. කොහොමත් ‍මේවගේ එකක් ලියද්දි (බ්ලොග් පෝස්ට් එකක්) මට ඔය ඔක්කෝම බඩවැල වගේ මතක් වෙනවා. ඒ නිසා සෝයි.

මං පුංචි සන්දියේ, ඒ කාලෙ අපේ ගෙදර තිබ්බා රීල් කැමරාවක්. ඒක Konica MT-11 කියලා එකක්. අම්මා මගේ පොටෝ ගහද්දි මටත් ඉතිං මාර ආසයි ඕකෙන් පොටෝ ගන්න. ඒත් මට කවදාවත් පොටෝ එකක් ගන්න හම්බෙලා නෑ ඕකෙන්. ඒක ඉල්ලලා අඩද්දි මට ඕක හිටවපු ත්‍රිපාදය (Tripod) එක දෙනවා. මං ඒකෙ දහ අතේ හොයනවා කොහෙද ඔබන බොත්තම තියෙන්නෙ කියලා‍. පස්සෙ ටිකක් ලොකු උනාම මට කැමරාව එක පාරක් දුන්නා. රීල් නැතුව. මං ඉතිං ඔබ ඔබ හිටියා. එච්චර තමා පුංචි කාලෙ. කවදාවත් මං පොටෝ එකක් අරන් නෑ. මේ කැමරාව වැඩ. මොකද්ද දෝසයක් තියනෝ ලු. මේ දැනුත් අතේ තියෙන්නෙ.

පස්සෙ ඉතින් කාලෙ ඔහේ ගෙවුනා, පින්තූර ගැනිල්ල ගැන මෙලෝ අදහසක් තිබ්බෙ නෑ. කැමරා සංගමේ අයියලා, මලයලා කැමරා උස්සන් දුවද්දි ඉතිං මට හිතුනෙ 'අම්මපා මුංට පයිත්තියංද?' කියලා. ඔය එක එක අවස්ථා වලදි එක එක අය ඩිජිටල් බට්ටො (point and shoot camera) වලින් පින්තූර ගනිද්දි මම display එක දිහා බලං හිටියෙ ආසාවට වගේ. මේ මෑතක් වෙනකං (මම 13 වසරෙ 2වනි වාරෙ ඉවර වෙනකං වගේ) 

පස්සෙ තමයි වැඩේ පත්තූ උනේ. අපේ ගෙදර අවුරුද්දකට නවතින්න ආපු Mickel ගාව තිබ්බා Olympus sp 800uz Bridge කැමරාවක්. මම ඉස්සෙල්ලාම බලද්දි ආස උනේ ඒකෙ විශාලන හැකියාවට (zoom). ඒක ඉල්ලන් දවස් දෙකක් තුනක් පොටෝ ගහද්දි අහම්බෙන් වගේ කවුරු හරි මාව Photo Talk Facebook Group එකේ සාමාජිකයෙක් කරලා තිබ්බා. (ඒ කවුරු කරත් මං පින් දෙනවා)  ඒ ගෲප් එකේ දේවල් මං එතරම් ගනංගත්තෙ නෑ. මං හිතං උන්නෙ මාව ඇඩ් කරලා තියන අනිත් ගෲප් එකසිය ගාන වගේ තවත් එක ගෲප් එකක් විතරයි කියලා. කොහොම හරි අර කැමරාවෙන් ඇති වෙච්ච ආසාව නිසා ඒකෙ ක්‍රියාකාරීත්වය, මෝඩ් මාරුකිරිල්ල ගැන එහෙම මං හදාරන්න උත්සාහා කරා.

