Friday, October 4, 2013

ගැහැණිය | ‍කෙටි කතාව

මොකෙක්ද මන්දා මේ උදේ පාන්දර කෝල් කරන්නෙ.. නිවාඩු දවසක නිදාගන්නවත් නෑ.. රෙද්ද.. 

"හලෝ..."  ""

"මචං මේ, මම චරා... වරෙං අද සෙට් එකත් එක්ක නාන්න යන්න... බස් හෝල්ට් එකට වරෙං පුලුවං ඉක්මන්ට.. "

"අම්මටසිරි... හරි බං මං එනෝ..."

නිදාගන්න කවදා නම් බැරි ද, ඒ වගේද සෙට් එකත් එක්ක නාන්න යන්න තියනවා නං. මාත් ඉතිං පුලුවං තරං ඉක්මනට ලෑස්ති වෙලා දුවගෙන බස් හෝල්ට් එකට ගියා. සෙට් එක ඉන්නවා කිවුවට කතා කරපු එකා විතරයි යද්දි. 

"මොන මගුලක්ද මන්දා බං.. මේ කාළකණ්නි එකෙක්කත් නෑ නෙ කියන වෙලාවකට එන්නෙ.."

ඒ චරා. ටික වෙලාවකිං අනිත් එවුං දෙන්නත් ආවා කම්මැලි ඇර ඇර. කමක් නෑ කියලා නැග්ගා බස් එකකට. හැමදාම වගේ පස්සෙ සීට් එක තමා පොට් එක. සෙට් එකටම එකට යන්න පුලුවං, ඒ තරං රසක් නෑ. වාසනාව කියන්නෙ බස් එකට නැග්ගා පට්ට කෙල්ලෙක්. මේ වගේ සෙට් එකක් එක්ක යද්දි මොන හිරි ඔතප් ද? නැග්ග වෙලේ ඉදන් කෙල්ලව බයිට් එකට ගත්තෙ අපි සෙට් එක. 

ටික වෙලාවක් යද්දි ඉස්සරහා සීට් එකේ ගෑණු මනුස්සයෙක් තව කෙනෙක්ට ටිකක් සැරෙන් කතාකරනවා ඇහෙන්න ගත්තා. මාත් ඉතිං කන දාගෙන අහන් උන්නා.

"මොනාද මහත්තයො මේ කරන ජරා වැඩ. ගෑණු මනුස්සයෙක්ට බස් එකක නිදහසේ යන්න බැරි ද?"


මේ කියන්නෙ අපි ගැන වත් ද? තව ටිකක් ලං වෙලා අහන් හිටියා.

"ගෑණු මනුස්සයෙක්ගෙ පිට අතගාන්නයි.... ...... ...... ..... ලැජ්ජ නැද්ද මහත්තයො"

ඒ වෙලේ තමයි හිතේ සැකේ නැති උනේ. වාඩි වෙලා හිටිය අපිත් ඉස්සරහාට ගියා මොකද වෙන්නෙ බලන්න. ඒක අස්සෙ අවුරුදු තිහක් තිස් පහක් විතර වෙන මනුස්සයෙක් කියවන්න ගත්තා අර ගෑණු මනුස්සයාට අමු තිත්ත කුණුහරුපෙන්. 

"තොට ඒකෙන් වැඩක් නෑ නෙ **** ... ... ..."

මේක අහන් ඉන්න බැරිවෙච්ච තවත් මනුස්සයෙක් ඇවිත් මේ මිනිහාට තේරුම් කරන්න ගත්තා.

"මොනාද මිනිහො, ගෑණියෙක්ට බස් එකක යන්න දෙන්නෙ නැත්තෙ, ලැජ්ජ නැද්ද තමුසෙලාට"

අර මිනිහා මේ මිනිහාටත් කියවන්න ගත්තා..

"තෝ තොගේ වැඩක් බලාගෙන මකබෑවිලා පලයං *****..."

මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා. අපිත් කෙල්ලෙක්ට විහිලු කර කර ආවෙ. ඒත් ඒ මේ මිනිහා වගේ අසහනේකට නෙමෙයි.. කොලු කමට.. ඒක හිතද්දියි මං දැක්කෙ අර ගෑණු මනුස්සයා ගෙ අතේ ඉන්න දරුවා. මේ වගේ අසහනකාරයො නං.....

"මේ වගේ එවුන්ට නං ගහන්න ඕන යකෝ..."

