Monday, October 6, 2014

NO PMC | අපි ඇත්ත කතා කරමු


ඇයි මේ එකපාරටම වෛද්‍ය ශිෂ්‍යයො පාරට බැහැලා කෑ ගහන්නෙ? ඇයි මිනිස්සු එක එක පැති ගන්නෙ? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රටට ඕන ද? ඇයි මිනිස්සු ඒවා ඕන කියන්නෙ? ඇයි මිනිස්සු ඒවා එපා කියන්නෙ? මේ කෑ ගහන්නෙ ඊරිසියාවට ද? නැත්තං කුහක කමට ද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබ්බා කියලා මොකද වෙන්නෙ? මේ ළගදි කොළඹ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවො ටික බෝඩ් ලෑලි ටිකකුත් අරං පාරට බැහැලා කෑ ගැහුවා නෙ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කියලා. 



මං මේ කතන්දරේ සුලමුල හොයන්න කියලා දැනුංතේරුං තියන වෛද්‍ය ශිෂ්‍යෙයක්ගෙන්ම කාරණේ ගැන ඇහුවා..





මං : මචං ඇයි බං NO PMC?

යාලුවා : 
“නෑ කොල්ලෝ මම විරුද්ධ සමස්තයට නෙවෙයි. සයිටම් එකේ මගෙත් යාලුවෝ ඉන්නවනේ බන්. සයිටම් එකේ රිපිටීෂන් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ නෑ. උන්ට මහන්සි වෙන්න තරම් දරුණු සිලබස් එකක් නෑ. ජෙනරල් ග්‍රේඩ් එකෙන් නෙවෙයි ස්පෙසිෆික් මට්ටමෙන් ක්ලාස් පටන් ගන්නේ.“

මං : මොකද්ද බං අර වාට්ටු ඉල්ලන සීන් එක?

යාලුවා : 
ඒක තමයි මචෝඕනෑම යුනිවර්සිටි එකක් හදන්න කලින් එකේ උන්ට පුහුණුව ගන්න ටීචින් හොස්පිටල් එකක් හදන්න ඕන. හෙද විද්‍යාලයකට වුනත් එහෙමයි. මුන් එහෙම හදාගන්නේ නැතුව එක ගන්න හදන්නෙත් කලම්බු උනි එකේ හොස්පිටල් එකෙන්.

මං : ඉතිං ඉඩකඩ කොහොමද බේරගන්නෙ?

Friday, October 4, 2013

ගැහැණිය | ‍කෙටි කතාව

මොකෙක්ද මන්දා මේ උදේ පාන්දර කෝල් කරන්නෙ.. නිවාඩු දවසක නිදාගන්නවත් නෑ.. රෙද්ද.. 

"හලෝ..."  ""

"මචං මේ, මම චරා... වරෙං අද සෙට් එකත් එක්ක නාන්න යන්න... බස් හෝල්ට් එකට වරෙං පුලුවං ඉක්මන්ට.. "

"අම්මටසිරි... හරි බං මං එනෝ..."

නිදාගන්න කවදා නම් බැරි ද, ඒ වගේද සෙට් එකත් එක්ක නාන්න යන්න තියනවා නං. මාත් ඉතිං පුලුවං තරං ඉක්මනට ලෑස්ති වෙලා දුවගෙන බස් හෝල්ට් එකට ගියා. සෙට් එක ඉන්නවා කිවුවට කතා කරපු එකා විතරයි යද්දි. 

"මොන මගුලක්ද මන්දා බං.. මේ කාළකණ්නි එකෙක්කත් නෑ නෙ කියන වෙලාවකට එන්නෙ.."

ඒ චරා. ටික වෙලාවකිං අනිත් එවුං දෙන්නත් ආවා කම්මැලි ඇර ඇර. කමක් නෑ කියලා නැග්ගා බස් එකකට. හැමදාම වගේ පස්සෙ සීට් එක තමා පොට් එක. සෙට් එකටම එකට යන්න පුලුවං, ඒ තරං රසක් නෑ. වාසනාව කියන්නෙ බස් එකට නැග්ගා පට්ට කෙල්ලෙක්. මේ වගේ සෙට් එකක් එක්ක යද්දි මොන හිරි ඔතප් ද? නැග්ග වෙලේ ඉදන් කෙල්ලව බයිට් එකට ගත්තෙ අපි සෙට් එක. 

