Sunday, October 21, 2012

මට හොද මගේ පොටෝ 1

මේක අංක 1 කියලා දාන්නෙ මට තවත් පින්තූර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව හිතේ කොණක තියාගෙන. මේ දවස් ටිකේම බ්ලොග් එක ලියන්න උනේ නෑ. ඇත්තම කියනවා නම් ඒකට හේතුව තමයි මං හැමදාම වගේ බුකියෙ සැරිසැරීම සහ පොටෝ උණ වැඩි වීම. පොටෝ උණ කියන්නෙ ඉතින් පොටෝ ගැසීම සහ සංස්කරණය කිරීම. පල්ලෙහා ඉතිං මං පොටෝ ටිකක් දාන්නං. අපි තාම ඉතිං පුරුදු වෙනවා නෙ. මොකක්ම හරි කැමරාවක් ගත්ත දවසට බැරියැ මොකක් හරි කරගන්න. නැද්ද..

මේ පින්තූර වලට කියන්නෙ ලෑන්ඩ්ස්කේප්ද කොහෙද. මේක ගත්තෙ නම් උණවටුනෙ හවස් ජාමෙ. ලයිට්රූම් වලින් තමා මෙවුවා කරේ.




මිනිස්සුංගෙ හැසිරීම් රටා අරවා මෙවුවා ගන්න එකට මට ආස හිතිලා. ඇයි දන්නෑ. කොහොම හරි එවුවා Street Photography ලු. මං ඉතිං ඕන් ඒවයින් ටිකකුත් ගත්තා ඈ..





මෙවුවාට නං කියන එක දන්නෑ.. ඒත් මං ආසයි.. මේ ඉන්නෙ ප්‍රවීන වනජීවී ඡායාරූපශිල්පියෙක් වන ප්‍රසාද් හපුආරච්චි මහත්මයා




මිනිස්සුංගෙ මූනු ගත්තාම එවුවා පෝට්රේට්ස් ලු. ස්ටුඩියෝ එකක් නැතත් පාරෙදි හොරෙං වගේ ගහගත්ත එකක්. ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි ද මන්දා. ආ ඔය ඉන්නෙ ඉසුරු අයියා. 





මේ ටිකේ මට පැනොරාමා පිස්සුවක් ගහලා. අනේ මන්දා, දන්නැද්ද ඉතිං. අර දිග පොටෝ.. ආං එවුවා.. ‍මෙවුවා නං ඔක්කොම පින්තූ‍‍රෙ ගානෙ ගහගෙන ෆොටෝශොප් වලින් සීරුවට පූට්ටු කරලා හදපුවා.. මේවාට ගොඩක් වෙලා ගියා වගේම ගොඩක් මහන්සි උනා


මේ උණවටුන මුහුද. පේන්නැත්තං මේක උඩ කොටන්න ඈ..
මේක ගාල්ල. මේ පින්තූ‍රෙ කලිං එක නං චා.  මේක මේ විදිහට හදලා දුන්නෙ ලක්ෂාන් හිරුමල් අයියා
මේක හදන්න නම් හොද පණ ගියා. මිනිස්සුංගෙ පැනොරාමා ගහනවා කියන්නෙ පිස්සු හැදෙන වැඩක් බව තේරුනේ මේක ගැහුවට පස්සෙ
ළගදි වෙඩිමකට ගිහින් ගැහුව එකක් පල්ලෙහා තියෙන්නෙ. මන්දා, මං ඒකට ආආසයි..




මේ ඉතිං ටිකක් හොද ඇති, නැත්තං නරකම ඇති. ඒත් ඉතිං ඔය මට පුළුවං තරම තමා. මොනා කොරන්නද, හැම එකක්ම කරන්න ආසයි කියලා පුළුවන් වෙන්නෙ නෑ නෙ. මෙතන තියන හැම පින්තූරයක්ම ගහලා තියෙන්නෙ ටොම් රූස්, ම‍ගේ හිතවතාගෙ කැමරාවෙන්. කැමරාව Canon 400D කාච - මිමි50.


(උස්සන්න නං එපා හොදේ, බොහොම අමාරුවෙන් පැය ගානක් මහන්සි වෙලා ගහගත්තුවා. ඕන උනොත් ඉල්ලන්නකො. මං හොද කොපියක් දෙන්නං, මෙවුවා කොහොමත් ෆේස්බුක් දාන සයිස් එකේ නෙ.)

34 comments:

  1. එල පොටෝ සෙට් එක
    කැමරා ශිල්පයට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අවතාර අයියෙ..!!

      Delete

  2. අර අන්තිම පින්තූරේ..අපූරුයි

    වැඩේ නියමයි නේ...ජයවේවා

    ReplyDelete
    Replies
    1. වෙඩිමක් තිබ්බොත් කියන්නකො.. හෙහ් හෙහ්.. තැන්කූ..

