කට්ටිය බලනවා ඇති ආගන්තුකයා ට පිස්සු හැදිලා ද මේ පොඩි කාලෙ මාතෘකා තෝරගන්නෙ කියලා. ඒත් ඉතිං මේක ලියන්න ඕන කියලා හිතුනා. අපේ මිස්.. ඒ කියන්නෙ 2012 A/L කරන්න ඉන්න පිස්සු කොලු රොත්තකට උගන්නන අපේ මිස්..
මිස් අපේ ඉස්කෝලෙට එන්න කලියෙං වැඩ කරලා තියෙන්නෙ අපේ කන්ද උඩ තියෙන ඉස්කෝලෙ ලු නෙ.. මොනා උනත් මිස් අපේ ඉස්කෝලෙට ආව එක නම් අපේ (කාට කෙසේවෙතත් මගේ) වාසනාවක්. එහෙනම් ඉතිං ඔච්චර අගේ කරන් නැතුව ආගන්තුකයා කියන්නම් මිස් ගැන මෙහෙම ලියන්න හිතුනෙ ඇයි කියලා.
ඔන්න දෙවනි වාරෙ Prize Giving එක. ආගන්තුකයා ට Progress Report එක අරන් යන්න අමතක උනා කියමුකො. මිස් ඇවිත් අහපි, "ආගන්තුකයෝ, මොකෝ මේ මෙහෙම අමතක වෙලා වැඩ කරන්නෙ. ආයෙ පාරක් මේ A/L පන්ති වල Progress Report එකක් ලැබෙන්නෙ නෑ නේද.." කියලා. ආගන්තුකයා ට කියන්න දෙයක් නෑ. ආගන්තුකයා කිවුවා, "මොනවා කරන්නද මිස්, දැන් ඉතිං කමක් නෑ" කියලා. ආගන්තුකයාට ඒ ගැන ගානක් ගියේ නෑ. ඉස්කෝලෙ අරින්න මිනිත්තු 40 කට විතර කලිං මිස් මට එන්න කිවුවා. මාත් ගියා. "පුතේ මේ Progress Report ටික කණ්ඩම්බි ට දෙන්න Principal ට කියලා අත්සන් කරගන්න.. ආ මේ ආගන්තුකයා ගෙ එකත් ඇති. නමයි එඩ්රස් එකයි ලියලා ඒකත් තියන්න" ආගන්තුකයාට කිසි දෙයක් අවබෝධ උනේ නෑ. පස්සෙ ඔක්කොම තේරුනේ. මිස්ගෙ අතින් සල්ලි දාලා මිස් මට රිපෝට් එකක් අරගෙන, ඒකෙ මේ වාරෙ ළකුණු යි ගිය වාරෙ ළකුණු යි සේරම ලියලා. ඒ වෙලේ ආගන්තුකයා ට ඇතිඋනේ මිස් ගැන ලොකු ගෞරවකයක්. ඒත් එක්කම ආගන්තුකයා ගැන ලොකු ලැජ්ජාවක්. අපි අපි ගැන නොහිතුවාට ගුරුවරු අපි ගැන කොච්චර හිතනවාද කියලා එදයි තේරුනේ.
ආගන්තුකයා ට ට්‍රිප් එක යන එක එපා ම වෙලා තිබුනේ. ඒත් අපේ මිස් කියපු නිසා යි යන්න හිතුවේ. ඒත් සල්ලි ටික ලට්ට ලොට්ට පිටින් නැති උනා නෙ. (දන්නෙ නැත්නම්, http://jnsx3nd.blogspot.com/2011/06/blog-post_24.html බලන්නකො) ඒක ඉවරයි. ඔන්න දැන් කට්ටිය ආයෙම ට්‍රිප් එක යනවා ලු. ආගන්තුකයා ට එන්න හිතක් නෑ. ඔක්කොම එපා වෙලා. හෙට ලු යන්නෙ. අද ආගන්තුකයා ඉස්කෝලෙ යන්න නැගිටලා බතුත් කන ගමන් ඔලුවෙ කැක්කුමක් ගත්තා. පුදුම විදිහට. ඊයෙ 9 වෙනකං පන්ති ගිහින් හිටපු නිසා වෙන්න ඇති. කොහොම හරි ආගන්තුකයා නිදාගෙන හාන්සි වෙලා ඉන්නකොට නාදුනන නොම්බරේකිං කෝල් එකක් එනවා. කෝල් එක ගන්න හිතකුත් නෑ. ඒත් ගත්තා. උස්සපු ගමන්,
*ආගන්තුකයෝ ඇයි ඉස්කෝලෙ ආවෙ නැත්තෙ.. සුපුරුදු හඩක්.. ඒ අපේ මිස්...
*අනේ මිස් එන්න ලෑස්ති වෙලා හිටියෙ. ඔලුව රිදෙන්න ගත්තා.. ඊයෙ ත් රෑ වෙනකං පන්ති නෙ මිස්..
*ආ කමක් නෑ.. මේ ළමයි ආගන්තුකයා ගෙ නමත් දාගෙන ඉන්නෙ ට්‍රිප් එක යන්න.. එනවා නෙ..
*අනේ බෑ මිස්.. මට එපා වෙලා තියෙන්නෙ මිස්..
*එහෙම කියන්න එපා දරුවො.. ඔක්කොටම කලිං පැනඩෝල් එකක් බීලා ඉන්න කො.. හැමෝම කියන එකේ යමු. සල්ලි නම් මම උනත් දෙන්නම්.
-ආගන්තුකයා ට කියාගන්න දෙයක් නෑ. මිස් ගෙදරටම කෝල් කරලා එන්න කියනවා. මොනවා කියන්නද-
*අනේ මන්දා මිස්..
*ඔය හිතේ තියන ප්‍රශ්න ඔක්කොම ඇරිලා යයි. ට්‍රිප් එක යමු.
හරි මිස් මම එන්නම්. මිස් සල්ලි දාන්න ඕන නෑ මම දෙන්නම්. ආගන්තුකයා කිවුවා නෙමෙයි කියවුනා.
මිස් කෙරේ තියෙන ගෞරවය හැමදාමත් වැඩි වෙනවා. මිස් ඇත්තටම ආගන්තුකයාට අම්මා කෙනෙක් වගේ. මේ වගේ මිස් කෙනෙක් ලබන්න ආගන්තුකයා වාසනාවන්තයි. ඇත්තටම. හැම ගුරුවරයෙක් ම මෙහෙම උනා නම්....