ටික වෙලාවක් යද්දි ඉස්සරහා සීට් එකේ ගෑණු මනුස්සයෙක් තව කෙනෙක්ට ටිකක් සැරෙන් කතාකරනවා ඇහෙන්න ගත්තා. මාත් ඉතිං කන දාගෙන අහන් උන්නා.

"මොනාද මහත්තයො මේ කරන ජරා වැඩ. ගෑණු මනුස්සයෙක්ට බස් එකක නිදහසේ යන්න බැරි ද?"

Saturday, June 29, 2013

Safire | Next generation music player

මාස 3 කින් විතර මුකුත් ලිවුවෙ නෑ නෙ. ලියන්න තරම් දෙයක් හිතාගන්න බැරි උනා. ඒත් මේ ගිය මාස ටිකේ ගෙදෙට්ට වෙලා ඉදලා සින්දු අහපු එකම තමයි කරේ. ඒත් ඒ මං මේ කියන්න යන එකෙන් නෙමෙයි, වින්ඩෝස් 8 වල තියන ප්ලේයර් එකෙන්. පස්සෙ මාලඹේ ආවාට පස්සෙ අපේ යාලුවෙක් හදපු Music Player එකක් download කරගත්තා. මේ කියන්න යන්නෙ ඒ ප්ලේයර් එකේ තියන විශේෂාංග සහ මේක ගැන මම හිතන දේ කියන්න.

ඒකෙ නම Safire කියලයි නම් කරලා තියෙන්නෙ. ඉස්සෙස්ටසල්ලාම මේ ප්ලේයර් එක දාගත්තාම අපේ mp3 තියන ලොකේශන් එකක් අහනවා. එතනින් හරිම ඉක්මනට සින්දු ටික ලෝඩ් කරගන්නවා. පස්සෙ ප්ලේයර් එක රී ස්ටාට් කරලා ගත්තාම අපේ මුලු සින්දු ටිකම ලස්සනට Songs, Albums, Artists, Genre කියන අංග වලට බෙදිලා ඕන විදිහට හොයාගන්න පහසු කරනවා. ඒත් එක්කම Songs, Albums, Artists rate කරන්න පහසුකම් ලබා දීලා තියන නිසා බොහොම ඉක්මනට අපි කැමතිම සින්දු හොයාගන්න පුලුවන්. ඒ වගේම මේකෙ තියන search ඔප්ශන් එකත් බොහොම වේගවත්.

ප්ලේයර් එකේ උඩිම්ම තියනවා Now Playing | Library | Home | Fx | Visualization | Pasco | Ivy කියලා කෑලි ට්කක්.

Now Playing 


මේක නම් සාමාන්‍ය ප්ලේයර් එකක වගේ, ඒත් සරල-පහසු user interface එකක්. ඒත් බොහොම සිත්ඇදගන්නාසුලුයි. මේකෙ සින්දුවක් අහන ගමන් ඒක කියන ආර්ටිස්ට් ගෙ පින්තූරෙ බාගතකරගන්න පුලුවන් දකුණු පැත්තෙ පල්ලෙහා තියන Download Image කියන බොත්තමෙන්.


Library
 මේකෙ අපේ සින්දු සේරම තියනවා. මගේ කොම්පීටරේ නම් ඉතින් සින්දු 1000 ගානයි තියෙන්නෙ. ඒත් ඒ ටික හොදට ඕගනයිස් වෙලා තියනවා. අපිට ඒක සින්දුවේ නමින් නැත්නම් Album එකේ නැත්තං Artist ගෙ නමින් හොයාගන්න පුලුවන් වගේම රේට් කරන්නත් පුලුවන්. එහාපැත්තෙ තියන New Playlist කියන තැනට අපේ කැමති සින්දු ටිකක් ඇදලා දාලා Playlist එකක් හරිම ලේසියෙන් හදාගන්න පුලුවන්. එතනම තියන More කියන ඔප්ශන් එකෙන් අපිට ඕන විදිහට A - Z, Z - A, Top rated, Last Added වගේ අපිට පහසු පිලිවෙලකට හදාගන්න පුලුවන්. 