මේ අවුරුද්දෙ (2012) වෙසක් පෝය දවසෙ තමයි හොද වැඩක් උනේ. එදා මං දැක්කා අපේ බනි අයියා (අනුශ්ක ලක්මාල්) පුන්සදේ පින්තූරයක් අරන් පළ කරලා තියනවා. පස්සෙ මටත් ආස හිතුනා එයින් එකක් ගන්න. අර කැමරාවත් අරන් එලියට ගිහින් ගත්තා, හද නිකං මොකද්ද ව‍ගේ වෙලා. මං ඉතිං ආසාව අත්තැරලා බලාපොරොත්තු කඩ කරන් 'බනි අයියාගෙ කැමරාව හොද එකක් වෙන්න ඇති' කියලා හිත හදාගෙන, ඒත් කමක් නෑ අහලා බලනවා කියලා ලිස්ට් එක ඔන්ලයින් දාලා බනිඅයියාගෙන් ඇහුවා. පස්සෙ කියාපි, 'යකෝ උඹේ ගාව තියන එකෙන් ඔයිට හොදට ගන්න පුළුවං Tripod එකේ තියලා ගනිං කියලා. අවුරුදු ගානක් කබඩ් එක උඩ තිබ්බ Tripod එක මට වැදගත් උනේ අවුරුදු ගානකට පස්සෙ. දුවලා ගිහින් ඒක අරන් ඇවිත් තියලා ගහපු පළවෙනි එක හිතට ඇල්ලුවෙ නෑ, ඒත් තරමක් හොදයි වගේ. පස්සෙ තටමලා තටමලා Program Mode එකට අරන් (Manual Mode එකක් ඒකෙ නෑ) බනි අයියා කියපු විදිහට ISO අඩු වැඩි කරලා ගහලා බලද්දි මරු පින්තූරයක් (ලෝකෙ තියන හොදම පින්තූරෙ නෙමෙයි, තරමක් හොද පින්තූරයක්) ගහගන්න පුළුවන් උනා. මට ඒ වෙලාවෙ ඇති වෙච්ච සතුට වචන කරන්න මට තේරෙන්නෑ.
මේක තමයි ඒක

පස්සෙ මම ඉස්සෙල්ලාම කරේ ඒක ෆේස්බුක් දාපු එක. ඒකට පළවෙනි කමෙන්ට් එක ගැහුවෙත් බනි අයියා "ඔය තියෙන්නෙ" කියලා. පස්සෙ මම නිකමට වගේ Photo Talk Group එකට ඒක දැම්මා. ලයික් කමෙන්ට් වැඩිය නැති උනත් කවුරුත් ඒකෙ වැරැද්දක් නම් කිවුවෙ නෑ. මට එදා ඒ ආසාව ඇති උනා. පස්සෙ අර කැමරාව අතපත ගාලා බලද්දි ඒකෙ Macro Mode කියලා එකක් තිබ්බා. ඒගැන ඒ තරම් අවබෝධයක් තිබ්බෙ නෑ. දවස් දෙකකට විතර පස්සෙ මම දැක්කා ගෲප් එකේම Macro පින්තූරයක් පළ කරලා තියනවා. ඒක හරි ලස්සන අපූරු සමීප පින්තූරයක්. පස්සෙ තමා මට තේරුනේ සාමාන්‍ය point and shoot camera එකකින් සමීප පින්තූර ඒ තරම් හොදට ගන්න බෑ කියලා. ඉතින් කියන්න දෙයක් නෑ නෙ මං ඊලගට කරන දේ.. අර මැක්‍රො මෝඩ් එක ඇක්ටිවු කරන් පින්තූර ගන්න මම බැලුවා. මට ඒකෙන් ගන්න පුළුවන් උනා සමනල්ලු, නිදිකුම්බා මල්, බත්කූරො, සර්කිට් කෑලි වගේ ඒවා. 

Sunday, October 21, 2012

මට හොද මගේ පොටෝ 1

මේක අංක 1 කියලා දාන්නෙ මට තවත් පින්තූර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ කොණක තියාගෙන. මේ දවස් ටිකේම බ්ලොග් එක ලියන්න උනේ නෑ. ඇත්තම කියනවා නම් ඒකට හේතුව තමයි මං හැමදාම වගේ බුකියෙ සැරිසැරීම සහ පොටෝ උණ වැඩි වීම. පොටෝ උණ කියන්නෙ ඉතින් පොටෝ ගැසීම සහ සංස්කරණය කිරීම. පල්ලෙහා ඉතිං මං පොටෝ ටිකක් දාන්නං. අපි තාම ඉතිං පුරුදු වෙනවා නෙ. මොකක්ම හරි කැමරාවක් ගත්ත දවසට බැරියැ මොකක් හරි කරගන්න. නැද්ද..