මට කියවුනේ ඉබේටම වගේ.. ඒ වචන ටික පිටඋනා විතරයි මාත් එක්ක ආපු එවුන් ටික පැන්න ගමන් අර යකාට තඩිබාන්න ගත්තා. මට ඒ වෙලේ තේරුනේ මුංටත් ගහන්නයි ඕන වෙලා තිබ්බෙ කියලා. මාත් අස්සෙං අත දාලා දුන්නා ඌට, කාලෙකිං අත පයේ හිරි ඇරගත්තෙත් නෑ නෙ. ඒක අස්සෙ කෙසග කොලු ගැටයෙකුත් මැද්දට පැනලා අර මිනිහාට ගහන්න ගත්තා. ඔක්කොම උං ගහලා ගහලා අන්තිමට අර මිනිහාගෙ එක ඇහැක් උඩ ගිහින් වගේ. මූණෙ ගන්න සංසාරයක් නෑ. 

ඔක්කොම උං ගහලා අර මිනිහා ගියාටත් පස්සෙ මං ගිහිං වාඩි උනා ආපහු හිටපු තැනම. තාමත් මගේ අත ගැහෙනවා අර මිනිහා කියපු ඒවා වලට. ඒත් එක්කම අර කොලු ගැටයා මගේ ගාවට ඇවිත් නැවතුනා. මාත් ඉතිං බැලුවා මොකද කියලා..

"Thank you"

මට තේරුනේ නෑ මොකද එහෙම කිවුවෙ කියලා.

"ඒ මොකටද?"

මං ඇහුවා..













"ඒ මගේ අම්මා..."




-------------------------------------------------------------------------------
මේක මගේ යාලුවෙක්ට වෙච්ච ඇත්ත කතාවක්. මාස ගානෙකිං බ්ලොග් එක පැත්තෙ ආවෙ නැති උනාට අද මේ කතාව ඇහුවාම ලියන්නෙ නැතුව ඉන්න බැරි උනා. කතාවට කෑලි ටිකක් අතිනුත් දැම්මා. 

8 comments:

  1. ලංකාවේ කොහොමත් ඉන්නේ බං ලිංගික අසහනකාරයෝ!!!

    ReplyDelete
    Replies
    1. ඔවු.. තරුණයො නං තව කමක් නෑ, මේ තිස් පහ වගේ පැනපු සමහරුන්ට පුදුම අවුලක් තියෙන්නෙ. බස් වල එහෙම යන්නත් හිරිකිතයි...

      Delete
  2. ලංකාවේ සමහරකගේ මානසිකත්වය ඔය වගේ තමයි.. ගෙදරදි නොලැබෙන දේ පිටදි බලා ගන්න උත්සාහ කරනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේශ් අයියා. උන්ට වැඩක් නෑ ඒ මොන වගේ කෙනෙක්ද කියන එක. අනික ඕවා කරා කියලා තමන් නැති වෙනවා මිසක් වෙන දෙයක් ලැබෙන්නෑ කියන එක තේරෙන්නෙත් නෑ.. මානසික සතුටක් ලැබෙනවා ඇති. ඒත් මේ වගේ කායික සතුටක් ලැබුනාම නං ඉතිං ආපහු මානසික සතුටවල් හොයන් එන එකක් නෑ.. හෙහ් හෙහ්..

      Delete
  3. සුලභ සිද්ධියකින් ලස්සන කෙටි කතාවක් ගොඩනගලා තිනයවා අපූරුවට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා. කතාව කෙටි නිසා කෑලි ටිකක් අතින් දාන්නත් උනා... :)

      Delete
  4. හොද පෝස්තුවක්.. :) දැන්නන් ඔය සිද්දි එන්න එන්නම වැඩිවෙනව.. මානසික අසහනකාරයො හැමතනම.. මේ කතාවෙන් ආදර්ශයක් රටට ලැබෙවායි ප්‍රාර්ථනා කරනව.. හොද පාඩම් ඔව්වා.. ගොඩක් හොදට හිතට කා වැද්දෙන විදියට කෙට් කතාව නිර්මාණය කරල තියෙනව.. තව මෙවැනි රටට වැදගත් කතා ලියන්න කියල සුභ පතනව සහෝදරය.. :)

    ReplyDelete
    Replies
    1. හා..නේ... ඉසුරු අයියා...
      ඇත්ත තමා අයියෙ.. මේ වගේ කතා කාට කාටත් හොද පාඩම්.. මේ වගේ දෙයක් ඉතිං කොහොමත් බ්ලොග් එකට වැටෙන්න ඕන නෙ.. ඉතිං ලිවුවා.. ස්තුතියි :)

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....