Home
මේ Home කියන ටැබ් එක කොටස් 3 කින් සමන්විතයි. ඔය ඉස්සරහාම තියෙන්නෙ අපිට ඉස්සෙල්ලාම පේන විදිහ. ඉතුරු කොටස් දෙකට යන්න පුලුවන් අර පල්ලෙහා තියන බොත්තං වගේ කෑලි වලින්, නැත්නම් මවුස් එකෙන් ඒ ස්ක්‍රීන් එක වම් පැත්තට ඩ්‍රෑග් කරලා ෆෝන් එකක වගේ. ඒකෙ අන්තිමට තියෙන්නෙ අපිට කැමති කොටස් ගානකට වෙන් කරගන්න පුලුවන්, සින්දුවේ තාලෙට පැද්දෙන බාර් වගයක්. 
ඒකෙත් අපිට කැමති ගානක් බාර් දාන්න පුලුවන්. හැබැයි මට හොදටම හිතට ඇල්ලුවෙ මැද ස්ක්‍රීන් එකේ තිබ්බ ගැජට් එක. ගොඩක් mp3 එද්දි ඒවාගේ Artists ලා ගෙ පින්තූර Album pictures මොනවත් එන්නෙ නෑ නෙ. හැබැයි මේ ප්ලේයර් එකේ තියනවා ඔප්ශන් එකක් Download Images කියලා. ඒක එබුවාම අපිට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වින්ඩෝ එකක් ඕපන් වෙනවා. අපිට තියෙන්නෙ ඒක ඔබන්න විතරයි.

ඒත් එක්කම අපේ ඇල්බම්ස් ආර්ටිස්ට්ස් ලා ටික හැදිලා එනවා හරිම අපූරු විදිහකට..
මුලින් මෙහෙම
ඩවුන්ලෝඩ් කරාම
Fx
මේක නං මම සෑහෙන්න කැමති තැනක්. ඒකෙ අපේ සාමාන්‍ය ප්ලේයර් එකක වගේ Equalizer එකක් එක්ක අලුත්ම දේවල් ටිකක් තියනවා. මම ඒවායින් වැඩිපුරම කැමති Boosters කියන කොටසට. ඒකෙ තියන Bass Booster එක ටිකක් වැඩි කරාම හරියට beats audio වල bass enhance කරනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. මම නං ඒක වැඩිම කරලා අහන්නෙ. එතකොට සින්දු ඇගට දැනෙනවා හොදට. Rock සින්දු අහද්දි වගේ නම් මේක බොහොම වැදගත්. Cross Fade, Sharping, Pitch Shift වගේ දේවල් එක්ක Karaoke කියලා කොටසකුත් මේකෙ තියනවා. ඒකෙන් කරන්නෙ audio signals invert කරලා කැරොකෙ effect එකක් එන විදිහට සින්දුව හැඩගස්සන එක. තේරෙන සිංහලෙං කිවුවොත් සින්දුවේ කටහඩ තියන කොටස අඩු කරලා මියුසික් එක වැඩි කරනවා, ඕන නම් මේක දාගෙන සින්දු කියන්න උනත් පුලුවං.. මම දැනට බලපු සින්දු හැම එකකටම වගේ ඒක හොදට වැඩ කරා.

Visualization
Safire player එකටම ආවේනික වෙච්ච Visualization කිහිපයක් මේකෙ දීලා තියනවා. අපිට කැමති එකක් තෝරගන්න උනත් පහසුතම් මේකෙන් දීලා තියනවා. 

Pasco
මේක නිකන් ප්ලේයර් එක ඇතුලෙම තියන Web Browser එකක් වගේ. දැනට ලෝකෙ ප්‍රසිද්ධ සින්දු තියන තැන් වලට යන්න, ප්ලේයර් එකේ සයිට් එකට, ෆේස්බුක් පේජ් එකට, ට්විටර් එකට එහෙම යන්න මේකෙ බොහොම පහසු ඉක්මන් විදිහට හදලා තියනවා. 

