බහුතරයක් කියනවා සාපේක්ෂතාවාදය ඇත්තය කියලා. අර මොකද්ද අංශුවක් ආලෝකේ ප්‍රවේගෙට වඩා එකකින් යවපු කට්ටියක් කියනවා ඒක බොරුය කියලා. ඕක බොරුවක් උනොත් එහෙම ඒ ලෙවල් විද්‍යාව කරන ළමයින්ට එහෙම හරි ජොලි. ෆිසික්ස් කම්බයින්ඩ් මැත්ස් ඉම්පෝට් කරන්න වෙනවා. ඒක පැත්තකින් තියමු. මම මේ කියන්න යන්නෙ අයින්ස්ටයින් මහත්තයා කියපු සාපේක්ෂතාවාදයක් නෙමෙයි. අපේ සමාජයේ පේන්න තියන සාපේක්ෂතාවාදයක්. කොහොම වෙයි ද මන්දා, මට හිතෙන හැටි.
සාපේක්ෂතාව, සරලව කිවුවොත් එක්කෙනෙක්ට සාපේක්ෂව අපිට තියන අඩු වැඩිය. බිල් ගේට්ස් මහත්තයා පෝසතෙක් ලු. අපි කොහොමෙයි එහෙම කියන්නෙ. අපි වගේ ලක්ෂ කෝටි ගුණයක් ඒ මනුස්සයාට සල්ලි තියන නිසා. හිගන්නෙක් දුප්පත් ලු. ඒ අපිට වගේ ඉන්න හිටින්න තැනක්, යාන වාහන සල්ලි ඒ මනුස්සයාට නැති නිසා. (දැන් නං හිගන්නොත් අපිට වඩා පෝසත් අප්පා) අපි කෙනෙක්ට ලස්සනයි හෝ කැතයි කියන්නෙත් ඒ විදිහටමයි. අපිට වඩා සුදු ඇගපත ගානට තියන කෙනෙක් අපි ලස්සනයි කියනවා. අපි තරම් එවුවා නැති කෙනෙක්ට කැතයි කියනවා. ඇත්තෙන්ම අපි කෙනෙක්ට සාපේක්ෂව ඒක කියන අවස්ථාත් තියනවා.
"අරයාට වඩා මෙයා ලස්සනයි බං"
ඒකත් සාපේක්ෂව කියන කාරණාවක්. දැන් ඉතිං බලමු මොකද්ද මේ විකාරෙ කියලා.
ඇත්තෙම්ම කියනවා නම් අපි මේ ලෝකෙට එන්නෙ බොහොම අසරණව, මෙලෝ දෙයක් දන්නැතුව. ඒත් මේ අම්මා තාත්තාගෙන්, සමාජයෙන්, වටපිටාවෙන්, ඉස්කෝලෙන්, විශ්ව විද්‍යාල වලින්, එක එක කෝස් කරලා අපි දේවල් ඉගෙනගන්නවා. ඒ දේ ඉගෙනගන්න කලිං අපි ඔය කියන කිසි දෙයක් ගැන දන්නෙ නෑ. ඒකෙන් කියවෙන්නෙ අපි, අපි ඉගෙනගන්න දේ ගැන අපිට වැඩියෙන් දන්න කෙනෙක්ට සාපේක්ෂව අපේ දැනුම අඩුයි කියන එක. ඒත් හැම කෙනෙක්ම ඉගෙනගන්නවා ඔය දැනුම කියන එකේ සාපේක්ෂ විශාලත්වය (සිංහලෙං කිවුවොත් නොදන්න ටික) නැතිකරගන්න.
අපිට වඩා දැනුම නැති අය ඉන්නවා නෙ. ඒ කෙනෙක් අපෙන් දෙයක් ඇහුවාම අපි කරන්නෙ කියලා දෙන එක. ඒකෙන් වෙන්නෙ අපේ දැනුම නැති වෙන එක නෙමෙයි, තව තව ඒවා මතක් වෙලා අපිට හොදක් වෙන එක. ඒත් ඉතිං දැන් දැන් ඔය පිරිස හිමීට අඩුවේගෙනයි යන්නෙ. තරගකාරීත්වය නිසා ද දන්නෙත් නෑ. ඒ කොහොම වෙතත් සමහරු අනිත් කෙනෙක්ගෙන් එකක් ඇහුවාම,
"මචං මේක මෙන්න මෙහෙමයි"
කියලා කියන්නෙ නැතුව අමුතු අපබ්බරන්ස කියවනවා. ඒ මෙලෝ දෙයක් අනිත් කෙනාට තේරෙන්නෑ. ඒ කෙනාටත් එපා වෙලා අහන එක නවත්තනවා. පස්සෙ අර කියලා දෙන්න පැකිලුන පුද්ගලයාගෙන් සම දැනුමක් තියන කෙනෙක් ඒ ඇයි ඇහුවොත්,
"මුන්ට ඕවා කියලා දුන්නාට වැඩක් නෑ බං තේරෙන්නෑ"

ඒ කෙසේ වෙතත් ඉතිං කෙනෙක් ගෙන් දෙයක් දැනන් තමන්ට වඩා දන්න කෙනෙක් නෑ වගේ උඩ පනින අයත්, කියලා දුන්න කෙනාටම වල කපන්න හදන "මූසිල" ලත් නැතුවාම නොවෙයි.