මේ පින්තූර වලට කියන්නෙ ලෑන්ඩ්ස්කේප්ද කොහෙද. මේක ගත්තෙ නම් උණවටුනෙ හවස් ජාමෙ. ලයිට්රූම් වලින් තමා මෙවුවා කරේ.




මිනිස්සුංගෙ හැසිරීම් රටා අරවා මෙවුවා ගන්න එකට මට ආස හිතිලා. ඇයි දන්නෑ. කොහොම හරි එවුවා Street Photography ලු. මං ඉතිං ඕන් ඒවයින් ටිකකුත් ගත්තා ඈ..





මෙවුවාට නං කියන එක දන්නෑ.. ඒත් මං ආසයි.. මේ ඉන්නෙ ප්‍රවීන වනජීවී ඡායාරූපශිල්පියෙක් වන ප්‍රසාද් හපුආරච්චි මහත්මයා




මිනිස්සුංගෙ මූනු ගත්තාම එවුවා පෝට්රේට්ස් ලු. ස්ටුඩියෝ එකක් නැතත් පාරෙදි හොරෙං වගේ ගහගත්ත එකක්. ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි ද මන්දා. ආ ඔය ඉන්නෙ ඉසුරු අයියා. 





මේ ටිකේ මට පැනොරාමා පිස්සුවක් ගහලා. අනේ මන්දා, දන්නැද්ද ඉතිං. අර දිග පොටෝ.. ආං එවුවා.. ‍මෙවුවා නං ඔක්කොම පින්තූ‍‍රෙ ගානෙ ගහගෙන ෆොටෝශොප් වලින් සීරුවට පූට්ටු කරලා හදපුවා.. මේවාට ගොඩක් වෙලා ගියා වගේම ගොඩක් මහන්සි උනා


මේ උණවටුන මුහුද. පේන්නැත්තං මේක උඩ කොටන්න ඈ..
මේක ගාල්ල. මේ පින්තූ‍රෙ කලිං එක නං චා.  මේක මේ විදිහට හදලා දුන්නෙ ලක්ෂාන් හිරුමල් අයියා
මේක හදන්න නම් හොද පණ ගියා. මිනිස්සුංගෙ පැනොරාමා ගහනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක් බව තේරුනේ මේක ගැහුවට පස්සෙ
ළගදි වෙඩිමකට ගිහින් ගැහුව එකක් පල්ලෙහා තියෙන්නෙ. මන්දා, මං ඒකට ආආසයි..




මේ ඉතිං ටිකක් හොද ඇති, නැත්තං නරකම ඇති. ඒත් ඉතිං ඔය මට පුළුවං තරම තමා. මොනා කොරන්නද, හැම එකක්ම කරන්න ආසයි කියලා පුළුවන් වෙන්නෙ නෑ නෙ. මෙතන තියන හැම පින්තූරයක්ම ගහලා තියෙන්නෙ ටොම් රූස්, ම‍ගේ හිතවතාගෙ කැමරාවෙන්. කැමරාව Canon 400D කාච - මිමි50.


(උස්සන්න නං එපා හොදේ, බොහොම අමාරුවෙන් පැය ගානක් මහන්සි වෙලා ගහගත්තුවා. ඕන උනොත් ඉල්ලන්නකො. මං හොද කොපියක් දෙන්නං, මෙවුවා කොහොමත් ෆේස්බුක් දාන සයිස් එකේ නෙ.)

Monday, October 15, 2012

කීර්තිනාමය ලබාදීම / ලබාගැනීම / වැනසීම

කීර්තිනාමය, ලොකු වචනයක්. කාලාන්තරයක ඉදලා කිසියම් සංවාධානයක්, පුද්ගලයෙක් විසින් අමාරුවෙන් ගුණාත්මකභාවයෙන් කැප කිරීම් වලින් ගොඩනගාගන්න දෙයක්. නූතන සමාජයේ මේ කීර්තිනාමය බොහෝ විට යොදාගැනෙන්නෙ "පාසලේ කීර්තිනාමය", අර කෙනාගෙ කීර්තිනාමය ආදී වශයෙන්. මෙය හදාගැනීම, ලබාගැනීම, ආරක්ෂා කිරීම සහ විනාශ කිරීම රැදිලා තියෙන්නෙ ඒ සංවිධානයේ ඉන්න අය ක්‍රියාකරන ආකාරය අනුව.