Ivy
මේකෙ තියෙන්නෙ ප්ලේයර් එකේ තියන ප්ලගින්ස් වගයක්, අලුතින් ප්ලගින්ස් දාගන්නත් පහසුකම් මේකෙ දීලා තියනවා. ඒකෙ මම දැනට කැමතිම එත තමයි සින්දුවේ නම ගහපු ගමන් ලිරික්ස් හොයලා දෙන ප්ලගින් එක.

Settings and Customization
මෙතනින් අපිට එක එක ජාති වෙනස් කරන්න පුලුවන්. ඒ වගේම හොදම වැඩේ තමයි player background එක වෙනස් කරන්න පුලුවන් එක. මං දන්නෑ මං ඒ එන විදිහට සෑහෙන්න කැමතියි.


මේ කොච්චර වැඩ තිබ්බත් ප්ලේයර් එක අපේ රැම් එකෙන් බොහොම පොඩි ඉඩක් අරගෙනයි වැඩ ටික ඔක්කොම කරන්නෙ. ඒක ගොඩක් ලොකු වාසියක් වගේම අපිටත් පහසුවක්.
මගේ ප්‍රොසෙසරේ නම් i7-3632 QM 2.2GHz
පෞද්ගලිකව මම දැනට පාවිච්චි කරපු හොදම මියුසික් ප්ලේයර් එක මේක කියලා මට කියන්න පුලුවන්. මේක හැදුවෙ දේශාන් අලහකෝන් කියලා අපේ යාලුවෙක් දැන් ස්ලිට් එකේ ඉගෙනගන්න. පල්ලෙහා තියනවා මේ සයිට් එක. ගොඩවෙලා බාගන්නකො එහෙනං. හොද නරක  යෝජනා එහෙම ෆේස්බුක් පේජ් එකට දාන්න. කොහොමත් මේ තියෙන්නෙ Safire 1.0 කියන වර්ශන් එක. Safire 1.1 update එක ළගදිම එනවා කියලා තියනවා. ලංකාවෙ හදපු ජාත්‍යන්තර මට්ටමේ  පළවෙනි Music player එක මේක. දන්න අදුනන අයට කියමු නේ..




ප.ලි. : මේ ප්ලේයර් එක වින්ඩෝස් වල වැඩ.. 7 උනත් එකයි 8ත් එකයි..

Wednesday, December 26, 2012

ගෙදරදි පින්තූරයක් ගහගත්ත හැටි


සාමාන්‍යයෙන් අපි මොකක් හරි දේකට පින්තූරයක් ගහගන්න ඕන උනාම ඉස්සෙල්ලාම දුවන්නෙ ස්ටුඩියෝ එකකට. සීනි කිලෝ එක 100 යි කියලා බැන බැන යන අපි ඒ ගන්න චූටි පින්තූර කෑලි 4 කට රු. 350 ක් දෙන්න පොඩ්ඩක්වත් මැලි වෙන්නෙ නෑ. නොවැම්බර් වල මටත් ඒ වගේම සිද්ධියකට මුහුණ දෙන්න උනා. ‍තොරතුරු තාක්ෂණ ආයතනෙට යන්න මි.මි. 30 x 40 ප්‍රමාණයෙ පින්තූර 3ක් අරන් එන්න කියලා ලිවුමෙ ගහලා තිබ්බා. ඕක දැක්ක අම්මාත් කිවුවෙ ගාල්ල ටවුන් එකට ගිහින් පින්තූරයක් ගහන් එන්න කියලා තමා. ඒත් ඉතින් මම ඒ අදහසට නම් එක හෙලා මගේ විරෝධතාවය ප්‍රකාෂ කරා. මම අම්මාට කිවුවෙ මම ම පින්තූරයක් ගහගන්නං ඔච්චර සල්ලි වියදං කරන්න ඕන නෑ කියලා.