      Delete
    2. හෆොයි මේ ආගන්තුක අයියා!

      Delete
    3. ඇයි ඇයි.. හෙහ් හෙහ්..

      Delete
  3. එල ඈ! අර උණවටුනේ එක සුපිරි!

    ReplyDelete
    Replies
    1. ආහ්, ඒකද.. ඒක හැදුවෙ ලයිට්රූම් වලින්.. පූට්ටු කරේ ෆොටෝශොප් වලින්..
      ස්තුතියි

      Delete
  4. අන්තිම පින්තූරේ ඉස්සීමට බලවත් ආශාවක් පැමිණි හෙයින් මෙසේ කියමි....

    වෝටර්මාක් එකක්වත් දාලා තිබ්බනං හොඳා... අයිනෙන් පොඩියට දාලා තියෙන එක අයන් කරනන් පුළුවන් නොවැ.....

    ලස්සනයි .... ආයි මොන කතාද....

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එක බලන අය එහෙම බලු වැඩ කරන එකක් නෑ කියලා තරයේ විශ්වාස කරනවා. ඒ මොනා උනත් මේවා ප්‍රින්ට් කරන සයිස් එකේ නෙමේ.. කොලිටි ගොඩක් බාල කරලා තියෙන්නෙ..

      බොහොම ස්තුතියි අක්කෙ!

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි ටික්කා..
      ටික්කා කිවුවෙ කොහෙද??

      Delete
  6. අපිත් මේවට ආසයිලු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති වේවා.. !!!

      Delete
  7. මරු ඈ... හොඳ අනාගතයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. :)
      ඔක්කොටම කලිං මොකක් හරි කැමරාවක් ගන්නෝනෙ..

      Delete
  8. බහුතරයක් හොඳයි මල්ලි............

    මූනක් ගත්ත පලියටනම් පෝට්‍රේට් එකක් වෙන්නෙ නෑ හැබැයි..... කවුරුහරි ෆොටෝ ඉස්සුවත් කමක් නෑ. ඒක සතුටට කරුනක් උඹට මොලේ තියනවනම්. මොකද කියනවනම් අර මොකක්ද ෆිල්ම් එකේ වගේ වැඩ දාන්න බෑ මොලේ පාවිච්චිකරල වැඩ කලොත්

    ReplyDelete
    Replies
    1. මූණු වනාහි පෝට්රේට් නොවේද? ෆුටා..

      කතාව නං තේරුන්නෑ.. ඒත් මේවා උස්සන එකාටමයි පාඩු.. හිකිස්..

      Delete
  9. ෆොටෝ ටික සිරා
    මෑත ඔය වැඩේට මාර ආසාවෙන් ඉන්නේ
    මේ දවස් වල විභහග වලට හිර වෙලා නිසා වෙන වැඩ නෑ
    විභාහගෙන් පස්සේ බලන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. විභාගෙ කාලෙ මොලේ විකාර වෙද්දි මං කරේ පොටෝ ගහපු එක.. ඒක මරු වැඩේ..!!!

      Delete
  10. ලස්සන ෆොටෝ ටික. උණවටුන බීච් එකයි අන්තිම එකයි එල!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන..

      Delete
  11. උඩම තියෙන එකටනම් ආසයි.

    ReplyDelete
    Replies
    1. මාත් ආස පින්තූරයක් ඒක.. ඒක ගැහුවෙ උණවටුනෙදි හවස.. ලයිට්රූම් වලින් මෙවුවා කරලා තියෙන්නෙ..!!!

      Delete
  12. දක්ෂයි! හරිම අපූරුයි! ජයෙන් ජයම වී හැකියාව වර්ධනය වේවා!

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට, දිරිගැන්වීමට සහ ප්‍රාර්ථනාවට බොහොම ස්තුතියි අක්කෙ..!!

      Delete
  13. අපුරු සේයාරු ටිකක්.. මගෙත් ආසම දෙයක් තමා පින්තුරු ගන්න එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. කෝ කෝ අපිටත් බලන්න ආසයි පින්තූර..

      Delete
  14. පැනරාමා ෆොටො ටිකට මම කැමති හොදේ..

    මේ ටිකේ මටත් කැමරාව උස්සන් කොහේවත් යන්න බැරි උනානේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා..
      අයියාට අසනීපයි කියලා ආරංචියි.. :(

      Delete
  15. wwowwwwwwwwww.. නියමයි මල්ලියෝ!!! මේකත් එක්තරා කලාවක්නෙ.. තවත් ප්‍රගුනකරන්න මල්ලි!! ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හානේ.. තැන්කූ අක්කේ..

      Delete

මේ හැමදේම වෙන්නෙ මිනිස්සුන්ට.. කියන්න තියන දෙයක් තියනවානම් කියලා යන්න....