යම් පුද්ගල සංවිධානයක්, සමාජයේ යහපතට ගුණාත්මක දේවල් කරලා නැත්නම් තමන්ට පුළුවන් දෙයින් උපරිමේට ගිහින් තමන්ගෙ සංවිධානයට කරන්න පුළුවන් මොනවාද කියලා පෙන්නුම්කරලා බොහොම කැපවීමෙන් තමයි යමක් "හොදයි" කියලා සමාජයේ පිලිගැනීමක් ඇති කරන්නෙ. ඒ වගේම තමයි අවශ්‍ය තැන් වලදි මොලේ කල්පනා කරලා ගන්න වැදගත් තීරණ වල සාර්ථකත්වය බොහෝ සංගමයන් ගැන විශ්වාසයක් මින්ස්සුංගෙ හිත් වල ඇති කරවනවා.

ඒත් දැන් සමාජයේ මොකද්ද වෙන්න? කීර්ති නාමයන් ප්‍රයෝජනයට ගැනීම. උදාහරණයක් විදිහට කියන්නම්. මගේ පාසල රිච්මන්ඩ්. රිච්මන්ඩ් විද්‍යාලය කිවුවාම ඒකට ලොකු පිලිගැනීමක්, කීර්ති නාමයක් තියනවා. ඒ කීර්ති නාමය පිරිසක් පාවිච්චි කරන්නෙ "මාත් රිච්මන්ඩ් එකේ" කියලා කියාගන්න විතරයි. ළගදි ශිෂ්‍යත්ව විභාගෙ පළවෙනියා රිච්මන්ඩ් විද්‍යාලයෙන් වාර්තා උන වෙලාවෙ කී දෙනෙක් ඒක ගැන කියවන්න ඇති ද? උසස් පෙළ ගණිත අංශය ගැන ලොකු ප්‍රසිද්ධියක් අපේ පාසලේ තියනවා, හේතුව තමයි දිස්ත්‍රික් පළමුවැන්නා, ලංකාවෙ පළමු දෙවනි තැන් ගොඩක් පහුගිය වසර වල හිමිකරගත්ත නිසා. "Richmond College Mathematics" කියලා ගහලා තියන T shirt එකක් ඇදන් යන්න ගොඩක් අය කැමති ඒ නිසා. ඒත් මං දැකලා තියනවා උසස් පෙළට ගමේ ඉදන් ආපු කොල්ලො කුරුට්ටො ටිකක් කඩේ යන්න, දානෙ ගෙදර, මළගෙදර හැම මගුලකටම ඕක අදිනවා. ඒ කරන්නෙ ඉස්කෝලෙ කීර්තිනාමය යොදාගෙන තමන් බැබලීම.

සංගම් වලත් ඔහොමයි. පිරිසක් විසින් පුළුවන් තරම් මහන්සි වෙලා පටන්ගෙන කැප කිරීම් කරලා, දරදිය ඇදලා භාධක අස්සෙ පවත්වාගෙන ගිහින් ඉස්සරහාට එන්න ඉන්න අයට භාරදීලා ගියාම ජීවිතේට ඒ පැත්ත පළාතෙ නොආපු උන් ඒවා ඇතුලට රිංගලා තමන් බැබලෙන්න දගලනවා. තමන් ඒකෙ කියලා පෙන්නන්න ඉස්සෙල්ලාම කරන්නෙ T shirt එකක් ගහගන්න එක. ඒවා දකිද්දි මුල් සාමාජිකයින්ට දුකයි, කණගාටුයි. එහෙම කියලා කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝක ස්වභාවෙ. දේශපාලනේදිත් ඔහොමයි. දේශපාලකයො වටේ ඉන්න උන් ඒ‍ දේශපාලකයාගෙ නම යොදාගෙන ඕන ඕන වැඩ කරගන්න අවස්ථා, මිනිස්සුන්ට තර්ජනය කරන, බනින, ගහන අවස්ථා ගැන අමුතුවෙන් මොනවාට කියන්නද?  