කලින් නොකරලා තිබ්බත්, ජීවිතේ පළවෙනි වතාවට මමත් මගේම මිලිමීටර් ගානක චූටි පින්තූර කෑලි දෙකක් ගහගන්න සූදානං උනා. (එක අතකිං ලැජ්ජාව වහගන්නත් ඕන නෙ ඉතිං දන්නැද්ද..) Portrait Photography ගැන වැඩි දැනුමක් අවබෝධයක් නොතිබ්බත්, ළගදි බලපු Canon Speed Light Tutorial එකේ තිබ්බ ආලෝක පාලනය ගැන චූට්ටිත්තක් ඔලුවට ගිහින් තිබ්බෙ. අනික ඉතින් ඔය චූටි පින්තූර කෑල්ල එච්චර උසස් මට්ටමේ තියෙන්න ඕනත් නෑ නෙව! අනික තමා ස්ටුඩියෝ එකට ගිහින් ගහන පින්තූර වල මොකක් හරි ඇදයක් තියනවා. මට ඉන්න හිටින්න තේරෙන්නෑ ඒ මිනිස්සු කියන හැටියට. වෙලාව කියන්නෙ අපේ උඩ ගෙදර හිටි අයියා කෙනෙක් ගාව Canon 450D කැමරාවකුයි 50mm Portrait Lens එකකුයි තිබ්බා. අපේ අම්මාගෙ අවුරුදු තිස් ගාණක් පරණ ත්‍රිපාදය (Tripod) එකත් අරගෙන ඒකට හයි කරලා එහෙම මමත් වැඩේ පටංගත්තා‍. පාවිච්චි කරපු ජාති,

* Canon 450D කැමරාව
* 50mm Portrait Lens එක
* අම්මාගෙ Tripod එක
* සීලිමේ තිබ්බ ලයිට් එක
* හිච්චි කණ්නාඩි කෑල්ලක්
* හෝල්ඩරයක් හයි කරපු ප්ලග් කරන්න පුලුවන් වයර් කෝඩ් එක (තාත්තාගෙ නිශ්පාදනයක්)
* බල්බ් එකක්

ඉස්සෙල්ලාම කරේ හොදට එලිය වැටිලා තියන තැනක් හදා ගත්ත එක. පුටුවක් එහෙම තියලා ඉස්සරහින් ‍ට්‍රයිපොඩ් එක හයි කරපු කැමරාව තියලා ඉතුරු ආම්පන්න මේ විදිහට හදාගත්තා. (කැතයි හොදේ මට අදින්න තේරෙන්නෑ :/ )


ඔන්න ඔය විදිහට තමයි තිබ්බෙ. අහ් තව එකක්. අර කැමරාවෙ තිබ්බෙ පොප් අප් ෆ්ලෑශර් එක. ඒකෙන් කිසිම පාලනයකින් තොරව ඩෝං ගාලා මූණට එලිය වදිනවා. එහෙම ගත්තාම මූණ විකෘති වෙනවා. අවශ්‍ය දත්ත මැකිලා යනවා. ඒක වෙනස් කරන්න තිබ්බ එකම විදිහ තමයි අර පුංචි කණ්නාඩි කෑල්ල. සාමාන්‍යයෙන් සුදු පාට මතුපිටකට ආලෝකය වැටුනාම ඒක පරාවර්තනය වෙන ප්‍රතිශතය වැඩියි වගේම ඒ පරාවර්තනය වෙන්නෙ මෘදු ආලෝකය (soft light) ලු. සිවිලිමත්, පැත්තෙ තිබ්බ බිත්තියත් සුදු පාට වෙච්ච නිසා ඒක හොද වාසියක් උනා වැඩේට. දැන් ඉතින් කරන්න තියන වැදගත්ම දේ. ඒ තමයි ඉතිං පින්තූරෙ ගන්න එක. කැමරාවෙ සෙටිංග්ස් මැනුවල් කරලා, එක්ස්පෝශර් එක හරියට හදලා (Shutter Speed, Aperture, ISO) ටයිමර් එක එහෙම හරියට දාලා ඉදලා පින්තූරයක් දෙකක් ගහගත්තා ඒත් අර මූණට වදින නිසා හරියන්නෑ. පස්සෙ තාත්තාට එන්න කියලා ෆ්ලෑශර් එකේ ආලෝකෙ උඩ සීලිමට එල්ල වෙන විදිහට කණ්නාඩි කෑල්ල අල්ලන්න කියලා පින්තූර දෙක තුනක් ගහගත්තා කියමුකො.


