අවදිවන්නට සිතක් නැත මට..
ක්ලේශ ගින්නෙන් පිරී ඉතිරී..
දකින්නට ඒ දැවී අලු වුනු..
සිත් නමුත් පරවුනු කැකුලු වන්...
අවදී වී සිටි කාලෙයේ මම..
සිතිමි සුන්දර දසුන් නෙත ගැට..
හිමිව මා හට වසන කලටම..
සෙවන සලසයි අන්ධකාරෙන්..
නමුදු වරෙකට බැලිමි වට පිට..
එළිය තනිකර අදුර රජ වී..
වසාගෙන සැම ඉරෙහි කිරණම..
ඉඩැර නෙත්යුග වසන්නට මට..
හරිත වන වූ තුරුලතා මැද..
සිටී මා ඒ සිරියහන මත..
‘සිහිනයකි එය නිමා නොම වෙන‘
වරෙක සිතුවෙමි මුක්ධ විලසින්..
නොදැනුනෙමි එය නිමවනා බව..
දැවී අලුවී පිලිස්සෙන තුරු..
- ජනිත සෙනෙවිරත්න
ගොඩක් කාලෙකින් කවියක් කියෙවුවේ මලයා ලිවුව.. නියමයි බං..
ReplyDeleteඑදා ඉදන්ම මාත් එක්ක හිටපු දිනේශ් අයියා තරං මගේ බ්ලොග් කෙරුවාව ගැන දන්න කෙනෙක් වෙන නැතුවත් ඇති. හුග කාලෙකිං ලියවුනේ මෙහෙම එකක්.. බොහොම ස්තුතියි!!
Deleteලස්සන කවියක්. අගය කරනවා හැකියාව.
ReplyDeleteතව කවි ලියවෙයි මං හිතන්නෙ.. ස්තුතියි අයියෙ..
Deleteලස්සනයි මල්ලියා... කාලෙකින් නේ කවියක් ලියලා තියෙන්නේ...
ReplyDeleteලිවුවොත් ලියන්නෙ මෙහෙම කවි නෙ අක්කෙ.. :)
Deleteස්තුතියි!
සුබ නව වසරක් වේවා ඔබට
ReplyDeleteස්තුතියි අයියෙ!!
Deleteහ්ම්ම්ම්ම්ම්.....සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔයාට...!!
ReplyDeleteබොහොමත්ම ස්තුතියි..!!!
Deleteබොහොම ස්තුතියි..!!!
ReplyDeleteඒ උඹ කවිත් ලියනවද?
ReplyDeleteමරු නෙ
නැතුව නැතුව.. අපිට කෝකත් චුට්ට චුට්ට පුළුවං ලු නේ..
Delete