හැබැයි මිනිස්සු ඔහොම කරලා අන්තිමට ඒ නම නැත්තට නැති කරාට පස්සෙ වෙන දේ තමයි භයානක. කවුරු හරි කොල්ලෙක් කඩේ අදින්නත් යන T shirt එක ඇදන් කෙල්ලෙක් එක්ක පාරෙ ගියොත් පුද්ගලයාව නොදැනගත්තත්, T shirt එකේ ගහපු එක අදුනන උන්දැලා ඇගිල්ල දික් කරන්නෙ උක්ත ආයතනය හරි සංවිධානය හරි පාසල හරි ගැන කියලා. ඒ වගේ වෙලාවට ඒ සංවිධානයට වැඩක් කරපු, කරන මිනිස්සුන්ට අරූව මරන්න තරං තරහයි. ඔය වගේ ඕන නොහොබිනා වැඩක් කරාම අන්තිමට අහු වෙන්නෙ ඒ පුද්ගලයා නෙමෙයි, කාලාන්තරයක් තිස්සෙ නම රැකන් එන සංවිධානය. කියන්න දෙයක් නැතිව බලං ඉන්න මිනිස්සුන්ට ඒකත් ඇති.

"දැං අරක වැඩක් නෑ බං.. ඒකෙ කොල්ලො පාරවල් ගානෙ කෙල්ලො එක්ක යනවා.."

"අරූ මිනිස්සු දම්මලා කප්පං ගන්නවා බං"

"අරුංට වඩා හොදට අංගොඩ උං මේවා කරනවා බං"

ඔහොමයි අන්තිමට මිනිස්සු කියන්නෙ. වැඩක් කරපු මිනිස්සුන්ට ඒ වෙලේ එන්නෙ කලකිරීමක්. මොනවා නම් කරන්නද? මේක තමයි බලපෑම.

අනිත් මිනිස්සු හදන්න අපිට බෑ. ඒත් අපිට පුළුවන් පුද්ගල සංවිධානයක, නැත්තම් පාසලක වගේ කීර්තිනාමය වැඩි කරලා දෙන්න. ඒක කරන්න පුළුවන් අපි සංවිධානය කරන සාර්ථක වැඩ වලින්, අපි ගන්න ජයග්‍රහන වලින්, අපි සමාජයේ හැසිරෙන ආකා‍රයෙන්. ඒ දේවල් හොද වෙන්න වෙන්න මිනිස්සුන්ගෙ පිලිගැනීම වැඩියි. මට මේ දේ තේරුනේ මම 5 වසරෙ ඉන්නකොට. ගාල්ලෙ පාසල් ඔක්කොගෙම සාහිත්‍ය තරග තියන වෙලේ මමත් ගියා කවි තරගෙට. වැඩිපුර හිටියෙ ගෑණු ළමයි. කොහොම හරි විනිසුරු මඩුල්ලෙ 3න් දෙනෙක් හිටියත් ඒ අයට වාඩි වෙන්න තිබ්බෙ පුටු 2 යි. ඒ වෙලේ මම මගේ පුටුව ගිහින් මිස් කෙනෙක්ට දුන්නා. මාව ඇදුරුවෙ නැති උනත් ඒ මිස්,

"රිච්මන්ඩ් එකේ ළමයි මෙහෙමයි"

කියලයි පටන්ගත්තෙ. ඒ දේ ඇහුනාම මට පුදුම සතුටක් ආවා. හැබැයි ඉතිං අර ගෑණු අය නං එක්කෙනෙක්වත් හෙල්ලුනේවත් නෑ. දුකයි ඒක ගැන.

ඒ කොහොම වෙතත් අපි මොකක් හරි දෙයක් නි‍යෝජනය කරනවා නම්, ඒ උක්ත සංගමයෙ හරි මොකක හරි කීර්තිනාමය තියන විදිහට වැඩකටයුතු කරන්න ඕන. අපි කියන එක වචනයක් උනත්, අපි කරන එක ක්‍රියාවක් උනත් ඒ දේ ඇති කිරීම හෝ නැති කිරීමට සම්මාදම් වෙනවා.