වැඩේ කියන්නෙ හොද හැටි හිටපු පින්තූරෙ බෙල්ල මොකද්ද විකාරයක් කරගෙන ඉන්නෙ. ඉතිං බෙල්ල ඇදයි, මූණයි ඇගයි කෙලින්. දැන් ඉතින් මොකෝ කරන්නෙ, ඔන්න ඔය වෙලේට තමා ඉතින් මගේ හොද මිත්‍රයා ෆොටෝශොප් සිහියට ආවෙ. ඉස්සෙල්ලාම කරේ බෙල්ල කදෙන් වෙන් කරපු එක. පස්සෙ බෙල්ල මූණෙන් වෙන් කරා. පස්සෙ බෙල්ල ඕන විදිහට හරවලා, වැඩි කෑලි කපලා, අඩු කෑලි ඔබලා එහෙම ගත්තා. ඒත් ඉතින් හරියන්නෑ වගේ. පස්සෙ ගූගල් එකේ සර්ච් කරලා ස්ටුඩියෝ එකක පසුබිමකුත් දාලා මූණෙ අදුරු වෙලා තිබ්බ තැන් ටික අර Dodge Tool එකෙන් හදලා, ඔය පේන්න තියනවා වගේ වෙන්න පින්තූර කෑලි 8ක් ම ප්‍රින්ට් කරගත්තා. කොයි වෙලේත් ඔන් වෙලා තියන කම්පියුටරේ කරන්ට් බිල ඇරුනාම වෙනදා කොහොමත් ටවුන් යන එකේ තාත්තාගෙ බයික්කෙ එල්ලිලා ගියපු පෙට්‍රල් ටික ඇරුනාම ප්‍රින්ට්අවුට් එකට ගියේ රුපියල් 20යි.



ප.ලි : මේක කියවන අය හිතන්නෙපා මේවගේ වැඩක් කරගන්න DSLR ම ඕන කියලා. Point and Shoot කැමරාවක ෆ්ලෑශර් එකට අර මෙවුවා එකක් අල්ලලා මූනෙ තැන් වලට එලිය එන විදිහට හදාගත්තා නං මේ වගේ චූටි පින්තූරයක් ලොකු ලාභයක් එක්ක ගෙදරදිම ගහගන්න පුළුවං. 

Titanic විචාරය වගේ එක


මේක ලියන්න ප්‍රධාන හේතුව තමයි ඉතින් අද Titanic ෆිල්ම් එක මුල ඉදන් අග‍ වෙනකං හොදට බලං උන්නා සිරසෙ පෙන්නපු නිසා. පැය ගානක් දිග කතාවක් උනත් එක හුස්මට බලන් ඉන්න පුළුවන් විදිහට හදලා තියන එක ගැන නම් විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ කතාවෙ ජන සමාජෙ විවිධ පැතිකඩ ගණනාවක් වගේම මිනිස්සුං‍ගෙ හැගීම් ගැනත් ලස්සන ආදර කතාවක් ගැනත් මතු කරලා තියන විදිහ අපූරුයි. පොඩ්ඩක් බනින්නත් තියනවා. ඒවා පස්සට දාමුකො.