ප.ලි. : මගේ හිට්ස් 25000 වෙන්න ළගයි. කවුන්ටර් එක බලලා 25000 තියෙන්නෙ කාටද කියලා බලන්නකො පොඩ්ඩක්. ඒ කෙනාට මගේ සුභපැතුම්. හැබැයි ඉතිං මේ වගේ අවාසනාවන්ත බ්ලොගේකට ඇවිත් හෙනයක්වත් වදී ද දන්නෑ හොදේ..
අයියෝ සහෝ... 25000 බලන්න ආවාට තව හිට්ස් 15ක් එන්න තියෙනවා නේ :(
ReplyDeleteනියමයි අදත් පෝස්ටුව!
කෝ ඉතිං 25000 පැනලා නෙ.. කවුද දන්නෑ ගොඩ උනේ.. :/
Deleteමම එනකොට 24985 යි :P
Deleteදැන් 25020 හෑ.. :/
Delete//ඒ කෙසේ වෙතත් ඉතිං කෙනෙක් ගෙන් දෙයක් දැනන් තමන්ට වඩා දන්න කෙනෙක් නෑ වගේ උඩ පනින අයත්, කියලා දුන්න කෙනාටම වල කපන්න හදන "මූසිල" ලත් නැතුවාම නොවෙයි.// අපෝ මේකනම් ඇත්ත..:)
ReplyDeleteඅහ්හ තව තවත් හිට්ස් ලැබේවා!!
ඒකනං අත්දැකීමෙන් වගේ..
Deleteස්තුතියි ස්තුතියි!
සාපේක්ෂතාවය......
ReplyDelete25000ට සුභපැතුං මචෝ!!!!!!!!!!!!
බොහොම ස්තුතියි තරියායියේ..!!!
Deleteඅප්පා... හැමදේම සාපේකෂයි කොල්ලෝ.. වයසට යන එකත් එහෙම තමා.. හි හි...
ReplyDeleteදැං බලපං... මගේ හිටිස් 11740... මට සාපේක්ෂව උඹ හොඳයි නොවැ.. ඉතිං කොහොමද මේක අවාසනාවන්ත එකක්ය කියන්නේ...
ඒක ඉතිං එන්නෙ බ්ලොග් එක පටංගත්ත දවසෙ ඉදන් නෙ..
Deleteම්ම්.. ඒකත් ඇත්ත නෙහ්.. :/
කාලෙකින් මලයාගේ බ්ලොග් එකට සෙටාර් උනේ. :P
ReplyDeleteමගේ අදහස නම් දැනුම බෙදාගන්න ඕනි තැනුත් තියෙනවා නැති තැනුත් තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕනි හරි දේ තෝරාගන්න.
25000ට සුබ පැතුම්.
ජය!
ආ අයියෙ.. ගාලු එන්න තියන නිසා වෙන්ටැ.. ;)
Deleteඅර මූසිලලාගෙං බේරෙන්න තමා මොලේ කල්පනා කරන්නෝනෙ.. හෙහ්..
හොඳ ලියවිල්ලක්! ජයම වේවා! ලියමු සහෝ දිගටම.
ReplyDeleteස්තුතියි හිරුමාවි අක්කෙ..!!!
Deleteසාපේක්ෂතා වාදය නියම කතාන්දරයක් මචං මාත් මේ වෙලාවක් ලැබුන ගමන් ලියන්න යන්නේ...
ReplyDeleteමාත් ඒක ගැන ලියන්න තමා ගියේ.. පස්සෙ හිතුනා අපරාදෙ කියලා.. වැඩන්නෑ නෙ ඉතිං අපේ අය ඔවුවා කියෝන එකකි යැ.. :/
Delete