ජැක්, ජීවිතේ හරි නිදහසේ සැහැල්ලුවෙන් ගෙවන තරුණයෙක්. ‍‍රෝස්, තමන්ගෙ පවුලෙ නම්බුව ආරක්ෂා කරන්න අකමැත්තෙන් උනත් විවාහයකට කැමති වෙච්ච තරුණියක්. දෙන්නාගෙ ආදර කතාව ගැන කියන්න තියන ජාති පස්සට දාලා ඉස්සෙල්ලාම අනිත් ටික කියලා දැම්මොත්‍ හොදයි කියලා හිතුනා. මේ චිත්‍රපටියෙ ප්‍රධාන තේමාවක් විදිහට මම දකිනවා සමාජයෙ විවිධත්වය. ඒ කියන්නෙ පන්ති භේධය‍. උසස් පන්තියෙ මිනිස්සු තමන්ගෙ පන්තිය ආරක්ෂා කරගන්නෙ ඇගට හිර වෙච්චි ඇදුම් ආයිත්තම්, ඉහල පැලැන්තියෙ සාද, කථා කරන විදිහ, ආශ්‍රය කරන මිනිස්සු, ලොකු කම් කියවනවා වගේ ‍දේවල් වලින්.  පහල පන්ති වල මිනිස්සුන්ට එහෙම විශේෂයක් නෑ. සූදු කෙලින්න, බීර බොන්න, හිනා වෙන්න, ඕන ඕන විදිහට නටන්න, සින්දු කියන්න, යාලුවො එක්ක විනෝදෙන් ඉන්න එක ඒ අයගෙ පන්තියෙ ගතියක් විදිහටයි ඉස්මතු කරලා තිබ්බෙ නම්.

චිත්‍රපටියෙ මුල් කොටසෙදි වෙන්නෙ ‘රෝස්’ කිසිම කැමැත්තකින් නොවුනත් ටයිටැනික් නැවට ගොඩවෙන එක. ඒත් එක්කම සූදු කෙළලා දිනාගන්න 3 වෙනි පන්තියෙටිකට් එකකින් ජැක් අන්තිම මොහොතෙදි ජීවිතේ දිනන බලාපොරොත්තුවෙන් නැවට ගොඩ වෙන එක. රෝස් කොච්චර මානසික පීඩනේකින් ඉන්නවාද කියලා කියනවා නම් තමන්ගෙ ජීවිතේ නැති කරගන්න පවා උත්සාහා කරනවා. ඒ වෙලාවෙ මේ තුන් වෙනි පන්තියෙ තරුණයා ඉදිරිපත් වෙලා ඇගේ ජීවිතේ බේරගන්නවා. ඇත්තෙන්ම කිවුවොත් ඒ තරුණයා ඇගේ ජීවිතේ බේරන්නෙ සීතල වතුරෙ ගිලුනාම කොච්චර දුක් විදලා මැරෙන්නද වෙන්නෙ කියන එක කියලා අන්තිමේ ඇය පැන්නොත් තමුනුත් පනිනවා කියලා. ජීවිතේ තමුන් එක වතාවක් පමණක් දැක්ක කෙනෙක් වෙනුවෙන් එච්චර පරිත්‍යාගයක් කරන්න ඉදිරිපත් වෙන්න ඇයි කියන එක මට තේරුම්ගන්න බැරි දෙයක්. “පළවෙනි බැල්මෙන් ආදරයක් ඇති වෙනවා” කියන කාරනාව ඇත්තම කිවුවොත් මම විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව අපි ඉස්සෙල්ලාම කෙනෙක්ව දකිනවා කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි ඒ කෙනාගෙ හිත දකිනවා කියලා. ඇත්තෙන්ම පළවෙනි වතාවට දැකීමෙන් අදහස් වෙන්නෙ අපි ඒ කෙනා‍ගෙ රූපය දකිනවා කියන එක. ඒක මගේ පෞද්ගලික මතය.

කොහොම හරි ජැක්, රෝස් ව බේරගත්තාට පස්සෙ ඒක දකින භටයන් ජැක් ට විලංගු දානවා. එතනින් මම දකින්නෙ ඉහල පන්තියේ සහ පහල පන්තිය යන දෙකට සමාජය විසින් සලකන්න හුරු වෙලා ඉන්න ආකාරයේ විවිධත්වය. රෝස් ට විවාහා වෙන්න කියලා හිතං ඉන්න තරුණයා ජැක් ට ඩොලර් 20 ක මුදලක් දෙද්දි රෝස් අහන්නෙ,